රෝහණ විජේවීර සහෝදරයා එදා...
මධ්‍යම කඳුකරයේ භූ විද්‍යාත්මක පිහිටීම අනුව එය අශ්‍රිතව ජලාශ ඉදිකිරීම ඉතා අසාර්ථක, ඉතා භයානක කාර්යයක් බව ප්‍රථමයෙන් පෙන්වා දුන් දේශපාලනඥයා රෝහණ විජේවීරය.
ඔහු 1965-70 අතර කාලයේ මහවැලි යෝජනා ක්‍රමයේ අසාර්ථක භාවය පිළිබඳව ඉතා දීර්ඝ ලෙස කරුණු දක්වා තිබෙනවා.
රෝහණ විජේවීර, 1971 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද කටඋත්තරය පහතින් දැක්වෙනවා.
“මධ්‍යම කඳුකරය කියන්නේ අපේ රටට තියෙන ලොකුම සම්පත. එයට ලොකුම හානිය සිදුකළේ අධිරාජ්‍යවාදීන්. ස්වාභාවික වනාන්තර පද්ධතිය විනාශ කරලා කෝපි, තේ වගා කළා. දැන් මහවැලි ස්කිම් එකෙන් කරන්න හදන්නේ ඒකෙ අනිත් එක. පොල්ගොල්ලෙ පිම්රෝස් කන්දෙන් පටන් ගෙන අඩි 1000 සමෝච්ච රේඛාවෙන් ඉහත ජලාශ ගණනාවක් හදන්න යනවා. ඒක භයානක තත්ත්වයක්. ඓතිහාසික රාජධානි සමයේ අඩි 1000න් පහත වැව් 32,000ක් හදපු සිංහල රජවරුමධ්‍යම කඳුකරයේ එකම වැවක්වත් හැදුවේ නැහැ. මධ්‍ය කඳුකරයේ බෑවුම තියෙන්නේ උතුරට, හරියට පැත්ත ගහපු ඊ අකුරක් වගේ. දකුණ තමයි උස. කිරිගල්පොත්ත, නමුණුකුල, ඊළඟට එල්ක් ප්ලේස්, හෝර්ටන් ප්ලේස්, සානු. මේ පිහිටීම හරිම වැදගත්. රට වටේ ගංගා 103ක් ගලන්නෙ මේ ආශ්චර්යවත් පිහිටීම නිසා.
එදා රජවරු මේ කඳුකරයට අත තිබ්බේ නෑ. තද නීති දමල ආරක්‍ෂා කළා. අපි ධාතුසේන රජුගෙන් ඉගෙන ගන්න ඕනෑ. කලා ඔයට ෙදාළොස්බාගෙ කඳුවලින් ලැබෙන ජලය තෙත් කලාපය මායිමේ ඉදි වූ යෝධ ඇළෙන් වියළි කලාපයට තල්ලු කළා. ඒක ඉතා අසීරු වැඩක්. සැතපුමට අඟලක් බැස්සුවා. අද නවීන විද්‍යාවට ඒක කරගන්න බෑ. දැන් මේ ආණ්ඩු පොල්ගොල්ල ඉඳලා නැඟෙනහිරට, ඊසානට වතුර ගන්න තියෙන මාර්ගය හරස් කරනවා. සම්පූර්ණයෙන් අහුරලා උතුරට අඹන් ගඟට ටනල් එකක් කපනවා. භූගෝල විද්‍යාත්මකව මෙතැන භු ගර්භයේ තියෙන්නේ විපරීත හුනුගල් පාෂාණය. පොළොව යට විශාල උමං නිර්මාණය වී තිබෙනවා. පතල් සෑදී තිබෙනවා. පොළොව යටට හෑරුණු දෝනාවල් තියෙනවා. මාතලේ ප්‍රදේශය පිහිටා තියෙන්නේ හුනුගල් පාෂාණ තට්ටුවක් උඩ. මේක ජලාශ හදන්න ගියොත් අපට ස්වාභාවිකව ලැබුණු ගංගාවන් නැති වෙනවා. අද නොවෙයි අනාගතයේ මේ රටේ ජනතාවට භයානක විපාක විඳින්නසිදුවෙනවා.
රෝහණ විජේවීර 1971 ලබාදුන් මෙම කට උත්තරය මගින් මධ්‍ය කදුකරය අද මුහුණදි ඇති බරපතල ඛේදවාචකය පිලිබදව ඔහු මීට දශක පහකට පමණ පෙර කල්තියා දැක තිබුණ බව මනාව පැහැදිලිවේ.
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..