News Category
From Date
To Date
Maximum Number of Result

ආපදාවට හරි හැටි මුහුණ දෙන්නට නම්...

Nov 30, 2025 at 09:43 AM
|

සුනිල් කන්නන්ගර, කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති විසිනි..

රාජ්‍ය සේවයේ පුනරුදය ජාතික ආපදා කළමනාකරණයට එල්ල වූ අකුණු පහරක් බවට පත්ව ඇති සේ ය.

ජනාධිපති කමත්, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයත් මදි වී, තමන් පැරදුණු පළාත් පාලන ආයතනවලත් සභාපති කම ඩැහැගන්න නීතිය නවා වංගු ගසා උදම් ඇණූ ලොක්කන්ගේ පාලනයෙන් ආපදාව ගිලිහී ඇති බවට බරපතල විවේචන මතුවෙමින් තිබේ.

‘ළූණු බිකත් බඩටනෙ යන’ න්‍යායෙන් ගමේ මහජන ආරක්ෂක කමිටුවේ සිට දායක සභාව දක්වා සියල්ලේ බලයත් ඩැහැගන්න උගුල් ඇට වූ ලොක්කෝ මේසා බිහිසුණු ආපදාවක් හොම්බ ළඟට එද්දීත් සතියේ “එදා වේල ටුවර්ස්” මාතෘකා වලින් ත්‍රිල් එකක් ගත්තා මිස ආපදා කලමනාකරණ යාන්ත්‍රණයේ මළකඩ කඩා සක්‍රිය කිරීමට නිකමටවත් සිතුවේ නැති බව කනගාටුවෙන් යුතුව සටහන් කළ යුතු ය. කොටින්ම කිව්වොත් මේ මහා යාන්ත්‍රණය ඔවුන් හරිහැටි හඳුනාගෙනවත් තිබුණේ නැත.

අප සමග සමකාලීනව කටයුතු කළ, දැන් විශ්‍රාමික දක්ෂ දිසාපතිවරයෙකු ඊයේ හිමිදිරි පාන්දර මට දුරකතනයෙන් කතා කර කීවේ, “මේ වෙන දේ අහනකොට දුකට ඇඬෙනවා; කරන්න පුළුවන් දේවල් ගැන හිතෙනකොට කේන්තියෙන් පුපුරනවා” කියා ය.

අපේ රටේ ආපදා කලමනාකරණය ප්‍රායෝගිකව කරන්නේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම පාලනයේ නිරත රාජ්‍ය යන්ත්‍රණයයි. ඔය රාජ්‍ය යාන්ත්‍රණයේ ග්‍රාම පාලනය පටන් ගත්තේ මනුෂ්‍යයා ගල් ගුහාවේ පදිංචිය අතහැර බිමේ පැලක් අටවාගෙන ගොවිතැන් කරන්න පටන් ගත් දවසේ සිට ය. ඒ ග්‍රාම පාලනයම ව්‍යාප්ත වී ප්‍රාදේශීය පාලනයකුත්, ප්‍රාදේශීය පාලනය ව්‍යාප්ත වී දිසා පාලනයකුත්, එයත් ව්‍යාප්ත වී රජුන් බිහිවීමත්, රට එක්සත් කර මහ රජු බිහිවීමත් සිදුවුණේ ඔය ග්‍රාම පාලන ජානයේ ජවයෙනි. ග්‍රාම පාලනයේ ඉස්සර සිටි විදානෙලා, ආරච්චිලා, මුලාදෑනිලා, දුරයලා වෙනුවට දැන් ප්‍රමුඛව ඉන්නේ ග්‍රාම නිලධාරියා ය. ඊට ඉහළ ප්‍රාදේශීය පාලනයේ සිටි වන්නිවරු, රටේ මහත්වරු, මුදලිවරු, මනිඅගර්ලා, දිස්ත්‍රික් අධිකාරිවරු වෙනුවට දැන් ඉන්නේ ප්‍රාදේශීය ලේකම්ලා ය. දිසා පාලනයේ සිටි දිසාවෙලා, ආණ්ඩුවේ ඒජන්තලා වෙනුවට අද ඉන්නේ දිස්ත්‍රික් ලේකම්ලා ය.

 එදා මේ පාලන තන්ත්‍රය ක්‍රියා කළේ රටේ පාලකයාට ජවය සපයන බලවේගය ලෙසයි. රටේ ආහාර නිෂ්පාදනයක් මුළුමනින්ම භාරව තිබුණේ ඔය පාලන තන්ත්‍රයට ය. රජවරු වැව් හැදුවේ, යුද ආක්‍රමණවලට මුහුණ දුන්නේ, වෙහෙර විහාර හැදුවේ ඔය පාලන තන්ත්‍රය සංවිධානාත්මකව සැපයූ ශ්‍රමයෙනි. අවුරුද්දකට සති දෙකක් සෑම මිනිහෙක්ම ඉහත කාර්යයන් තුනට ගමෙන් පිට සේවයට කැඳවීමට තිබූ බලය මත මේ ශ්‍රම සම්පාදනය කෙරිණි. රට අල්ලාගත් සුද්දන් මේ පාලන ක්‍රමයේ වටිනාකම තේරුම් ගෙන රජ්ජුරුවන්ගේ දිසාවේ වෙනුවට ආණ්ඩුකාරයාගේ ඒජන්ත වරු නව දෙනෙක් පත්කර ගෙන මේ ප්‍රාදේශීය හා ග්‍රාම පාලනය රට පාලනයට භාවිතා කළෝ ය.

නිදහස ලැබුණු දා පටන් මේ පාලන තන්ත්‍රය දුර්වල කරන්න උපාය උපක්‍රම සැලසුම් කළා මිස කිසිම ආණ්ඩුවක් මේ පාලන තන්ත්‍රය ශක්තිමත් කිරීමේ වැදගත්කම ගැන හිතුවේ නැත. 2004 සුනාමියෙන් විනාශ වුණු වෙරළ තීරයේ ජන ජීවිතය නගා සිටුවන්නට දිසාපතිවරු පරණ ඩබල් කැබ්/කාර් කටු වල ඇවිත් මොන්ටෙරෝ, වී8, බෙන්ස්, අවුඩි වලින් කොඩි දාගෙන ආ ජාත්‍යන්තර සංවිධාන මෙහෙයවමින් දෙන අපූරු නායකත්වය දකුණේ දී දුටු පී. බී. ජයසුන්දර නම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කොළඹට ආ ගමන් කළේ නවීනතම මොන්ටෙරෝ ජීප් රථ විසිපහක් ගෙන්වා රටේ දිසාපතිවරුන්ට භාර දී ඔවුන්ගේ රාජකාරිය අගය කිරීමයි.

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඩබල් කැබ් රථ ද ගෙනැවිත් දුන් ජයසුන්දර කීවේ “රට පාලනය මේ අය කරාවි; අපි ඔවුන්ට පහසුකම් සපයමු” කියා ය. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කච්චේරි ගොඩනැගිලි අඩුපාඩු, වායුසමීකරණය කිරීම් ආදී පහසුකම් සියල්ල සඳහා ඔහු නෑ බැහැ කිව්වේ නැත. ඒ කාලේ ආපදාවක් එන ආරංචියට ආපදා අමාත්‍යංශයේ ලේකම්ටත් කලින් දිසාපතිට කතා කළේ ජයසුන්දර ය. ඔහු අසන්නේ කොච්චර සල්ලි ඕනෑද? කියා ය. ගාණ කිව්වේ නැතත් කෝටි පහක්වත් දිසාපතිගේ නිල ගිණුමට බැර විය. ඊළඟට ඔහු අසන්නේ වියදම් සීමා වැඩි කිරීමට ඕනෑ නම් වහාම කෙටි පණිවිඩයක් එවන ලෙස ය.

චක්‍රලේඛයේ කෙටුම්පත දුටු විට දිසාපතිවරු දෙතුන් දෙනෙකුට කතා කර ඒ ගණන් මිනුම් ඇතිදැයි විමසන ලෙස භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ද දෙයි. ලංකාවේම ග්‍රාම නිලධාරී කාර්යාල 14,022කටම ලී බඩු ගන්න මුදල් දුන්නේත් ඔහු ය. ඒ කාලයේ ස්වදේශ කටයුතු ඇමතිවරුන් වූ කරු ජයසූරිය, ජෝන් සෙනවිරත්න වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් මෙන්ම ඩී. දිසානායක, අබේකෝන් වැනි ලේකම්වරු ද දිස්ත්‍රික්, ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කරන්නට අපූරු සහයක් දුන්නෝය. ජනාධිපති ළඟ සිටි ලේකම් ලලිත් වීරතුංග හා අතිරේක ලේකම් ගාමිණී සෙනරත් දෙදෙනාට ඕනෑ වෙලාවක ඇමතීමට දිසාපතිවරුන්ට හැකිව තිබුණි. ඕනෑම අදහසක් ඔවුන්ගෙන් අයෙකු හරහා ජනාධිපතිට යොමු කළ හැකි වි ය. එදා පරිපාලන තීන්දු ගැනීමට දිසාපතිවරුන් සතුවූ ප්‍රධානම ශක්තිය එය විය.

ඉන්පසු යහපාලන ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ මෙහෙයුම රාජ්‍ය පාලන තන්ත්‍රයේ පරිපාලන තීන්දු තීරණවලට එරෙහිව අපරාධ නීතිය කෙලින්ම පාවිච්චි කිරීමේ සම්ප්‍රදායක් ආරම්භ කළේය.

එතෙක් ශ්‍රී ලාංකීය රාජ්‍ය තන්ත්‍රයේ රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීන්දු තීරණ ගැන පැමිණිල්ලක් ලැබුණහොත් හෝ විගණන විමසුමකින් පෙන්වා දුන්නොත් ආයතන සංග්‍රහය යටතේ මූලික විමර්ශනයක් පවත්වා අපරාධමය වරදක් පිළිබඳ සාක්ෂි ඇත්නම් පමණක් පොලිසියට පැමිණිලි කිරීම සිදු කෙරිණි. තමා භාරයේ ඇති රජයේ දේපළකට රාජ්‍ය නිලධාරියෙකුගේ නොසැලකිල්ලෙන් හානියක් වුණොත්, මුදල් රෙගුලාසි යටතේ පරීක්ෂණයක් කර ඒ පාඩුවේ වටිනාකම රජයේ ගාස්තු ද සමග අධිභාර කර ගැනීම සිදු විය. චේතනාන්විතවම වංචාවක්, හොරකමක් රාජ්‍ය දේපළට කර තිබුනොත් පමණක් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ පැමිණිල්ලක් මත පොලිස් පරීක්ෂණ ඇරඹෛණි. මේ ක්‍රමය ගැන රාජ්‍ය නිලධාරීන්ට කිසි ගැටලුවක් තිබුණේ නැත.

 යහපාලනයේ හොරු අල්ලන කමිටුව මේ විධිමත් ක්‍රමය නොසලකමින් ඒ කමිටුවට ලැබුණු පැමිණිලි කෙලින්ම පොලිසියේ වෙනම ඒකකයක් හදා ඊට යොමු කර විමර්ශනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. පොලිසියත් ඒ පැමිණිලි විමර්ශනය කර පොදු දේපළ පණත යටතේ රාජ්‍ය නිලධාරීන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කළෝය. එයට ප්‍රසිද්ධිය දුන්නේ හොරු ඇල්ලීම කියා ය. මේ යටතේ රාජ්‍ය ආයතන අධ්‍යක්ෂ මණ්ඩලවල නිල සාමාජිකයින්, අධ්‍යක්ෂ මණ්ඩල තීන්දු ලෙස ගත් තීන්දු නිසා රිමාන්ඩ් වෙනු දුටු රාජ්‍ය නිලධාරීන් කැලඹිණි. මීට එරෙහිව ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ ක්‍රමවේදය නැවතුණි.

 දැන් ඒ හොරු ඇල්ලූ කට්ටිය පසුගිය මුල් කාලයේම රටේ මහජනතාවගේ ඔලුවට දැම්මේ හොරු ඇල්ලීම, හොරකම් නතර කිරීම හා හොරකම් කළ දේ ආපසු ගැනීම යන ත්‍රිවිධ උපායෙන් රට ගොඩනගන බව ය. ඔවුන්ට අනුව ගමේ සිට කොළඹ දක්වා දේශපාලකයන් හොරු ය. ග්‍රාම නිලධාරී සිට ලේකම් දක්වා නිලධාරීන්ගෙන් ද වැඩි දෙනෙක් හොරු ය; ඇතමෙක් හොරකමට ඉඩ දී නිහඬව සිටින්නෝ ය. ඉන්පසු මේ මතය ජනතාව තුළට කාවද්දා බලය ගෙන, වගකිව යුතු බොහෝ තැන් උඩ සිටම තමන්ට හිතවත් අය ගෙන් පිරෙව්වේය.

තනතුරු දීමේ ප්‍රධාන නිර්ණායකය වුණේ තමන්ට හිතවත් වීම මිස දක්ෂතාව නොවේ. අදටත් පළාතක් පාලනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රිමාන්ඩ් එකෙන් තැප ස්වේච්ඡාවෙන් පූල් ගතව අත්සන් කරමින් මේ ඊයේ පෙරේදා වනතුරු සිටියේ අර්බුදකාරී අවස්ථාවක රට මුහුණ දුන් ප්‍රශ්නයක් ලිහන්නට රජයේ තීරණය මත අත්සන යෙදීමේ පාපයට ය.

ඊළඟට හොරු ඇල්ලීමට පටන් ගෙන මේ වන විට රාජ්‍ය මුදල් අවභාවිතයක් ගැන හිටපු ජනාධිපතිවරයාව මාංචු දමා ගෙන ගොස් රිමාන්ඩ් කිරීම දක්වා දුර ගොස් ඇත. තවත් හොරු අල්ලන ලොක්කෙක් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ කිව්වේ කැබිනට් තීන්දුවක් යැයි කියා බේරෙන්න බැරි බව දැන ගන්නා ලෙසට ය. හිටපු ජනාධිපතිවරයාව මාංචු පිටින් ගෙනිහින් රිමාන්ඩ් කරන්න පුළුවන් තරම් බලයක් සහිත රාජ්‍ය මුදල් පරිහරණය නම් වූ විෂය අරබයා ක්ෂණික තීරණ තම හිතුමතයට ගැනීමට නිලධාරීන් පැකිලෙන්නේ මක් නිසාදැයි තේරුම් ගත යුත්තේ ඔය පසුබිමත් සමඟ ය. කැබිනට් මණ්ඩලය ගත් තීන්දු ක්‍රියාත්මක කළත් බේරෙන්න බැරිනම් අපට කාගේ පිහිටදැයි නිලධාරීන් සිතා තීරණ ගැනීමට කල් මැරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට දොස් කිව හැකිද?

මේ ආපදාවේදී රාජ්‍ය සේවය නිශ්ක්‍රිය වී ඇතැයි කීම නිවැරදි නොවේ. ඔය දිස්ත්‍රික් පාලන, ප්‍රාදේශීය පාලන, ග්‍රාම පාලන යන්ත්‍රය දැනුත් වැඩ ය. එහෙත් මීට ජවය සපයන තීරණ ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම නැත. තමන් තනි වගකීම ගෙන රාජ්‍ය අරමුදල් වැයවෙන තීන්දු ගැනීමට ආපදා කළමනාකරණයේ යෙදී සිටින දිස්ත්‍රික් ප්‍රධානීන්ට දැන් නිදහසක් නැත්තේ තුන් බියක් නිසාය. ඒ දණ්ඩ නීති බිය, පොදු දේපළ බිය හා දූෂණ විරෝධී බිය යන තුන් බියයි. මේ තුන් බිය කඩාගෙන තීන්දු ගැනීමට අවශ්‍ය ආවරණයක් රාජ්‍ය නිලධාරීන්ට අද නැත. එදා දිසාපතිවරු පසුපස සිටි ජයසුන්දරලා, ලලිත් වීරතුංගලා, ගාමිණී සෙනරත්ලා අද නැත. ඒ අය නොසිටියත් ඒ භූමිකාවට පණ දෙන වෙනත් අය හෝ සිටිය යුතු ය. ඒ කිසිවක් හෝ කිසිවෙක් දැන් නැත. එදා තිබුණේ විගණන විමසුමට පිළිතුරු දීමට පමණි. විගණකාධිපතිතුමාගේ කාර්යභාරය දැන සිටි, ඊට ගරු කළ අපට රූල පනින්න ඕනෑ වුණොත් රූල පැන වැඩේ කර, ඊට හේතු සහිතව පූර්ණ වාර්තාවක් වහාම විගණකාධිපති තුමාට යැවීමේ හැකියාවක් තිබුණි.ඒ සඳහා අද අඩුම තරමින් විගණකාධිපති කෙනෙකු වත් නැත.

මේ කිසිවෙක් නැතත් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය මහජනයාට අත්‍යාවශ්‍ය වෙලාවක් මේ ආපදාව නිසා දැන් උදා වී ඇත. රාජ්‍ය සේවය අයිති මහජනතාවට ය. ඒ නිසා “එකා මෙන් මේ අවස්ථාවේ මහජනයා වෙත සේවය සලසන ලෙසත්, අවශ්‍ය තීන්දු තීරණ නොපැකිලව ගන්නා ලෙසත්” රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලමි. ඒ මත ඔබලාට හිරිහැර කරන්ට ආවොත් එදාට මහජනතාව ඔවුන්ට පිළිතුරු දෙනු ඇත. ආණ්ඩුවට ද දැන් වත් තමන්ගේ මනෝරාජික පාලන උපක්‍රම වැරදි බව තේරී මොළේ පෑදුනොත් තත්ත්වය මීට වඩා යහපත් වනු ඇත.

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.