

අගමැති හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිවරිය විදියට ඇගේ ලෙඩේ පාසල් දරුවන්ටත් බෝ කිරීමේ උත්සාහයක් නියැලෙමින් සිටින බව ජාතික නිදහස් පෙේමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (17) ජාතික නිදහස් පෙරමුණෞ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.

ටූත්විත් චමුදිත යූ ටියුබ් නාලිකාවේ සාකච්චාවකට එක්වන දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කරන්නේ මේ වසර අවනායේදී රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායක ලෙස පාර්ලිමේන්තුවට පැමිණෙන බවත් සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක කමද නැතිවීමට ඉඩ ඇති බවත්ය. එමෙන්ම USAID සංවිධානයෙන් මුදල් ලබාගැනීම් සිදුකළ නාම ලේඛනය ද ඔහු විසින් මෙහිදී ඉදිරිපත් කරන අතර සම්පූර්ණ වීඩියෝ පහතින්

වැටුප් ව්‍යුහය සංශෝධනය කරමින්, රාජ්‍ය අංශයේ වැටුප් සංශෝධනයට රජය යෝජනා කර තිබේ. ඒ අනුව රාජ්‍ය අංශයේ අවම මුලික වැටුප රු 24,250 සිට රු 40,000ක් දක්වා රු 15,750කින් වැඩි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර ඇත. අයවැය යෝජනා ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, දැනට පවතින තාවකාලික අතුරු දීමනාව සහ විශේෂ දීමනාව මුලික වැටුපට ඒකාබද්ධ කරන අතර රු 8,250ක ශුද්ධ වැඩිවීමක් මුලික අවම වැටුපට අදාළ සිදුකිරීමට ද යෝජනා කර තිබේ.
USAID සංවිධානය මගින් මෙරටට ලැබුණු ඩොලර් බිලියන 7.9 ක මුදල් සමරිසි ප්‍රවර්ධනය වෙනුවෙන් යොදා ඇති බවත්. මේ සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ නමද එම මුදල් ලබාගත් නාම ලේඛනයන්හි පවතින බැවින් ඒ සම්බන්දයෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීම ආණ්ඩුවේ වගකීමක් බවත් මෙම චෝදනාව ඉතා බරපතළ බවත් ජාතික කාන්තා ඒකමුතුවේ සභාපති හෂිනි සිල්වා මහත්මිය ඊයේ (16) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සමඟ තමාට කිසිදු ගැටලුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. "හර්ෂ සමග මට ප්‍රශ්නයක් නැති බවත් කොළඹ දිස්ත්‍රික් නායකත්වය තබා ගැනීමට මා ගත් තීරණයට එයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තම පක්ෂ නායකත්වයට අමතරව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය තමාටම තබා ගැනීමට ගත් තීරණය ගැන කතා කරමින්. ඔහු පැවසීය.

අර්බන් සිටිසන් සංවිධානයේ සභාපති ශර්ම්ලා ගෝනවෙල ගරු ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඇමරිකානු ආධාර සංවිධානයේන් මුදල් ලබා ගත් සියලු ජනතා නියෝජිතයන්, මාධ්‍යවේදීන්, ආයතන, සංවිධාන නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසටත්, අප රටේ හර පද්ධතියට හා සමාජ සම්මතයන්ට ගරු නොකරන ඊට එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසු බවත්ය. එම සම්පූර්ණ ලිපිය පහතින්
දේශීය පුවත්
ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය ගණන 8 දක්වා ඉහළට..
පෝට් සිටියේ ආයෝජකයන්ට ලබාදෙන සියළු බදු සහන නවත්වන්නැයි IMF දන්වලා..
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් පිරිසක් අනවසරෙන් අල්ලාගෙන..
පෙරටුගාමීන්ට පුංචි ඡන්දෙන් ආසන 16ක් ලැබිලා..
දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..
'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..
පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර..
ජාතික තේ අලෙවිය පහළ වැටිලා..
ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..
