චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
චීන–ලාඕස දුම්රිය මාර්ගය ඔස්සේ සිදුකර ඇති සමස්ත වෙළෙඳ ගනුදෙනුවල වටිනාකම යුවාන් බිලියන 100 (ඇමෙරිකානු ඩොලර් බිලියන 14.9ක් පමණ) ඉක්මවා ගොස් තිබේ. එම මාර්ගය හරහා මේ වන විට ආනයන හා අපනයන භාණ්ඩ ටොන් මිලියන 20.77කට අධික ප්‍රමාණයක් ප්‍රවාහනය කර ඇති බව වාර්තා වේ.
2026 වසරේ මුල් මාස අට තුළ අග්නිදිග ආසියාවෙන් දුම්රිය මාර්ගය ඔස්සේ ආනයනය කළ නිවර්තන පලතුරුවල වටිනාකම යුවාන් බිලියන 5.26ක් වූ අතර, එම කාලය තුළ යන්ත්‍රෝපකරණ හා විදුලි උපකරණ අපනයනය පෙර වසරට සාපේක්ෂව සියයට 58.4ක වර්ධනයක් පෙන්වමින් යුවාන් බිලියන 7.42 දක්වා ඉහළ ගොස් ඇත.
අග්නිදිග ආසියාවේ එකම ගොඩබිමෙන් වටවූ (landlocked) රට වන ලාඕසය, මීට පෙර සිය ආනයන හා අපනයන සඳහා අසල්වැසි රටවල වරායන් මත යැපීම හේතුවෙන් ඉහළ ප්‍රවාහන පිරිවැයකට සහ භාණ්ඩ නරක් වීමේ අවදානමකට මුහුණ දී සිටියේය.
කෙසේ වෙතත්, 2021 දෙසැම්බර් මාසයේදී විවෘත කරන ලද කිලෝමීටර් 1,035ක් දිගැති මෙම දුම්රිය මාර්ගයත් සමඟ ලාඕසයේ වියෙන්ටියාන් අගනුවර සිට චීනයේ කුන්මිං දක්වා ගමන් කාලය පැය 9යි මිනිත්තු 36ක් දක්වා අඩු වී තිබේ. එමෙන්ම දූරියන් වැනි පලතුරු ප්‍රවාහනයේදී නරක් වීමේ ප්‍රතිශතය සියයට 20 සිට සියයට 5 දක්වා පහත වැටී ඇත.
එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සමුළුව (UNCTAD) පෙන්වා දෙන පරිදි ගොඩබිමෙන් වටවූ රටවල වෙළෙඳ පිරිවැය අනෙක් රටවලට වඩා සියයට 50කින් පමණ ඉහළ අගයක් ගන්නා නමුත්, මෙම දුම්රිය මාර්ගය හරහා ලාඕසය මේ වන විට "ගොඩබිම් ප්‍රවාහන ජාල ඔස්සේ සම්බන්ධ වූ රටක්" (land-linked) බවට පරිවර්තනය වෙමින් පවතී.
ඉදිරියේදී මෙම දුම්රිය ජාලය තායිලන්තය, වියට්නාමය, මැලේසියාව සහ සිංගප්පූරුව දක්වා ව්‍යාප්ත කිරීමට නියමිත අතර, මෙය මුහුදු මාර්ග මත පමණක් පදනම් වූ ගෝලීය වෙළෙඳ රටාව වෙනස් කරමින් කලාපීය සංවර්ධනයට නව පණක් ලබා දී තිබේ.
මේ පිළිබඳව සැකසුනු සවිස්තරාත්මක ලිපිය පහත සබැඳියෙන්..
ගොඩ බිමින් වටවුනු රටවලට ගෝලීයකරණයේ නව මංපෙත් විවර කරන තීරයක් සහ මාවතක් මුලපිරීමේ දුම්රිය සම්බන්ධතා

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි