

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය විසින් අද නිෂ්ප්‍රභ කර ඇතැයි වාර්තාවේ. 2023 වසරේ මාතර, වැලිගම ප්‍රදේශයේ පිහිටි W 15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් දී තිබෙන නියෝගයක් ක්‍රියාත්මක කිරීම වළක්වාලන ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා දේශබන්දු තෙන්නකෝන් මහතා ඉදිරිපත් කළ පෙත්සම මෙසේ නිෂ්ප්‍රභා කර ඇතැයි වාර්තාවේ

පැනමාවේ සහ වෙනත් ස්ථානවල පිහිටි වරායන් ඇමරිකානු වත්කම් කළමනාකරුවෙකුගේ නායකත්වයෙන් යුත් ආයෝජන කණ්ඩායමකට විකිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් හොංකොං නගරය පදනම් කරගත් සමූහ ව්‍යාපාරයක් වන CK Hutchison Holdings සමාගම විවේචනය කරමින් හොංකොං පුවත්පතක් වන Ta Kung Pao පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද විමර්ශන වාර්තා දෙකක් හොංකොං හි මධ්‍යම රජයේ පුවත් පත් ආයතන දෙකක් විසින් නැවත පළ කරනු ලැබීය.

2002 දී ව්‍යස්ථාවට පටහැනිව සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සහ කොටි ත්‍රස්තවාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදී සූඩානයේදී සිදු කළ ආකාරයට රට බෙදා වෙන්කර අමු සොහොනක් කිරීමට උත්සාහ කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා දේශද්‍රෝහී සහ රාජ්‍යද්‍රෝහී අපරාධයකට වරදකරුවෙකු වන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කිරීම සහ ඉන්පසුව බටලන්ද වධකාගාරයට අදාළව එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට පවතින සංවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.
දේශීය පුවත්
කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්
කෙහෙලිය අත්අඩංගුවට
හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර 19වනදා දක්වා රිමාන්ඩ්
මාලිමාව දිනපු කොළඹට නගරාධිපති සජබෙන්....රංජිත් මද්දුම බණ්ඩාර
බුදුන් වහන්සේගේ ධාතූන් අතර තිබූ මැණික් වෙන්දේසිය කල් දමයි
සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.
‘පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න පරාජිත දේශපාලන පක්ෂ සමග එකතු වෙන්නේ නෑ’- ජාතික ජන බලවේගය
ඇමති විජේපාලගේ මන්ත්‍රී ධුරය බලරහිත කරන්නැයි ඉල්ලූ පෙත්සමට සිදු වූ දේ
මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න
විවෘත වරෙන්තු පිට සිටි, හිටපු රාජ්‍ය ඇමති ප්‍රසන්න අධිකරණයට භාරවෙයි
