තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ දැනට ක්‍රියාත්මක වන වැඩසටහන මඟින් සාර්ථකව අත්පත් කරගත් ආර්ථික ස්ථායීතාව අඛණ්ඩව ආරක්ෂා කරගනිමින්, රටේ ඉදිරි ආර්ථික වර්ධනය තවදුරටත් වේගවත් කිරීම උදෙසා ඉදිරියේදී තවත් නව එකඟතාවකට එළඹීමට රජය සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ 'ශ්‍රී ලංකා ආර්ථික සහ ආයෝජන සමුළුව' (Sri Lanka Economic and Investment Summit) අමතමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා පෙන්වා දුන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වසරක විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ මූලික සහ ප්‍රධාන ඉලක්කය වූ ආර්ථිකය ස්ථාවර කරගැනීම මේ වන විට සෑම අතින්ම පාහේ සැලකිය යුතු මට්ටමකින් ළඟා කරගෙන ඇති බවයි.
රජයේ මීළඟ සැලසුම සහ ප්‍රමුඛතාව වන්නේ එම ස්ථායීතාව තවදුරටත් සුරකිමින් රටට අත්‍යවශ්‍ය වන ආර්ථික වර්ධනය සාක්ෂාත් කර ගැනීම බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
රජය බලයට පත්වීමෙන් පසු අපේක්ෂා කළ අරමුණු සාක්ෂාත් කරගැනීමේ ක්‍රියාවලියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි හා එකඟතා බාධාවක්වී ඇත්තේ ඉතා අල්ප වශයෙන් බව ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේය. ආර්ථිකය ස්ථාවර කිරීම උදෙසා රජයේ දැක්ම සහ මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළ අතර විශාල පරස්පරතාවක් හෝ ගැටුමක් නොතිබීම හේතුවෙන් මෙම වැඩසටහන කිසිදු බාධාවකින් තොරව ඉදිරියට මෙහෙයවීමට හැකියාව ලැබුණු බව ද ඔහු සඳහන් කළේය.
වත්මන් මූල්‍ය අරමුදල් වැඩසටහන අවසන් වීමට තවත් මාස හයක පමණ කාලයක් ඉතිරිව ඇති පසුබිමක් තුළ, මීළඟ අදියරේ වැඩසටහනේ ස්වභාවය සහ දිශානතිය කෙබඳු විය යුතුද යන්න පිළිබඳව මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා ඇතුළු ආර්ථික විශේෂඥ කණ්ඩායම සමඟ මේ වන විටත් පුළුල් සාකච්ඡා පවත්වමින් සිටින බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.
මූල්‍ය අරමුදල සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමක් හෝ එහි පවතින එකඟතාවලට පමණක් දැඩිව සීමා වීමක් වෙනුවෙන් රජය පෙනී නොසිටින අතර, මේ දෙස ඉතා විවෘත මනසකින් යුතුව බලමින් ඉදිරියේදී එල්ල විය හැකි බාහිර ආර්ථික කම්පනයන්ට සාර්ථකව ඔරොත්තු දිය හැකි ශක්තිමත් ආර්ථිකයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ඉදිරි තීන්දු තීරණ නිසි පරිදි ගන්නා බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..