News Category
From Date
To Date
Maximum Number of Result

ඉන්දියාවෙන් ආනයනය කරනු ලබන නාඩු සහල් කිලෝවක් රුපියල් 150ක් වැනි මිලකට අලෙවි කිරීමේ හැකියාව තිබියදී එම කිලෝවක් රුපියල් 220ට අලෙවි කිරීමට දීමෙන් ආනයනකරුවන් අධික ලාභයක් ලබනවා යැයි ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.

අර්චුනා රාමනාදන් මන්ත්‍රීවරයා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සිදු කළ පැමිණිලි සම්බන්ධයෙන් ඔහුව කැඳවා ප්‍රශ්න කිරීම සිදු නොකර පැමිණිලි කළ පාර්ශ්වය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කරන බවට සමාජ ක්‍රියාකාරිකයන් චෝදනා නගයි.

2024 උසස් පෙළ (උ/පෙළ) විභාග රාජකාරිවල නිරත නිලධාරීන්ගේ ප්‍රවාහන දීමනා අඩු කිරීම සඳහා විභාග කොමසාරිස් ජනරාල්වරයා චක්‍රලේඛ දෙකක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුව ඇතැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.

දිවයිනේ සියලුම නාගරික ප්‍රදේශවල වාතයේ ගුණාත්මක භාවය අද(09) තරමක් අයහපත් මට්ටමකට පැමිණ ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (ණ්ඹ්ර්‍O) පැවසයි. එම ආයතනයට අනුව දිවයින පුරා නගරවල වායු තත්ත්ව දර්ශකය 100 ත් 150 ත් අතර පරාසයක පවතින බවයි.

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කළ ආකාරයට වගාවන් විනාශ කරන සතුන්ට එරෙහිව පියවර ගත හැකි වන පරිදි ඉඩම් හිමියන්ට සහ ගොවීන්ට නව නීති හඳුන්වා දිය යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා අද(09) ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.

වත්මන් ආණ්ඩුවට අනුබද්ධ ලංකා විදුලි සේවක සංගමය ඉල්ලීම සැලකිල්ලට නොගනිමින් ලංකා විදුලිබල මණ්ඩලයේ (ලංවිම) අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මෙම වසරේ සේවකයින් සඳහා ප්‍රසාද දීමනාව අනුමත කර නොමැති බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

සිරියාවේ හිටපු ජනාධිපති බෂාර් අල්-අසාද් රුසියාවේ සරණාගතභාවය ලබා ඇති අතර ඔහුගේ පවුලේ අය සමඟ මොස්කව් වෙත පැමිණ ඇති බව රුසියානු පුවත් ඒජන්සි RIA Novosti සහ TASS ඊයේ(08) වාර්තා කළේය. 24 වසරක අසාද්ගේ පාලනය අවසන් කරමින් සිරියානු සටන්කාමීන් දමස්කස්හි පාලනය අත්පත් කර ගැනීමත් සමඟ අසාද් මෙලෙස සිරියාවෙන් පලා ගොස් තිබේ.

නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දුන්නේය.

පසුගිය රජය විසින් අල්ලස් වශයෙන් මත්පැන් බලපත් නිකුත් කර ඇති බවට පලවන එල්ල වන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිට්පු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ අදාල බලපත් කිසිවක් හොර රහසේ ලබා දුන් ඒවා නොවන බවත් එම ලයිස්තුව තමාට ලබා දීමට හැකියාව තිබූ බවයි.


දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජනපති අනුර කොළඹින් ගෙයක් හොයනවලු..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.