News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපති අනුර කුමාර සහ ටිල්වින් සිල්වාගෙන් කවුද හොඳ කියලා ඇහුවොත් ඔයා මොකද්ද කියන්නේ.ගොඩක් වෙලාවට හම්බවෙන්න පුළුවන් උත්තර හතරක් තියනවා.සමහරු කියයි අනුර හොඳයි කියලා,3%නේ ජෙප්පෝ ටිල්වින් හොඳයි කියයි.තව සමහරු දෙන්නම හොඳයි කියයි නැත්තං දෙන්නම නරකයි කියයි. ඔය ප්‍රශ්නය රටේ රාළගෙන් ඇහුවොත් රටේ රාළ දෙන්නේ ඔය උත්තර හතරම නෙවෙයි.ඒ රටේ රාළ ටිල්වින් සහ අනුර දෙන්නම හරියට කියවගෙන තියෙන හින්දයි.

ලෝකයේ බලවත්ම, ධනවත්ම සහ ප්‍රභූ පැලැන්තියේ පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවක් සමඟ පසුගිය දිනවල කරළියට ආ "එප්ස්ටීන් ෆයිල්ස්" ගැන ඔබ මේ වන විට අනිවාර්යයෙන්ම අසා ඇති! ඇමරිකානු යුදෙව් බිලියනපතියෙකු වූ ජෙෆ්රි එප්ස්ටීන් විසින් පවත්වා ගෙන ගිය මහා පරිමාණ ලිංගික ජාවාරම සහ ඒ වටා ගෙතුණු අභිරහස් දැන් එකින් එක දිගහැරෙමින් පවතිනවා.

හිටපු අමාත්‍ය ආචාර්ය චන්න ජයසුමන මහතා විසින් රචිත උතුරු පළාතේ පෞරාණික බෞද්ධ උරුමය කෘතිය මේ වන විට මුද්‍රණය වී ඇති අතර එම කෘතිය පිළිබඳව ඒ මහතා විසින් සිදුකරනු ලබන විග්‍රහයක් පහළ වීඩියෝවෙන්..

රටවල් ආක්‍රමනය කරන ඒකාධිපති යැයි හංවඩු ගහපු මේ අය ගැන අති අමානුශික චිත්‍රයක් තමයි බටහිර විසින් අද වෙනකොට මවලා තියෙන්නෙ...මේ අතරට ගඩාෆි,සදාම් හුසේන් වගේ අයත් ඉන්නවා.. හැබැයි අපි දේවත්වයෙන් සලකපු මදර් තෙරේසා , ගාන්ධි සහ ගොඩක් අයගෙ පිලෝසොපිකල් මෙන්ටර් කෙනෙක් වෙච්ච චොම්ස්කි වගේ අයගෙ ඇත්ත තත්වය දැන් දැන් එලිවෙමින් පවතිනවා.

එප්ස්ටීන් යනු ලිංගික අපරාධකරුවෙකු මෙන්ම ලොව බලවත්, ධනවත් සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට ලිංගික සේවා සැපයීමට වෙනස්ම විදිහේ කුරිරු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ පුද්ගලයෙකි. එයට හේතුව මොහුගෙන් සේවා සපයාගනු ලැබ ඇත්තේ ලෝකයෙහි ඉතාම බලවත් ධනවත් ප්‍රසිද්ධ පුද්ගලයන් වීමය. ඒ අතර ලොව සුප්‍රසිද්ධ නළුවන්, ධනවතුන්, දේශපාලකයන්, රාජ කුමාර වරුන්, ආගමික නායකයින්, සුප්‍රසිද්ධ විද්‍යාඥයන්, පාතාල නායකයන්, ගායකයන්, ආදී අදහා ගත නොහැකි පිරිසක ගේ නම් ගම් හෙළි වී ඇත.

මේ රූපය කියන්නේ ජවිපයේ තුන්වන කාර්තුව නිම වු වගය.

එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද වරදකරු වූ ලිංගික අපරාධකරු ජෙෆ්රි එප්ස්ටයින්ගේ නවතම ලිපිගොනු, සමඟ බිල් ගේට්ස්ගේ පැටලීම පිළිබඳ හෙළිදරව් කිරීම් රාශියක් මේ වන විට ඉදිරිපත් කර ඇත. ඊමේල් පණිවිඩ, සටහන් සහ ඡායාරූප පිටු මිලියන 3 කට අධික සංඛ්‍යාවක් කරදරකාරී චිත්‍රයක් චිත්‍රණය කරනු ලබයි. ඒ අනුව ගෝලීය සෞඛ්‍ය ආධිපත්‍යය සඳහා බිල් ගේට්ස් එප්ස්ටයින්ගේ සෙවනැලි ජාලය භාවිතා කළේද?

මෙරට රාජ්‍ය නායකයින් සහ දේශපාලකයින් කිහිපදෙනෙකුම සාහසිකයින් අතින් ඝාතනයට ලක්වූ අවස්ථා ගණනාවක් පිළිබඳව අප අසා ඇත්තෙමු. එයින්, සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයන්ගේ සහයෝගයෙන් බලයට පැමිණි, මෙරට සිව්වැනි අග්‍රාමාත්‍යවරයා වූ සොලමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායකට, එකී පංච මහා බලවේගයේ පළමු බලවේගයට අයත්වූවෙකු විසින් වෙඩි තබන ලද සිදුවීම, පෙරකී අවස්ථාවන් අතරින් විශේෂ තැනක් ගනියි.

ජෙෆ්රි එප්ස්ටයින්ගේ කතා වස්තුව 21 වන සියවසේ වඩාත්ම කුප්‍රකට අපකීර්තිමත් කතාන්තරයකි. අභිරහස් සහ අධික ධනයේ ප්‍රබෝධයක් උත්කර්ෂයට නැංවූ මූල්‍යකරුවෙකු වන ඔහු, වසර ගණනාවක් පුරා පවත්වාගෙන ගිය ලිංගික අපයෝජන සහ බාලවයස්කරුවන් ජාවාරම් කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කිරීම සඳහා ඔහුගේ සම්බන්ධතා සහ සම්පත් භාවිතා කර තිබුණි. 2019 දී නඩු විභාගයකට මුහුන දීමට අපේක්ෂාවෙන් සිරගතව සිටියදී සිදුවූ ඔහුගේ මරණය අපරාධ නඩුවක් කල් පවතින කුමන්ත්‍රණ න්‍යායක් බවට පත් කළ අතර අවදානමට ලක්විය හැකි අය අසමත් කරන බව සැලකෙන අධිකරණ පද්ධතියක සංකේතයක් බවටද පත් කළේය.


ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.