ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ සිදුවීම වැරදුණ කුරුමානමක්ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
ඩුබායි සිට ඊශ්‍රායලයේ තෙල් අවීව් දක්වා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි (Flydubai) ගුවන් යානය තුළ ඇති වූ හදිසි නොසන්සුන්කාරී තත්ත්වය සහ එය සෞදි අරාබියට ගොඩබෑම් සිද්ධිය පිටුපස කිසියම් දේශපාලනමය හෝ ඔත්තු සේවා අරමුණක් තිබේදැයි සැක පහළ වන බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.
Lanka Voice යූටියුබ් නාලිකාව සමඟ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා පෙන්වා දුන්නේ, සිදුවීම සම්බන්ධයෙන් නිල පරීක්ෂණ අවසන් වීමටත් පෙර විවිධ පාර්ශව සහ මාධ්‍ය විසින් එකිනෙකට වෙනස් මත ප්‍රකාශ කිරීම සැකසහිත බවයි.
ඩුබායි සිට පිටත් වූ මෙම යානය තුළ ඇති වූ කලකෝලහලයක් හේතුවෙන් කාර්ය මණ්ඩලය විසින් එය පාලනය කරගැනීමෙන් පසු සෞදි අරාබියේ ආරක්ෂිත ස්ථානයකට ගොඩබස්වා තිබේ.
මෙම සිද්ධිය මුලින් ගුවන් යානා පැහැරගැනීමක් (Hijack) ලෙස වාර්තා වූ අතර, පසුව නියමුවා සහ සහායක නියමුවා අතර ඇති වූ ගැටුමක් ලෙසත්, යානය තුළ සිටි මගීන්ගේ මැදිහත්වීමෙන් බේරාගත් එකක් ලෙසත් විවිධ මාධ්‍ය මඟින් ප්‍රකාශ කර ඇත.
පරීක්ෂණ පවත්වාගෙන යන අතරතුර ඊශ්‍රායලයේ ඇතැම් දේශපාලඥයන් සහ ජාත්‍යන්තර මාධ්‍ය මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස නම් කිරීමට උත්සාහ කිරීම පිළිබඳව දේශපාලන විචාරකයන්ගේ දැඩි විවේචන එල්ල වී තිබේ.
ඉරානය, ඇමෙරිකාව සහ ඊශ්‍රායලය අතර පවතින ගැටුම්කාරී තත්ත්වයත්, හෝමුස් සමුද්‍ර සන්ධිය සහ ඉන්ධන හිඟය හේතුවෙන් ලෝක ආර්ථිකයට එල්ල වී ඇති බලපෑමත් මෙවැනි ජාත්‍යන්තර සිදුවීම් කෙරෙහි බලපාන බව ආචාර්ය ජගත් චන්ද්‍රවංශ වැඩිදුරටත් සඳහන් කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්