නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ. දේශීය ආපදා කළමනාකරණ බලධාරීන්ට අනුව, දකුණු ආසියානු රටක් වන නේපාලය පුරා පුද්ගලයන් 1,400කට අධික පිරිසක් මියගිය විනාශකාරී ගංවතුර හා නායයෑම් ආපදාවෙන් මාසයකට මඳක් වැඩි කාලයකට පසුව මෙම නව ආපදාව සිදුව තිබේ.
නේපාලයේ ජල විද්‍යා හා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරියකු The Kathmandu Post පුවත්පතට ප්‍රකාශ කර ඇති පරිදි, 10 වනදා සිදුවූ නායයෑමක් හේතුවෙන් ගංගාවක අතු ගංගාවක් අවහිර වීම මෙම ගංවතුරට හේතු වන්නට ඇතැයි සැලකේ. එම ස්ථානයේ ජලය එක්රැස් වී පසුව හදිසියේ පිටාර ගැලීමෙන් ක්ෂණික ගංවතුරක් ඇතිවී තිබේ.
එම පුවත්පත දේශීය බලධාරීන් උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේ උතුරු ගෝර්ඛා (Gorkha) දිස්ත්‍රික්කයේ නිවාස 35ත් 40ත් අතර සංඛ්‍යාවක් ගංවතුරට හසුව ගසාගෙන ගොස් ඇති බවයි. පාලම් කිහිපයක් ද විනාශ වී ඇති අතර, මාර්ග හා ජල විදුලිබලාගාර පහසුකම්වලට ද හානි සිදුව තිබේ.
සෙවීම් හා මුදාගැනීමේ මෙහෙයුම් සඳහා බලධාරීන් හෙලිකොප්ටර් යානා සහ ආරක්ෂක අංශ සාමාජිකයන් සිය ගණනක් යොදවා ඇතැයි නේපාල රාජ්‍ය ගුවන්විදුලිය වන Radio Nepal වාර්තා කළේය. NDRRMA (නේපාලයේ ජාතික ආපදා අවදානම් අවම කිරීමේ හා කළමනාකරණ අධිකාරිය) උපුටා දක්වමින් AFP පුවත් සේවය වාර්තා කළේ විදේශිකයන් නවදෙනකු ද ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 82 දෙනකු මුදාගෙන ඇති බවයි.
මෙම නව ගංවතුර තත්ත්වය ඇතිවී තිබෙන්නේ අගෝස්තු 26 වැනිදා නේපාලයට සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයේ ඇතැම් කොටස්වලට බලපෑ දරුණු ස්වාභාවික ආපදාවෙන් මාසයකට මඳක් වැඩි කාලයකට පසුවය.
NDRRMA දත්තවලට අනුව, සැප්තැම්බර් මාසයේ අගභාගය වන විට එම ආපදාවෙන් මළ සිරුරු 1,451ක් සොයාගෙන තිබූ අතර පුද්ගලයන් 5,745 දෙනකු තවදුරටත් අතුරුදන්ව සිටියහ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..