News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජන බලවේගය පහුගිය මැතිවරණවලදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉදිරි අයවැයෙන් ඉටු කිරීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තව දුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

අමෙරිකාවේ ජනාධිපතිධූරය සඳහා තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් BRICS රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

30 වසරක යුද්ධයේ දී රටේ ඒකීය භාවය සුරැකීම වෙනුවෙනුවෙන් දිවිපිදූ සහ අබාධිත වූ විරෝධාර රණවිරුවන් සැමරීමේ වැඩසටහනක් අද(02) කොළඹ කොටුව බුදුපිළිම වහන්සේ අභියස දී පැවැත්විණි.

චක්‍රලේඛයක් නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන් 200කට අධික පිරිසක් අකාලයේ විශ්‍රාම යෑමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

සංචාරක වීසා බලපත්‍ර මගින් ප්‍රංශයට සහ බෙල්ජියමට යාමට උත්සාහ කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනෙකු යුක්රේනයට එරෙහිව බලහත්කාරයෙන් සටන් කිරීමට සලස්වා ඇති බවට පසුගියදා පළ වූ පුවත් මාලාවක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සිය ස්ථාවරය පවසා තිබේ.

ෆෙඩරල් ගිනි අවි සහ බදු නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වසර මුලදී වරදකරු වූ ඉවත්ව යන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර්ට ජනාධිපති සමාව ලැබී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉවත්ව යන එක්සත් ජනපද ජනපති තමාගේ වචන වලට තමාම පිටුපා ඇතැයි එරට ජනතාව පවසන බවද පුවත් වාර්තා පවසයි.

මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කිරීමේ යයි සමාජ ජාල ක‍්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම මගින් සමාජ මාධ්‍ය පාලය කිරීමේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය විනාශ කර ගැනීම ආරම්භය කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.


දේශීය පුවත්

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.