ඉරාන මිසයිල ප්‍රහාර හමුවේ ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති අකාර්යක්ෂමයි – අමෙරිකානු මාධ්‍ය
මැද පෙරදිග පිහිටි තම ගුවන් ආරක්ෂක පද්ධති ඉරාන මිසයිලවලට එරෙහිව ප්‍රමාණවත් ලෙස ක්‍රියා නොකරන බවට එක්සත් ජනපදය තුළ දැඩි කනස්සල්ලක් මතුව ඇති බව විදෙස් මාධ්‍ය කිහිපයක් නම සඳහන් කිරීමට අකමැති වූ ඇමරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසයි. මෙම තත්ත්වය උද්ගත වී ඇත්තේ පසුගිය සිකුරාදා (17)ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකට එල්ල වූ මාරාන්තික ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයෙන් ඇමරිකානු සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු අතුරුදන් වීමෙන් අනතුරුවය.
New York Times පුවත්පත සෙනසුරාදා(18) වාර්තා කළේ, ඉරානයේ මෑත ප්‍රතිප්‍රහාර මගින් "ඉරානය සතුව තවමත් ප්‍රමාණවත් මිසයිල තොග පවතිනවා පමණක් නොව, ඇමරිකානු ගුවන් ආරක්ෂක පද්ධති මඟහැර ප්‍රහාර එල්ල කිරීමේ හැකියාවද සැලකිය යුතු ලෙස වැඩිදියුණු කරගෙන ඇති බව" පෙන්නුම් කරන බවයි.
එමෙන්ම, Wall Street Journal පුවත්පතද නම සඳහන් කිරීමට අකමැති වූ අමෙරිකානු හමුදා නිලධාරීන් උපුටා දක්වමින් පවසා සිටියේ, ඉරාන හමුදාව ඇමරිකානු ආරක්ෂක පද්ධතිවලට අනුගත වන ආකාරයට තම ප්‍රහාරක ක්‍රමවේද වෙනස් කර ඇති අතර, අතිශය අධික වේගයෙන් ගමන් කරන හා ගමන් මඟ වෙනස් කළ හැකි මිසයිල භාවිත කරමින් ප්‍රහාර එල්ල කරන බවයි.
New York Times වාර්තාවට අනුව, පෙබරවාරි මස අගදී ආරම්භ වූ එක්සත් ජනපද–ඊශ්‍රායල් හමුදා මෙහෙයුමට පෙර, පෙන්ටගනය එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර්හි සිටි සිය හමුදා සාමාජිකයන්ගෙන් කොටසක් ජෝර්දානය සහ ඊශ්‍රායලය වෙත මාරු කර yawaa තිබුණි. ඉරානයෙන් දුරින් පිහිටි බැවින් එම රටවල් සාපේක්ෂව ආරක්ෂිත බව ඇමරිකානු හමුදා නායකත්වය විශ්වාස කළ බවද වාර්තාවේ සඳහන් වේ.
Al-Monitor වෙබ් අඩවියේ මාධ්‍යවේදියෙකු සහ තීරු ලිපි රචකයෙකු වන ඩාවුඩ් කුට්ටාබ් RT පුවත් සේවය වෙත අදහස් දක්වමින්, "ඇමරිකානුවන් ජෝර්දානයේදී වඩාත් ආරක්ෂිත වනු ඇතැයි සිතුවා විය හැකියි. නමුත් ඉරානයට රතු ඉරි නොමැති බව දැන් පෙනී යනවා," යැයි ප්‍රකාශ කළේය.
මේ අතර, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය මාස කිහිපය තුළ ඇමරිකානු ගුවන් ප්‍රහාර හේතුවෙන් ඉරානයේ මිසයිල හැකියාව දැඩි ලෙස දුර්වල වී ඇති බව නැවත නැවතත් ප්‍රකාශ කර තිබේ. ජුනි මාසයේ NBC News සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා සිටියේ, "ඉරානයේ බොහෝ ඩ්‍රෝන කර්මාන්තශාලා විනාශ කර ඇති අතර, මිසයිල නිෂ්පාදන පහසුකම්වල බහුතරයක්ද විනාශ කර තිබෙනවා. ඔවුන්ගේ යුද්ධයට පෙර තිබූ අවි තොගයෙන් දැන් ඉතිරිව ඇත්තේ සියයට 21ක් පමණයි" යනුවෙනි.
සෙනසුරාදා(18), එක්සත් ජනපද මධ්‍යම අණදෙන කාර්යාලය (CENTCOM) නිවේදනය කළේ, පෙර දින ජෝර්දානයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරකට එල්ල වූ ඉරාන බැලස්ටික් මිසයිල සහ කමිකාසේ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇමරිකානු සෙබළුන් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු තවමත් අතුරුදන්ව සිටින බවයි.
එම අවස්ථාවේදීම, ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) නිවේදනය කළේ, ජෝර්දානයේ අල්-අස්රක්හි පිහිටි ඇමරිකානු කඳවුරේ ඇමරිකානු ප්‍රහාරක යානා දෙකක් සහ තවත් ගුවන් යානා තුනක් විනාශ කළ බවයි.
New York Times පුවත්පත තවදුරටත් වාර්තා කළේ, ජෝර්දානයේ ස්ථානගත කර සිටි ඇමරිකානු හමුදා සාමාජිකයන් පසුගිය සතිය තුළ අවම වශයෙන් අවස්ථා තුනකදී ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරවලට ලක් වූ බවයි. එම ප්‍රහාරවලින් ඇමරිකානු සෙබළුන් දුසිම් ගණනක් තුවාල ලබා ඇති අතර, බ්ලැක්හෝක් හෙලිකොප්ටර් රැසකටද හානි සිදුවී ඇති බව සඳහන් වේ.
මෙම මස මුලදී බිඳ වැටුණු සටන් විරාම ගිවිසුමෙන් පසු, වොෂින්ටනය සහ ටෙහෙරානය අතර පසුගිය සතිය පුරාම දිනපතාම පාහේ ප්‍රහාර සහ ප්‍රතිප්‍රහාර හුවමාරු වී තිබේ. ඉරානයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය කාසෙම් ගරිබාබාදී මෑතකදී ප්‍රකාශ කළේ, ජුනි 17 දින ඉස්ලාමාබාද් අවබෝධතා ගිවිසුම යටතේ එකඟ වූ දින 60ක සටන් විරාමයට අදාළ තම බැඳීම් අත්හිටුවා ඇති බවයි. අනෙක් අතට, ජනාධිපති ට්‍රම්ප්ද එම සටන් විරාමය "අවසන්" බව මීට පෙර ප්‍රකාශ කර තිබුණි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්