රටේ මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලිත්වය, සංස්කෘතිය එක්ක තිබ්බ ජවිපෙ ඇරියස් එක..
අනුර, මේ වැඩේ නවත්තන්න!
ජනතා විමුක්ති පෙරමුණට මේ රටේ මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලිත්වය, සංස්කෘතිය එක්ක ලොකු ඇරියස් එකක් තිබුණා.
ඔවුන් බලයට එන්න කළින් සෘජුවම ඒ ගුණාංග විවේචනය කළා.
දැන් ඔවුන් බලයට ඇවිල්ලා, මිනිස්සුන්ගේ පරිත්‍යාගශීලිත්වය, හිත උණුවෙන හැඟීම් නැත්තටම නැති කරන්න අනියමෙන් කටයුතු කරමින් ඉන්නවා.
ජනතා විමුක්ති පෙරමුණ තමයි ශ්‍රී ලංකාවේ ධනවත්ම දේශපාලන පක්ෂය.
ඔවුන්ට දෙස්, විදෙස් ආයෝජන සහ වත්කම් රුපියල් බිලියන පනහකට වඩා ඇති.
නමුත් ඔවුන් ඉන් එක රුපියලක් මිනිස්සු වෙනුවෙන් වියදම් කරන්නේ නැහැ.
ඉතාම ලෝභ, මනෝ ව්‍යාධියකින් පෙළෙන, බහිරවයෙක් වගේ ටිල්වින් සිල්වා ඒ නිධානය ආරක්ෂා කරනවා. ඔහු හරියට මට්ට කුණ්ඩලි කතාවේ එන අධින්න පුබ්බක සිටුවරයා වගෙයි.
ඔහුට කොච්චර සල්ලි තිබුණත් මදි.
ඔහුගේ පක්ෂයේ සාමාජිකයන් වුනත් දීලා පුරුද්දක් නැති, අනුන්ගෙන් ගන්න කැමති මිනිස්සු.
ඔවුන් ජීවිතේට එක රුපියලක් පිනට දීලා නැහැ. අනිත් මිනිස්සුන්ගෙන් එකතු කළා විතරයි.
ඉබ්බන්ගෙන් පිහාටු ගත්තත් ජෙප්පෙක්ගෙන් රුපියලක් ගන්න බැහැ.
නමුත් දැන් ඔවුන් ඉන්නේ ආණ්ඩු පක්ෂයේ.
ගංවතුර ඇවිත් මුල් දවස් දෙකේ ආණ්ඩුවේ කවුරුවත් එළියටවත් බැස්සේ නැහැ. ඔවුන් එහෙම සහකම්පනයක් තියෙන මිනිස්සු නෙවෙයි.
නමුත් රටේම මිනිස්සු එළියට ආවා. කෑම පැකට් හැදුවා. වියළි ආහාර ලොරි පිටින් එකතු කළා.
ඊටපස්සේ ආණ්ඩුවට විවේචන එල්ල වෙන්න ගත්තා.
ආණ්ඩුවේ මන්ත්‍රීලා, ඇමතිලා, පැලවත්තේ නියෝජිතයො එළියට බැස්සේ එතකොට. විවේචන නිසා.
හැබැයි මේ කවුරුවත් තමන්ගේ සතයක්වත්, අනිත් මිනිස්සු වෙනුවෙන් වියදම් කරන්න කැමති, පරිත්‍යාගශීලි මිනිස්සු නෙවෙයි.
ඔවුන් මොකක්ද කළේ ? ඉතාම තුච්ච විදියට, සංවිධානාත්මකව සාමාන්‍ය මිනිස්සුන්ගේ මහන්සිය හොරා කන්න පටන් ගත්තා.
● මුලින්ම ජගත් මනුවර්ණ දළදා මාලිගාවට පැනලා, මාලිගාවෙන් බත් පැකට් පැහැරගෙන, උගේ වැඩක් වගේ බෙදුවා.
● ඊළගට මාතර අර්කම් ඉල්ලියාස්, මාතර සාමාන්‍ය මිනිස්සු එකතු කරපු, මාතර සාමාන්‍ය මිනිස්සු පරිත්‍යාග කරපු බඩු තොගයක් රතු තරුවෙන් වගේ බදුල්ලට බෙදුවා.
● කළුතරින් සාමාන්‍ය මිනිස්සු එකතු කරපු බඩු තොගයක් ගම්පොළ රතු තරුවෙන් වගේ බෙදුවා.
● රට පුරා මිනිස්සු ලොරි වලට එකතු කරලා ගෙන එන බඩු දැන් රාජ්‍ය නිළධාරීන් හරහා පැලවත්ත නියෝජිතයන් භාරයට ගනිමින් සිටිනවා.
අහිංසක මිනිස්සු සංවිධානය වෙලා එකතු කරපු බඩු, තමන්ගේ වගේ බෙදන්න ජවිපෙ කටයුතු කරනවා.
● විශාලතම හොරකම සිදුවෙන්නේ යූත් එකේ. එතන ටොන් ගණනක බඩු තිබෙනවා. දැන් ජාතික තරුණ සේවා සභාවේ ඉන්න පැලවත්තේ නියෝජිතයො එතන භාණ්ඩ නිකුත් කරන්නේ පක්ෂයේ ඉල්ලීමට.
මේ සාමාන්‍ය මිනිස්සු තමන්ගේ හොඳ හිතින් සමාජ ජාලා ක්‍රියාකාරිකයන්ට පරිත්‍යාග කරපු බඩු. ආණ්ඩුවේ උන් ඇවිත් ව්‍යාපෘතිය බඩු එක්කම හයිජැක් කළා. සමාජ ජාලා ක්‍රියාකාරිකයො එතනින් එලෙව්වා.
දැන් ආණ්ඩුවේ ඇමතිලාගේ, මන්ත්‍රීලාගේ කෝල් එකට යූත් එකෙන් බඩු නිකුත් කරනවා. හමුදාවටවත් එතනින් බඩු නැහැ.
● අද උදෑසන විජිත හේරත්ගේ ඉල්ලීමකට ගම්පහ බෙදන්න යූත් එකෙන් භාණ්ඩ තොගයක් නිදහස් කෙරුණා.
● ජවිපෙ මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක්, පැලවත්ත නියෝජිතයක් රට පුරා කොතන හෝ කුමන හෝ භාණ්ඩයක්, බත් පැකට් එකක් බෙදුවොත් ඒ ඔවුන්ගේ වැඩක් නෙවෙයි. උස්සපු බඩු තොගයක්.
මේක ඉතාම නරක, තුච්ච වැඩක් වෙන්නේ මේ මංකොල්ලය නිසා විතරක් නෙවෙයි.
මේවා දකින සාමාන්‍ය මිනිස්සු කලකිරෙනවා.
ඔවුන් තමන්ගේ පොකට්ටුව හිස් කර කර බඩු ගෙනිහින් දුන්නේ, තමන්ට ගොඩක් සල්ලි තියෙන නිසා නෙවෙයි.
අනිත් මිනිස්සුන්ගේ දුකේදී, කරදරයකදී ඔවුන්ගේ පපුව උණුවෙන නිසා.
තමන්ගේ ආහාර වේලක සල්ලි කැප කරලා වියළි ආහාර ද්‍රව්‍ය පරිත්‍යාග කරපු මිනිස්සු හිටියා.
තමන්ගේ පිගි බෑන්ක් කඩලා ඒවයේ සල්ලි වලින් භාණ්ඩ පරිත්‍යාග කරපු පොඩි දරුවො හිටියා.
ණය වෙලා උදව් කරපු කොල්ලො කෙල්ලො හිටියා.
ඔවුන් කවුරුත් තමන්ගේ මුදලින්, තමන් පරිත්‍යාග කරපු බඩු ආණ්ඩුව දේශපාලනය වෙනුවෙන් යොදා ගන්නවාට කැමති නැහැ.
ඊලගට සිදුවෙන්නේ මේවා දකින මිනිස්සු පරිත්‍යාග කිරීම ප්‍රතික්ෂේප කිරීම.
ඔවුන්ගේ මහන්සිය, සල්ලි නිර්ලජ්ජිත පැලවත්තේ තක්කඩි විසින් සොරා කනවා දකින ඔවුන් කලකිරෙනවා.
මේ මිනිස්සුන්ගේ දේවල් හොරකම් කරන්නේ නෑ කියපු ආණ්ඩුවක්. හැබැයි කළින් ආණ්ඩු මේ විදියට මිනිස්සු පරිත්‍යාග කරපු බඩු උස්සලා, තමන්ගේ ලාංඡන ගහලා බෙදුවේ නැහැ.
මේ වැඩේ නිසා අනාගතයේ මේ රටේ මිනිස්සු පිනට දෙන්න, පරිත්‍යාග කරන්න දෙපාරක් හිතාවි. මේ රටේ ලොකුම සම්පත මිනිස්සුන්ගේ හොඳ හිත. ඒක නැති කරන්න එපා.
ඒ නිසා දෙවියන්ගේ නාමයෙන් ඉල්ලන්නේ.
ඔය ජරා වැඩේ නවත්තපල්ලා
අහිංසක මිනිස්සුන්ට වතුර බෝතලයක් තමන්ගේ සල්ලි වලින් අරන් දෙන්න, හිත දෙන්නේ නැත්නම් පාඩුවේ ගෙවල් වලට වෙලා හිටපල්ලා.
මුල් දවස් දෙකේම, හැමදෙයක්ම කළේ සාමාන්‍ය මිනිස්සු.
ආණ්ඩුවක් හිටියේ නැහැ. දැනුත් මිනිස්සුන්ට ඉතුරු ටිකත් කරන්න පුලුවන්.
එකතු වෙන බඩු, භාණ්ඩ දැකලා දැන් ඒවට කෙල හල හලා මිනිස්සුන්ගේ හොඳ හිත කොල්ල කන්න එපා.
ඒවා මහ නරුම වැඩ.
ඒ වගේම මේ භාණ්ඩ එකතු කරන්න මුල් වුණු සමාජ ජාලා ක්‍රියාකාරිකයන්ට, ගඟසිරිපුර පොඩි හාමුදුරුවො වැනි භික්ෂූන් වහන්සේලාට දැන් වගකීමක් තිබෙනවා.
කරුණාකර ඔබ විශ්වාස කරලා, මිනිස්සු ලබා දුන්නු බඩු, පහත් දේශපාලනය වෙනුවෙන් හොරකම් කිරීමට ඉඩ දෙන්න එපා. ඔබගේ විරෝධය මැද ඔබගේ මහන්සිය හොරකම් කරනවා නම් ඒ ගැන රටට කියන්න.
- සචින් රත්වත්තේ
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..