News Category
From Date
To Date
Maximum Number of Result

ලෝකයේ ත්‍රස්ත තර්ජන අඩුම රටක් ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. 2024 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදයේ බලපෑම පිළිබඳව සිදුකරනු ලැබූ විශ්ලේෂණවලට අනුව 2025 වර්ෂයේ ගෝලීය ත්‍රස්තවාදී දර්ශකය මගින් මෙම නම්කිරීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

වත්මන් ආණ්ඩුව බලයට පත් වී මාස පහමාරක් වන විට ආණ්ඩුව ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 5,156 ක් වන බවත් මෙම මුදල් වලින් කල කාර්ය භාරය කුමක්දැයි රටට හෙළි කිරීම ආණ්ඩුවේ වගකීම බවත් පිවිතුර හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

බෙදුම්වාදී බලවේගවලට "තායිවාන නිදහස" වෙනුවෙන් නැවත එක්වීමේ ඓතිහාසික ප්‍රවණතාවයට බාධා කළ නොහැකි බව තායිවාන් නියෝජිත කණ්ඩායමේ ජාතික මහජන කොංග්‍රසයේ (NPC) නියෝජ්‍ය සහ සමස්ත චීන තායිවාන් මිතුරන්ගේ සම්මේලනයේ උප සභාපති යැන් කේ පසුගිය 09 වනදා 14 වන උතුරු පළාත් සභා මන්ත්‍රී මණ්ඩලයේ තුන්වන සැසිවාරයේ කණ්ඩායම් රැස්වීමකින් පසු මාධ්‍ය අමතමින් පැවසීය

පාර්ලිමේන්තු මන්ත්‍රී වී. රාධක්‍රිෂ්ණන් මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් කරමින් ඉන්දියාවේ ගුරුවරුන්ට වතුකරයේ පාසල්වල දෙමළ මාධ්‍යයෙන් ඉගැන්වීමට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටියේය.

යුක්රේන හමුදාව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය මත සම්පූර්ණයෙන්ම රඳා පවතින අතර, එය ක්‍රියා විරහිත කිරීමෙන් "සම්පූර්ණ ඉදිරි ආරක්ෂක වලල්ල" බිඳවැටීමක් සිදුවනු ඇතැයි ටෙස්ලා සහ ස්පේස් එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

යුක්රේන හමුදාව ස්ටාර්ලින්ක් අන්තර්ජාල පද්ධතිය මත සම්පූර්ණයෙන්ම රඳා පවතින අතර, එය ක්‍රියා විරහිත කිරීමෙන් "සම්පූර්ණ ඉදිරි ආරක්ෂක වලල්ල" බිඳවැටීමක් සිදුවනු ඇතැයි ටෙස්ලා සහ ස්පේස් එක්ස් ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකරු, ක්‍රියාකරු සහ නියෝජිතයා තම කාර්යන් ඉටු කිරීමේදී දැඩි නොසැළකිලිමත් සහ වංචාකාරී ලෙස හැසිරී ඇතැයිද ඒ අනුව ශ්‍රී ලංකා රජයේ ව්‍යවස්ථා උල්ලංඝනය කිරීමක් කර ඇතැයිද ඒ අනුව ‘දූෂකයා ගෙවන මූලධර්මය’ (පොල්ලුටෙර් පය්ස් ප්‍රින්cඉප්ලේ මත වන්දි ගෙවීමට ඔවුන් බැඳී සිටින බව අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇතැයි වාර්තා වේ.

බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ චමුදිත සමරවික්‍රම මහතා සමඟ සාකච්ඡාවකට එක්වෙමින් නැගෙනහිර මුස්ලිම් අන්තවාදී කණ්ඩායමට නායකත්වය ලබා දෙන්නේ කල්මුණේ රෝහලක සේවය කරන වෛද්‍යවරයෙක් බව පැවසුහ.

ගුරු හා විදුහල්පතිවරුන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීම වෙනුවෙන් වු සුබෝධනී වැටුප් කමිටු වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කර ගැනීමේ සාකච්ඡා සඳහා ජාතික ජන බලවේග ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණේ ලංකා ගුරු සේවා සංගමයද සහභාගි වී තිබේ.


දේශීය පුවත්

දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි..

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.