

චීන රජයෙන් ශ්‍රී ලංකාවේ පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් රෙදි! මහජන චීන සමූහාණ්ඩුව විසින් පරිත්‍යාග කරන ලද පාසල් නිල ඇඳුම් රෙදි කොළඹ වරායේ කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තයේදී (CICT ) අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත සංකේතාත්මකව භාරදීම සිදු විය. ඒ අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු ක්වයි සෙන්හොන්ග්( Qi Zhenhong) මහතාද සහභාගි විය.

පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජෙනරාල්ට පැවරී ඇති බලතල ක්‍රියාත්මක නොකොට පුරාවිද්‍යා ස්මාරක හා රක්ෂිත ගැසට් කිරීම ප්‍රථම කැබිනට් මණ්ඩලයට යොමු කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා 2023 .01 11 දින නිකුත් කර ඇති ලිපිය අවලංගු කිරීම සඳහාත් දැනට හඳුනාගෙන ඇති මූලික ගවේෂණ සිදුකොට ඇති පුරාවිද්‍යා ස්ථානයන් ස්මාරක හා රක්ෂිත ලෙස ගැසට් කිරීමට කඩිනමින් කටයුතු කිරීම සඳහා රීට් ආඥාවක් නිකුත් කරන මෙන් මෙම පෙත්සමෙන් (CA writ 86/2023) ඉලලා ඇති අතර මෙහි වග උත්තරකරුවන් ලෙස නීතිපතිවරයා, විෂය භාර අමාත්‍යවරයා, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු පිරිසක් නම් කොට ඇත.

ඉන්ෆ්ලුවෙන්සා රෝගයට සමාන රෝගයක් ශ්‍රී ලංකාවේ දරුවන් අතර පැතිරෙමින් පවතින බව වාර්තා වේ.ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ, වෛද්‍ය විද්‍යාලයේ ළමා රෝග විශේෂඥ සහ මාධ්‍ය සම්බන්ධීකාරක වෛද්‍ය මහේෂ්ක විජයවර්ධන මහතා පවසන පරිදි මෙම රෝගයේ රෝග ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, හොටු දියර ලෙස ගැලීම හෝ හොටු හිරවීම, මස්පිඩු වල හෝ සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර අරුචිය සහ උගුර වණ වීම ආදියයයි.
දේශීය පුවත්
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..
රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?
කොළඹ නගරාධිපති තෝරන්න විවෘත ඡන්ද විමසීමක්..
මයික්‍රොසොෆ්ට් සමාගමේ සේවකයින් 6,000ක් සේවයෙන් ඉවතට..
අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..
ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..
ආනයන වියදම 11.1% කින් ඉහළට..
අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..
ලුණු හිඟය උග්‍ර වෙයි.. ලුණු නැවු මග එනවලු..
ජනපති අනුර කොළඹින් ගෙයක් හොයනවලු..
