News Category
From Date
To Date
Maximum Number of Result

නව කථානායකවරයකු තෝරා පත්කර ගැනීමට පාර්ලිමේන්තුව හෙට (17) රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය නිවේදනයක් මගින් පවසයි.අද (16) නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද පැවසේ.

ඉල්ලා අස්වූ කතානායක අශෝක රන්වල මහතාගේ අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය හා ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රබලයන් අතර මත ගැටුම් ඇතිවී තිබෙන බව පෙනෙන්නට තිබේ.

දේශපාලන පක්ෂ ගණනාවක් රජයේ මැති ඇමැතිවරුන් තවත් පස්දෙනකුගේ ආචාර්ය උපාධි ඇතුළු අධ්‍යාපන සුදුසුකම් සම්බන්ධයෙන් ප්‍රබල ලෙස සැක මතුකර ඇතැයි පැවසේ.

අභිනවයෙන් පත්වූ ජනාධිපති හමුවේ දිග හැරෙන බෙදුම්වාදී මාර්ග සිතියම හෙවත් රට මුහුණ දෙන අනතුර හමුවේ කුමක් කළ යුතුද යන වග හෙළිදරව් කරමින් එළි දක්වන මහජන සංදේශය සම්මුතියක් ලෙස අත්සන් තැබීම සියළුම ජාතික සංවිධාන වල සහභාගිත්වයෙන් හෙට(17) පෙරවරු 09:00ට පැපිලියාන සුනේත්‍රාදේවී මහා පිරිවෙනේදී සිදු කිරීමට කටයුතු යොදා ඇති බව සංවිධායකයෝ පවසති.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවක් අමතමින් නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව පැවසුවේය.

ජාතික සහල් කර්මාන්ත සම්මේලනයේ අනුශාසක,අරුණ කාන්ත බණ්ඩාර මහතා දෙසැම්බර් 8 වන ඉරිදා දිවයින පුවත් පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් පවසා සිටින්නේ, සහල් නිෂ්පාදන පද්ධතිය එකවර අධ්‍යනය නොකර සමුපාකාර ක්‍රමය යොදා ගෙන කළ වැඩ පිළිවෙල අසමත් බවයි. සහල් නිෂ්පාදන පද්ධතියට පද්ධතියට එකවර ආමන්ත්‍රණය නොකරන ඕනෑම ආණ්ඩුවක් අමාරුවේ වැටෙන බව අවධාරණය කරන ඒ මහතා මෙතෙක් සිටි සියලුම ජනාධිපතිවරු මේ කාරණයේදී අසමත් බවත් පවසයි.

ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රකාශිත අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කරන ලෙස ඉල්ලා බල කිරීම මත රටේ කතානායකවරයාට ඉල්ලා අස්වීමට සිදුවීම පිළිබඳව පළවන විවිධ මතවාද වලට ලංකා ලීඩර් ඉඩ ලබා දී ඇත. මේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා දැක්වූ අදහස් ඔහුගේ වචනයෙන් '' මෙතන පැතිකඩ කීපයකින් බැලිය යුතු තත්ත්වයක් තියෙනවා. පළමුවෙන්ම මේ ආණ්ඩුව බලයට ඒමට පෙර පැවති ආණ්ඩු විසින් නිර්මාණය කළ අර්බුද දැන් වර්ධනය වෙමින් පවතින තත්ත්වයක් තුළ විපක්ෂ බලවේග ඊට සාපේක්ෂව ආණ්ඩුවේ විසඳුම් මොනවාද යන සංවාදය ඉහළට ගැනීම වෙනුවට කතානායකවරයාගේ අධ්‍යාපන සුදුසුකම් පිළිබඳ ප්‍රශ්නය මහා ජාතික ප්‍රශ්නයක් බවට පත් කලා. ඒ මගින් යම් ප්‍රතිශතයකට ඔවුන් වගකිවයුතු අර්බුද සහ අභියෝග පිළිබඳ සංවාදය යටපත් කිරීමට සහ ඊට ඔවුන් සතුව පිළිතුරු නොමැති බව සැඟවීමට ඔවුන් උත්සාහ කරනවා. අනෙක් පැත්තෙන් කතානායකතුමාට විරුද්ධව ඊනියා සුදුසුකම් ප්‍රශ්නය පළමුවෙන්ම මතු කරන්නේ සහ සමාජ මාධ්‍ය ජාල වල ප්‍රචාරය කිරීමට මුල් වන්නේ ඓතිහාසිකව ප්‍රබල ජ.වි.පෙ විරෝධීන ලෙස කටයුතු කළ සහ පසුව ජාතික ජනබලවේගයට රිංගා ගත් නිර්මාල් දේව සිරිලා සහ මහින්ද දේශප්‍රිය වැනි අයයි. කථානායක තනතුර ජවිපෙ අතීත උරුමය මත ශක්තිමත්ව දෙපා තබාගෙන සිටින පුද්ගලයෙකු විසින් දැරීම ඔහුන්ගේ අනාගත සැලසුම් වලට අවුලක් ලෙස සැලකීම පුදුමයට කාරණයක් නොවේ. මම පුද්ගලිකව ඉතා ගරු කරන පුද්ගලයෙකු වන කතානායකවරයා ජවිපෙ දේශපාලනය තුළ අවංකව කැපවීමෙන් යුක්තව තම වගකීම් ඉටුකළ අයකු ලෙස කැපී පෙනෙන පුද්ගලයෙක්. ඒ නිසාම ජාතික ජන බලවේගයේ යම් පිරිස් වලට ඔහු ඉවත් කර ගැනීමේ උවමනාවක් ඇතිවිය හැකියි. කතානායකවරයෙකුට ආචාර්ය උපාධියක් තිබිය යුතු යැයි ලෝකයේ කිසිදු රටක සම්මතයක් හෝ සුදුසුකම් පැනවීමක් සිදු කර නැහැ. එතුමා හොර සහතිකයක් ඉදිරිපත් කර නැහැ. නැති වූ සහතිකය නැවත ලබා ගන්න කාලයක් යනවා නම් එම කාලය ඔහුට ලබා නොදී දිගින් දිගටම බලපෑම් කිරීම දුෂ්ට ක්‍රියාවක් වගේම එතුමාගේ ඉල්ලා අස්වීමත් වැරදි පූර්වාදර්ශයක් බවයි අපගේ කියවා ගැනීම. අවසාන වශයෙන් ජාතික ජන බලවේගය විසින් දේශපාලන නායකත්වය සඳහා ආචාර්ය උපාධිය හෝ මහාචාර්ය තනතුරු අවශ්‍ය බවට ව්‍යාජ මතයක් ජනගත කළා. ඒ මගින් රට වෙනුවෙන් තම අධ්‍යාපනය (සහතික සඳහා වන අධ්‍යාපනය) කැපකළ එහෙත් දැනුම සහ අත්දැකීම් පවා පුුද්ගලයින්ගේ භූමිකාව අවතක්සේරු කළා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අංශයේ අධ්‍යක්ෂ සහ ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ වර්තමානය වනවිට ස්ථාවර තැන්පතු සඳහා බැංකු පොලී අනුපාතිකය 7% හෝ 8% දක්වා පහළ යෑම හේතුවෙන් මෙරට වැඩිහිටි ප්‍රජාව දැඩි අපහසුතාවට පත්ව ඇති බවයි.


දේශීය පුවත්

ඡන්දේ කාලේ කුඩු බෙදූ විපක්ෂයේ අය හෙළිකරන්නැයි චතුරංග අබේසිංහට කියයි..

නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පසුගිය මැතිවරණ සමයේ සිය පාක්ෂිකයන්ට මත්ද්‍රව්‍ය ලබාදුන් සියලු විපක්ෂ සාමාජිකයන්ගේ නම් හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් පවසයි.

ආනයන වියදම 11.1% කින් ඉහළට..

මේ වසරේ (2025) පළමු මාස තුනේදී ශ්‍රී ලංකාවේ මුළු වෙළෙඳ භාණ්ඩ ආනයන වියදම සියයට 11.1කින් ඉහළ ගොස් ඇත.

අපි සන්ධානවලට නැහැ - සාගර කියයි..

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කිසිම පක්ෂයක් සමග සන්ධානගත වීමට අපේක්ෂා නොකරන බව එම පක්ෂයේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ජනපති අනුර කොළඹින් ගෙයක් හොයනවලු..

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් කොළඹින් නිවසක් සොයමින් සිටින බව සමගි ජන බලවේග ආසන සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්ෂ මහතා සඳහන් කරයි.

බහුතරයක් නැත්නම් සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා ගත යුත්තේ ඡන්දයකින්.. කොළඹ නගරාධිපති පත් කරන්නේ අපි - මුජිබුර් රහුමාන්

කිසියම් පක්‍ෂයක් ඒ ඒ පළාත් පාලන ආයතනයේ බහුතර බලයක් ලබා ගැනීමට අසමත් වුණේ නම් ඊළඟට සභාපතිවරයා හෝ නගරාධිපතිවරයා තෝරා පත් කර ගත යුත්තේ ඡන්දයකින් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් පවසයි.

චීනයෙන් නැගෙන හඬ: වෙන කවරදාටත් වඩා මොස්කව් සහ බීජිං එක්ව සිටින්නේ ඇයි?

(නැගෙනහිර චීන විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ මෙන්ම ගුවාන්චා මාධ්‍ය දායකයේ මහාචාර්යවර්යෙකු වන ලියු ජුන් සහ මොස්කව් ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂක, නැගෙනහිර චීන සාමාන්‍ය විශ්ව විද්‍යාලයේ රුසියානු අධ්‍යයන මධ්‍යස්ථානයේ තරුණ පර්යේෂක යැං ෂුපින් විසින් රචිත ලිපියකි.)

නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයකින් වර්තමාන ජාත්‍යන්තර අපරාධ අධිකරණයට අත්පත් කරගත නොහැකි වූ රෝම ප්‍රඥාප්තියේ ප්‍රකාශිත ඉලක්ක සාක්ෂාත් කර ගත හැකියි- රුසියාවේ හිටපු ජනාධිපති මෙදෙව්දෙව්

හිටපු රුසියානු ජනාධිපතිවරයා මෙන්ම රුසියානු ආරක්ෂක කවුන්සිලයේ වත්මන් නියෝජ්‍ය සභාපතිවරයා වන දිමිත්‍රි මෙදෙව්දෙව් දීර්ඝ තීසීයක් ඉදිරිපත් කරමින් නව ජාත්‍යන්තර අපරාධ අධිකරණයක අවශ්‍යතාවය පෙන්වා දෙයි.

කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට සිදුකෙරෙන රණවිරු ප්‍රණාමය මැයි 18 දා කොළඹ පදනම් ආයතනයේ දී..

නව නාසිවාදී බෙදුම්වාදී කොටි ත්‍රස්තවාදයෙන් රට බේරාගත් වීරෝධාර රණවිරුවන්ට උපහාර පුදන 'යුගන්ධර' විජයග්‍රහණයේ රණවිරු ප්‍රණාමය මැයි 18 වැනි දා සවස 3 ට කොළඹ 07 පදනම් ආයතනයේ දී පැවැත් වේ.

විදුලිබල මණ්ඩලයට චේතාන්විතවම පාඩු කිරීමට ආණ්ඩුව ක්‍රියාකරමින් සිටිනවා - පාඨලීගෙන් ජනපති අනුරට දෝස්මුරයක් (වීඩියෝ)

ලංකා විදුලිබල මණ්ඩලය පාඩු බව ඔප්පු කිරීම සඳහා චේතාන්විතවම ආණ්ඩුව ක්‍රියාකරමින් සිටින බවත්, ජනවාරි මාසය තෙක්ම ලංකා විදුලි බල මණ්ඩලය ලාභ ලබා ඇති බව දත්ත අනුව පැහැදිලි වන බවත්, ජනවාරියේ සිට අප්‍රේල් මාසය දක්වා එහි පාඩුව රුපියල් කෝටි 2000ක් වී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.