News Category
From Date
To Date
Maximum Number of Result

දරුවන්ට කායික දඬුවම් තහනම් කරන පනතක් ඉතා ඉක්මනට සම්මත කර ගන්නා බව අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී ප

චීන විදේශ අමාත්‍යාංශය එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනය "දිව දෙකේ" ප්‍රතිපත්ති අනුගමනය කරන බවට චෝදනා කර ඇති අතර ආර්ථික බලවතුන් දෙදෙනා අතර ආතතීන් දිගටම පවතින බැවින් වර්ධනය වන සම්බාධක පීඩනයට "අධිෂ්ඨානශීලීව ප්‍රතිරෝධය දැක්වීමට" සහතික කර තිබේ.

පසුගිය සිකුරාදා ධවල මන්දිරයේදී සෙලෙන්ස්කි සහ ට්‍රම්ප් අතර සිදුවූ ගැටළුව පිළිබඳව ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ යසස් ධර්මදාස මහතා ලංකා ලීඩ් නිවුස් වෙබ් අඩවිටට ප්‍රකාෂකරේ ඇමරිකන් ජනාධිපතිතුමාට එම සාකච්ඡාවේ අරමුණ වූ ගිවිසුම්ගතවීමට අපොහොසත්වූ බවයි.

කාන්තාවන් වෙනුවෙන් වෙන් වූ ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබේ. සම කාන්තා අයිතීන් සම්බන්ධ ඉල්ලීම් 20 වැනි සියවස මුල් භාගය දක්වා දිවයයි. කාන්තා වෘත්තීය අයිතීන් ඉල්ලා 1857 වසරේ මාර්තු 08 වනදා අමෙරිකාවේ නිව්යෝර්ක් හි ඇඟලුම් කම්හලක සේවිකාවන් පිරිසක් විරෝධතා කළ බව නොනිල වාර්තා පළවුවත්, පසුව හඳුනා ගැණුනේ එය නිර්මාණය කළ සිදුවීමක් ලෙසය.

ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවේග විසින් ශ්‍රී ලංකාව ඇතුළු බොහෝ රටවල් ගිල ගැනීමේ මෙහෙයුම සම්බන්ධයෙන් මාධ්‍යෙව්දී ධර්ම ශ්‍රී කාරියවම් මහතා තම යූටියුබ් නාලිකාවට වීඩියෝවක් එක්කර ඇත. ඇමරිකනු මුදල් ලෝකයේ රටවල් ගිල ගැනීමට පාවිච්චි කරන අන්දම රහසක් නොවන මුත් එය සිදුවන්නේ කෙසේදැයි මෙම විඩියෝව මගින් කරුණු සහිතව පැහිදිලි කර ඇත.

ජාතික ගොවිජන එකමුතුව චෝදනා කරන්නේ මේ වන විටත් අදාල සත්ව සංගණනය වෙනුවෙන් කෝටි ගණනක මුදලක් රජය වියදම් කර ඇති බවයි.

පැනමා ඇළේ හොංකොං සමාගමේ කොටස් පාලනය කිරීමේ අරමුණින් හොංකොං සමාගමක් අත්පත් කර ගැනීමට ඉඩ ඇති එක්සත් ජනපද ආයෝජන සමාගමක් වන බ්ලැක්රොක් විසින් මෙහෙයවන ලද සන්ධානයක් පිළිබඳව මාධ්‍යවේදීන් කළ විමසීම්වලට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියන් ප්‍රකාශ කළේ, අදාළ පියවරයන් ධවල මන්දිරයේ පීඩනය යටතේ පවතින බැවින් එම ව්‍යාපාරික ගනුදෙනුව පිළිබඳව චීන විදේශ අමාත්‍යාංශය අදහස් නොදක්වන බවයි.

රුසියානු හමුදා යුක්රේන නගරයක් වන ක්‍රිවෝයි රොග් හි විදේශීය කුලී හේවායන් පිරිසකට පහර දී ඇති බව මොස්කව්හි ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(06) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ හිටපු බීබීසී වාර්තාකාරිනී ෆ්‍රැන්සිස් හැරිසන්, හිටපු ශ්‍රී ලංකා අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ අල් ජසීරා සම්මුඛ සාකච්ඡාවේ ප්‍රශ්න ඇසීමට සිටි සාමාජිකාවක ලෙස කටයුතු කළ අතර, සාකච්ඡාව අතරතුර රනිල් වික්‍රමසිංහ ප්‍රතික්ෂේප කළ පැරණි ලේඛනයක් වන බටලන්ද කොමිෂන් සභා වාර්තාව නැවත හුවමාරු කරගෙන තිබේ.


දේශීය පුවත්

දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි..

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.