පාර්ලිමේන්තු වරප්‍රසාද පිටුපස හැංගෙන්නේ නැතුව ඕන නම් එළියෙදි කියන්න.. – නීතිඥ සංගමයේ සභාපති ගැන කළ ප්‍රකාශයට මන්ත්‍රී අසිත නිරෝෂණට අභියෝගයක්
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ (BASL) සභාපති නීතිඥ රජීව් අමරසූරියට එරෙහිව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන විසින් ඊයේ (24) පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයන් සම්පූර්ණයෙන්ම අසත්‍ය, පදනම් විරහිත සහ ද්වේෂසහගත බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනය කරයි.
පාර්ලිමේන්තු වරප්‍රසාද අවභාවිත කරමින් මහජනතාව නොමග යැවීම සඳහා මෙවැනි ප්‍රකාශ සිදු කිරීම පිළිබඳව නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටින බවයි එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව, එම සංගමය පවසන්නේ, මන්ත්‍රීවරයාට පාර්ලිමේන්තු වරප්‍රසාද ආවරණයෙන් මිදී, එකී ප්‍රකාශය පාර්ලිමේන්තුවෙන් පිටතදී නැවත සිදු කරන ලෙසයි.
එසේ කළහොත් ඊට එරෙහිව සුදුසු නීතිමය පියවර ගන්නා බව ද සංගමය අවධාරණය කරයි.
නීතිඥ සංගමයට එරෙහිව එල්ල වන මෙවැනි ලාභදායී දේශපාලන ප්‍රහාර සාර්ථක නොවන බවත්, මෙරට නීතිඥ ප්‍රජාව එකමුතුව සිටින අතර නීති ක්ෂේත්රයේ ස්වාධීනත්වයට සහ ගෞරවයට එල්ල වන ඕනෑම අභියෝගයකට මුහුණ දීමට සූදානම් බවත් එම නිවේදනයේ සඳහන්.
අභියාචනාධිකරණ සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස ඉහළ නැංවීමේ යෝජනාව සම්බන්ධයෙන් ද අදහස් දක්වන නීතිඥ සංගමය, ශ්රේෂ්ඨාධිකරණවලට බලපාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කිසිවිටෙකත් තාවකාලික අවශ්‍යතාවන්ට අනුව හෝ තදබල ආයතනික අවශ්‍යතාවයක්, පාරදෘශ්‍ය මහජන සාධාරණීකරණයක් සහ පුළුල් පාර්ශ්වකරුවන්ගේ මනා සාකච්ඡාවකින් තොරව හදිසියේ සිදු නොකළ යුතු බව තදින්ම විශ්වාස කරන බව සඳහන්.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත පාලනය පිළිබඳ මහජන විශ්වාසය රැඳී පවතින්නේ අදාළ සංශෝධනයේ අන්තර්ගතය මෙන්ම ඒ සඳහා අනුගමනය කරන ක්‍රියාවලිය මත බව ද නිවේදනයේ පෙන්වා දෙයි.
ඕනෑම ආණ්ඩුවක් බලයේ සිටියද ප්රජාතන්ත්රවාදයට, අධිකරණයේ ස්වාධීනත්වයට සහ විරෝධතා දැක්වීමේ අයිතිය ඇතුළු ජනතාවගේ මානව හිමිකම්වලට එල්ල වන ඕනෑම තර්ජනයකට එරෙහිව නීතිඥ සංගමය බියෙන් හෝ සැකෙන් තොරව පෙනී සිට ඇති බවත්, නීතිඥ සංගමය කිසිවිටෙකත් දේශපාලනය නොකරන බවත් එහි නියෝජ්‍ය සභාපති ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න සහ ලේකම් නලින් ද සිල්වාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..