News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍යතන්ත්‍රික සාකච්ඡා සඳහා වැඩි කාලයක් සහ අවස්ථාවක් ලබා දීමේ අරමුණින් අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට එල්ල කරන ප්‍රහාර පිට පිට දෙවැනි රාත්‍රියටත් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ඉන්දියාවේ දළ දේශීය නිෂ්පාදිතය 7.6% කින් ඉහළ යමින් ලොව වේගයෙන්ම වර්ධනය වන ආර්ථිකය ලෙස පැවතියද, එමගින් සාමාන්‍ය ජනතාවට සහ තරුණ පරපුරට සැබෑ සෙතක් වී නොමැති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙයි.

පසුගිය මාස කිහිපය පුරා රුසියානු හමුදා දියත් කළ දැවැන්ත හමුදා මෙහෙයුම් හමුවේ යුක්රේන යුද්ධය ඉතා තීරණාත්මක මෙන්ම අවසාන අදියරකට එළඹෙමින් පවතින බව විදෙස් වාර්තා සඳහන් කරයි.

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

වත්මන් ආණ්ඩුව මේ වන විට හතර වරිගයටම එපා වී ඇති බවත්, එම හතර වරිගයටම එපා වූ බවට ජීවමාන සාක්ෂිය වන්නේ මේ රටේ ගොබි ජනතාව බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.

බංග්ලාදේශ ජනාධිපති මොහොමඩ් ෂහාබුදීන් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇති බව එරට මාධ්‍ය අද (24) වාර්තා කර ඇත.

උපරිමාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීමට රජය ගෙන ඇති යෝජනාව සහ අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල වී ඇති බව කියන බලපෑම පිළිබඳව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය (CPA) විසින් සංවිධානය කරන ලද විශේෂ සම්මන්ත්‍රණයකදී මෙරට ප්‍රමුඛ පෙළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයින් සහ නීතිඥයින් විසින් අදහස් දක්වා තිබේ.


දේශීය පුවත්

ඉන්ධන බෙදුම්කරුවනුත් වර්ජනයට..

30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

ලංකාවේ හමුදාව ගොඩක් වැඩියි.. එක නිලධාරියෙක්ට අවුරුද්දකට ලක්ෂ 16ක් වියදම් කරලා සල්ලි නාස්ති කරනවා.. - රාසමාණික්කම් ලංකාවේ ආරක්ෂක අංශ ගැන කියන කතාව..

පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.

ආණ්ඩුව උතුරේ කොටි නලවන්න පටන් අරන්.. - යාපනයේ මහවිරු සැමරුම් සහ දේශපාලන තත්ත්වය ගැන අරුන් සිද්ධාර්ථන්ගෙන් අනාවරණයක්

යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.

ඇමතිලා දහයක් නිල නිවාස අරන්.. ආණ්ඩුව පොරොන්දු වූ පරිවර්තනය කෝ?.. - චමින්ද විජේසිරි අසයි

අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ අමාත්‍යවරුන් දස දෙනෙකු මේ වන විට නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

උද්ධමනයට සාපේක්ෂව වැටුප් ගැලපීමක් අපේ ආණ්ඩුවෙන් තවම කරලා නෑ.. - නි. ඇමති එරංග

ජාතික ජන බලවේග රජය බලයට පත්වූ පසු රාජ්‍ය සේවකයින්ට උද්ධමනයට සාපේක්ෂව වැටුප් ගැලපීමක් සිදුකර නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.

මහින්දට අපහාස කරමින් මහවිරු වේදිකා නාට්‍යයක්..

ඊයේ (නොවැම්බර් 27) දිනට යෙදී තිබූ මහවිරු දිනයට සමගාමීව පැවති සැමරුම් උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වේදිකා නාට්‍යයක් රඟ දක්වා ඇති අතර, ඊට අදාළ වීඩියෝ කොටස් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව වාර්තා වේ.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.