News Category
From Date
To Date
Maximum Number of Result

ආපදාවට හරි හැටි මුහුණ දෙන්නට නම්...

Nov 30, 2025 at 09:43 AM
|

සුනිල් කන්නන්ගර, කොළඹ රත්නපුර අම්පාර හිටපු මහ දිසාපති විසිනි..

රාජ්‍ය සේවයේ පුනරුදය ජාතික ආපදා කළමනාකරණයට එල්ල වූ අකුණු පහරක් බවට පත්ව ඇති සේ ය.

ජනාධිපති කමත්, තුනෙන් දෙකේ පාර්ලිමේන්තු බලයත් මදි වී, තමන් පැරදුණු පළාත් පාලන ආයතනවලත් සභාපති කම ඩැහැගන්න නීතිය නවා වංගු ගසා උදම් ඇණූ ලොක්කන්ගේ පාලනයෙන් ආපදාව ගිලිහී ඇති බවට බරපතල විවේචන මතුවෙමින් තිබේ.

‘ළූණු බිකත් බඩටනෙ යන’ න්‍යායෙන් ගමේ මහජන ආරක්ෂක කමිටුවේ සිට දායක සභාව දක්වා සියල්ලේ බලයත් ඩැහැගන්න උගුල් ඇට වූ ලොක්කෝ මේසා බිහිසුණු ආපදාවක් හොම්බ ළඟට එද්දීත් සතියේ “එදා වේල ටුවර්ස්” මාතෘකා වලින් ත්‍රිල් එකක් ගත්තා මිස ආපදා කලමනාකරණ යාන්ත්‍රණයේ මළකඩ කඩා සක්‍රිය කිරීමට නිකමටවත් සිතුවේ නැති බව කනගාටුවෙන් යුතුව සටහන් කළ යුතු ය. කොටින්ම කිව්වොත් මේ මහා යාන්ත්‍රණය ඔවුන් හරිහැටි හඳුනාගෙනවත් තිබුණේ නැත.

අප සමග සමකාලීනව කටයුතු කළ, දැන් විශ්‍රාමික දක්ෂ දිසාපතිවරයෙකු ඊයේ හිමිදිරි පාන්දර මට දුරකතනයෙන් කතා කර කීවේ, “මේ වෙන දේ අහනකොට දුකට ඇඬෙනවා; කරන්න පුළුවන් දේවල් ගැන හිතෙනකොට කේන්තියෙන් පුපුරනවා” කියා ය.

අපේ රටේ ආපදා කලමනාකරණය ප්‍රායෝගිකව කරන්නේ දිස්ත්‍රික්, ප්‍රාදේශීය හා ග්‍රාම පාලනයේ නිරත රාජ්‍ය යන්ත්‍රණයයි. ඔය රාජ්‍ය යාන්ත්‍රණයේ ග්‍රාම පාලනය පටන් ගත්තේ මනුෂ්‍යයා ගල් ගුහාවේ පදිංචිය අතහැර බිමේ පැලක් අටවාගෙන ගොවිතැන් කරන්න පටන් ගත් දවසේ සිට ය. ඒ ග්‍රාම පාලනයම ව්‍යාප්ත වී ප්‍රාදේශීය පාලනයකුත්, ප්‍රාදේශීය පාලනය ව්‍යාප්ත වී දිසා පාලනයකුත්, එයත් ව්‍යාප්ත වී රජුන් බිහිවීමත්, රට එක්සත් කර මහ රජු බිහිවීමත් සිදුවුණේ ඔය ග්‍රාම පාලන ජානයේ ජවයෙනි. ග්‍රාම පාලනයේ ඉස්සර සිටි විදානෙලා, ආරච්චිලා, මුලාදෑනිලා, දුරයලා වෙනුවට දැන් ප්‍රමුඛව ඉන්නේ ග්‍රාම නිලධාරියා ය. ඊට ඉහළ ප්‍රාදේශීය පාලනයේ සිටි වන්නිවරු, රටේ මහත්වරු, මුදලිවරු, මනිඅගර්ලා, දිස්ත්‍රික් අධිකාරිවරු වෙනුවට දැන් ඉන්නේ ප්‍රාදේශීය ලේකම්ලා ය. දිසා පාලනයේ සිටි දිසාවෙලා, ආණ්ඩුවේ ඒජන්තලා වෙනුවට අද ඉන්නේ දිස්ත්‍රික් ලේකම්ලා ය.

 එදා මේ පාලන තන්ත්‍රය ක්‍රියා කළේ රටේ පාලකයාට ජවය සපයන බලවේගය ලෙසයි. රටේ ආහාර නිෂ්පාදනයක් මුළුමනින්ම භාරව තිබුණේ ඔය පාලන තන්ත්‍රයට ය. රජවරු වැව් හැදුවේ, යුද ආක්‍රමණවලට මුහුණ දුන්නේ, වෙහෙර විහාර හැදුවේ ඔය පාලන තන්ත්‍රය සංවිධානාත්මකව සැපයූ ශ්‍රමයෙනි. අවුරුද්දකට සති දෙකක් සෑම මිනිහෙක්ම ඉහත කාර්යයන් තුනට ගමෙන් පිට සේවයට කැඳවීමට තිබූ බලය මත මේ ශ්‍රම සම්පාදනය කෙරිණි. රට අල්ලාගත් සුද්දන් මේ පාලන ක්‍රමයේ වටිනාකම තේරුම් ගෙන රජ්ජුරුවන්ගේ දිසාවේ වෙනුවට ආණ්ඩුකාරයාගේ ඒජන්ත වරු නව දෙනෙක් පත්කර ගෙන මේ ප්‍රාදේශීය හා ග්‍රාම පාලනය රට පාලනයට භාවිතා කළෝ ය.

නිදහස ලැබුණු දා පටන් මේ පාලන තන්ත්‍රය දුර්වල කරන්න උපාය උපක්‍රම සැලසුම් කළා මිස කිසිම ආණ්ඩුවක් මේ පාලන තන්ත්‍රය ශක්තිමත් කිරීමේ වැදගත්කම ගැන හිතුවේ නැත. 2004 සුනාමියෙන් විනාශ වුණු වෙරළ තීරයේ ජන ජීවිතය නගා සිටුවන්නට දිසාපතිවරු පරණ ඩබල් කැබ්/කාර් කටු වල ඇවිත් මොන්ටෙරෝ, වී8, බෙන්ස්, අවුඩි වලින් කොඩි දාගෙන ආ ජාත්‍යන්තර සංවිධාන මෙහෙයවමින් දෙන අපූරු නායකත්වය දකුණේ දී දුටු පී. බී. ජයසුන්දර නම් මුදල් අමාත්‍යංශ ලේකම්වරයා කොළඹට ආ ගමන් කළේ නවීනතම මොන්ටෙරෝ ජීප් රථ විසිපහක් ගෙන්වා රටේ දිසාපතිවරුන්ට භාර දී ඔවුන්ගේ රාජකාරිය අගය කිරීමයි.

සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ඩබල් කැබ් රථ ද ගෙනැවිත් දුන් ජයසුන්දර කීවේ “රට පාලනය මේ අය කරාවි; අපි ඔවුන්ට පහසුකම් සපයමු” කියා ය. අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල කච්චේරි ගොඩනැගිලි අඩුපාඩු, වායුසමීකරණය කිරීම් ආදී පහසුකම් සියල්ල සඳහා ඔහු නෑ බැහැ කිව්වේ නැත. ඒ කාලේ ආපදාවක් එන ආරංචියට ආපදා අමාත්‍යංශයේ ලේකම්ටත් කලින් දිසාපතිට කතා කළේ ජයසුන්දර ය. ඔහු අසන්නේ කොච්චර සල්ලි ඕනෑද? කියා ය. ගාණ කිව්වේ නැතත් කෝටි පහක්වත් දිසාපතිගේ නිල ගිණුමට බැර විය. ඊළඟට ඔහු අසන්නේ වියදම් සීමා වැඩි කිරීමට ඕනෑ නම් වහාම කෙටි පණිවිඩයක් එවන ලෙස ය.

චක්‍රලේඛයේ කෙටුම්පත දුටු විට දිසාපතිවරු දෙතුන් දෙනෙකුට කතා කර ඒ ගණන් මිනුම් ඇතිදැයි විමසන ලෙස භාණ්ඩාගාරයේ නිලධාරීන්ට උපදෙස් ද දෙයි. ලංකාවේම ග්‍රාම නිලධාරී කාර්යාල 14,022කටම ලී බඩු ගන්න මුදල් දුන්නේත් ඔහු ය. ඒ කාලයේ ස්වදේශ කටයුතු ඇමතිවරුන් වූ කරු ජයසූරිය, ජෝන් සෙනවිරත්න වැනි ජ්‍යෙෂ්ඨ දේශපාලඥයන් මෙන්ම ඩී. දිසානායක, අබේකෝන් වැනි ලේකම්වරු ද දිස්ත්‍රික්, ප්‍රාදේශීය පාලනය ශක්තිමත් කරන්නට අපූරු සහයක් දුන්නෝය. ජනාධිපති ළඟ සිටි ලේකම් ලලිත් වීරතුංග හා අතිරේක ලේකම් ගාමිණී සෙනරත් දෙදෙනාට ඕනෑ වෙලාවක ඇමතීමට දිසාපතිවරුන්ට හැකිව තිබුණි. ඕනෑම අදහසක් ඔවුන්ගෙන් අයෙකු හරහා ජනාධිපතිට යොමු කළ හැකි වි ය. එදා පරිපාලන තීන්දු ගැනීමට දිසාපතිවරුන් සතුවූ ප්‍රධානම ශක්තිය එය විය.

ඉන්පසු යහපාලන ආණ්ඩුවේ හොරු ඇල්ලීමේ මෙහෙයුම රාජ්‍ය පාලන තන්ත්‍රයේ පරිපාලන තීන්දු තීරණවලට එරෙහිව අපරාධ නීතිය කෙලින්ම පාවිච්චි කිරීමේ සම්ප්‍රදායක් ආරම්භ කළේය.

එතෙක් ශ්‍රී ලාංකීය රාජ්‍ය තන්ත්‍රයේ රාජ්‍ය නිලධාරීන්ගේ වැරදි තීන්දු තීරණ ගැන පැමිණිල්ලක් ලැබුණහොත් හෝ විගණන විමසුමකින් පෙන්වා දුන්නොත් ආයතන සංග්‍රහය යටතේ මූලික විමර්ශනයක් පවත්වා අපරාධමය වරදක් පිළිබඳ සාක්ෂි ඇත්නම් පමණක් පොලිසියට පැමිණිලි කිරීම සිදු කෙරිණි. තමා භාරයේ ඇති රජයේ දේපළකට රාජ්‍ය නිලධාරියෙකුගේ නොසැලකිල්ලෙන් හානියක් වුණොත්, මුදල් රෙගුලාසි යටතේ පරීක්ෂණයක් කර ඒ පාඩුවේ වටිනාකම රජයේ ගාස්තු ද සමග අධිභාර කර ගැනීම සිදු විය. චේතනාන්විතවම වංචාවක්, හොරකමක් රාජ්‍ය දේපළට කර තිබුනොත් පමණක් දෙපාර්තමේන්තු ප්‍රධානියාගේ පැමිණිල්ලක් මත පොලිස් පරීක්ෂණ ඇරඹෛණි. මේ ක්‍රමය ගැන රාජ්‍ය නිලධාරීන්ට කිසි ගැටලුවක් තිබුණේ නැත.

 යහපාලනයේ හොරු අල්ලන කමිටුව මේ විධිමත් ක්‍රමය නොසලකමින් ඒ කමිටුවට ලැබුණු පැමිණිලි කෙලින්ම පොලිසියේ වෙනම ඒකකයක් හදා ඊට යොමු කර විමර්ශනය කිරීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නේය. පොලිසියත් ඒ පැමිණිලි විමර්ශනය කර පොදු දේපළ පණත යටතේ රාජ්‍ය නිලධාරීන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ් කළෝය. එයට ප්‍රසිද්ධිය දුන්නේ හොරු ඇල්ලීම කියා ය. මේ යටතේ රාජ්‍ය ආයතන අධ්‍යක්ෂ මණ්ඩලවල නිල සාමාජිකයින්, අධ්‍යක්ෂ මණ්ඩල තීන්දු ලෙස ගත් තීන්දු නිසා රිමාන්ඩ් වෙනු දුටු රාජ්‍ය නිලධාරීන් කැලඹිණි. මීට එරෙහිව ආණ්ඩුවට කරුණු ඉදිරිපත් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඒ ක්‍රමවේදය නැවතුණි.

 දැන් ඒ හොරු ඇල්ලූ කට්ටිය පසුගිය මුල් කාලයේම රටේ මහජනතාවගේ ඔලුවට දැම්මේ හොරු ඇල්ලීම, හොරකම් නතර කිරීම හා හොරකම් කළ දේ ආපසු ගැනීම යන ත්‍රිවිධ උපායෙන් රට ගොඩනගන බව ය. ඔවුන්ට අනුව ගමේ සිට කොළඹ දක්වා දේශපාලකයන් හොරු ය. ග්‍රාම නිලධාරී සිට ලේකම් දක්වා නිලධාරීන්ගෙන් ද වැඩි දෙනෙක් හොරු ය; ඇතමෙක් හොරකමට ඉඩ දී නිහඬව සිටින්නෝ ය. ඉන්පසු මේ මතය ජනතාව තුළට කාවද්දා බලය ගෙන, වගකිව යුතු බොහෝ තැන් උඩ සිටම තමන්ට හිතවත් අය ගෙන් පිරෙව්වේය.

තනතුරු දීමේ ප්‍රධාන නිර්ණායකය වුණේ තමන්ට හිතවත් වීම මිස දක්ෂතාව නොවේ. අදටත් පළාතක් පාලනය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් රිමාන්ඩ් එකෙන් තැප ස්වේච්ඡාවෙන් පූල් ගතව අත්සන් කරමින් මේ ඊයේ පෙරේදා වනතුරු සිටියේ අර්බුදකාරී අවස්ථාවක රට මුහුණ දුන් ප්‍රශ්නයක් ලිහන්නට රජයේ තීරණය මත අත්සන යෙදීමේ පාපයට ය.

ඊළඟට හොරු ඇල්ලීමට පටන් ගෙන මේ වන විට රාජ්‍ය මුදල් අවභාවිතයක් ගැන හිටපු ජනාධිපතිවරයාව මාංචු දමා ගෙන ගොස් රිමාන්ඩ් කිරීම දක්වා දුර ගොස් ඇත. තවත් හොරු අල්ලන ලොක්කෙක් රාජ්‍ය නිලධාරීන්ට ප්‍රසිද්ධියේ කිව්වේ කැබිනට් තීන්දුවක් යැයි කියා බේරෙන්න බැරි බව දැන ගන්නා ලෙසට ය. හිටපු ජනාධිපතිවරයාව මාංචු පිටින් ගෙනිහින් රිමාන්ඩ් කරන්න පුළුවන් තරම් බලයක් සහිත රාජ්‍ය මුදල් පරිහරණය නම් වූ විෂය අරබයා ක්ෂණික තීරණ තම හිතුමතයට ගැනීමට නිලධාරීන් පැකිලෙන්නේ මක් නිසාදැයි තේරුම් ගත යුත්තේ ඔය පසුබිමත් සමඟ ය. කැබිනට් මණ්ඩලය ගත් තීන්දු ක්‍රියාත්මක කළත් බේරෙන්න බැරිනම් අපට කාගේ පිහිටදැයි නිලධාරීන් සිතා තීරණ ගැනීමට කල් මැරීම ගැන රාජ්‍ය නිලධාරීන්ට දොස් කිව හැකිද?

මේ ආපදාවේදී රාජ්‍ය සේවය නිශ්ක්‍රිය වී ඇතැයි කීම නිවැරදි නොවේ. ඔය දිස්ත්‍රික් පාලන, ප්‍රාදේශීය පාලන, ග්‍රාම පාලන යන්ත්‍රය දැනුත් වැඩ ය. එහෙත් මීට ජවය සපයන තීරණ ගැනීමේ ක්‍රියාවලිය කාර්යක්ෂම නැත. තමන් තනි වගකීම ගෙන රාජ්‍ය අරමුදල් වැයවෙන තීන්දු ගැනීමට ආපදා කළමනාකරණයේ යෙදී සිටින දිස්ත්‍රික් ප්‍රධානීන්ට දැන් නිදහසක් නැත්තේ තුන් බියක් නිසාය. ඒ දණ්ඩ නීති බිය, පොදු දේපළ බිය හා දූෂණ විරෝධී බිය යන තුන් බියයි. මේ තුන් බිය කඩාගෙන තීන්දු ගැනීමට අවශ්‍ය ආවරණයක් රාජ්‍ය නිලධාරීන්ට අද නැත. එදා දිසාපතිවරු පසුපස සිටි ජයසුන්දරලා, ලලිත් වීරතුංගලා, ගාමිණී සෙනරත්ලා අද නැත. ඒ අය නොසිටියත් ඒ භූමිකාවට පණ දෙන වෙනත් අය හෝ සිටිය යුතු ය. ඒ කිසිවක් හෝ කිසිවෙක් දැන් නැත. එදා තිබුණේ විගණන විමසුමට පිළිතුරු දීමට පමණි. විගණකාධිපතිතුමාගේ කාර්යභාරය දැන සිටි, ඊට ගරු කළ අපට රූල පනින්න ඕනෑ වුණොත් රූල පැන වැඩේ කර, ඊට හේතු සහිතව පූර්ණ වාර්තාවක් වහාම විගණකාධිපති තුමාට යැවීමේ හැකියාවක් තිබුණි.ඒ සඳහා අද අඩුම තරමින් විගණකාධිපති කෙනෙකු වත් නැත.

මේ කිසිවෙක් නැතත් රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය මහජනයාට අත්‍යාවශ්‍ය වෙලාවක් මේ ආපදාව නිසා දැන් උදා වී ඇත. රාජ්‍ය සේවය අයිති මහජනතාවට ය. ඒ නිසා “එකා මෙන් මේ අවස්ථාවේ මහජනයා වෙත සේවය සලසන ලෙසත්, අවශ්‍ය තීන්දු තීරණ නොපැකිලව ගන්නා ලෙසත්” රාජ්‍ය නිලධාරීන්ගෙන් ඉල්ලමි. ඒ මත ඔබලාට හිරිහැර කරන්ට ආවොත් එදාට මහජනතාව ඔවුන්ට පිළිතුරු දෙනු ඇත. ආණ්ඩුවට ද දැන් වත් තමන්ගේ මනෝරාජික පාලන උපක්‍රම වැරදි බව තේරී මොළේ පෑදුනොත් තත්ත්වය මීට වඩා යහපත් වනු ඇත.

(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.