News Category
From Date
To Date
Maximum Number of Result

"ශ්‍රී ලංකාව සැමවිටම අපගේ හදවත් තුළයි" – චීන තානාපති චී ෂෙන්හොං වසර 6ක සේවයෙන් පසු සමුගනියි..

Jul 25, 2026 at 07:41 AM
|

වසර හයකට අධික කාලයක් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා ලෙස සේවය කළ චී ෂෙන්හොං (Qi Zhenhong) මහතා සිය රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කරමින් ශ්‍රී ලාංකික ජනතාව වෙත විශේෂ සමුගැනීමේ පණිවිඩයක් නිකුත් කර තිබේ.

එම පණිවුඩය පහලින්..

ආයුබෝවන් ලංකාද්වීපය; කඳු හෙළි සහ සාගර තරණය කරමින් අපි එක්ව කතාව ඉදිරියට ගෙන යමු - ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති, චී ෂෙන්හොං

මීට වසර හයකට පෙර, මහලේකම් ෂී ජින්පිං මහතාගේ විශ්වාසය සහ බලාපොරොත්තු පෙරදැරි කරගෙන, චීන ජනතාවගේ ගැඹුරු මිත්‍රත්වයද කැටුව, චීන-ශ්‍රී ලංකා සබඳතා අලුත් මානයකට ඔසවා තැබීමේ උතුම් මෙහෙවර කරපින්නාගෙන මම "ඉන්දියන් සාගරයේ මුතු ඇටය" වන ශ්‍රී ලංකාවට පැමිණියෙමි. මනරම් ස්වාභාවික සෞන්දර්යයෙන්, පොහොසත් ඓතිහාසික හා සංස්කෘතික උරුමයෙන් සහ උණුසුම්, කරුණාවන්ත ජනතාවගෙන් පිරි මෙම සක්‍රිය භූමිය මගේ බිරිඳ වන ජින් කියෑන් (Jin Qian) මහත්මියගේ සහ මගේ සිත්හි නොමැකෙන සටහනක් තැබීය. ශ්‍රී ලාංකික ජනතාවගේ උණුසුම සහ මිත්‍රශීලී බව අපගේ සිත් තදින්ම පැහැර ගත්තේය.  එසේම මට පැවරූ මෙහෙවර පිළිබඳව මම බෙහෙවින් ගෞරවයට පත් වූ අතර එය දැරූ මහා වගකීම පිළිබඳවද මනාව වටහා ගතිමි.

වසර හයක් ගෙවී ගියේ ඇසිපිය හෙළන සැණිනි. මෙය අප දෙදෙනාගේම දීර්ඝතම රාජ්‍ය තාන්ත්‍රික සේවය විය. සමුගන්නා මෙම මොහොතේ, අමතක නොවන, සඵලදායී සහ සුවිශේෂී වූ මෙම ගමන දෙස ආපසු හැරී බලන විට, අපගේ හදවත් කෘතඥතාවයෙන් සහ වෙන්ව යාමේ තදබල වේදනාවෙන් පිරී යයි.

මෙම දින 2,000 ක කාලය තුළ, කොළඹ නගරයේ කාර්යබහුල වීදි, ශාන්ත වූත් පූජනීය වූත් සංස්කෘතික ත්‍රිකෝණය, කඳුකරයේ මිහිදුමෙන් බර වූ සරුසාර තේ වතු, පෙරදිග සහ අපරදිග හමු වූ ඓතිහාසික ගාල්ල බලකොටුව, වසර දහස් ගණනක ඓතිහාසික වීර කථාවලින් අලංකාර වූ පෞරාණික ස්ථාන, දේශීය ආහාර සහ උත්සවශ්‍රීයෙන් බැබළුණු සංස්කෘතික අංග යන මේ සියල්ලෙන්ම අපට දැකගත හැකි වූයේ මෙම භූමියේ ඇති සුවිශේෂී ස්වාභාවික දායාදයන්, උදාර ශිෂ්ටාචාරය සහ ශ්‍රේෂ්ඨ ඉතිහාසයයි. ශ්‍රී ලංකාවේ රජය, පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ, මාධ්‍ය, බුද්ධි මණ්ඩල, බෞද්ධ භික්ෂුන් වහන්සේලා, සිවිල් සමාජය සහ තරුණ සංවිධාන නියෝජනය කරන බොහෝ ලෙන්ගතු මිතුරන් හමු වීමේ භාග්‍යය මගේ බිරිඳට සහ මට හිමි විය. චීනය සහ ශ්‍රී ලංකාව අතර සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙනයාමේ අලුත් පරිච්ඡේදයක් අපි එක්ව ලියා තැබූ අතර, ගණන් කළ නොහැකි තරම් අලංකාර මතකයන් රැසක් නිර්මාණය කළෙමු.

චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ මෙන් ගැඹුරට මුල් ඇදී යමින්, සෙවණ සලසන මහා වෘක්ෂයක් බවට පත්වන අයුරු මෙම ගමන පුරාම අපි දුටුවෙමු. චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇත්තේ කාලයාගේ ඇවෑමෙන් තව තවත් ශක්තිමත් වූ දීර්ඝ කාලීන මිත්‍රශීලී සබඳතාවකි. මීට වසර දහස් ගණනකට පෙර පැවති පෞරාණික සේද මාවතේ (Silk Road) පුවත්, කඳු, සාගර සහ කාලයේ බාධක අභිබවා ගොස් ඇත. අදටත්, ඒවා නව යුගය තුළ අලුත් ජවයකින් විකසිත වෙමින් බැබළෙයි. චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති මිත්‍රශීලී සබඳතා ගැඹුරු ඓතිහාසික සබඳතා, ශක්තිමත් නොසැලෙන දේශපාලන පදනමක්, පොදු අභිලාෂයන්ගෙන් යුතු ශක්තිමත් බැඳීමක් සහ පුළුල් ජනතා සහයෝගයක් මත මුල් බැසගෙන ඇත.

පසුගිය වසර 6 පුරා, කොවිඩ්-19 වසංගතයට මුහුණ දෙමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට අතවැල් බැඳගනිමින්, 'දිට්වා' සුළි සුළඟේ බලපෑමට එක්ව මුහුණ දෙමින් සහ මැදපෙරදිග අර්බුදයෙන් හටගත් බලශක්ති අර්බුදයට මුහුණ දීමේදී එකට සිටගනිමින් අපි කටයුතු කළෙමු. දේශපාලන භූ දර්ශනය කෙසේ වෙනස් වුවද, ජාත්‍යන්තර තත්ත්වය කෙසේ විකාශනය වුවද, රබර්-සහල් ගිවිසුම මගින් තහවුරු කරන ලද ස්වාධීනත්වය, ස්වයං-පෝෂිතභාවය, එකමුතුකම සහ සහයෝගීතාව යන නිවැරදි මාවතේ යමින් චීනය සහ ශ්‍රී ලංකාව සැමවිටම ශක්තිමත්ව එකට සිටගෙන ඇත. එකට දුක සැප බෙදාගනිමින්, රටවල් අතර සාමකාමී පැවැත්මට සහ පරස්පර ප්‍රතිලාභ සහිත සහයෝගීතාවට අපි විශිෂ්ට ආදර්ශයක් සපයා ඇත්තෙමු.

2025 වසරේදී, ජනාධිපති ෂී ජින්පිං මහතා ඇතුළු චීන නායකයින්, ජනාධිපති දිසානායක මහතා සහ අගමැති අමරසූරිය මහත්මියගේ චීන සංචාරවලදී හමු වී, වැදගත් සම්මුතීන්ට එළඹුණු අතර සාර්ථක සහයෝගීතා ප්‍රතිඵල අත්කර ගත්හ. මෙම සාකච්ඡා මගින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය සඳහා නව උපායමාර්ගික මගපෙන්වීමක් ලැබුණි. අද වන විට දෙරට අතර දේශපාලන විශ්වාසය තවදුරටත් තහවුරු වී ඇති අතර, ආර්ථික හා වෙළඳ සහයෝගීතාව පුළුල් වී ඇත. ජනතාව අතර සංස්කෘතික හුවමාරුව පොහොසත් වී ඇති අතර, සියලු අංශවල සහ කලාපවල සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් වී ඇත. වර්තමානයේ, චීන-ශ්‍රී ලංකා සබඳතා අතීත ජයග්‍රහණ මත පදනම්ව අනාගතයට පා තැබීමේ ඓතිහාසික අවස්ථාවකට මුහුණ දී සිටියි. දෙපාර්ශ්වයම අවංක සහයෝගීතාවයෙන් සහ සදාතනික මිත්‍රත්වයෙන් යුත් චීන-ශ්‍රී ලංකා උපායමාර්ගික සහයෝගීතා සහකාරිත්වය සැබෑ ක්‍රියාවන් මගින් තවදුරටත් තහවුරු කිරීමට කැපවී සිටිති.

මෙම ගමන පුරාම චීන-ශ්‍රී ලංකා සහයෝගීතාව ලංකා නිල් මැණික් මෙන් දීප්තිමත්ව බැබළුණු ආකාරය අපි දුටුවෙමු. සංවර්ධනය සහ පුනරුදයේ මාවතේ චීනය සහ ශ්‍රී ලංකාව ගමන් සගයන් වන අතර, ජයග්‍රාහී සහයෝගීතාවයේ හොඳ සහකරුවෝ වෙති. ශ්‍රී ලංකාවට ගැලපෙන සංවර්ධන මාවතක ගමන් කිරීමටත්, ජාතික සමෘද්ධිය ළඟා කර ගැනීම සඳහා ආර්ථික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමටත් චීනය සැමවිටම සහාය දී ඇත. පසුගිය වසර 6 පුරා, උසස් තත්ත්වයේ 'තීරයක් සහ මාවතක්' (Belt and Road) සහයෝගීතාවයේ සහ විවිධ ක්ෂේත්‍රවල හුවමාරුවල සාර්ථක ප්‍රතිඵල දැකීමට මම බෙහෙවින් සතුටු වූවෙමි.

කොළඹ වරාය නගරය (Port City) සහ හම්බන්තොට වරාය ප්‍රධාන වෙරළබඩ මධ්‍යස්ථාන ලෙස සාර්ථකව පවත්වාගෙන යනු ලබයි; මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදි කිරීම් නැවත ආරම්භ කර ඇති අතර, මධ්‍යම සහ බස්නාහිර පළාත් අතර සබඳතාව වේගවත් කර ඇත; ශ්‍රී ලංකා ජාතික රෝහලේ බාහිර රෝගී අංශ ගොඩනැගිල්ල සහ පොලොන්නරුව චීන-ශ්‍රී ලංකා මිත්‍රත්ව වෘක්කවේද (වකුගඩු) රෝහල ජනතා අයිතියට පත් කර ඇති අතර, එමගින් දේශීය සෞඛ්‍ය පහසුකම් බෙහෙවින් වැඩිදියුණු වී ඇත; සාමාන්‍ය අධ්‍යාපනය ඩිජිටල්කරණය කිරීමේ චීන ආධාර ව්‍යාපෘතිය ඉදිරියට යමින් පවතින අතර, එය ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ඩිජිටල්කරණයට දායක වෙයි; චීන ආධාර යටතේ ඉදිකරන ලද අඩු ආදායම්ලාභී නිවාස 2,000 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ ජනතාවට හිසට සෙවණක් සලසා දී ඇත; එමෙන්ම ශ්‍රී ලංකාවේ අවශ්‍යතාවලට ගැලපෙන පරිදි සකස් කරන ලද ද්විපාර්ශ්වික පුහුණු වැඩසටහන් ධාරිතා වර්ධනය සඳහා විශාල පිටිවහලක් වී ඇත.

අද වන විට, චීනය යනු ශ්‍රී ලංකාවට විදේශීය ආයෝජන සපයන සහ ආධාර ලබා දෙන විශාලතම රටවලින් එකකි. වරාය ආර්ථිකය, නූතන කෘෂිකර්මාන්තය, ඩිජිටල් ආර්ථිකය, සංස්කෘතිය, සංචාරක ව්‍යාපාරය සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි සක්‍රිය සහයෝගීතාවක් පවත්වා ගනිමින් චීන-ශ්‍රී ලංකා ආර්ථික හා වෙළඳ සහයෝගීතාවයේ තත්ත්වය ස්ථාවර ලෙස ඉහළ ගොස් ඇත. චීනය සිය උසස් තත්ත්වයේ විවෘතභාවය තුළින් ශ්‍රී ලංකාව සමඟ අවස්ථා බෙදා ගැනීමට, සංවර්ධනය ලුහුබැඳීමට සහ සමෘද්ධිය ප්‍රවර්ධනය කිරීමට ඉදිරියටත් කටයුතු කරනු ඇත.

මෙම ගමන පුරාම අප දෙරටේ ජනතාව අතර ඇති මිත්‍රත්වය ලංකා තේ මෙන් රසවත් හා සුගන්ධවත් වන අයුරු අපි දුටුවෙමු. ශ්‍රී ලාංකික කවියක සඳහන් වන පරිදි, "සැබෑ මිතුරා දුකේදීත් සැපේදීත් එකට සිටියි, එය බිතු සිතුවමක රුවක් වැනිය." පසුගිය වසර 6 පුරා, මගේ බිරිඳ සහ මම මෙම ලස්සන දිවයිනේ සෑම පළාතකම සංචාරය කළෙමු. පන්සල්, ගම්මාන, ජනපද සහ පාසල් රැසකට ගොස්, පාසල් උපකරණ ලබා දීම, ජල සම්පාදන ව්‍යාපෘති, ජලය පිරිපහදු කිරීමේ පහසුකම් සහ චීන භාෂා පුහුණු මධ්‍යස්ථාන විවෘත කිරීමේ උත්සවවලට සහභාගී වූවෙමු. චීන ජනතාවගේ ගැඹුරු මිත්‍රත්වය සහ සුබ පැතුම් පිරි සැපයුම් මෙමගින් දේශීය ජනතාවට හිමි විය. අපට හමු වූ සෑම අවස්ථාවකදීම දේශීය නිලධාරීන්ගේ සහ ජනතාවගේ මුහුණුවල වූයේ උණුසුම් සිනහවක්, මිත්‍රත්වය පතන දෑසක් සහ සහයෝගීතාවට කැමති හඬක් පමණි. 2023 වසරේ සිට චීනය අඛණ්ඩව වසර 4 ක් ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් ලක්ෂ 44 කට වැඩි ප්‍රමාණයකට නිල ඇඳුම් රෙදි ප්‍රදාන ලෙස ලබා දුන් අතර, ලබන වසරේද එය තවදුරටත් එලෙසින්ම සිදුවනු ඇත. චීනයේ සුභවාදී ආකල්පය ශ්‍රී ලාංකික සමාජයේ සියලුම ක්ෂේත්‍රවල ඇගයීමට ලක්ව ඇති අතර, ජනතා සබඳතාවයේ පාලම තවදුරටත් පුළුල් වී ඇත.

මගේ බිරිඳ සහ මම නෙළුම් පොකුණ රඟහලේදී ශ්‍රී ලාංකික මිතුරන් සමඟ චීන අලුත් අවුරුද්ද සැමරූ අයුරු මට හොඳින් මතකය. එහිදී සැමදෙනාම චීන භාෂාවෙන් අපට උණුසුම් ලෙස "සුබ චීන අලුත් අවුරුද්දක් වේවා!"යි සුබ පැතුවා. ඩ්‍රැගන් බෝට්ටු සංස්කෘතික උත්සවය, "Tea for Harmony" සංස්කෘතික ප්‍රසංගය, පාසල් සිසුන් සඳහා වූ චීන භාෂා තරග, තායි චි (Tai Chi) ප්‍රවර්ධන වැඩසටහන් සහ චීන සිනමා උළෙල ආදී සියල්ල ශ්‍රී ලාංකික ජනතාව ආදරයෙන් වැළඳගත්හ. මගේ බිරිඳ සහ මම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු, වෙසක් උත්සව සහ පෝය දින රැසක් ශ්‍රී ලංකාවේ සංස්කෘතික වැඩසටහන්වලට සහභාගී වෙමින් ගත කළෙමු. චීනය සහ ශ්‍රී ලංකාව අතර ඇති පෞරාණික බෞද්ධ බැඳීම අපගේ ජනතාවගේ හදවත් තුළ ගැඹුරින් මුල් බැස තිබේ. ෆාහියන් හිමියන්ගේ ලංකාගමනය සහ තිස්සර හිමියන්ගේ ධර්ම ප්‍රචාරය වැනි ඓතිහාසික සිදුවීම් ඊට සාක්ෂි දරයි. අද වන විට දෙරට අතර බෞද්ධ සංස්කෘතික හුවමාරුව අපගේ ජනතාව යා කරන රන් පාලමක් බවට පත්ව ඇත.

එසේම, මගේ බිරිඳ සහ මම කෝවිල්, පල්ලි සහ අනෙකුත් පූජනීය ස්ථාන රැසකට ගොස් ආහාර ද්‍රව්‍ය බෙදා දෙමින් සියලුම ආගමිකයන් සමඟ යහපත් සබඳතාවක් පවත්වා ගත්තෙමු.

චීනය සහ ශ්‍රී ලංකාව අතර පවතින පරස්පර විශ්වාසය සහ සහයෝගය සීගිරිය මෙන් තදින්ම ස්ථාවරව පවතින බව මෙම ගමන පුරාම තහවුරු විය. චීනය සහ ශ්‍රී ලංකාව සැමවිටම එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික කරගත් ජාත්‍යන්තර පද්ධතිය සහ ජාත්‍යන්තර නීතිය මත පදනම් වූ ජාත්‍යන්තර අනුපිළිවෙල ස්ථිරවම අගය කර ඇත. අපි පංචශීල ප්‍රතිපත්තියට අනුගත වෙමින්, බහුපාර්ශ්වික ක්ෂේත්‍රවලදී එකිනෙකාට සහයෝගය දක්වමින්, කලාපීය සාමය, ස්ථාවරත්වය සහ සමෘද්ධිය වෙනුවෙන් පෙනී සිටියෙමු.

චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වය අප ජනතාවගේ පොදු අපේක්ෂාවන් නිරූපණය කරන අතර, චීන-ශ්‍රී ලංකා සහයෝගීතාව කාලයේ අවශ්‍යතාව නිරූපණය කරයි. ලබන වසරේ චීනය සහ ශ්‍රී ලංකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවා වසර 70 ක් පිරෙයි. අනාගතය දෙස බලන විට, සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙනයාම, පරස්පර ප්‍රතිලාභ සහිත සහයෝගීතාව පුළුල් කිරීම සහ ජනතා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සමඟ කරට කර ඉදිරියට යාමට චීනය සූදානම්ය. යටිතල පහසුකම්, නව බලශක්තිය, නූතන කෘෂිකර්මාන්තය, ග්‍රාමීය පුනරුදය, දිළිඳුකම පිටුදැකීම, ඩිජිටල් පරිවර්තනය, සංචාරක ව්‍යාපාරය, සාගර ආර්ථිකය, වරාය ආර්ථිකය, විද්‍යාව හා තාක්ෂණය යන ක්ෂේත්‍රවල සහයෝගීතාව තවදුරටත් ප්‍රවර්ධනය කරන්නෙමු. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන චීනයට අපනයනය කිරීම පුළුල් කරමින්, දෙරටේම අනාගත සමෘද්ධිය උදෙසා එකට කටයුතු කරන්නෙමු. ඉතිහාසය සහ සත්‍යය විසින් ඔප්පු කර ඇති පරිදි, චීනය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම යනු අවස්ථාවන් වැළඳ ගැනීමයි; චීනය කෙරෙහි විශ්වාසය තැබීම යනු හෙට දිනය කෙරෙහි විශ්වාසය තැබීමයි; චීනයේ ආයෝජනය කිරීම යනු අනාගතයේ ආයෝජනය කිරීමයි.

කඳු අපව වෙන් කළද, අපි එකම අහසක් සහ වැස්සක් බෙදා ගනිමු; සැතපුම් ගණනක් ඈතින් සිටියද, අපි බලන්නේ එකම සඳ දෙසය. රාජ්‍ය තාන්ත්‍රිකයෙකු ලෙස, මගේ ගමන අලුත් මාවත් ඔස්සේ ඉදිරියට යාමට නියමිතය. මගේ බිරිඳ සහ මම ශ්‍රී ලංකාවෙන් පිටව යාමට ආසන්නයි, නමුත් අපි සැමවිටම ශ්‍රී ලංකාව අපගේ හදවත් තුළ තබා ගන්නා අතර චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට තවදුරටත් දායක වන්නෙමු. චීන-ශ්‍රී ලංකා සබඳතාවල වර්ධනයට ලබා දුන් වටිනා දායකත්වය සහ තානාපති කාර්යාලයේ කටයුතුවලට ලබා දුන් දැඩි සහයෝගය වෙනුවෙන් ශ්‍රී ලාංකේය සමාජයේ සියලුම ක්ෂේත්‍රයන්ට — රජය, පාර්ලිමේන්තුව, දේශපාලන පක්ෂ, ව්‍යාපාර, බුද්ධි මණ්ඩල, මාධ්‍ය සහ බෞද්ධ නායකයින්ට අපගේ විශේෂ කෘතඥතාව පළ කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමු. ශ්‍රී ලංකාවේ සේවය කරන අනෙකුත් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ගේ අවංක සහයෝගයද අපි අගය කරමු. අපගේ ජනතාව අතර මිත්‍රත්වය වැඩිදියුණු කිරීමේදී වැදගත් කාර්යභාරයක් ඉටු කළ ශ්‍රී ලංකාවේ වෙසෙන චීන ජාතිකයන්, චීන ව්‍යවසායන්, ගුරුවරුන් සහ සිසුන්ටද අපගේ ස්තූතිය හිමිවේ.

චීනය සහ ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය සදාකාලිකව වැජඹේවා! අප දෙරටම සමෘද්ධිමත් වේවා! අපගේ ජනතාවට සදාකාලික සතුට හා යහපත උදා වේවා!


සම්බන්ධිත පුවත් | Related News

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.
ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.
භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.
යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.