News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවේ ප්‍රන්ත මැතිවරණයේදී තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති ලෙස පත්වූ ජෝෂප් විජේට තමිල්නාඩුව පසුගිය වසර 60ක් පමණ කාලයක් පාලනය කළ ප්‍රධාන පක්ෂ දෙක පසෙකට තල්ලුකර ජයලබා ගත හැකිවූ බවත්, ඔහු විසින් ජනතාවට ලබාදුන් පොරාන්දු ඉටුකරීමට හැකිදැයි යන්න බලවත් ප්‍රශ්නය මෙහිදී මතුවන බවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

මැදපෙරදිග කලාපයේ පවතින උග්‍ර යුද ගැටුම් හේතුවෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන භෝගයක් වන තේ කර්මාන්තයට සහ ඊට අනුබද්ධ බලශක්ති ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

බුද්ධ ශාසනයට මේ වන විට අඳුරු යුගයක් උදා වී ඇති බවත්, එම අර්බුදයෙන් මිදීම සඳහා සිව්වනක් පිරිසම ඒකරාශී විය යුතු බවත් අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැයි 22 වනදා රාත්‍රියේ, යුක්‍රේන (කියෙව්) පාලනය විසින් එල්.පී.ආර්. (LPR) හි ස්ටාරොබෙල්ස්ක් නුවර පිහිටි ලුගාන්ස්ක් රාජ්‍ය අධ්‍යාපනික විශ්වවිද්‍යාලයට අයත් විද්‍යාල ගොඩනැගිල්ලකට සහ එහි නේවාසිකාගාරයට ඩ්‍රෝන යානා 4ක් යොදාගෙන දරුණු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කර ඇත.

මේ මොහොත වන විට ඩොලරය වැඩිවී රුපියල බිඳවැටෙමින් පවතින බවත්, රට හමුවේ ඇති ආර්ථික අර්බුදය දැඩි බවත් දෙවන පරපුර දේශපාලන පක්ෂයේ නායක උවිඳු විජේවීර මහතා පවසයි.

ඩොලර් මිලියන 680ක් වැනි ආදායමක් හිමිවී ඇති මෙරට තේ කර්මාන්තය නගාසිටුවීම සඳහා මේ රජය පත්වන විටම යෝජනා ඉදිරිපත් කළ බවත්, මැදපෙරදිග රටවල්ම කේන්ද්‍රකරගෙන පමණක් මෙරට තේ කර්මාන්තය නගසිටුවිය නොහැකි බව රජයට පෙන්වාදුන් බවත් ගොවි ජනපවුර සංවිධානයේ කැඳවුම්කරු නලින්ද සේනාරත්න මහතා පවසයි.

දේශීය මුදල් වෙළෙඳපොළ තුළ ඇමරිකානු ඩොලරයේ අගය සීඝ්‍රයෙන් ඉහළ යාම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මැදිහත් වෙමින්, ඩොලරය සඳහා නිල නොවන මට්ටමේ උපරිම මිලක් (Capped Price) නියම කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ විධායක අධ්‍යක්ෂ රජිත් කීර්ති තෙන්නකෝන් පවසයි.

රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් ගේ චීන සංචාරය පිළිබඳව අදහස් දක්වමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසන්නේ රුසියාව සහ චීනය අතර මෙම සමීප සම්බන්ධය ඇති වීමට ඓතිහාසික වශයෙන් මෙන්ම නූතන වශයෙන් බොහෝ හේතුසාධක ඇති බවය.


දේශීය පුවත්

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල යටතේ සබන් නිෂ්පාදන හා පාපිසි නිෂ්පාදන පුහුණු වැඩසටහන්..

ලක්දිරිය ව්‍යවසායකත්ව අත්වැල වැඩසටහන යටතේ ස්වයං රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සබන් නිෂ්පාදනය සහ පාපිසි නිෂ්පාදනය පිළිබඳ පුහුණු වැඩසටහන් දෙකක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

ඥානසාර හිමිගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයට රිට් පෙත්සමක්..

සිර දඬුවම් නියම වී සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.