News Category
From Date
To Date
Maximum Number of Result

මානව විද්‍යා පර්යේෂණයක් කළ යුතු මාලිමාවේ මන්ත්‍රීලාගේ අධි මාන්නය..

Dec 6, 2025 at 10:11 AM
|

ආපදා අවස්ථාවේදී ආපදාවට පත් ජනතාවගේ සෝසුම් මැදින්   තමන්ව පුම්බවා ගැනීමට සහ තමන්ගේ ජනප්‍රියත්වය ඉහළ දමාගැනීම සඳහා වෙර දරන  මාලිමාවේ මන්ත්‍රීලා ගැන එරන්ද ගිනිගේ සිය මුහුණුපොතේ සටහනක් තබා තිබේ.

එම සටහන පහළින් දක්වා ඇති අතර, ඒහා සම්බන්ධ වීඩියෝවක් ද මෙහිදී අප විසින් පළකරනු ලබන්නේ ඔවුන්ගේ අධි මාන්නය සහ විපතකදී ක්‍රියාකළ යුතු ආකාරය මෙලෙසදැයි අප පාඨකයන්ගේ අවධානයට යොමු කිරීම පිණිසය.

එරන්ද ගිනිගේ ගේ සටහන සහ එම වීඩියෝව පහළින්..

මොනවා වුණත් මාලිමා මන්ත්‍රීවරුන්ගේ අහංකාරය ඔවුන්ට එක්තරා විදිහක ශක්තියක්. මේක ඇත්තට ම මානව විද්‍යා පර්යේෂණයකට සුදුසු නිරීක්ෂණයක්. මෙවැනි බිහිසුණු ආපදාවක් වුණාම සාමාන්‍ය මනුෂ්‍යයෙක් නම් පළමුව තැති ගන්නවා. දෙවනුව ශෝකයට පත් වෙනවා. තෙවනුව නිහතමානීව විසඳුම් සොයනවා. නමුත් මාලිමාවේ මන්ත්‍රීවරු එයට ඉඳුරා වෙනස්. ඔවුන් කිසිම අවස්ථාවක තැති ගත් බවක් පෙන්නුවේ නැහැ. අංශු මාත්‍රයක කනගාටුවක්, සහකම්පනයක් ශෝකයක් පෙන්නුවේ නැහැ. හිටියටත් වඩා අධි මාන්නයෙන් තමයි ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ. මේක හරි අසාමාන්‍ය තත්ත්වයක්.

මේක අපට පැහැදිලි කරන්න පුළුවන් එක විදිහක් තමයි Dunning Kruger ආචරණය. එනම් කිසියම් ක්ෂේත්‍රයක දැනුම හෝ නිපුණතාවය අවම පුද්ගලයන් බොහෝ විට තමන් ගැන අධිතක්සේරුවෙන් හිතනවා. උදාහරණයක් හැටියට කාලයක් ප්‍රසිද්ධව සිටි රැට්ටා ගන්න. ඔහු රාජ්‍ය පාලනය තියා පවුලක්වත් රැකලා අත්දැකීමක් නැති මෝඩ හිස් කවටයෙක්. නමුත් ඊනියා අරගලයේ ඔහු හැසිරුණේ හරියට රටේ ජනාධිපතිකම කරන්න පුළුවන් වගේ. ඔහු එය ඇත්තටම විශ්වාස කළා.

අනෙක් පැත්තෙන්, කිසියම් ක්ෂේත්‍රයක ප්‍රවීනයන් හැම වෙලාවෙම තමන් ගැන අවතක්සේරුවෙන් තමයි හිතන්නේ. බුද්ධිය වැඩි වෙන්න වෙන්න එම පුද්ගලයා සිය තීරණ ගැන සිය වාරයක් හිතනවා. කයිවාරු ගහන්න බයයි. නමුත් මාලිමාවේ මන්ත්‍රීවරු එහෙම නැහැ. ඔවුන් හැසිරෙන්නේ හරියට මේ ආපදාව තමන් ඉතා ම හොඳින් පාලනය කරනවා වගේ. ඒකම තමයි ඔවුන්ගේ ශක්තියත්.

නමුත් මට හිතෙනවා මේක DK ආචරණයට එහා ගිය මනෝ විකාර තත්ත්වයක් කියා. මාලිමාවේ ඉන්නේ තරමක් sociopathic පිරිසක්. ඒකට කියන්නේ Antisocial Personality Disorder. ඔවුන් සමාජ විරෝධීන්. ඔබ බලන්න මාලිමාවුන් කිසිම හිරිකිතයක් නැතුව මේ ව්‍යසනය තුළ ඔවුන්ව ප්‍රවර්ධනය කර ගන්නවා නේද? ඒ කියන්නේ පොදු සමාජයේ වේදනාව ගැන ඔවුන්ට සත පහක වගක් නැහැ. ඔවුන් හිතන්නේ ඔවුන්ගේ ආත්මාර්ථය ගැන පමණයි. අපට පේනවා වෙනත් අය කෑම ආධාර අරගෙන ගියාම මාලිමාවුන් ඒවා බලහත්කාරයෙන් ඩැහැ ගෙන තමන්ගේ වගේ බෙදනවා. ඔවුන්ට ඒක වරදක් ලෙස පෙනෙන්නේ නැහැ. ඔවුන්ට ඒ ගැන කිසිම ලැජ්ජාවකුත් නැහැ. ඔවුන් හරිම impulsive. කටට එන දේ කියනවා. ඇඟට කඩා පනිනවා. අන් මත ඉවසන්නේ නැහැ. එහෙම කරලා ඒ ගැන කිසිම පසුතැවීමකුත් නැහැ. මේවා තමයි sociopathic ලක්ෂණ.

මේකට හේතුව ඔවුන් බොහෝ දෙනා කුඩා කල සිට ලද කටුක අත්දැකීම් විය හැකියි. නැත්නම් ඒ ප්‍රවර්ගයේ මිනිස්සු එකතු වෙන්නේ මාලිමාවට. මොකද එතන ඔවුන්ට ඔවුන්ගේ මනෝ ව්‍යාධිය උපරිමයෙන් බලගන්වන්න පුළුවන්. උදාහරණයක් හැටියට ඔවුන්ගේ කුණුහරුප බලකාය වගේ එකක් වෙන කිසිම පක්ෂයකට හදන්න බැහැ. මොකද එවැනි සමාජ විරෝධී චර්යාවකට අනුබලය සහ අනුග්‍රහය ලැබෙන්නේ මාලිමාවෙන් පමණක් නිසා.

කොහොම වුණත් මාලිමාවේ ශක්තියත් මේකමයි. ඔවුන් හැසිරෙන්නේ කිසිම ව්‍යසනයක් සිදු වුණේ නැති ගාණට. තවමත් හරියට ගණන් කරන්න බැරි තරම් දරුවන් සහ වැඩිහිටියන් ගණනාවක් පස් යට වැළලිලා. නමුත් මාලිමාවුන් හිනා වෙනවා. Photoshoot කරනවා. පාරම් බානවා. අභියෝග කරනවා. අනුර කුමාර පාර්ලිමේන්තුවට ඇවිල්ලා කිසිම වෙනසක් නැතුව වෙනදා වගේ ම ලොකු ටෝක් දෙනවා. ජනමනස manipulate කරනවා. මේක ඉතාම අසාමාන්‍ය අමුනුෂ්‍ය චර්යාවක්. නමුත් ඒ නිසාම ඔවුන් පවතිනවා. බොහෝ විට ඔවුන් මේ ව්‍යසනය ඔවුන්ගේ මෙම අසාමාන්‍ය චර්යාව තුළින් ම වසා දමාවි. මට හිතෙනවා සති දෙකක් යනකොට මෙහෙම ව්‍යසනයක් වුණාද කියවලත් කවුරුවත් කථා කරන එකක්වත් නැහැ කියලා. ඒකත් ප්‍රශ්න විසඳන එක ක්‍රමයක්. ධර්මය අපට මග වේවා!

- එරන්ද ගිනිගේ


සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.