

එරන්ද ගිනිගේ මහතා තම බ්ලොග් අඩවියට ලිපියක් යොමුකරමින් පවසන්නේ USAID සංවිධානය විසින් ලෝකයේ බොහෝ රටවලට මෙන්ම කෝටි 240ක් වියදම් කර ශ්‍රී ලංකාවේද ආණ්ඩු පෙරළියට මඟ පැදූ බවත් ඊට එරෙහිව විරෝධය දැක්වූයේ දේශපාලන පක්ෂ නොව රටේ සිටින දේශප්‍රේමීන් බවත්ය. එම විරෝධය හුදෙක් පොහොට්ටුවේ ක්‍රියාවක් බවට චුලී චංග් කල්පනා කළ නිසාදෝ පොහොට්ටු කාර්යාලයට ගොස් සමාව ඉල්ලා ඇති මුත් එම විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවන බව ඔහු පවසයි. එමෙන්ම ඉදිරියේදී ද එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ පොහොට්ටුව නොවන බවද ඔහු පවසයි. එමගින් ඔහු අදහස් කරනු ලබන්නේ ඉදිරියේදී ඇමෙරිකානු මැදිහත්වීම්වලට එරෙහි විරෝධතා දැඩි වන බවත් එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නොව රටේ දේශප්‍රේමීන් බවය.

යාපනයේ තිස්ස රජ මහා විහාරය කඩා බිඳ දමන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත යුතු බව විශ්‍රාමික ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් රජය මෙවැනි තත්වයන් නොසලකා හැරිය හොත් ප්‍රචණ්ඩත්වයට අනුබල දීමක් සිදුවන බවත් මෙවැනි තත්වයකදී ක්ෂණිකව හා තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් මෙවැනි ක්‍රියාමාර්ග වලට දිගින් දිගටම ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජගත් ඩයස් මහතා වැඩිදුරටත් පැවසීය.

USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇමරිකා තානාපතිනිය ජුලී චන්ග් මහත්මිය මුණ ගැසී පැවසීය.

මෙවර අයවැයෙන් රාජ්‍ය සේවකයින්ගේ අවම මූලික වැටුප රුපියල් 20,000කින් වැඩි කරන ලෙස රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කර තිබෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ වැටුප් ගැටලුව ඇතුළු රාජ්‍ය සේවකයින් මුහුණ දෙන ගැටලු කිහිපයක් සඳහා විසඳුම් ලබා දෙන ලෙස එම සම්මේලනය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
දේශීය පුවත්
ගැරඬිඇල්ලේ බස් අනතුරින් මිය ගිය ගණන 8 දක්වා ඉහළට..
පෝට් සිටියේ ආයෝජකයන්ට ලබාදෙන සියළු බදු සහන නවත්වන්නැයි IMF දන්වලා..
කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් පිරිසක් අනවසරෙන් අල්ලාගෙන..
පෙරටුගාමීන්ට පුංචි ඡන්දෙන් ආසන 16ක් ලැබිලා..
දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..
සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..
'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..
පාකිස්තානයෙන් ඉන්දියාවට ප්‍රතිප්‍රහාර..
ජාතික තේ අලෙවිය පහළ වැටිලා..
ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..
