අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වන වගන්තිය මඟින් ශ්‍රී ලංකා ජනරජය තුළ බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇති අතර, බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සහ සුරක්ෂිත කිරීම රජයේ වගකීමක් බව පැහැදිලිව සඳහන් කර ඇති බවත්, එබැවින් බෞද්ධ ආගමික සංකේතයක් වන චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගැනීමේදී මීට වඩා ඉතා සැලකිලිමත්ව කටයුතු කළ යුතු වුවද, එවැන්නක් සිදුවී නොමැති බවත් ජාතික ගුරු ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා පවසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රකාශ සහ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා අධිකරණයට ඉදිරිපත් නොකර දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීම සම්බන්ධයෙන්ද බෝදරගම මහතා දැඩි ප්‍රශ්න මතු කරයි.
මෙම ක්‍රියාමාර්ග පිටුපස ඇත්තේ කාගේ කැමැත්තද යන්නත්, එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට හෝ අන්තවාදී කල්ලිවලට අවශ්‍ය ආකාරයට මෙම තීන්දු තීරණ ක්‍රියාත්මක වන්නේද යන්නත් සම්බන්ධයෙන් රජය වගකීමෙන් යුතුව පිළිතුරු ලබා දිය යුතු බව ඔහු අවධාරණය කරයි.
එමෙන්ම, ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සාමාජිකයෙකු වන ලාල් විජයනායක සහ වර්තමාන අග්‍රාමාත්‍ය හරිනී අමරසූරිය මෙනවිය ඇතුළු පිරිසක් සහභාගී වූ එවක කමිටුව විසින් “අනාගමික රාජ්‍යයකට සුදුසු නව ජාතික ධජයක් නිර්මාණය කිරීම” සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවන පරිච්ඡේදයේ “බුද්ධාගම” යන්න වෙනුවට “ආගම්” ලෙස වෙනස් කරමින් ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් කළ යුතු බවට නිර්දේශ කර තිබූ බව ඔහු පෙන්වා දෙයි.
"මේක බොහොම පැහැදිලිව මතක් කරන්න ඕනේ, මේක **විජයනායක කමිටු වාර්තාව** කියලා තමයි හැඳින්නුවේ. ඔය ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ ඉන්න ලාල් විජයනායක සහ අද රටේ දෙවෙනි පුරවැසියා වන එහෙම නැත්නම් අගමැතිතුමිය වන හරිනී අමරසූරිය මැතිනිය සහභාගී වුණු කමිටුවක්. එතකොට ඒකෙදී මේකේ පැහැදිලිව නිර්දේශ දීලා තියෙනවා “අනාගමික රාජ්‍යයකට සුදුසු නව ජාතික ධජයක් නිර්මාණය කරන්න ඕන” කියන කාරණය. මේ කියන්නේ 2016 දී. ඒ විතරක් නෙවෙයි, ව්‍යවස්ථාවේ දෙවෙනි පරිච්ඡේදයේ “බුද්ධාගම” නොව “ආගම්” යනුවෙන් වෙනස් විය යුතු අතර... බුද්ධාගම නෙවෙයි 'ආගම්' කියලා වෙනස් වෙන්න ඕනලු. ඒ විතරක් නෙමෙයි, මේකේ ඊළඟට කියනවා *ශ්‍රී ලංකාව අනාගමික රාජ්‍යයක් විය යුතුයි* කියලා. මේ කියන්නේ 2016 මේ කමිටු වාර්තාව.
එතකොට දැන් මේ කියපු නෝනලා අද කොහෙද ඉන්නේ? එදා වෙන රජයක් යටතේ මේ කමිටුව නියෝජනය කළාට අද එතුමිය තමයි අපේ රටේ දෙවෙනි පුරවැසියා. එතකොට අද දැන් ඇල්ලූ වතුරත් නිවාගෙන මොනවා ගාන්නද ඉන්නේ එතුමිය? එතුමිය දැන් මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක්... එතුමිය ඉන්නවද නැද්ද දන්නේ නැහැ මේ මෑත කාලේ. මොකද එතුමියට අවශ්‍ය වැඩේ, එතුමියට පවරපු වැඩේ, එතුමියට ජාත්‍යන්තරයෙන් පවරපු වැඩේ දැන් රටේ ඉතා වේගයෙන් වෙමින් යනවා. ඉතින් එතුමියට කතා කරන්න දෙයක් නැහැ, එතුමිය බොහොම නිදහසේ සතුටු වෙමින් ඇති.
ඉතින් ඒක හින්දා අපි මතක් කරන්න ඕන අපේ රටේ “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්තියේ” ඉතා පැහැදිලිව කියලා තියෙනවා “ශ්‍රී ලංකා ජනරජය ප්‍රමුඛස්ථානය දෙනු ලබන්නේ බුද්ධාගමට. ඒ අනුව රජය විසින් බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ සහ සුරක්ෂිත කිරීම තම වගකීමක් ලෙස භාර ගනී. ඒ අතරම රාජ්‍යය විසින් සියලු ආගම්වලට අනුග්‍රහය දෙනු ලබන අතර සියලු ආගම්වලට සමානව ක්‍රියා කරනු ඇත.” දැන් ඔය කියන විදිහට ශ්‍රී ලංකා ජනරජයේ ප්‍රමුඛස්ථානය දෙනු ලබන්නේ බුද්ධාගමට නම්, එතකොට බෞද්ධ ආගමේ සංකේතයක් තමයි චීවරය. එතකොට චීවරය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජය පියවර ගනිද්දී මීට වඩා ඉතාම සැලකිලිමත්ව පියවර ගත යුතුයි. එහෙම වෙලා නැහැ කියන කාරණය තමයි පැහැදිලි කරන්න වෙන්නේ.
ඒ අතරවාරයේ අපි දකිනවා ජනාධිපතිතුමා කියනවා “නෑ අපේ හාමුදුරුවනේ, මට බැහැ මගේ කැමැත්ත නීතිය බවට පත් කරන්න. ඒක නිසා මම කමිටුවක් පත් කරනවා” එහෙම කියලා. එතකොට අපි අහනවා ඔබතුමා අර කබරගොයා තලගොයා කරගත්තට කන්න ඕන වුණාම, එතකොට කාගේ කැමැත්තටද අර අපේ හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී **සුරේෂ් සලේ** මැතිතුමාව අධිකරණයට ඉදිරිපත් නොකර ඩියෝ ගහලා දැන් දින 180කට වඩා වැඩි කාලයක් රඳවාගෙන ඉන්නේ? ඒක කාගේ කැමැත්ත මත සිද්ධ වෙච්ච දෙයක්ද? දැන් ඔබතුමා කියන විදිහට ඔබතුමාගේ කැමැත්ත මත නෙවෙයි නම් මේ දේවල් සිද්ධ වෙන්නේ, එතකොට මේ රටට එරෙහි බලවේගවල කැමැත්ත මතද මේවා සිද්ධ වෙන්නේ? එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවට අවශ්‍ය විදිහටද? එහෙම නැත්නම් මුස්ලිම් අන්තවාදී කල්ලිවලට ඕන විදිහටද? එහෙමත් නැත්නම් ක්‍රිස්තියානි අන්තවාදී කල්ලිවලට ඕන විදිහටද මේ දේවල් සිද්ධ වෙන්නේ කියලා අපිට ප්‍රශ්න කරන්න වෙනවා. ඒක නිසා ඔබතුමාට එවැනි ප්‍රකාශ කරලා මේ වගකියයුතු කාරණයෙන් බැහැර වෙන්න බැහැ කියන කාරණය අපි ඕනකමින් කියනවා."
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කළු ජූලියෙන් පමණක් ඉතිහාසය අවසන් කළ නොහැකියි.. - ලයනල් බෝපගේ සහ අතුල සුමතිපාල විපක්ෂ නායකවරයාට ලියති..
අගමැතිතුමිය ජාත්‍යන්තරයෙන් පැවරූ වැඩේ වේගයෙන් කරගෙන යනවා.. ඥානසාර හාමුදුරුවෝ හිතළුවක් කළා නෙමේ.. මේවට අවශ්‍ය කස මීට කලින් හැඩවුණා.. - සඳුන් බණ්ඩාර බෝදරගම
2010 වසරෙන් පසු පළමු වරට ලෝක දරිද්‍රතාව ඉහළට! චීනය වේගයෙන් දරිද්‍රතාවය පහළ දැමූ රටයි! – එක්සත් ජාතීන්ගේ සංවිධානය
ආර්ථික අර්බුදයෙන් ගොඩ එනවා වෙනුවට ආණ්ඩුව රට වැරදි දිශාවකටයි ගෙන යන්නේ.. මේ ගමනේ අවසානය රටේ ඒකීයභාවයට තර්ජනයක්.. - විමල් වීරවංශ
ඇමරිකානු අභ්‍යන්තර දේශපාලනයේ බලපෑමෙන් රුසියානු-ඇමරිකානු සබඳතාවල නව හැරවුමක්.. කියෙව් පාලනය සහ යුරෝපය දැඩි කම්පනයක..
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළමු පරිච්ඡේදය රට.. දෙවන පරිච්ඡේදය ආගම නොව බුද්ධාගමයි.. - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
මේ රටේ බෞද්ධයාගේ ඉවසීම පරීක්ෂා කරන්න යන්න එපා.. බොර්න් අගේන් කල්ලියකට අවශ්‍ය විදිහටයි අද මේ රට නටවන්නේ.. - විමල් වීරවංශ
අඛණ්ඩ ඉන්ධන සැපයුමකට රජයෙන් පැහැදිලි සැලසුමක් නෑ.. - පෞද්ගලික ඉන්ධන සමාගම් පවසයි..
තවත් IMF වැඩසටහනකට යන්න රජය සූදානම්.. මේ දිනවල එය සාකච්ඡා කරනවා.. - ජනපති
ඥානසාර හිමිට දුන් දඬුවම නීති විරෝධියි.. - හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වාගෙන් සැර ප්‍රකාශයක්..
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..