News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රි ලංකාවේ පර්යේෂණ සහ නවෝත්පාදන සංස්කෘතියේ පරිවර්තනයක් : ජනතාවගේ යහපත උදෙසා පර්යේෂණ යොදා ගනිමු

Nov 22, 2025 at 05:57 AM
|

ගෙවී ගිය මාස 7-8 තුළ මෙරට තුන් වන මැතිවරණය ද අවසන් ව ඇත. පශ්චාද් මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉතා ම අවම වීම මෙම මැතිවරණවල දුටු විශේෂ ලක්ෂණයකි. විද්‍යා සහ තාක්ෂණ ඇමතිවරයකු ද ඇතුළත් නව ඇමති මණ්ඩලයක් ද දිවුරුම් දී ඇති අතර, නව පාර්ලිමේන්තුව ද සිය කටයුතු ආරම්භ කර ඇත. අලුත් ප්‍රදේශීය පාලනය ද පිහිටුවමින් තිබේ. කෙසේ වෙතත් පැරණි ක්‍රමයට නව දේශපාලනය පැවතිය නො හැකි අතර, සාධනීය දිශානතියක් වෙත ගමන් කළ යුතු වේ.

දස වැනි පාර්ලිමේන්තු සභාවේ මූලික සැසිවාරය ආරම්භයේ දී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රටේ සංවර්ධනය සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රය සම්බන්ධ ව පහත ප්‍රකාශය කළේ ය. “අපගේ ආර්ථිකය ගෝචර වෙනසකට ලක් කළ හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ‘විද්‍යා සහ තාක්ෂණය’ බව අපි විශ්වාස කරමු. ලෝකයේ සංවර්ධිත රටවල් නිරීක්ෂණය කළ හොත් ඔවුන් සිය වාර්ෂික වියදමේ ඉහළ ප්‍රතිශතයක් පර්යේෂණ සඳහා වැය කරයි”.

“අපේ අරමුණ විද්‍යා-පර්යේෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ඉදිරි පියවරක් තැබීමයි. එබැවින් අපි විශේෂ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයක් ස්ථාපිත කර, රාගම වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා වැනි පුළුල් අත්දැකීම් ඇති පුද්ගලයකු ඊට පත් කළෙමු. එසේ ම, ඇමරිකාවේ විශාල පර්යේෂණ කටයුතු කර, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දුන් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ජනාධිපති විද්‍යා හා තාක්ෂණ උපදේශකයා ලෙස පත්කර ඇත” යනුවෙන් ද ඔහු සඳහන් කළේ ය.

නව දේශපාලන සංස්කෘතියක් සහ විද්‍යා-පර්යේෂණයේ වැදගත්කම

ජනාධිපතිවරයා ප්‍රමුඛ අලුත් ආණ්ඩුවට ලැබුණු තුනෙන්-දෙකේ බලය සනිටුහන් කරන්නේ නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයි. මේ සවිමත් ජනමතයෙන් දෙන පණිවිඩය වලංගු වන්නේ නීති විරෝධි ක්‍රියාවලට ප්‍රතිපක්ෂ ව පමණක් නො ව, රජයේ නිලධාරින්, විද්‍යාඥයන්, මහාචාර්යවරුන් සහ පර්යේෂකයන් සඳහා ද එමගින් ප්‍රබල පණිවිඩයක් යොමු වේ.

විශේෂයෙන්, පර්යේෂණ ආයතනවල ඉහළ තනතුරු පෞද්ගලික අරමුණු සපුරාලීම සඳහා පමණක් භාවිත කළ නො හැකි ය. එසේ ම, “ප්‍රකාශන පළ නො කළ හොත් විනාශ වෙයි” (publish or peris) යන පැරණි කියමන ද දැන් වලංගු නැත. නව සූත්‍රය, “සංස්කෘතික පරිවර්තනය – ජනතාවගේ යහපත සඳහා පර්යේෂණය” ලෙස සැලකිය යුතු ය. මෙරට ජාතික මට්ටමින්ල ප්‍රතිපත්තිමය වශයෙන් පර්යේෂණ සංකල්ප බලපෑම් කළ යුතු ව ඇති සේ මල ප්‍රදේශීය සභා පිහිටුවීම තුළ පර්යේෂණ සංකල්ප බිම් මට්ටමට ම ගෙන යා යුතු ව තිබේ.

පර්යේෂණ සහ සංවර්ධනය, නවෝත්පාදන සහ තාක්ෂණ පරිවර්තනය

සංවර්ධිත රටවල, ආර්ථික වර්ධනයේ මූලික හේතුව වන්නේ නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය වේ. ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල, ඉගෙනුම පමණක් කරන මධ්‍යස්ථාන නො වී, නව සොයා ගැනීම් කරන පර්යේෂණ මධ්‍යස්ථාන බවට පත් වී ඇත්තේ මෙනිසා ය

උපායමාර්ගයක් යනු කුමක් ද?

මගේ විශ්වාසය අනුව, උපායමාර්ගයක් යනු ගතික ලෝකයක පැන නගින අවස්ථා හොඳින් ග්‍රහණය කර ගැනීමයි, මන්ද විද්‍යාත්මක අවස්ථා සැම විට ම පුරෝකථනය කළ නො හැකි බැවිනි. එබැවින්, ශක්තිමත් විභවයක් සහිත නව අදහස්වලට ප්‍රතිචාර දැක්වීමේ නම්‍යශීලීභාවය, සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස, ‘කොවිඩ්-19’ වසංගතය ලොව පුරා පර්යේෂණ සඳහා ‘පෙර නො වූ විරූ අවස්ථා(unprecedented window) නිර්මාණය කළේ ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ස්ථාවර කිරීමට, ජාතික ආරක්ෂාව සහතික කිරීමට සහ උපායමාර්ගික ව වැදගත් ක්ෂේත්‍රවල, ‘තිරසර සංවර්ධනය’ සඳහා නව්‍ය පර්යේෂණ සහ සංවර්ධන දායකත්වයන් අත්‍යවශ්‍ය වේ. එබැවින්, “පර්යේෂණ ජනතාවගේ යහපත උදෙසා යොදා ගැනීම” නම් වූ මනෝභාවය මෙරට ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු ය.

“සංස්කෘතික පරිවර්තනයක්” – එයින් අදහස් කරන්නේ කුමක් ද?

ඕනෑ ම සංස්කෘතික හුවමාරුවකට චින්තනයේ, හැඟීම්වල සහ හැසිරීම්වල වෙනසක් අවශ්‍ය වේ; සංජානන න්‍යායයට(cognitive theory) අනුව, සිතුවිලි ඕනෑ ම හැඟීමක් හෝ හැසිරීමකට කේන්ද්‍රිය වේ. මිනිසුන් සිතන ආකාරය, ඔවුන්ට හැගෙන සහ හැසිරෙන ආකාරය තීරණය කරයි. එබැවින්, චින්තනයේ හෝ හැසිරීමේ ඕනෑ ම වෙනස් කිරීමක් වීමට චින්තනයේ සැලකිය යුතු අංගයක් වන ‘ආකල්ප‘ වෙනස් විය යුතු ය.

සාර්ථකත්වය යනු කුමක් ද?

අවසානයේ දී, පුද්ගලයන් වශයෙන් හෝ සමාජයක් වශයෙන් අප සැමට අවශ්‍ය වන්නේ සාර්ථකත්වයයි. ‘සාර්ථකත්වය‘ ගමනාන්තයක් නො ව සමස්ත ගමන ම බව තේරුම් ගැනීම ද ඉතා වැදගත් වේ, එහෙත් ඔබ සාර්ථකත්වය නිර්වචනය8 කරන්නේ කෙසේ ද?

‘සාර්ථකත්වය‘ යන්නෙහි නිර්වචනය තීරණය වන්නේ, ‘සාර්ථකත්වය‘ කෙරෙහි කෙනෙකුගේ ආකල්පය අනුව ය. එයින් අදහස් කරන්නේ පුද්ගලික සාර්ථකත්වය හෝ තමන්ගේ ම ප්‍රතිලාභ සඳහා ද්‍රව්‍යමය වාසි ද නැත හොත් එය කෙනෙකුගේ උත්සාහයෙන් පැන නගින මහජන යහපත ද යන්න ද? එබැවින්, ප්‍රතිඵලයක් ලෙස ලැබෙන දැක්ම, උපාය මාර්ගය, අවධානය යොමු කිරීම යන සියල්ල බොහෝ දුරට රඳා පවතින්නේ සාර්ථකත්වය කෙරෙහි දක්වන ආකල්පය මත වන අතර එය ගාමක බලවේගයයි. එහෙත් එම සාර්ථකත්වය අත්‍යවශ්‍යයෙන් ම ‘තමාගෙන් ඔබ්බට’ විය යුතු ය. යමෙකු තම ආකල්පය වැරදියට තේරුම් ගන්නේ නම්, එය විනාශකාරී එකක් විය හැකි ය. මෙය තේරුම් ගත හැකි හොඳ ම උදාහරණයක් ලෙස, අපේ රටේ පැවති එල්ටීටීඊ බෙදුම්වාදී යුද්ධය පෙන්වා දිය හැකි ය.

පර්යේෂණයේ සාර්ථකත්වය

පර්යේෂකයකුට හෝ ඔහු අනුබද්ධිත ආයතනයකට සාඩම්බර ඉතිහාසයක් තිබිය හැකි ය; තව ද අති නවීන පර්යේෂණ සඳහා කීර්තියක් ඇති, අනාගත පර්යේෂණ නායකයන් බිහි කරන ආයතනයක් විය හැකි ය. එහෙත් සාමාන්‍ය පුරවැසියකුට ඉන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද යන්න විමසා බැලිය යුතු ය. මේ ඒ ගැන මෙනෙහි කිරීමට කාලයයි.

පර්යේෂණ කාගේ ප්‍රයෝජනය සඳහා ද?

පර්යේෂකයකුට පර්යේෂණවලින් උපාධියක්, රැකියාවක්, වඩා හොඳ ජීවිතයක්, උසස් වීමක්, හොඳ විවාහයක්, පේටන්ට් බලපත්‍රයක්, සහ අධ්‍යයන චාරිකා ඔස්සේ ලෝකය දැකීමට අවස්ථාවක් උදා විය හැකි ය. එහෙත් අපෙන් ඔබ්බට මහජන යහපත උදෙසා ලබා දිය හැකි දේ කුමක් ද?

අපෙන් ඔබ්බට ඇති දේ පිළිබඳ බැරෑරුම් ව සිතීම හදිසි අවශ්‍යතාවකි; සංස්කෘතික හුවමාරුව යන්න එයයි. පර්යේෂණයේ ප්‍රතිලාභ සහ බලපෑම දෙස බලන ආකාරයෙහි සුසමාදර්ශී වෙනසක් අවැසි ය. සරල ව කිව හොත්, පර්යේෂණවල ‘බලපෑම’ යනු ජනතාවගේ ජීවිතවලට වෙනසක් ඇති කිරීමයි.

පර්යේෂණවල ප්‍රතිලාභ අපෙන් ඔබ්බට විය යුත්තේ ඇයි? අපි නිදහස් රාජ්‍ය අධ්‍යාපනය ලැබූවෝ වෙමු, පර්යේෂණ සඳහා මහජන දැනුම මෙන් ම අරමුදල් භාවිත කරන්නෙමු. එබැවින්, අපෙන් ඔබ්බට සිතීමට අපට සදාචාරාත්මක බැඳීමක් සහ විශ්වසනීයත්වයක් තිබේ. විනිවිදභාවයෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුත්තේ දේශපාලනඥයන් පමණක් නො වේ. ශාස්ත්‍රාලිකයන් වන අප ද මහජනතාවට වගකිව යුතු ය. මෙය ශාස්ත්‍රිය ප්‍රජාව විසින් ප්‍රමාණවත් ලෙස හඳුනා නො ගත් කැපී පෙනෙන ලක්ෂණයකි. මේ පර්යේෂණ සංස්කෘතික වෙනසක් කරා යන ගමනේ දී, ආචාරධර්ම සහ ආකල්ප ඉතා වැදගත් ය. නරක ආකල්ප හුළං නැති ටයරයක් සේ ය. ටයරය මාරු නො කර වාහනයට ඉදිරියට යා නො හැකි ය. ඒ නිසා ආකල්ප වෙනස සෑම දෙයකට ම කේන්ද්‍රය වෙයි.

මෙහි දී අපි දැඩි ව මතක තබා ගත යුතු වන්නේ ‘සම්මතයට අභියෝග’ කිරීම මෙන් ම ‘වෙනස් වීමට’ ලක් වීමට සමාජය දැඩි ප්‍රතිරෝධයක් දක්වනවා සේ ම එය නොයෙක් බාධකවලට මුහුණ දීමට සිදු වන ක්‍රියාවක් බව ය.

ආකල්පමය වෙනසක් වීමට නම්, අභ්‍යන්තරමය වශයෙන් පරිවර්තනයක් සිදු විය යුතු ය; එවැනි අභ්‍යන්තර වෙනසක් බාහිර වෙනසකට හේතු වනු ඇත; එය සහජීවන ක්‍රියාවලියකි. එබැවින් මෙම පර්යේෂණ සංස්කෘතියේ වෙනස, ‘ජනතාවගේ යහපත සඳහා පර්යේෂණ කිරීම’ බැවින්, එම පරිවර්තනයේ නියෝජිතයන් ද විද්‍යාඥයන් සහ පර්යේෂකයන් ම විය යුතු ය. අපට ආදර්ශවත්, අව්‍යාජ සහ කැප වීම ඇති අනාගත පර්යේෂණ නායකයන් අවශ්‍ය වේ. එවැනි නායකත්ව ගුණාංග බොහෝ සෙයින් වැදගත් ගනු ඇත. එබැවින් පවතින වර්තමාන සන්දර්භය තුළ, වර්තමාන විද්‍යාඥයන්ගේ ආකල්පවල බරපතළ සංවර්ධනයක් අවශ්‍ය වේ.

එසේ කිරීමේ දී, ‘දැක්මක් නොමැති ක්‍රියාවක් වෙහෙසකර’ බවත් (An action without a vision is drudgery) ‘ක්‍රියාවක් නොමැති දැක්මක් යනු සිහින දැකීමක් පමණක්’ (Vision without a action is only dreaming)බවත් අප වටහා ගත යුතු ය. කිසි දා සිහින පමණක් නො දකින්න, මන්ද ඒවා පහසුවෙන් අමතක වී යා හැකි බැවිනි; අපට ඉලක්ක තිබිය යුතු ය. එබැවින් නිවැරදි දැක්මක් සහිත ක්‍රියාකාරීත්වයක් සමගින් අද්විතීය වෙනසකට යා හැකි ය.

මේ ලිපියෙහි ප්‍රධාන ලෙස ම කතා කරන ‘ජනතාවගේ ප්‍රතිලාභ උදෙසා වන පර්යේෂණ සංස්කෘතියක් සඳහා වන සංකල්පීය පරිවර්තනයක’ දී තිරසාර වෙනස්කම් ඇති කිරීම සඳහා හොඳ කණ්ඩායම් (Good teams) සහ ආචාරධර්ම(Ethics) අත්‍යවශ්‍ය බව විශේෂයෙන් මතකයේ තබා ගත යුතු ය. එවැනි කණ්ඩායම්වල අපට දූරදර්ශී, න්‍යායාචාර්යවරුන් පමණක් නො ව, ප්‍රායෝගිකවාදීන් සහ ක්‍රියාකාරීන් ද අවශ්‍ය වේ; මෙම සියලු ගුණාංග එක් පුද්ගලයකු තුළ පිහිටීම දුර්ලභ ය. කෙසේ වෙතත්, කණ්ඩායමක, නිවැරදි නායකයකු, කළමනාකරුවකුට හෝ බොස් කෙනකුට වඩා වෙනස් ය. නායකයින් අනාගතය කළමනාකරණය කරන අතර කළමනාකරුවන් එදිනෙදා ‘අවුල්‘ කළමනාකරණය කරයි.

කෙසේ වෙතත්, ‘බොස්’ කළමනාකරුවකුට වඩා වෙනස් ය. සැබෑ නායකයකු හොඳ පුහුණුකරුවෙකි; උපදේශකයෙකි; කණ්ඩායම් සාමාජිකයින් අතර උද්යෝගය ජනනය කරයි; සාමාජිකයන්ගේ සංවර්ධනය ගැන හිතයි; කණ්ඩායම් සාමාජිකයින් එකට බැඳ තබා ගනියි; පරාජයන් තමන් බාර ගන්නා අතර, ජයග්‍රහණ අභිමානය කණ්ඩායම් සාමාජිකයන්ට ලබා දේ.

‘විද්‍යාවේ කලාව’ විද්‍යාවට වඩා බෙහෙවින් වෙනස් ය. බොහෝ විද්‍යාඥයින් ඔවුන්ගේ විද්‍යාවට ඉතා දක්ෂ ය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකුට නොමැති දෙය නම් විද්‍යාවේ කලාවයි. එනම් මහජන යහපත සඳහා ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ට ඒවා සන්නිවේදනය කිරීමෙන් සහ ඒවා නිෂ්පාදන සහ සේවා බවට පරිවර්තනය කිරීමෙන් විද්‍යාත්මක ප්‍රතිලාභ ලබා දීමේ කලාවේ දුර්වලතාවක් දැක්වීමයි.

ගැටලුව විස්තර කරන පර්යේෂණ (descriptive research) ඕනෑ තරම් තිබෙන නමුත් ගැටලුව නිවැරදි කිරීම සඳහා මැදිහත් වීමේ පර්යේෂණ නොමැති තරම් ය. අපේ රටේ උතුරුමැද පළාත මූලික කර ගෙන පැවති වකුගඩු රෝගය (CKDU) පිළිබඳ ව විස්තරාත්මක පර්යේෂණ කොතෙක් ඇතත්, විසඳුමක් නැති ව ම මිනිස්සු වකුගඩු අකර්මණ්‍ය වීමෙන් පීඩා විඳ අවසානයේ මිය යති. එසේ ම අපේ රටේ මිනිසුන් සහ වන අලි ගැටුම් පිළිබඳ පර්යේෂණ රාශියක් ඇතත්, අලි ඇතුන්ගේ ප්‍රහාරවලින් මිනිස්සු දිගට ම මිය යති. වගා බිම්වලට හානි කරන වඳුරන්, රිලවුන්, දඩුලේනන් වැනි සතුන්ගේ අර්බුදය සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ මෙය ම ය.

පර්යේෂණ සංස්කෘතියේ වෙනසක් අවශ්‍ය වන්නේ එබැවිනි – ජනතාවගේ ඵල-ප්‍රයෝජනය තකා පර්යේෂණ බලපෑම් සමාජගත විය යුතු ය. එහෙත් එය කළ යුත්තේ කොහොම ද?

නව රජයට විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයක් ඇත. කෙසේ වෙතත්, එය අමාත්‍යවරයාගේ, අමාත්‍යාංශ නිලධාරීන්ගේ, විද්‍යාඥයාගේ සහ දුරදක්නා පර්යේෂණ නායකයින්ගේ යුතුකම පමණක් ද? නැත, එහි දී මහජනතාවටත් සමාන යුතුකමක් සහ වගකීමක් තිබේ. මා එසේ පවසන්නේ ඇයි?

ප්‍රතිලාභ නිෂ්ක්‍රිය ව ලබන්නන් ලෙස අපේක්ෂා නො කළ යුතු බැවින් මහජනතාවට ද සමාන වගකීමක් ඇත. එහෙත් ‘පර්යේෂණය’ යන වචනය පිළිබඳ ව පොදු ජනතාවට කිසියම් අවබෝධයක් තිබේ ද? යනුවෙන් කිසිවකුට තර්ක කළ හැකි ය.

රෝගීන් සහ මහජන සහභාගිත්වය සහ දායකත්වය (Patient and public Involvement and Engagement – PPIE)හෝ වෛද්‍ය පර්යේෂණ සඳහා ප්‍රජා සහභාගිත්වය, බටහිර රටවල ස්ථාපිත වී ඇති සංකල්පයකි. එය දැන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල (LMIC) සෞඛ්‍ය පර්යේෂණයේ මූලික අංගයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මහජනතාව බොහෝ විට අධ්‍යයන කටයුතු සඳහා ප්‍රමුඛත්වය දෙන මාතෘකා, ශාස්ත්‍රඥයින් සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ හිතළුවලට වඩා වෙනස් බවට අතිමහත් පර්යේෂණ සාක්ෂි තිබේ. පර්යේෂණවල ගුණාත්මකභාවය සහ යෝග්‍යතාව වැඩි දියුණු වන බවත් අධ්‍යයන සඳහා මහජනතාව සම්බන්ධ වී පර්යේෂණවල නියැළී සිටින විට සොයා ගැනීම් ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු වන බවත් පර්යේෂණ සාක්ෂි මගින් පෙන්නුම් කෙරේ.

එය පර්යේෂකයින්, වෘත්තිකයන් සහ මහජනතාව අතර පර්යේෂණ ප්‍රමුඛතාකරණය, සැලසුම් කිරීම සහ ලබා දීම සඳහා ක්‍රියාකාරි හවුල්කාරිත්වයේ ක්‍රියාවලියකි. එය අර්ථ දක්වා ඇත්තේ “මහජනතාවගේ සාමාජිකයන් ‘ඔවුන්ට‘, ‘ගැන‘ හෝ ‘සඳහා‘ නො ව ‘සමඟ‘ හෝ ‘ඔවුන් විසින්‘ කරනු ලබන පර්යේෂණ” ලෙසිනි.

පවතින පර්යේෂණ සංස්කෘතිය වෙනස් කිරීම සඳහා යමෙකු බැරෑරුම් ලෙස හිතන්නේ නම් ඉහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය අංගයකි. ජාත්‍යන්තර දර්ශකවලට අනුව, ලෝකයේ ඉහළ ම තලයේ පර්යේෂකයන් අප සතු ව සිටින අතර, එහි කිසි දෙගිඩියාවක් නොමැත. එහෙත් දේශය පුරා විහිදුනු පර්යේෂණයක් නොමැති බව අවධාරණය කළ යුතු ව ඇත.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ පර්යේෂකයකුට හුදෙකලාව වැඩ කළ නො හැකි බවයි. එය අන්‍යොන්‍ය ගෞරවය සහ යහපත මෙන් ම විශ්වාසය පෙරදැරි කර ගත් කණ්ඩායම් ක්‍රියාකාරිත්වයක් විය යුතු බවයි. එහෙත් බොහෝ පර්යේෂකයන් එසේ කටයුතු නොකිරීමට එක හේතුවක් ලෙස දක්වන්නේ පර්යේෂණ හා අදහස් සොරා ගැනීම(plagiarism) ලෙස හඳුන්වන බුද්ධිමය දේපළ සොරා ගැනීමයි. පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම යනු කිසි විටෙකත් සොරකමට එරෙහි ව එක ම ආරක්ෂාව නො වනු ඇත. නිහඬ යහපත් බහුතරය දැනුම්වත් කර බල ගැන්විය යුතු ය. මහජන සහභාගිත්වය සහ මැදිහත් වීම සහිත එවැනි සාමූහික උත්සාහයක් සංස්කෘතික මාරුවට මග පාදනු ඇත. ‘ජනතාවගේ යහපත සඳහා පර්යේෂණ’ යනු දැන් සුළුතරයක සටන් පාඨයකි. එහෙත් එය බහුතරයකගේ සඨන් පාඨයක් බවට පත් කළ හැකි ය.

ශ්‍රී ලංකාව ආසියාවේ ධාන්‍යාගාරය බවට පත් කිරීමට පමණක් නො ව, ආසියාවේ බුද්ධි භාණ්ඩාගාරය/ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට ද සාමූහික ව කටයුතු කරමු.

මහාචාර්ය අතුල සුමතිපාල

අධ්‍යක්ෂ

සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය

සම්බන්ධිත පුවත් | Related News

පුනරුප්පත්තිය යනු හුදෙක් ආගමික විශ්වාසයක් පමණක් නොව, විද්‍යාත්මක පදනමකින් අධ්‍යයනය කළ හැකි යථාර්ථයක් බව බටහිර විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණ රැසකින් තහවුරු වී තිබේ.
දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.

ප්‍රධාන පුවත්

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.