News Category
From Date
To Date
Maximum Number of Result

අද (6) විකාශය වූ අල් ජසීරා ඉංග්‍රීසි නාලිකාවේ ‘හෙඩ් ටු හෙඩ්’ වැඩසටහන සඳහා පැවැති සම්මුඛ සාකච්ඡාවකදී, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති සහ හය වතාවක් අගමැති ධුරය හෙබවූ රනිල් වික්‍රමසිංහ, බලයෙන් පහකරන ලද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නඩු පැවරීමෙන් ඔහුව ආරක්ෂා කළ බවට එල්ලවූ චෝදනා ප්‍රතික්ෂේප කළේය.

ඇමරිකානු ජනාධිපති ටෘම්ප් මහතාගේ සහ යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි මහතා අතර ඇති වූ සජීව සාකච්ඡාවෙන් පසුව රුසියානු ජනාධිපති පූටින් මහතා විසින් පුවත්පත් සාකච්ඡාවක් හා සම්බන්ධ වෙමින් පැවසුවේ රුසියාවේ ඇති විරල පාංශු පාෂාණ නිධිවල ආයෝජනයට ඇමෙරිකාව ප්‍රමුඛ රටවල සමාගම් වලට ආරාධනා කරන බවයි. සතුරු පාර්ශව දෙකක් එකිනෙකට මුහුණ ලා සටන් කරන මොහොතක මෙම ප්‍රකාශනයේ ආන්දෝලනාත්මක සහ රුසියාවට ලැදි අයට ප්‍රශ්නයක් නොවන්නේ කෙලෙසකද? මේ පිළිබදව අප ශ්‍රී ලංකාවේ අධිරාජ විරෝධී ජාතික සංසදයේ කැදවුම්කරු වෛද්‍ය සුමිත් වන්නිආරච්චි මහතාගෙන් ප්‍රශ්න කළ අතර මේ ඔහු අපට ලබාදුන් දීර්ඝ පිළිතුරයි.

ලෝකයේ විශාලතම ආර්ථිකයන් දෙක අතර පවතින වෙළඳ යුද්ධයේ තවත් උත්සන්න වීමක් සනිටුහන් කරමින්, බීජිනය වොෂින්ටයට එල්ල කළ තීරුබදු පළිගැනීමේ තර්ජනයෙන් පසුව, අවශ්‍ය නම් චීනය සමඟ යුද්ධයකට යාමට එක්සත් ජනපදය සූදානම් බව පෙන්ටගනය නිවේදනය කර ඇතැයි වාර්තා වේ.

වොෂින්ටනය වහාම ආර්ථික හිඟය කපා හැරීමට හෝ ඉදිරි වසර තුන තුළ ප්‍රධාන ණය අර්බුදයක අවදානමට මුහුණ දීම යන කාරණා දෙකින් එකකට මුහුණ දෙන බව බ්‍රිජ්වෝටර් ඇසෝසියේට්ස් හි නිර්මාතෘ බිලියනපති ආයෝජක රේ ඩාලියෝ පසුගිය 03 2වනදා බ්ලූම්බර්ග් වෙත අදහස් දක්වමින් පැවසීය.

උතුරේ ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපාය විනාශ කරන ඉන්දීය මධ්‍යම රජය සහ තමිල්නාඩු ප්‍රාන්ත රජය සිය ධීවරයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතු බව සභානායක බිමල් රත්නායක මහතා ඊයේ (05) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. "ඉන්දියාව ශ්‍රී ලංකාවේ උතුරේ ධීවරයින්ට ලබා දිය යුතු හොඳම සහය වන්නේ එහි නීති ක්‍රියාත්මක කිරීම සහ එහි ධීවරයින් උතුරේ ශ්‍රී ලාංකික ධීවරයින්ගේ ජීවනෝපාය විනාශ කිරීම වැළැක්වීමයි" රත්නායක පැවසීය.

වත්මන් ආණ්ඩුව විසින් දළදා ප්‍රදර්ශනයක් අප්‍රේල් මස සිදු කිරීමට කටයුතු කර ඇති බවත්, එය ඉතාමත් හොද ක්‍රියාවක් බවත් මහානායක ස්වාමීන් වහන්සේලාද ඊට අනුකූලත්වය දක්වා ඇති බවත් බලංගොඩ කස්සප හිමියන් පවසයි. එහෙත් එය මේ අවස්ථාවේදී සිදුකිරීමට කටයුතු කරනු ලබන්නේ ආණ්ඩුවට ක්‍රමයෙන් අඩුවන ජනතා ප්‍රසාදය නැවත දිනාගෙන එළබෙන පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය අරමුණ සහිතවනම් එය පිළිකුල් සහගත ක්‍රියාවක් බවත් උන් වහන්සේ තම යූටියුබ් නාලිකාවට වීඩියෝපටයක් එක් කරමින් පවසා ඇත.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ආගමනය චීන-යුරෝපා රාජ්‍ය තාන්ත්‍රික සහ වෙළඳ සබඳතාවලට බලපාන ලබන ආකාරය කෙසේදැයි මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් , 14 වන ජාතික මහජන කොංග්‍රසයේ (NPC) තුන්වන සැසිවාරයේ ප්‍රකාශක ලූ ක්වින්ජියන් පැවසුවේ චීනය යුරෝපා සංගමය සමඟ සබඳතාවලට ඉහළ වැදගත්කමක් ලබා දෙන බවයි.

ඇමරිකාවේ "අවදි (සමාජ අසාධාරණය සහ වෙනස්කම් කිරීම පිළිබඳව අවදියෙන් සිටීම සහ සැලකිලිමත් වීම )" සංස්කෘතිය හෙළා දකිමින්, ළමුන් සඳහා "ලිංගික වෙනස්වීම්" ක්‍රියා පටිපාටි තහනම් කිරීමට මැදිහත් වන ලෙස එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොංග්‍රසයෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

වැඩ බලන පොලිස්පතිවරයා විසින් පසුගිය දා (22) මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ අදහස් සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.


දේශීය පුවත්

කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිතයේ ඉඩම් පිරිසක් අනවසරෙන් අල්ලාගෙන..

කුරුන්දි පුරාවිද්‍යා රක්ෂිත භූමිය අනවසරයෙන් වගා කිරීමට පිරිසක් පියවර ගෙන ඇති අතර ට්‍රැක්ටර ​භාවිතයෙන් ඉඩම් සකස් කර ඇති බවත් පැවසෙයි.

දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි..

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.