News Category
From Date
To Date
Maximum Number of Result

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ වර්තමානය වනවිට ස්ථාවර තැන්පතු සඳහා බැංකු පොලී අනුපාතිකය 7% හෝ 8% දක්වා පහළ යෑම හේතුවෙන් මෙරට වැඩිහිටි ප්‍රජාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.

අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි සාලි මහතා ද වග උත්තරකරුවෙකු බව පැවසේ.

රංවලගේ ඉල්ලා අස්වීම සිදු වූයේ විරුද්ධ පක්ෂය විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට හදිස්සි වූ නිසා බව පැහැදිලිය. 17 වැනිදා ප්‍රකාශයක් කරන බවට කියා තිබියදී අද(14) හදිසියේ ඉල්ලා අස්වීම අස්වාභාවිකය. නමුත් මෙම සිදුවීමෙන් අපට ඉතා වැදගත් කරුණු කිහිපයක් කියවා ගත හැකිය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක නලින්ද ජයතිස්ස මහතා පවසන්නේ අශෝක රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වුනත් ඔහුගේ අධ්‍යාපන සුදුසුකම් දින කිහිපයක් ඇතුළත ඉදිරිපත් කරනු ඇති බවයි.

දැනට මෙරටට ආනයනය කර ඇති මෙට්‍රික් ටොන් 2400ක් පමණ වන සහල් ප්‍රමානයෙන් කිලෝ ග්‍රෑම් 75,000ක් පමණ මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් යැයිසෞඛ්‍ය අංශ විසින් හෙලි කරගෙන ඇතැයි පුවත් වාර්තා පවසයි.

වසර කිහිපයක් තිස්සේ පැවැති අවිනිශ්චිතභාවයෙන් පිරුණු කාලපරිච්ඡේදයකින් පසුව, නේපාලය සහ චීනය, බීජිං ඉදිරිපත් කරන අනෙකුත් ලෝකය සමඟ සම්බන්ධ කරන නව වෙළඳ මාර්ග සංවර්ධනය කිරීමේ මහා සැලැස්ම වන තීරය සහ මාර්ග මුලපිරීම (BRI) ව්‍යාපෘතිය යටතේ සහයෝගීතාව පිළිබඳ "රාමු සැකිල්ල" පිළිබඳ ගිවිසුමක් අත්සන් කිරීමට කටයුතු කර ඇත. නේපාල අගමැති කේපී ෂර්මා ඔලි මේ මස මුලදී කළ බීජිං සංචාරය අතරතුරදී මෙලෙස අත්සන් තැබීමේ කටයුතු සම්පූර්ණ කර ඇත.

හෙට(15) සිට ලබන 17 දක්වා ජනාධිපති කුමාර දිසානායක මහතා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. ඉන්දීය ජනාධිපතිවරයාගේ ආරාධනයක් මත මෙම සංචාරය සැලසුම් කර ඇති බවද විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.

පසුගිය 12 වනදා රුසියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබෙන පොටෑසියම් ක්ලෝරයිඩ් මෙට්‍රික් ටොන් 55,000 ක් භාරදීමේ උත්සවය කොළඹ වරාය භූමියේදී පැවැත්විණි. මෙම පොහොර තොගය 2022 වසරේ මුල් භාගයේ දි ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව තිබුණද බටහිර රටවල් වෙතින් රුසියාවට පැනවූ නීතිවිරෝධී සහ අනවශ්‍ය සම්බාධක හේතුවෙන් ලැට්වියාවේ රීගා වරායේ සිරවී තිබුණි. ශ්‍රී ලංකාව්ට ප්‍රදානය කිරීමට නියමිතව තිබූ පොහොර තොගයට අමතරව වෙනත් පොහොර අව්ශ්‍යතාවය තිබෙන දිළිඳු රටවලට යැවීමට තිබූ පොහොර මෙට්‍රික් ටොන් 260,000කට අධික ප්‍රමාණයක් ද ලැටිවියාවේ රිගා වරායේ සිරවී තිබුණි.

දෙසැම්බර් මාසයේ 19 සහ 20 වැනිදා පැවැත්වෙන වැඩමුළුවක් මගින් දෙමළ ඩයස්පොරාව විසින් සකස්කළ හිමාලයා ප්‍රකාශනය නැතහොත් බෙදුම්වාදීන්ගේ ඉල්ලීම් ප්‍රමාණයක් රැගත් ලියැවිල්ල භික්ෂූන් වහන්සේලා හත් නමක් යොදා ගනිමින් ජනාධිපතිවරයාට භාරදීමේ සූදානමක් ඇති බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.


දේශීය පුවත්

යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් සමඟ වෙසක් පොහෝ දින අට සිල් සමාදන් වූ උපකුලපතිවරයා..

යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා වන මහාචාර්ය ශ්‍රී සත්ගුණරාජ් මහතා වෙසක් පොහෝ දින විශ්ව විද්‍යාල සිසුන් සමඟ අට සිල් සමාදන් වී තිබේ.

රට පුරා පැපොල රෝගීන් වැඩිවීමක් දක්නට ලැබුණද එන්නත් තොග රෝහල් ගබඩාවල නැතිලු?

මේ වන විට දිවයින පුරා පැපොල රෝගීන්ගේ වැඩිවීමක් දක්නට ලැබුණද, රෝගය වැළැක්වීමට උපකාරී වන වරිසෙල්ලා එන්නත දැනට රජයේ රෝහල් ගබඩාවල නොමැති බව වාර්තා වේ.

අර්ච්චුනාගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලු පෙත්සම සලකා බලන්න දින දෙයි..

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්ච්චුනා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී දුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන පෙත්සම තහවුරු කිරීම සඳහා ජුනි මස 26 වන දා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජනපති අනුර කොළඹින් ගෙයක් හොයනවලු..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.