News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය නායකයෙකුගේ විදේශ සංචාරයකදි වියදම් අඩු කර ගැනීමේ සහ එම සංචාරය සිදුවන ආකාරය සම්බන්ධයෙන් අප කළ විමසීමකට ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටු සාමාජික යසස් ධර්මදාස මහතා දුන් පිළිතුර ඔහුගේම වචනයෙන් මෙසේය.

රුසියාව සහ යුක්රේනය දැනට වසර තුනක සිට යුද වැදී සිටිනවා. පසුගිය විසිහතර වෙනිදට මේ මිලිටරි මෙහෙයුම ආරම්භ වී අවුරුදු තුනක් සම්පූර්ණ වූවා.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරුවන් ඉන්නේ ආණ්ඩුවත් එක්ක බව ගලබොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බල පැවසීය. සිරෙන් නිදහස් වී දින කිහිපයකට පසු බොදු බල සේනා (BBS) සංවිධානයේ ප්‍රධාන ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදුකළේය. ඒනම් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ට කල්තියා දැනුම් දුන් නමුත් එය කණට නොගත් බවයි.

ඉන්දීය රුපියල් – ශ්‍රී ලංකා රුපියල් වෙළෙඳ පියවීම් ද්විපාර්ශ්වික ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම යන මැයෙන් වූ විද්වත් සාකච්ඡාවක් ඉකුත් 25 දා කොළඹ දී සංවිධානය කර තිබිණ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තම කාර්යාලයේ (පෙබරවාරි 26දින) පැවති තරුණ සැසියක් අමතමින් සදහන් කරන්නේ තමා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට ගෙන ඒමට කටයුතු කළ බැවින් අද එම කණ්ඩායමට ආණ්ඩු බලය ලබාගැනීමට හැකිවී ඇති බවය.

පසුගිය 24 වැනිදා ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිය අමතමින් විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා සදහන් කරන්නේ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ දිගටම එකඟතාවය පවත්වා ගැනීමට (Engagement) මෙන්ම මානව හිමිකම් සහ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ඉදිරියට ගෙනයන බවට පොරොන්දුවක් ලබාදී ඇත.

අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය විසින් ඊයේ(26) කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී සංවිධානය කර තිබූ "යුක් රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව " ඡායාරූප ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගි වෙමින් ජාතික නිදහස් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසා සිටියේ, ඊනියා මයිදාන් සහ ගෝල් ෆේස් පන්නයේ අරගල වලින් පාර කැපෙන්නේ සෙලෙන්ස්කිලා වැනි ජනතාවට විනාශය රැගෙන එන නායකයන්ට බවයි.

මේ අවස්ථාවේදී සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් උපයන ඩොලර් මුදල් සඳහා බදු මුදල් අය කරගැනීමට සිදුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා.

රුසියානු - යුක්‍රේන යුදමය තත්වය රුසියානු ජයග්‍රහණය දෙසට තල්ලු වෙමින් පවතින බවත් ඉන් පසුව ලෝකයේ තත්වයන් වෙනස් වනු ඇතැයි ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති LEVAN S. DZHAGARYAN මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ”‍යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව”‍ (Ukraine Proxy War: The Truth and Lies) නමින් ‘අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය‘ විසින් සංවිධානය කළ ඡායාරූප ප‍්‍රදර්ශනය හා සම්මන්ත‍්‍රණය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද අවධාරණය කළේය. ‘‘රුසියාව කිසිම විටක යුරෝපා ජාතීන් සහ ඇමෙරිකානු වැසියන්ට කිසිදු විරුද්ධත්වයක් නැති බවත් රුසියාව තුළ ඇත්තේ සමස්ත අධිරාජ්‍යවාදයට එරෙහිව සටනක් පමණක් බවයි. “


දේශීය පුවත්

කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් පිරිසක් අනවසරෙන් අල්ලාගෙන..

කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.

දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි..

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.