News Category
From Date
To Date
Maximum Number of Result

බලවත්ත්‍රස්තවාදී සංවිධානයක් පරාජයට පත්කරමින් මේ රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීමට ඇස්, ඉස්, මස්, ලේ දන්දුන් මෙරටේ ත්‍රිවිධ හමුදාව රජයට පක්ෂපාතී නොවන වෘත්තීමය හමුදාවක් නොවන බව ජනාධිපතිවරයා සේනාධිනායකවරයා ලෙස පැවසීම කාගේ වූමනාවට සිදුවූවක් දැයි ප්‍රශ්නයක් පැන නගින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

රජය විසින් යෝජනා කර තිබෙන නව අපරාධ නඩු අධ්‍යක්ෂ ධුරය (රජයේ අභිචෝදක තනතුර) නීතිය දේශපාලනයට යටකිරීමක් බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පුවත්පතකට පවසා ඇත.

අඛණ්ඩ ඉන්ධන සැපයුමක් ලබාදීමට අවශ්‍ය සියලුම ක්‍රියාමාර්ග ගෙන ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රකාශ කළා.

අන්‍යාගමික අන්තවාදී නිරාගමික කල්ලි කණ්ඩායම් යොදාගනිමින් පාසැල් දරුවන් තුල තමන්ට අනන්‍ය සංස්කෘතික හර පද්ධතිය හා බුදුදහම අභියෝගයට ලක් කිරිමේ සූක්ෂම මෙහෙයුමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින් ගේ අනුදැනුම මත සිදුවන බව ජාතික කාන්තා එකමුතුවේ සභාපති හෂිනි සිල්වා පවසයි.

ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ රැඳී සිටින සියළුම රුසියානු ජාතිකයන් අංක 15 මාතර පාර, වැලිගම ලිපිනයේ පිහිටි පසිජොව් අවන්හල(https://maps.app.goo.gl/EVbaFe6Ec5F2t91R7?g_st=ic) වෙත යාමෙන් වලකින ලෙස ඉල්ලා සිටියි

ට්‍රම්ප් සහ පුටින් අවසන් අරමුණ කුමක්ද? නතර වන්නේ කොතැනද? Zoom තාක්ෂණය ඔස්සේ විශේෂ සාකච්ඡාවක් 2025 මාර්තු 01 (අද) සවස 7: 30 සිට පැවැත්වීමට ජාතික සංවිධාන එකමුතුව කටයුතු යොදා ඇත.

බදු වංචා කළ මහා පරිමාණ ව්‍යාපාරිකයන්ගේ පොලී කපා හැරීමට ආණ්ඩුව සූදානම් වන්නේ යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා ඊයේ පැවසීය.

ආර්ථික අර්බුදයක් හරහා බලය ඩැහැ ගෙන මෙම ආණ්ඩුව වට්ටන බවට කවුරුන් හෝ සැලසුම් කරන්නේ නම් එය සිහිනයක් පමණක් වන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි.

යුක්‍රේනයේ රූකඩ පාලනය සහ යුරෝපීය අනුග්‍රාහකයින් පරාජය කරන බවට සහතික වන බව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති LEVAN S. DZHAGARYAN මහතා පවසයි. ඔහු මෙසේ පැවසුවේ පසුගිය 26 වැනිදා ශ්‍රි ලංකා පදනම් ආයතනයේ පැවති "යුක්‍රේන ප්‍රොක්සි යුද්ධය : ඇත්ත සහ බොරුව" (Ukraine Proxy War: The Truth and Lies) නමින් 'අධිරාජ්‍ය විරෝධී ජාතික සංසදය' විසින් සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසුව එහි සම්මන්ත්‍රණයට සහභාගී වෙමිනි.


දේශීය පුවත්

කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් පිරිසක් අනවසරෙන් අල්ලාගෙන..

කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.

දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි..

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.