"ආණ්ඩුවට 159ක බලයක් තියෙද්දී රාජ්‍ය බලය නෑ කියන්නේ විහිළුවක්" – වෛද්‍ය වසන්ත බණ්ඩාර
පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න එනම් 159ක බලයක් හිමි ආණ්ඩුවකට මහජනයා ලබා දී ඇති බලය නිසියාකාරව පාවිච්චි නොකර, තමන්ට 'රාජ්‍ය බලය නැතැයි' පැවසීම විහිළුවක් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.
ආණ්ඩුව රාජ්‍ය බලය නැතැයි පවසන්නේම තමන්ගේ වැඩ බැරිකම වසා ගැනීමට බවත් සඳහන් කරන ඒ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහයක් තුළ වැඩ කිරීම සඳහා රාජ්‍ය බලය අත්පත් කර ගැනීමක් අවශ්‍ය නොවන බවත්, විප්ලවයක් සිදුකර ආණ්ඩු බලය අල්ලා ගත් විටදී නම් රාජ්‍ය බලය අත්පත් කරගැනීමක් පිළිබඳව මීට වඩා වෙනස් තත්ත්වයක් ඇති බවත් පෙන්වා දෙයි.
Rangiri Srilanka Television ඔස්සේ විකාශය වූ "නින්නාදය" සංවාදශීලී වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එමෙන්ම මෙහිදී ඒ මහතා පැවසුවේ අතීතයේ සිටි ජනාධිපතිවරුන් අටදෙනාගෙන් කිසිවෙකුත් මහඇමැතිවරුන්ට යටත් වන ආකාරයේ ආණ්ඩුකාරවරුන් පත් කිරීමට කටයුතු නොකළ බවයි.
එහෙත් වත්මන් පාලනය විදේශීය ඩයස්පෝරාවට සහ බෙදුම්වාදී බලවේගවලට යටත්ව කටයුතු කරන ආකාරයක් පෙන්නුම් කරන බවට චෝදනා කළ ඒ මහතා, එමගින් සිදුවන විනාශය හමුවේ රට නැවත ආපසු හැරවිය නොහැකි තත්ත්වයකට පත්වන බව ද පෙන්වා දුන්නේය.
ජාත්‍යන්තර හා බෙදුම්වාදී බලවේග ආණ්ඩුවට පෙන්වන බොරු ආදරය සැබෑ එකක් නොවන බවත්, ඔවුන්ගේ එකම අරමුණ ආණ්ඩුව ලවා පාවාදීම් සිදුකරවාගෙන එම චෝදනා සියල්ල ආණ්ඩුව පිටම පටවා එය වට්ටවා දැමීම බවත් වෛද්‍ය වසන්ත බණ්ඩාර වැඩිදුරටත් අවධාරණය කළේය.
සවිස්තරාත්මක වීඩියෝව නරඹන්න..
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?