News Category
From Date
To Date
Maximum Number of Result

දෙවන පරපුර නියෝජනය කළ පළමු පාර්ලිමේන්තු මැතිවරණයේ දී එම පක්ෂය වෙනුවෙන් වටිනා ඡන්ද 16,950 ලබා දුන් ජනතාවට සහ දෙවන පරපුර පක්ෂයේ මැතිවරණ ක්‍රියාකාරී කටයුතු වෙනුවෙන් නන් අයුරින් සහයෝගය ලබා දුන් සියල්ලන්ට දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා සිය ප්‍රණාමය දක්වා තිබේ.

2024 මහ මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය මේ වනවිට නිකුත්කර තිබේ.

එක්සත් ජනපද ජනාධිපති ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ පසුගිය ජනපතිවරණ ජයග්‍රහණයෙන් පසු දෙවන ධුර කාලය සඳහා සූදානම් වෙමින් පවතින මේ මොහොතේ, ඔහු තම ඉදිරි පරිපාලන කටයුතු සඳහා තෝරාගත් ප්‍රධාන පිරිස් ප්‍රකාශයට පත් කිරීමට පටන් ගෙන තිබේ. මේ දක්වා ඔහුගේ ප්‍රධාන තේරීම් කිහිපයක් මෙන්න:

2024 මහමැතිවරණයේ මේ වන විට නිකුත් කෙරුණු ඡන්ද ප්‍රතිඵල වලට අනුව ජාතික ජනබලවේගයට 10වන පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමිව තිබේ.

2024 ජනාධිපතිවරණයේ දී දිස්ත්‍රික් මට්ටමෙන් ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී පහළ ගොස් තිබේ.

රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු අද(14) දකුණු චීනයේ Guangdong පළාතේ Zhuhai හි පැවැත්වෙන "එයාර් ෂෝ චයිනා 2024" නැරඹීමට පැමිණ ඇති බව වාර්තාවේ.. ෂෝයිගු අද උදෑසන ගුවන් සංදර්ශන භූමියේ ස්ථානගත කර ඇති ආයුධ ශාලාවට ගිය අතර එහිදී යුද ටැංකි, සන්නද්ධ වාහන, කාලතුවක්කු, ඩ්‍රෝන සහ සැහැල්ලු අවි ඇතුළු චීනය වැඩි දියුණු කළ යුද උපකරණ ප්‍රදර්ශනය නරඹා ඇති බවද වාර්තා වේ.

2024 මහ මැතිවරණයේ එක් එක් දිස්ත්‍රික්කවල ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයන් මේ වනවිට නිකුත් කර තිබේ.

ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධව අනවබෝධය නිසා අපේ බොහෝදෙනාට George Soros කියන්නේ කවුද කියල ලොකු නිච්චියක් නැහැ. ඉතාම සරලව කිවුවොත්, George Soros කියන්නේ, අද ලෝකයේ සියලුම නවලිබරල් බල මුලස්ථාන හසුරුවන අදිසි හස්ථය Open Society Foundation (OSF) හි අයිතිකරුවා [1]. කෙටියෙන්ම, 2020 Trump ගෙදර ගියෙත්, 2024 Trump සහ Elon Musk ලා මරාගෙන මැරෙන සටනක් කරලා ජයග්‍රහණය කරෙත් Soros ට එරෙහිව. ඔහු හඳුනාගන්න ලේසිම විදිහ, ලෝකේ කොහේ හරි සංස්කෘතිකයට, සාමයට, සහ වාර්ගික සමගියට එරෙහිව වෙන සහ යුද උන්මාදයෙන් පෙලෙන ජාත්‍යන්තර ආයතනයක් තියෙනවා නම් ඒ ඔහුගේ අනුග්‍රහ ලබන ආයතනයක් (I-NGO). ඒ වගේම පුද්ගලයෙක්, හෝ රාජ්‍යයක් ඉහත කී ආකාරයෙන් හැසිරෙනවා නම් ඒ ඔහුගේ OSF පාලනය යටතේ වීමට තිබෙන ඉඩකඩ උපරිමයි.

ජාත්‍යන්තර දේශපාලනය සම්බන්ධව අනවබෝධය නිසා අපේ බොහෝදෙනාට George Soros කියන්නේ කවුද කියල ලොකු නිච්චියක් නැහැ. ඉතාම සරලව කිවුවොත්, George Soros කියන්නේ, අද ලෝකයේ සියලුම නවලිබරල් බල මුලස්ථාන හසුරුවන අදිසි හස්ථය Open Society Foundation (OSF) හි අයිතිකරුවා [1]. කෙටියෙන්ම, 2020 Trump ගෙදර ගියෙත්, 2024 Trump සහ Elon Musk ලා මරාගෙන මැරෙන සටනක් කරලා ජයග්‍රහණය කරෙත් Soros ට එරෙහිව. ඔහු හඳුනාගන්න ලේසිම විදිහ, ලෝකේ කොහේ හරි සංස්කෘතිකයට, සාමයට, සහ වාර්ගික සමගියට එරෙහිව වෙන සහ යුද උන්මාදයෙන් පෙලෙන ජාත්‍යන්තර ආයතනයක් තියෙනවා නම් ඒ ඔහුගේ අනුග්‍රහ ලබන ආයතනයක් (I-NGO). ඒ වගේම පුද්ගලයෙක්, හෝ රාජ්‍යයක් ඉහත කී ආකාරයෙන් හැසිරෙනවා නම් ඒ ඔහුගේ OSF පාලනය යටතේ වීමට තිබෙන ඉඩකඩ උපරිමයි.


දේශීය පුවත්

හරක් කටා මාධ්‍ය අමතයි... ටිරාන් අලස්ට, දේශබන්දුට බරපතල චෝදනාවක්

පාතාල නායකයෙකු වන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් සහ වැඩ තහනම් කරන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉල්ලා සිටි බව කියන රුපියල් මිලියන 300 ක අල්ලසක් ගෙවීම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තමන් තංගල්ලේ රඳවාගෙන සිටින බවට චෝදනා කර තිබේ.

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.