ගල් අඟුරු ගනුදෙනුවේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි..
ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් පසුගිය මාස හතරක කාලය තුළ පමණක් රුපියල් බිලියන 4.5කට (කෝටි 450ක්) අධික අමතර පිරිවැයක් දැරීමට සිදුව ඇති බව ගල් අඟුරු ගනුදෙනු පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේදී අනාවරණය වී තිබේ.
නොරොච්චෝල බලාගාරයෙන් ජාතික පද්ධතියට අවශ්‍ය සම්පූර්ණ විදුලි ධාරිතාව සැපයීමට නොහැකි වී ඇත්තේ මෙම බාල ගල් අඟුරු භාවිතය නිසා බව ජාතික පද්ධති පාලන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂවරයා එහිදී සාක්ෂි දෙමින් තහවුරු කළේය.
බාල ගල් අඟුරු නිසා නොරොච්චෝලෙන් අහිමි වූ විදුලි ධාරිතාවය පියවා ගැනීමට රජයට සිදු වී ඇත්තේ කෙරවලපිටිය 'සොබාදනවි' ඩීසල් බලාගාරයෙනි. අධික පිරිවැයක් සහිත ඩීසල් බලාගාරයෙන් විදුලිය ලබා ගැනීම නිසා මහජන මුදලින් රුපියල් කෝටි 450ක දැවැන්ත අමතර පාඩුවක් රටට සිදුව ඇත.
මෙම ගනුදෙනුවේදී සිදුව ඇති මුදල් ගෙවීමේ ක්‍රමවේදය පිළිබඳවද කොමිසමේ දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් විය. විදුලි ජනන පුද්ගලික සමාගමේ සභාපති මහාචාර්ය සාලිය ජයසේකර මහතා හෙළි කළේ, ගල් අඟුරු තොග ලංකාවට පැමිණ එහි ප්‍රමිතිය පරීක්ෂා කිරීමටත් පෙර, පැටවුම් වරායේ රසායනාගාර වාර්තා පමණක් පදනම් කරගෙන මුළු මුදලින් 80%ක්ම අදාළ සමාගමට ගෙවා දමා ඇති බවයි. මෙරටදී සිදුකරන පරීක්ෂණ වාර්තා මත ගෙවීමට ඉතිරි කර ඇත්තේ 20%ක් වැනි සුළු මුදලකි.
පැටවුම් වරායේ වාර්තා සහ මෙරටදී සිදුකළ පරීක්ෂණ වාර්තා අතර පැහැදිලි වෙනස්කම් පවතින බවද මෙහිදී අනාවරණය විය. කෙසේ වෙතත්, 'Bureau Veritas' නැමති ජාත්‍යන්තර තත්ත්ව පරීක්ෂණ ආයතනය ලබා දුන් වාර්තා සහ නොරොච්චෝල බලාගාරය මඟින් සිදු කළ දේශීය පරීක්ෂණ වාර්තාවල සඳහන් ගල් අඟුරු ප්‍රමිතිය සමාන වන බව කොමිසමේදී වැඩිදුරටත් සනාථ වී තිබේ.
මෙම අක්‍රමිකතා හේතුවෙන් රජයට මෙන්ම මෙරට සාමාන්‍ය මහජනතාවටද ඉතා විශාල මූල්‍යමය පාඩුවකට මුහුණ දීමට සිදුව ඇති බව මෙම කරුණු අනුව නිරීක්ෂණය වේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..