News Category
From Date
To Date
Maximum Number of Result

සිංහල බෞද්ධයන් පිට පාස්කු වගකීම පැටවීමේ කුමන්ත්‍රණයට එරෙහිව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සහ මහා සංඝරත්නය අධිකරණ භූමියේදී හඬ අවදි කරයි..

Jul 18, 2026 at 08:01 AM
|

ISIS ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් දියත් කරන ලද පාස්කු ඉරිදා බිහිසුණු ත්‍රස්ත ප්‍රහාරයේ සම්පූර්ණ වගකීම සිංහල බෞද්ධ ජනතාව මත පැටවීමට ඇතැම් පාර්ශ්වයන් විසින් දරන්නා වූ කුප්‍රකට උත්සාහයන් පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදය සිය දැඩි පිළිකුල සහ විරෝධය පළ කර සිටියි.

දේශපාලන සහ සිවිල් ක්ෂේත්‍රයන්හි පෙනී සිටින අන්තවාදී කල්ලි විසින්, රට වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වැනි රණවිරුවන් ඉලක්ක කරගනිමින් දියත් කර ඇති දේශපාලන දඩයම වහාම නැවැත්විය යුතු බව එම සංසදය අවධාරණය කරයි. මේ වනවිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගනිමින් සිදු කෙරෙන විමර්ශන හරහා, සලේ මහතා දේශපාලන බිල්ලක් බවට පත් කිරීමට දරන උත්සාහය පිටුපස මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, ශානි අබේසේකර, රවි සෙනවිරත්න, දිලීප පීරිස් සහ අනුර කුමාර දිසානායක යන පිරිස් ක්‍රියා කරන බවට ද සංසදය සෘජුවම චෝදනා කරයි.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ ෂාමේන්ද්‍ර වික්‍රමාරච්චි, විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස යන මහත්වරුන් ප්‍රමුඛ පිරිසක් මෙන්ම පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ සහ පූජ්‍ය අඟුරුවැල්ලේ ජිනානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය මෙරට ජාතික ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින සියලු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ මෙම ව්‍යාජ නියාය පත්‍රයන්ට එරෙහිව පෙළගැසෙන ලෙසයි.

පාස්කු වින්දිතයන්ට සැබෑ යුක්තිය ඉටුකිරීම වෙනුවට, විදේශීය ආයතන හා චැනල් ෆෝ වැනි නාලිකාවල පදනම් විරහිත ප්‍රකාශ මත පදනම් වෙමින් බුද්ධි අංශ ප්‍රධානීන් දඩයම් කිරීම රටේ ස්වෛරීභාවයට එල්ල වන බරපතළ තර්ජනයක් බව ඔවුහු පෙන්වා දෙති. විශේෂයෙන්ම රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂවරයාගේ සෞඛ්‍ය තත්ත්වය බරපතළ ලෙස පිරිහෙමින් පවතින බැවින්, මානුෂීය පදනම මත ඔහුට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමටත්, දේශපාලන අරමුණු සහිත පරිපාලනමය රැඳවුම් කාල සීමාවන් දීර්ඝ නොකර විනිවිදභාවයකින් යුතු සාධාරණ නීතිමය ක්‍රියාවලියක් කඩිනම් කිරීමටත් වත්මන් රජය කටයුතු කළ යුතු බව ද සංසදය වැඩිදුරටත් කියා සිටියි.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ පූජ්‍ය බෙංගමුවේ නාලක ස්වාමීන් වහන්සේ:

"මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ රිට් පෙත්සමට අතරමැදි පාර්ශවයක් ලෙස තමන් ඇතුළු පිරිස අද දින පුරාවටම අධිකරණයේ රැඳී සිටියා. සුරේෂ් සලේ මහතා යනු රටම දැනගත යුතු, රට වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ දක්ෂ බුද්ධි නිලධාරියෙක්. ශානි අබේසේකර, රවී සෙනවිරත්න සහ දිලීප පීරිස් වැනි අයට රට රැකීමේ සැබෑ වුවමනාවක් නැහැ. ඔවුන් උත්සාහ කරන්නේ සලේ මහතාට විශාල හානියක් කිරීමටයි. අප අධිකරණය හමුවට පැමිණියේ එම හානිය වළක්වා ගැනීමට බැවින් අවසානයේදී සත්‍යය ජයග්‍රහණය කරන බවට විශ්වාසයක් පවතිනවා. අද දින පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි සංජීව ජයවර්ධන ජනාධිපති නීතිඥවරයා ඉතා දක්ෂ ලෙස කරුණු දැක්වූ අතර, ඒ අනුව අධිකරණය විසින් ලබන අගෝස්තු මාසයේ 4, 6 සහ 21 යන දින තුන නඩු විභාගය සඳහා ලබා දුන්නා. එම දිනවලදී සුරේෂ් සලේ මහතාට සාධාරණය ඉටුවනු ඇතැයි අප විශ්වාස කරනවා."

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක අධ්‍යක්ෂ ෂාමේන්ද්‍ර වික්‍රමාරච්චි මහතා දැක්වූ අදහස්:

"මෙම නඩුව පිටුපස මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා ඇතුළු බුද්ධි අංශ සහ සිංහල බෞද්ධ ප්‍රජාව මත පාස්කු ප්‍රහාරයේ බර පැටවීමේ මහා කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වනවා. මෙම කුමන්ත්‍රණය වත්මන් ආණ්ඩුව, කාදිනල්වරයා මෙන්ම රවී සෙනවිරත්න සහ ශානි අබේසේකර යන පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් විසින් මෙහෙයවනු ලබන්නක් බවට අප සෘජුවම චෝදනා කරනවා. පාස්කු ප්‍රහාරය සිදුවන බව කාදිනල්වරයා කලින්ම දැන සිටි බැවින් එදින පල්ලි ගියේ නැහැ. රවී සෙනවිරත්න, ශානි අබේසේකර සහ දිලීප පීරිස් යන අයට ප්‍රහාරය වැළැක්වීමේ හැකියාව තිබියදී එය මඟහැර ඇති බව පාර්ලිමේන්තු කාරක සභාවේදී ඔවුන්ම පිළිගෙන තිබෙනවා. තමන් අතින් සිදුවූ එම බරපතළ වැරදි වසාගැනීම සඳහා ඔවුන් බාහිර පාර්ශවයන් මත වරද පටවමින් යුද හමුදා බුද්ධි අංශ විනාශ කිරීමේ සැලැස්මක නිරත වනවා. මේ රටේ සිංහල බෞද්ධ ජනතාව හෝ ජාතික අභිමානයක් ඇති ජනතාව ඊට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. මෙම දේශද්‍රෝහී කුමන්ත්‍රණවලට එරෙහිව සහ සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පෙළගැසෙන ලෙස සමස්ත රටවැසි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා."

ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු ලේකම් යසස් ධර්මදාස මහතා දැක්වූ අදහස්:

"සලේ මහතාගේ රිට් පෙත්සමට අමතර පාර්ශවයක් ලෙස අප සංසදය ඉදිරිපත් වූයේ රටේ නීතිය හා සාධාරණත්වය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ලෝකයාට පෙන්වා දීමේ අරමුණින්. මෙම අධිකරණ ක්‍රියාවලිය ඉතා මන්දගාමී සහ නීත්‍යානුකූල නොවන පසුබිමක සිදුවන බවත්, අධිකරණ ක්‍රියාමාර්ග නොපනත් ලෙස තමන් සතු කරගැනීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බව පෙනී යන බැවින් ඊට සහයෝගයක් ලෙස අප මැදිහත් වුණා. කාදිනල්වරයා විසින් මෙම රිට් පෙත්සම විභාගයට නොගත යුතු බවට කළ ප්‍රකාශය ස්වාභාවික යුක්ති ධර්මයට පටහැනි, ඉතා නින්දිත ප්‍රකාශයක් වන අතර කාදිනල්වරයාගේ මෙවැනි අප්‍රසන්න ක්‍රියාකලාපයන් කතෝලික ජනතාව පවා අනුමත නොකරන බව අප විශ්වාස කරනවා. ශානි සහ රවී සෙනවිරත්න යන මහත්වරුන්ට මෙලෙස බුද්ධි තොරතුරු ක්‍රියාත්මක නොකර සිටීමට සහ බුද්ධි අංශ කඳවුර සම්පූර්ණයෙන්ම මට්ටම් කිරීමට නියෝග දුන්නේ එවකට සිටි දේශපාලන අධිකාරිය වන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු කණ්ඩායම විය යුතු බවට සැක පළ කරනවා. එම නිසා ඉදිරියේදී රවී සහ ශානිට අමතරව රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිස වෙතද මෙම කුමන්ත්‍රණ චෝදනාවල ඇඟිල්ල දිගු විය යුතු අතර ඒ පිළිබඳව ඉදිරියේදී නීතිමය පියවර ගත යුතුයි."

සටහන - දුලාර ගුණතිලක

කැදවුම්කරු, සිංහල සංවිධාන එකමුතුව

සම්බන්ධිත පුවත් | Related News

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.
මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.
අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.
මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජිතයන් අතර විශේෂ හමුවක් අද (09) පෙරවරුවේ පවත්වා තිබේ.
බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.
ග්‍රීක බැඳුම්කර සිද්ධියට අදාළව තමන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ගොනුකර තිබෙන නඩුව අභියෝගයට ලක් කරමින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගෙන තිබේ.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.