News Category
From Date
To Date
Maximum Number of Result

පැනමාවේ සහ වෙනත් ස්ථානවල පිහිටි වරායන් ඇමරිකානු වත්කම් කළමනාකරුවෙකුගේ නායකත්වයෙන් යුත් ආයෝජන කණ්ඩායමකට විකිණීමට ගත් තීරණය සම්බන්ධයෙන් හොංකොං නගරය පදනම් කරගත් සමූහ ව්‍යාපාරයක් වන CK Hutchison Holdings සමාගම විවේචනය කරමින් හොංකොං පුවත්පතක් වන Ta Kung Pao පුවත්පත විසින් ප්‍රකාශයට පත් කරන ලද විමර්ශන වාර්තා දෙකක් හොංකොං හි මධ්‍යම රජයේ පුවත් පත් ආයතන දෙකක් විසින් නැවත පළ කරනු ලැබීය.

පසුගියදා නිමාවුන සත්ව සංගණනය පිළිබඳව ලංකා ලීඩ්ස් නිවුස් වෙබ් අඩවියට ප්‍රකාශයක් කරමින් ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක ලේකම් යසස් ධර්මදාස මහතා පවසා හිටියේ සත්ව සංගණනය පිළිබඳව වඩාත්ම සතුටුවන පුද්ගලයා හිටපු ජනාධිපති මහින්ද රාජපකෂ මහතා විය හැකි බවයි. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

2002 දී ව්‍යස්ථාවට පටහැනිව සටන් විරාම ගිවිසුමක් අත්සන් කිරීම සහ කොටි ත්‍රස්තවාදීන්ට තාවකාලික ආණ්ඩුවක් ලබාදී සූඩානයේදී සිදු කළ ආකාරයට රට බෙදා වෙන්කර අමු සොහොනක් කිරීමට උත්සාහ කිරීම පිළිබඳ රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයා දේශද්‍රෝහී සහ රාජ්‍යද්‍රෝහී අපරාධයකට වරදකරුවෙකු වන බව ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සඳහන් කිරීම සහ ඉන්පසුව බටලන්ද වධකාගාරයට අදාළව එතුමාගේ ප්‍රජා අයිතිය අහෝසි කළ යුතු බවට පවතින සංවාදය පිළිබඳව ලංකා ලීඩර් ජාතික සංවිධාන මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස ඔහුගේ වචනයෙන්.

2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද (17) ආරම්භ වීමට නියමිතය.

රාජ්‍ය අංශය නොසැලී ඒකාබද්ධ කිරීම සහ සංවර්ධනය කිරීම සහ රාජ්‍ය නොවන අංශයේ සංවර්ධනයට නොසැලී දිරිගැන්වීම, සහාය දීම සහ මඟ පෙන්වීම පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පින්ගේ ලිපියක් අද(16) ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් අද (16) සිදු කරනු ලැබීය.

ලන්ඩනයේ රුසියානු තානාපති කාර්යාලය එක්සත් රාජධානියේ අගනුවරට පැමිණෙන සංචාරකයින්ට නගරයේ අපරාධ ක්‍රියාකාරකම්වල වැඩිවීම සම්බන්ධයෙන් අනතුරු අඟවා තිබේ.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් කර්ස්ක් කලාපයේ සිරවී සිටින යුක්රේන හමුදා වලට යටත් වීමට කළ යෝජනාව තවමත් වලංගු නමුත් ලබා දී තිබූ කාලය අවසන් වෙමින් පවතින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් පැවසීය.

බටලන්ද කොමිසන් සභා වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කිරීම හොද බවත් එය වඩාත් හොදවීමටනම් තවත් පියවරයන් අනුගමණය කළ යුතු බවත් ජන අරගල සන්ධානයේ විධායක සභික වසන්ත මුදලිගේ මහතා පවසයි. ඊයේ (15) පැවැති ජනහමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.


දේශීය පුවත්

දිවිනසාගත් දැරියට ගුරුවරයෙකුගෙන් ලිංගික අතවර සිදුවෙලා..

සියදිවි නසාගත් 16 හැවිරිදි කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි දැරිය බම්බලපිටිය ප්‍රදේශයේ පාසලේ අධ්‍යාපනය හදාරන කාලය තුළදී එම පාසලේ ගුරුවරයෙකුගෙන් ලිංගික අතරවරයකට ලක්ව ඇතැයි අනාවරණ වි ඇති බව පොලීසිය පවසනවා.

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටීලා..

සයිබර් ප්‍රහාරයකින් ඉන්දියාවේ විදුලිබල පද්ධතියෙන් 70% ක් බිඳ වැටී ඇති බව පාකිස්තානය ප්‍රකාශ කරන බව ආරක්ෂක මූලාශ්‍ර උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා කරයි.

'ටීචර් අම්මා' අත්අඩංගුවට ගන්න සොයයි.. තරුණයෙකුට පහරදීලා..

ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන ජනප්‍රිය ගුරුවරියක් වන 'ටීචර් අම්මා' හෙවත් හයේශිකා ප්‍රනාන්දු විසින් තරුණයෙකුට සිදුකළ පහරදීමක් හේතුවෙන් ඇයව අත්අඩංගුවට ගැනීමට පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

ජාතික වෙසක් සතිය අදින් ඇරඹේ..

ශ්‍රී බුද්ධ වර්ෂ 2569වන සම්බුදු තෙමගුල සිහිපත් කරමින් ජාතික වෙසක් සතිය අදින් (10) ඇරඹෙන අතර, එය එළැඹෙන 16වනදා දක්වා පැවැත්වේ.

සිසුවිය මියයෑමේ සිද්ධියේ සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවයි..

කොටහේන ගල්පොත්ත වීදිය මහල් නිවාස සංකීර්ණයක පදිංචිව සිටි 16 හැවිරිදි සිසුවියක සියදිවි නසාගැනීම සිද්ධියට චෝදනා එල්ල වී ඇති සැකකාර ගුරුවරයා අනිවාර්ය නිවාඩු යවා තිබේ.

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.