ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්.. - ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරියගෙන් ප්‍රබල ප්‍රකාශයක්
නව දිල්ලියේදී පැවැත්වුණු ‘Calm Waters, Rising Tide: Stability as the Foundation for Indian Ocean Growth’ තේමාව යටතේ වූ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡාවකදී, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මහිෂිණි කොලොන්න මහත්මිය දෙරටේ ආරක්ෂක සහ ආර්ථික සබඳතා පිළිබඳව වැදගත් කරුණු කිහිපයක් පෙන්වා දී තිබේ.
ඓතිහාසිකව ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යා කරන කිලෝමීටර් 32ක් දිගැති පෝක් සමුද්‍ර සන්ධිය, වර්තමානය වන විට ගෝලීය බලවතුන්ගේ අවධානයට ලක්වෙමින් මිලිටරිකරණය වීමේ අවදානමකට මුහුණ දී ඇති බව ඇය සඳහන් කළාය.
"ශ්‍රී ලංකාව කියන්නේ ඉන්දියාවේ දොරකඩ තියෙන බරක් නෙවෙයි; ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටි වටිනා වත්කමක්," යනුවෙන් ඇය එහිදී අවධාරණය කළාය.
ශ්‍රී ලංකා භාණ්ඩ හා සේවාවන්ට ඉන්දීය වෙළෙඳපොළට ඇතුළු වීමේදී පවතින බාධාවන් ලිහිල් කරන ලෙස ඉල්ලා සිටි මහකොමසාරිස්වරිය, ලාංකික ව්‍යාපාර ඉන්දියාවට පැමිණෙන්නේ තරග කිරීමට පමණක් නොව ඉන්දියාවේ ආර්ථික දියුණුවට දායක වීමට බව ප්‍රකාශ කළාය.
ඊට හොඳම උදාහරණය ලෙස ශ්‍රී ලංකාවේ ‘බ්‍රැන්ඩික්ස්’ (Brandix) සමාගම ඉන්දියාවේ විශාඛාපට්නම්හි පවත්වාගෙන යන විශේෂ ආර්ථික කලාපය මගින් ඉන්දියානුවන් 20,000කට ආසන්න පිරිසකට රැකියා අවස්ථා ලබා දී තිබීම ඇය පෙන්වා දුන්නාය.
මුහුදු මාර්ග ඔස්සේ සිදුවන නාවික ගමනාගමනය මෙන්ම, මුහුද යට පිහිටි ඩිජිටල් සන්නිවේදන කේබල් ජාලයේ ආරක්ෂාව පිළිබඳව ද ඇය විශේෂ අවධානයක් යොමු කළාය.
ලෝකයේ ඩිජිටල් දත්ත සන්නිවේදනයෙන් 99%කට වඩා සිදුවන්නේ මෙම යටිතල පහසුකම් ඔස්සේ බැවින්, බටහිර ආසියානු යූධ ගැටුම් හේතුවෙන් රතු මුහුද වැනි ප්‍රදේශවල පවතින කේබල්වලට හානි සිදුවීම ගෝලීය අන්තර්ජාල ජාලයට දැඩි තර්ජනයක් බව ඇය පෙන්වා දුන්නාය.
ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් ශක්තිමත් වීම සහ කලාපීය ස්ථාවරත්වය පවත්වාගෙන යාම ශ්‍රී ලංකාවට මෙන්ම ඉන්දියාවේ ආරක්ෂාවට හා ආර්ථිකයට ද එකසේ වාසිදායක වන බව මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය විය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..