News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රි ලංකාවේ පර්යේෂණ සහ නවෝත්පාදන සංස්කෘතියේ පරිවර්තනයක් : ජනතාවගේ යහපත උදෙසා පර්යේෂණ යොදා ගනිමු

Nov 22, 2025 at 05:57 AM
|

ගෙවී ගිය මාස 7-8 තුළ මෙරට තුන් වන මැතිවරණය ද අවසන් ව ඇත. පශ්චාද් මැතිවරණ ප්‍රචණ්ඩත්වය ඉතා ම අවම වීම මෙම මැතිවරණවල දුටු විශේෂ ලක්ෂණයකි. විද්‍යා සහ තාක්ෂණ ඇමතිවරයකු ද ඇතුළත් නව ඇමති මණ්ඩලයක් ද දිවුරුම් දී ඇති අතර, නව පාර්ලිමේන්තුව ද සිය කටයුතු ආරම්භ කර ඇත. අලුත් ප්‍රදේශීය පාලනය ද පිහිටුවමින් තිබේ. කෙසේ වෙතත් පැරණි ක්‍රමයට නව දේශපාලනය පැවතිය නො හැකි අතර, සාධනීය දිශානතියක් වෙත ගමන් කළ යුතු වේ.

දස වැනි පාර්ලිමේන්තු සභාවේ මූලික සැසිවාරය ආරම්භයේ දී, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, රටේ සංවර්ධනය සඳහා විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ ක්ෂේත්‍රය සම්බන්ධ ව පහත ප්‍රකාශය කළේ ය. “අපගේ ආර්ථිකය ගෝචර වෙනසකට ලක් කළ හැකි ප්‍රධාන ක්ෂේත්‍රය ‘විද්‍යා සහ තාක්ෂණය’ බව අපි විශ්වාස කරමු. ලෝකයේ සංවර්ධිත රටවල් නිරීක්ෂණය කළ හොත් ඔවුන් සිය වාර්ෂික වියදමේ ඉහළ ප්‍රතිශතයක් පර්යේෂණ සඳහා වැය කරයි”.

“අපේ අරමුණ විද්‍යා-පර්යේෂණ ක්ෂේත්‍රයේ දැවැන්ත ඉදිරි පියවරක් තැබීමයි. එබැවින් අපි විශේෂ විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයක් ස්ථාපිත කර, රාගම වෛද්‍ය පීඨයේ හිටපු මහාචාර්ය ක්‍රිශාන්ත අබේසේන මහතා වැනි පුළුල් අත්දැකීම් ඇති පුද්ගලයකු ඊට පත් කළෙමු. එසේ ම, ඇමරිකාවේ විශාල පර්යේෂණ කටයුතු කර, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා දුන් මහාචාර්ය ගෝමික උඩුගමසූරිය මහතා ජනාධිපති විද්‍යා හා තාක්ෂණ උපදේශකයා ලෙස පත්කර ඇත” යනුවෙන් ද ඔහු සඳහන් කළේ ය.

නව දේශපාලන සංස්කෘතියක් සහ විද්‍යා-පර්යේෂණයේ වැදගත්කම

ජනාධිපතිවරයා ප්‍රමුඛ අලුත් ආණ්ඩුවට ලැබුණු තුනෙන්-දෙකේ බලය සනිටුහන් කරන්නේ නව දේශපාලන සංස්කෘතියක අවශ්‍යතාවයි. මේ සවිමත් ජනමතයෙන් දෙන පණිවිඩය වලංගු වන්නේ නීති විරෝධි ක්‍රියාවලට ප්‍රතිපක්ෂ ව පමණක් නො ව, රජයේ නිලධාරින්, විද්‍යාඥයන්, මහාචාර්යවරුන් සහ පර්යේෂකයන් සඳහා ද එමගින් ප්‍රබල පණිවිඩයක් යොමු වේ.

විශේෂයෙන්, පර්යේෂණ ආයතනවල ඉහළ තනතුරු පෞද්ගලික අරමුණු සපුරාලීම සඳහා පමණක් භාවිත කළ නො හැකි ය. එසේ ම, “ප්‍රකාශන පළ නො කළ හොත් විනාශ වෙයි” (publish or peris) යන පැරණි කියමන ද දැන් වලංගු නැත. නව සූත්‍රය, “සංස්කෘතික පරිවර්තනය – ජනතාවගේ යහපත සඳහා පර්යේෂණය” ලෙස සැලකිය යුතු ය. මෙරට ජාතික මට්ටමින්ල ප්‍රතිපත්තිමය වශයෙන් පර්යේෂණ සංකල්ප බලපෑම් කළ යුතු ව ඇති සේ මල ප්‍රදේශීය සභා පිහිටුවීම තුළ පර්යේෂණ සංකල්ප බිම් මට්ටමට ම ගෙන යා යුතු ව තිබේ.

පර්යේෂණ සහ සංවර්ධනය, නවෝත්පාදන සහ තාක්ෂණ පරිවර්තනය

සංවර්ධිත රටවල, ආර්ථික වර්ධනයේ මූලික හේතුව වන්නේ නවෝත්පාදන, පර්යේෂණ සහ සංවර්ධනය වේ. ලෝකයේ ප්‍රමුඛතම විශ්වවිද්‍යාල, ඉගෙනුම පමණක් කරන මධ්‍යස්ථාන නො වී, නව සොයා ගැනීම් කරන පර්යේෂණ මධ්‍යස්ථාන බවට පත් වී ඇත්තේ මෙනිසා ය

උපායමාර්ගයක් යනු කුමක් ද?

මගේ විශ්වාසය අනුව, උපායමාර්ගයක් යනු ගතික ලෝකයක පැන නගින අවස්ථා හොඳින් ග්‍රහණය කර ගැනීමයි, මන්ද විද්‍යාත්මක අවස්ථා සැම විට ම පුරෝකථනය කළ නො හැකි බැවිනි. එබැවින්, ශක්තිමත් විභවයක් සහිත නව අදහස්වලට ප්‍රතිචාර දැක්වීමේ නම්‍යශීලීභාවය, සාර්ථකත්වය සඳහා ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස, ‘කොවිඩ්-19’ වසංගතය ලොව පුරා පර්යේෂණ සඳහා ‘පෙර නො වූ විරූ අවස්ථා(unprecedented window) නිර්මාණය කළේ ය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ස්ථාවර කිරීමට, ජාතික ආරක්ෂාව සහතික කිරීමට සහ උපායමාර්ගික ව වැදගත් ක්ෂේත්‍රවල, ‘තිරසර සංවර්ධනය’ සඳහා නව්‍ය පර්යේෂණ සහ සංවර්ධන දායකත්වයන් අත්‍යවශ්‍ය වේ. එබැවින්, “පර්යේෂණ ජනතාවගේ යහපත උදෙසා යොදා ගැනීම” නම් වූ මනෝභාවය මෙරට ස්ථාපිත කිරීම අත්‍යවශ්‍යයෙන් ම කළ යුතු ය.

“සංස්කෘතික පරිවර්තනයක්” – එයින් අදහස් කරන්නේ කුමක් ද?

ඕනෑ ම සංස්කෘතික හුවමාරුවකට චින්තනයේ, හැඟීම්වල සහ හැසිරීම්වල වෙනසක් අවශ්‍ය වේ; සංජානන න්‍යායයට(cognitive theory) අනුව, සිතුවිලි ඕනෑ ම හැඟීමක් හෝ හැසිරීමකට කේන්ද්‍රිය වේ. මිනිසුන් සිතන ආකාරය, ඔවුන්ට හැගෙන සහ හැසිරෙන ආකාරය තීරණය කරයි. එබැවින්, චින්තනයේ හෝ හැසිරීමේ ඕනෑ ම වෙනස් කිරීමක් වීමට චින්තනයේ සැලකිය යුතු අංගයක් වන ‘ආකල්ප‘ වෙනස් විය යුතු ය.

සාර්ථකත්වය යනු කුමක් ද?

අවසානයේ දී, පුද්ගලයන් වශයෙන් හෝ සමාජයක් වශයෙන් අප සැමට අවශ්‍ය වන්නේ සාර්ථකත්වයයි. ‘සාර්ථකත්වය‘ ගමනාන්තයක් නො ව සමස්ත ගමන ම බව තේරුම් ගැනීම ද ඉතා වැදගත් වේ, එහෙත් ඔබ සාර්ථකත්වය නිර්වචනය8 කරන්නේ කෙසේ ද?

‘සාර්ථකත්වය‘ යන්නෙහි නිර්වචනය තීරණය වන්නේ, ‘සාර්ථකත්වය‘ කෙරෙහි කෙනෙකුගේ ආකල්පය අනුව ය. එයින් අදහස් කරන්නේ පුද්ගලික සාර්ථකත්වය හෝ තමන්ගේ ම ප්‍රතිලාභ සඳහා ද්‍රව්‍යමය වාසි ද නැත හොත් එය කෙනෙකුගේ උත්සාහයෙන් පැන නගින මහජන යහපත ද යන්න ද? එබැවින්, ප්‍රතිඵලයක් ලෙස ලැබෙන දැක්ම, උපාය මාර්ගය, අවධානය යොමු කිරීම යන සියල්ල බොහෝ දුරට රඳා පවතින්නේ සාර්ථකත්වය කෙරෙහි දක්වන ආකල්පය මත වන අතර එය ගාමක බලවේගයයි. එහෙත් එම සාර්ථකත්වය අත්‍යවශ්‍යයෙන් ම ‘තමාගෙන් ඔබ්බට’ විය යුතු ය. යමෙකු තම ආකල්පය වැරදියට තේරුම් ගන්නේ නම්, එය විනාශකාරී එකක් විය හැකි ය. මෙය තේරුම් ගත හැකි හොඳ ම උදාහරණයක් ලෙස, අපේ රටේ පැවති එල්ටීටීඊ බෙදුම්වාදී යුද්ධය පෙන්වා දිය හැකි ය.

පර්යේෂණයේ සාර්ථකත්වය

පර්යේෂකයකුට හෝ ඔහු අනුබද්ධිත ආයතනයකට සාඩම්බර ඉතිහාසයක් තිබිය හැකි ය; තව ද අති නවීන පර්යේෂණ සඳහා කීර්තියක් ඇති, අනාගත පර්යේෂණ නායකයන් බිහි කරන ආයතනයක් විය හැකි ය. එහෙත් සාමාන්‍ය පුරවැසියකුට ඉන් ලැබෙන ප්‍රතිලාභ මොනවා ද යන්න විමසා බැලිය යුතු ය. මේ ඒ ගැන මෙනෙහි කිරීමට කාලයයි.

පර්යේෂණ කාගේ ප්‍රයෝජනය සඳහා ද?

පර්යේෂකයකුට පර්යේෂණවලින් උපාධියක්, රැකියාවක්, වඩා හොඳ ජීවිතයක්, උසස් වීමක්, හොඳ විවාහයක්, පේටන්ට් බලපත්‍රයක්, සහ අධ්‍යයන චාරිකා ඔස්සේ ලෝකය දැකීමට අවස්ථාවක් උදා විය හැකි ය. එහෙත් අපෙන් ඔබ්බට මහජන යහපත උදෙසා ලබා දිය හැකි දේ කුමක් ද?

අපෙන් ඔබ්බට ඇති දේ පිළිබඳ බැරෑරුම් ව සිතීම හදිසි අවශ්‍යතාවකි; සංස්කෘතික හුවමාරුව යන්න එයයි. පර්යේෂණයේ ප්‍රතිලාභ සහ බලපෑම දෙස බලන ආකාරයෙහි සුසමාදර්ශී වෙනසක් අවැසි ය. සරල ව කිව හොත්, පර්යේෂණවල ‘බලපෑම’ යනු ජනතාවගේ ජීවිතවලට වෙනසක් ඇති කිරීමයි.

පර්යේෂණවල ප්‍රතිලාභ අපෙන් ඔබ්බට විය යුත්තේ ඇයි? අපි නිදහස් රාජ්‍ය අධ්‍යාපනය ලැබූවෝ වෙමු, පර්යේෂණ සඳහා මහජන දැනුම මෙන් ම අරමුදල් භාවිත කරන්නෙමු. එබැවින්, අපෙන් ඔබ්බට සිතීමට අපට සදාචාරාත්මක බැඳීමක් සහ විශ්වසනීයත්වයක් තිබේ. විනිවිදභාවයෙන් සහ වගකීමෙන් කටයුතු කළ යුත්තේ දේශපාලනඥයන් පමණක් නො වේ. ශාස්ත්‍රාලිකයන් වන අප ද මහජනතාවට වගකිව යුතු ය. මෙය ශාස්ත්‍රිය ප්‍රජාව විසින් ප්‍රමාණවත් ලෙස හඳුනා නො ගත් කැපී පෙනෙන ලක්ෂණයකි. මේ පර්යේෂණ සංස්කෘතික වෙනසක් කරා යන ගමනේ දී, ආචාරධර්ම සහ ආකල්ප ඉතා වැදගත් ය. නරක ආකල්ප හුළං නැති ටයරයක් සේ ය. ටයරය මාරු නො කර වාහනයට ඉදිරියට යා නො හැකි ය. ඒ නිසා ආකල්ප වෙනස සෑම දෙයකට ම කේන්ද්‍රය වෙයි.

මෙහි දී අපි දැඩි ව මතක තබා ගත යුතු වන්නේ ‘සම්මතයට අභියෝග’ කිරීම මෙන් ම ‘වෙනස් වීමට’ ලක් වීමට සමාජය දැඩි ප්‍රතිරෝධයක් දක්වනවා සේ ම එය නොයෙක් බාධකවලට මුහුණ දීමට සිදු වන ක්‍රියාවක් බව ය.

ආකල්පමය වෙනසක් වීමට නම්, අභ්‍යන්තරමය වශයෙන් පරිවර්තනයක් සිදු විය යුතු ය; එවැනි අභ්‍යන්තර වෙනසක් බාහිර වෙනසකට හේතු වනු ඇත; එය සහජීවන ක්‍රියාවලියකි. එබැවින් මෙම පර්යේෂණ සංස්කෘතියේ වෙනස, ‘ජනතාවගේ යහපත සඳහා පර්යේෂණ කිරීම’ බැවින්, එම පරිවර්තනයේ නියෝජිතයන් ද විද්‍යාඥයන් සහ පර්යේෂකයන් ම විය යුතු ය. අපට ආදර්ශවත්, අව්‍යාජ සහ කැප වීම ඇති අනාගත පර්යේෂණ නායකයන් අවශ්‍ය වේ. එවැනි නායකත්ව ගුණාංග බොහෝ සෙයින් වැදගත් ගනු ඇත. එබැවින් පවතින වර්තමාන සන්දර්භය තුළ, වර්තමාන විද්‍යාඥයන්ගේ ආකල්පවල බරපතළ සංවර්ධනයක් අවශ්‍ය වේ.

එසේ කිරීමේ දී, ‘දැක්මක් නොමැති ක්‍රියාවක් වෙහෙසකර’ බවත් (An action without a vision is drudgery) ‘ක්‍රියාවක් නොමැති දැක්මක් යනු සිහින දැකීමක් පමණක්’ (Vision without a action is only dreaming)බවත් අප වටහා ගත යුතු ය. කිසි දා සිහින පමණක් නො දකින්න, මන්ද ඒවා පහසුවෙන් අමතක වී යා හැකි බැවිනි; අපට ඉලක්ක තිබිය යුතු ය. එබැවින් නිවැරදි දැක්මක් සහිත ක්‍රියාකාරීත්වයක් සමගින් අද්විතීය වෙනසකට යා හැකි ය.

මේ ලිපියෙහි ප්‍රධාන ලෙස ම කතා කරන ‘ජනතාවගේ ප්‍රතිලාභ උදෙසා වන පර්යේෂණ සංස්කෘතියක් සඳහා වන සංකල්පීය පරිවර්තනයක’ දී තිරසාර වෙනස්කම් ඇති කිරීම සඳහා හොඳ කණ්ඩායම් (Good teams) සහ ආචාරධර්ම(Ethics) අත්‍යවශ්‍ය බව විශේෂයෙන් මතකයේ තබා ගත යුතු ය. එවැනි කණ්ඩායම්වල අපට දූරදර්ශී, න්‍යායාචාර්යවරුන් පමණක් නො ව, ප්‍රායෝගිකවාදීන් සහ ක්‍රියාකාරීන් ද අවශ්‍ය වේ; මෙම සියලු ගුණාංග එක් පුද්ගලයකු තුළ පිහිටීම දුර්ලභ ය. කෙසේ වෙතත්, කණ්ඩායමක, නිවැරදි නායකයකු, කළමනාකරුවකුට හෝ බොස් කෙනකුට වඩා වෙනස් ය. නායකයින් අනාගතය කළමනාකරණය කරන අතර කළමනාකරුවන් එදිනෙදා ‘අවුල්‘ කළමනාකරණය කරයි.

කෙසේ වෙතත්, ‘බොස්’ කළමනාකරුවකුට වඩා වෙනස් ය. සැබෑ නායකයකු හොඳ පුහුණුකරුවෙකි; උපදේශකයෙකි; කණ්ඩායම් සාමාජිකයින් අතර උද්යෝගය ජනනය කරයි; සාමාජිකයන්ගේ සංවර්ධනය ගැන හිතයි; කණ්ඩායම් සාමාජිකයින් එකට බැඳ තබා ගනියි; පරාජයන් තමන් බාර ගන්නා අතර, ජයග්‍රහණ අභිමානය කණ්ඩායම් සාමාජිකයන්ට ලබා දේ.

‘විද්‍යාවේ කලාව’ විද්‍යාවට වඩා බෙහෙවින් වෙනස් ය. බොහෝ විද්‍යාඥයින් ඔවුන්ගේ විද්‍යාවට ඉතා දක්ෂ ය. එහෙත් ඔවුන් බොහෝ දෙනෙකුට නොමැති දෙය නම් විද්‍යාවේ කලාවයි. එනම් මහජන යහපත සඳහා ප්‍රතිපත්ති සැලසුම්කරුවන්ට ඒවා සන්නිවේදනය කිරීමෙන් සහ ඒවා නිෂ්පාදන සහ සේවා බවට පරිවර්තනය කිරීමෙන් විද්‍යාත්මක ප්‍රතිලාභ ලබා දීමේ කලාවේ දුර්වලතාවක් දැක්වීමයි.

ගැටලුව විස්තර කරන පර්යේෂණ (descriptive research) ඕනෑ තරම් තිබෙන නමුත් ගැටලුව නිවැරදි කිරීම සඳහා මැදිහත් වීමේ පර්යේෂණ නොමැති තරම් ය. අපේ රටේ උතුරුමැද පළාත මූලික කර ගෙන පැවති වකුගඩු රෝගය (CKDU) පිළිබඳ ව විස්තරාත්මක පර්යේෂණ කොතෙක් ඇතත්, විසඳුමක් නැති ව ම මිනිස්සු වකුගඩු අකර්මණ්‍ය වීමෙන් පීඩා විඳ අවසානයේ මිය යති. එසේ ම අපේ රටේ මිනිසුන් සහ වන අලි ගැටුම් පිළිබඳ පර්යේෂණ රාශියක් ඇතත්, අලි ඇතුන්ගේ ප්‍රහාරවලින් මිනිස්සු දිගට ම මිය යති. වගා බිම්වලට හානි කරන වඳුරන්, රිලවුන්, දඩුලේනන් වැනි සතුන්ගේ අර්බුදය සම්බන්ධයෙන් ද කීමට ඇත්තේ මෙය ම ය.

පර්යේෂණ සංස්කෘතියේ වෙනසක් අවශ්‍ය වන්නේ එබැවිනි – ජනතාවගේ ඵල-ප්‍රයෝජනය තකා පර්යේෂණ බලපෑම් සමාජගත විය යුතු ය. එහෙත් එය කළ යුත්තේ කොහොම ද?

නව රජයට විද්‍යා සහ තාක්ෂණ අමාත්‍යාංශයක් ඇත. කෙසේ වෙතත්, එය අමාත්‍යවරයාගේ, අමාත්‍යාංශ නිලධාරීන්ගේ, විද්‍යාඥයාගේ සහ දුරදක්නා පර්යේෂණ නායකයින්ගේ යුතුකම පමණක් ද? නැත, එහි දී මහජනතාවටත් සමාන යුතුකමක් සහ වගකීමක් තිබේ. මා එසේ පවසන්නේ ඇයි?

ප්‍රතිලාභ නිෂ්ක්‍රිය ව ලබන්නන් ලෙස අපේක්ෂා නො කළ යුතු බැවින් මහජනතාවට ද සමාන වගකීමක් ඇත. එහෙත් ‘පර්යේෂණය’ යන වචනය පිළිබඳ ව පොදු ජනතාවට කිසියම් අවබෝධයක් තිබේ ද? යනුවෙන් කිසිවකුට තර්ක කළ හැකි ය.

රෝගීන් සහ මහජන සහභාගිත්වය සහ දායකත්වය (Patient and public Involvement and Engagement – PPIE)හෝ වෛද්‍ය පර්යේෂණ සඳහා ප්‍රජා සහභාගිත්වය, බටහිර රටවල ස්ථාපිත වී ඇති සංකල්පයකි. එය දැන් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල (LMIC) සෞඛ්‍ය පර්යේෂණයේ මූලික අංගයක් ලෙස ව්‍යාප්ත වෙමින් පවතී. මහජනතාව බොහෝ විට අධ්‍යයන කටයුතු සඳහා ප්‍රමුඛත්වය දෙන මාතෘකා, ශාස්ත්‍රඥයින් සහ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ හිතළුවලට වඩා වෙනස් බවට අතිමහත් පර්යේෂණ සාක්ෂි තිබේ. පර්යේෂණවල ගුණාත්මකභාවය සහ යෝග්‍යතාව වැඩි දියුණු වන බවත් අධ්‍යයන සඳහා මහජනතාව සම්බන්ධ වී පර්යේෂණවල නියැළී සිටින විට සොයා ගැනීම් ක්‍රියාත්මක කිරීම වැඩිදියුණු වන බවත් පර්යේෂණ සාක්ෂි මගින් පෙන්නුම් කෙරේ.

එය පර්යේෂකයින්, වෘත්තිකයන් සහ මහජනතාව අතර පර්යේෂණ ප්‍රමුඛතාකරණය, සැලසුම් කිරීම සහ ලබා දීම සඳහා ක්‍රියාකාරි හවුල්කාරිත්වයේ ක්‍රියාවලියකි. එය අර්ථ දක්වා ඇත්තේ “මහජනතාවගේ සාමාජිකයන් ‘ඔවුන්ට‘, ‘ගැන‘ හෝ ‘සඳහා‘ නො ව ‘සමඟ‘ හෝ ‘ඔවුන් විසින්‘ කරනු ලබන පර්යේෂණ” ලෙසිනි.

පවතින පර්යේෂණ සංස්කෘතිය වෙනස් කිරීම සඳහා යමෙකු බැරෑරුම් ලෙස හිතන්නේ නම් ඉහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය අංගයකි. ජාත්‍යන්තර දර්ශකවලට අනුව, ලෝකයේ ඉහළ ම තලයේ පර්යේෂකයන් අප සතු ව සිටින අතර, එහි කිසි දෙගිඩියාවක් නොමැත. එහෙත් දේශය පුරා විහිදුනු පර්යේෂණයක් නොමැති බව අවධාරණය කළ යුතු ව ඇත.

අවසාන වශයෙන් සඳහන් කළ යුතු වන්නේ පර්යේෂකයකුට හුදෙකලාව වැඩ කළ නො හැකි බවයි. එය අන්‍යොන්‍ය ගෞරවය සහ යහපත මෙන් ම විශ්වාසය පෙරදැරි කර ගත් කණ්ඩායම් ක්‍රියාකාරිත්වයක් විය යුතු බවයි. එහෙත් බොහෝ පර්යේෂකයන් එසේ කටයුතු නොකිරීමට එක හේතුවක් ලෙස දක්වන්නේ පර්යේෂණ හා අදහස් සොරා ගැනීම(plagiarism) ලෙස හඳුන්වන බුද්ධිමය දේපළ සොරා ගැනීමයි. පේටන්ට් බලපත්‍රයක් ලබා ගැනීම යනු කිසි විටෙකත් සොරකමට එරෙහි ව එක ම ආරක්ෂාව නො වනු ඇත. නිහඬ යහපත් බහුතරය දැනුම්වත් කර බල ගැන්විය යුතු ය. මහජන සහභාගිත්වය සහ මැදිහත් වීම සහිත එවැනි සාමූහික උත්සාහයක් සංස්කෘතික මාරුවට මග පාදනු ඇත. ‘ජනතාවගේ යහපත සඳහා පර්යේෂණ’ යනු දැන් සුළුතරයක සටන් පාඨයකි. එහෙත් එය බහුතරයකගේ සඨන් පාඨයක් බවට පත් කළ හැකි ය.

ශ්‍රී ලංකාව ආසියාවේ ධාන්‍යාගාරය බවට පත් කිරීමට පමණක් නො ව, ආසියාවේ බුද්ධි භාණ්ඩාගාරය/ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට ද සාමූහික ව කටයුතු කරමු.

මහාචාර්ය අතුල සුමතිපාල

අධ්‍යක්ෂ

සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණය පිළිබඳ පර්යේෂණ සහ සංවර්ධන ආයතනය

සම්බන්ධිත පුවත් | Related News

දෙවන ලෝක යුද්ධයෙන් පසු ගොඩනැගූ NATO සංවිධානයේ ප්‍රධානම වගකීම සාමාජික රටවල ආරක්ෂාව තහවුරු කිරීමය. එක රටකට ප්‍රහාරයක් එල්ල වුවහොත්, එය සමස්ථ සංවිධානයටම එල්ල වූ ප්‍රහාරයක් සේ සලකා සියල්ලන් එක්වී ආරක්ෂා කරයි.
වේලුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානය දශක තුනක් තිස්සේ මවා පෑ ඊළාම් මනෝ විකාර රාජ්‍යයත්, අදටත් බටහිර රටවල සැප විඳිමින් ලේ විකුණා කන දෙමළ ඩයස්පෝරාවේ සිහින මාලිගාවනුත් අත්තිවාරමෙන්ම සොලවා දැමූ එක් ගැහැනියක් සිටියාය.
පෞද්ගලික ජංගම දුරකථනවලට පිවිස හැකර්වරුන් විසින් සිදුකරන බැංකු ගිණුම්වල සල්ලි අදින ජාවාරමක් පිළිබඳව සහ එයින් බේරීමට කළයුතු දේ පිළිබඳව තොරතුරු ඇතුළත් වීඩියෝවක් පහළින් දැක්වේ.
චීනය විසින් ක්‍රියාත්මක කරන 15 වැනි පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක කරන කාලය වන විට චීනය ලෝකයේ පළමු ආර්ථික බලවතා වී සිටින බව 1955 දී මාඕ සේතුං ප්‍රකාශකර තිබිණි.
සාමාන්‍යයෙන් ජනාධිපති කෙනෙක් ජාතිය අමතන පිලිවෙලක් තියනවා.ඊට ගැලපෙන ඇඳුමක් ඇඳගෙන,සුදුසු තැනක ඉඳන්, ජාතිය ඇමතීමේ අරමුණ හරියට ඔළුවේ තියාගෙන තමයි ඒක කරන්න ඕනි. හැබැයි ගිය 17 වෙනිදා ඩබල් පොකට් ෂර්ට් එකක් ඇඳගෙන,තියන්න ඕනිවට පැත්තකින් ජාතිය කොඩියත් තියාගෙන,රටේ මතුවෙලා තියෙන තත්වය ගැන හරි අවබෝධයක් නැතිව තමන්ගේ බැරිකම වහගන්න අනුර ජාතිය අමතලා කතාවක් කළා.
ඛෙදුම්වාදී න්‍යාය පත්‍රයේ අවසන් සැතපුම් ගමන් කිරීමේ ක්‍රියාවලිය ස්ථාවර ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වෙනුවට අස්ථාවර හෝ බිඳ වැටුණු හෝ ජාත්‍යන්තර මැදිහත්වීම මත පිහිටුවන අන්තර් කාලීන ආණ්ඩුවක් යටතේ සිදු කිරීම වඩා සුදුසු බව දේශපාලනයේ 'අ'යන්න දන්නා අයෙකුට වටහා ගත හැකි බවත්, එම නිසා වර්තමාන ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වා මහ ඇමතිට පක්ෂපාතී ආණ්ඩුකාරවරයෙකු පත් කර රට බෙදීමේ ක්‍රියාවලිය ආරම්භ කළ පසුව ආණ්ඩුව බිඳ වැට්ටවීම සඳහා වන දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාන්විතයක් ආරම්භ වීමේ බරපතල අවකාශයක් පවතින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පෙන්වා දෙයි.
ක්‍රි.පූ. 550 දී මුළින්ම පර්සියානු අධිරාජ්‍ය ස්ථාපිත වූ බවත් ඒ මහා සයිරස් රජුගේ මූලිකත්වයෙන් බවත්, ක්‍රි.ව 651 දී අරාබි අක්‍රමණයෙන් පසු පර්සියානු අධිරාජ්‍ය ක්‍රමයෙන් බිඳවැටී එහි ආගම ඉස්ලාම් ආගම බවට පත් වූ බවටත් Next page අන්තර්ජාල නාලිකාව කරුණු හෙලිදරව් කරයි.
පසුගිය 2026 මාර්තු 11 වනදා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් ඉරානයට එරෙහිව ඓතිහාසික යෝජනාවක් (Resolution 2817) සම්මත කරන ලද අතර, මෙහි ඇති සුවිශේෂීම කරුණ වන්නේ රටවල් 135ක් මෙයට සම-අනුග්‍රාහකත්වය දැක්වීමයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි සිල්වාට ජනාධිපති අනුර කුමාර දිසානායකව රවට්ටන්නට හැකි නම් ජනාධිපතිවරයාගේ මොළයේ තරම හිතාගත හැකි බවත්, ඉන්දියාවෙන් නැතිනම් ජාත්‍යන්තරයෙන් ජනාධිපතිවරයාව කෙසේ රවට්ටනවා ඇත්දැයි දේශපාලන විචාරකයන් ප්‍රශ්න කරති.

ප්‍රධාන පුවත්

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.