ජනාධිපතිට පෞද්ගලිකව නඩු පවරන්න බැහැ - මෛත්‍රී, රනිල්, අනුරට එරෙහි පෙත්සමට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මෙන්න..
ජෛව විද්‍යාත්මක පදනමකින් තොරව සැත්කම් මඟින් ලිංගිකත්වය වෙනස් කිරීමට අවසර දෙන චක්‍රලේඛ සහ පනත් බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (20) තීන්දු කළේය.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියෙකු වන ශාන්ත ජයතිලක විසින්.
මෙම නඩු විභාගය අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
පෙත්සම්කාර ශාන්ත ජයතිලක මහත අධිකරණය හමුවේ කියා සිටියේ, 2015 වසරේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ අනුව මනෝ වෛද්‍ය නිර්දේශ මත සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කිරීමට ඉඩ දී ඇති බවත්, මෙය නීති විරෝධී බවත්, එලෙස ලිංගිකත්වය වෙනස් කරන අයට අලුතින් උප්පැන්න සහ හැඳුනුම්පත් නිකුත් කිරීම ද සම්පූර්ණයෙන්ම වැරදි බවයි.
නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් සඳහන් කළේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළ යුත්තේ අදාළ සිදුවීම වී මාසයක් ඇතුළත බවත්, පෙත්සම්කරු අභියෝගයට ලක් කරන්නේ 2015 සිට 2024 දක්වා නිකුත් වූ චක්‍රලේඛ වුවත්, ඔහු නඩු පවරන්නේ 2026 වසරේදී බවයි.
ඒ අනුව මෙම නඩුකරය කාලය ඉක්මවා ගොස් ඇති බැවින් එය නිෂ්ප්‍රභ කරන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.
අතරමැදි පෙත්සම්කාර ආචාර්ය රාධිකා කුමාරස්වාමි ඇතුළු පිරිස වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ, පෙත්සම්කරු ඉල්ලා සිටින්නේ පාර්ලිමේන්තුවෙන් සම්මත කළ 2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත බලරහිත කරන ලෙසත්, කථානායකවරයා අත්සන් තැබූ දින සිට එය රටේ වලංගු නීතියක් වන අතර, එවැනි පනතක් බලරහිත කිරීමට නියෝග නිකුත් කිරීම ජනතා පරමාධිපත්‍යයට පටහැනි බවයි.
කාන්තා මාධ්‍ය එකමුතුව වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35 වන ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාට එරෙහිව පෞද්ගලිකව නඩු පැවරිය නොහැකි බවත්, එවැනි නඩුවකදී වගඋත්තරකරු කළ යුත්තේ නීතිපතිවරයා බවයි.
වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලිකව වගඋත්තරකරුවෙකු කිරීම නීති විරෝධී බවද ඔහු සඳහන් කළේය.
මෙම කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අදාළ පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට තීරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..