News Category
From Date
To Date
Maximum Number of Result

වර්තමාන රජය IMF වැඩපිළිවෙළට අනුගතව වෙමින් ඉදිරියට යාම ගැන තමන් ජනාධිපතිවරයාට ප්‍රශංසා කර බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

උතුරු පළාතේ ජනතාවගේ ආරක්ෂක අංශ සතුව පවතින පෞද්ගලික ඉඩම් නිදහස් කරන බව ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා යාපනයේදී සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ නව ව්‍යාපෘති පිළිබඳ ශ්‍රී ලංකා බලධාරීන්ගෙන් ලැබෙන ඕනෑම ඉල්ලීමක් ජපානය සළකා බලනු ලබන්නේ රටේ ආර්ථික තත්ත්වය පරීක්ෂා කිරීමෙන් පසුව පමණක් බව ජපාන තානාපති කාර්යාලය ප්‍රකාශ කර තිබේ.

වෛද්‍ය සැපයුම් ඒකකයේ දත්ත වාර්තාවන්ට අනුව රෝහල් පද්ධතියට අවශ්‍ය ඖෂධ වර්ග තුන්සියකකට ආසන්න ප්‍රමාණයක් හිඟව පවතින බව අනාවරණය වේ.

බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයට සහාය දෙන පාර්ශ්ව විසින් නැවත බෙදුමිවාදී ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට කටයුතු කරමින් සිටින බවත්, අන්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ලිහිල් ප්‍රතිපත්තියට විරෝධය දක්වන බවත් සඳහන් කරමින් රණවිරුවකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමුකර තිබේ.

රුසියාව නිෂ්පාදනය කළ නවීන ඔරෙෂ්නික් බැලස්ටික් මිසයිලයේ ප්‍රහාරක බලය උල්කාපාත ප්‍රහාරයකට සමාන බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(28) ප්‍රකාශ කළේය. හයිපර්සොනික් වර්ගයට අයත් නව අවියට ශක්තිමත් ඉලක්ක වෙත සාර්ථකව පහර දිය හැකි බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ඇතැම් ‘පාර්ශව’ ආර්ථික තත්ත්වයෙන් ප්‍රයෝජන ගැනීමට උත්සාහ කරන අවස්ථාවක ශ්‍රී ලංකාව බාහිර බලපෑම්වලට හිස නොනැමිය යුතු බවත් ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් පවත්වාගෙන යා යුතු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් පැවසීය.

අයහපත් කාලගුණය හේතුවෙන් පළාත් ගණනාවක ගොවිබිම් සියල්ලම පාහේ ජලයෙන් යටවී විනාශ වී ඇති බවත්, කොළඹ සීතල කාමර ඇතුලේ සිටින ගොවිජන සංවර්ධන නිලධාරීන් දෙන දත්ත අමූලික බොරු බවත්, එම දත්ත මත පදනම්ව මාධ්‍ය ප්‍රකාශ සිදුනොකරන ලෙස නාමල් කරුණාරත්න ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බවත් ජාතික ගොවි ජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි.


දේශීය පුවත්

කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකයක් ඉදිකිරීම ගැන ශ්‍රී ලංකා රජය විරෝධය පළ කරයි..

ශ්‍රී ලංකා රජය, පදනම් විරහිත ජන සංහාර චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන අතර කැනඩාවේ දෙමළ ජනසංහාර ස්මාරකය ඉදිකිරීම සම්බන්ධයෙන් විරෝධය පළ කර බව නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය පවසයි.

අත්අඩංගුව ගන්න එපායැයි ඉල්ලා මහින්දානන්ද අපේක්ෂිත ඇප අයැදුම්පතක් ගොනුකරයි..

තමන් අත්අඩංගුවට ගැනීම වැළැක්වීම නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කර ඇත.

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.