News Category
From Date
To Date
Maximum Number of Result

ලේ කඳුළු වලින් නැගී සිටි නැමිබියාව සහ චීන ජනපති ලොවට පෙන්වූ සැබෑ මානවවාදී ගෞරවය..

Jul 11, 2026 at 03:03 PM
|

සාගර දියගම මුහුණු  පොතට එක් කර තිබූ මේ ලිපිය එක දිගට කියවගෙන ගියා.. මීට පෙර මා අසා නොතිබුණු ඒ කතාව, නැම්බියාව වගේ අපටත් අදාළ සහ අපටත් දැනෙන කතාවක් නිසා...

මෙතැන් සිට ඒ උපුටා ගැනීම..

"...සමහර රූප තියෙනවා, බැලූ බැල්මට එක සැරයටම අපේ හදවතට තට්ටු කරලා අපව ලොකු කල්පනාවක ගිල්වන! මේ සුවිශේෂී ඡායාරූපය දැක්කම මට හිතුණේ ඒ වගේ දෙයක්. 

මේ පින්තූරයේ ඉන්නවා ලෝකයේ ආර්ථික, දේශපාලනික සහ මිලිටරි අතින් බලවත්ම සහ විශාලම රාජ්‍යයක නායකයා, ඔහු තමයි චීන ජනාධිපති ෂී ජින්පිං. 

ඔහුගේ වම්පසින් පියවර තබමින් ඉතාමත් අභිමානවත්, ඒ වගේම තැන්පත් ලීලාවකින් ඇවිදගෙන එන්නේ අප්‍රිකානු මහද්වීපයේ පිහිටි කුඩා, නමුත් අතිශය ඛේදජනක සහ කටුක ඉතිහාසයකට උරුමකම් කියන නැමිබියා රාජ්‍යයේ ජනාධිපතිනිය..

චීනයේ බීජිං නුවර මහජන ශාලාවේ පැවැත්වුණු අති උත්කර්ෂවත් රාජ්‍ය පිළිගැනීමේ උත්සවයක රතු පලස මත ඔවුන් පියවර තබන මේ දර්ශනය, හුදෙක් සාමාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික හමුවීමක් විතරක් නෙවෙයි. 

ලෝකයේ බලවත්ම රටක්, තමන්ට වඩා හැම අතින්ම ඉතා කුඩා රටක නායිකාවකට සම තත්ත්වයේ ලා සලකමින් පවත්වන මේ උත්තමාචාරය දකිද්දී, හිතට දැනෙන්නේ පුදුමාකාර හැඟීමක්.

මේ පින්තූරයේ ඉන්න නැමිබියානු ජනාධිපතිනිය දෙස බලද්දී අපිට වසර 120ක් අතීතයට යන්න සිද්ධ වෙනවා. දහනව වන සියවසේ අගභාගයේදී ඒ කියන්නේ 1884 විතර, අප්‍රිකාව බෙදාගැනීමේ බටහිර බලවතුන්ගේ තරඟය අතරතුර, වර්තමාන නැමිබියාව අයිති වුණේ ජර්මානු අධිරාජ්‍යයට. 

ඒ කාලේ ඒ ප්‍රදේශය සුද්දො හැඳින්වූයේ "ජර්මානු නිරිතදිග අප්‍රිකාව" කියලා.. තමන්ගේ පාරම්පරික නිජබිම් කොල්ලකන, තමන්ව වහලුන් බවට පත් කරන ජර්මානු පාලනයට විරුද්ධව නැමිබියාවේ ජීවත් වුණු "හෙරෙරෝ" සහ "නමා" කියන ස්වදේශික ගෝත්‍රික ජනතාව 1904 දී දැවැන්ත කැරැල්ලක් ආරම්භ කළා.

එතැනදී ජර්මානු අධිරාජ්‍යයා වුණු දෙවන විල්හෙල්ම් රජු විසින් ලොතර් වොන් ට්‍රෝතා කියන අතිශය කෲර ජෙනරාල්වරයාව මේ කැරැල්ල මර්දනය කරන්න පිටත් කර හැරියා.. 

ඔහු එහේ ගිහින් නිකුත් කළේ ලෝක ඉතිහාසයේ ලියැවුණු බිහිසුණුම නියෝගයක්. ඒ තමයි "වඳ කර දැමීමේ නියෝගය." මේ කෲර නියෝගය ක්‍රියාත්මක වුණේ කොහොමද? 

ජර්මානු හමුදාව හෙරෙරෝ සහ නමා ජනතාව වට කරලා, ඔවුන්ව මාරාන්තික කාන්තාරය දෙසට පලවා හැරියා.. ඉන්පසු කාන්තාරයේ තිබුණු එකම ජල උල්පත් ටිකත් ජර්මානුවන් විසින් වස දමා විෂ කළා..

ඒ දසදහස් ගණන් අහිංසක මිනිසුන්, ගැහැණුන්, කුඩා දරුවන් වතුර උගුරක් නැතුව, කන්න කෑමක් නැතුව කාන්තාරයේ අව් රශ්මියට කරවෙලා, විලාප තියලා මිය ගියා.

විනාශය එතනින් නතර වුණේ නැහැ. ඉතිරි වුණු අයව බටහිර ලෝකය විසින් මුලින්ම නිර්මාණය කරන ලද "සිර කඳවුරු" වලට ගාල් කළා. එහිදී ඔවුන්ව දැඩි වහල් සේවයේ යෙදෙව්වා, කුසගින්නේ තිබ්බා, ලෙඩ රෝග හැදෙන්න ඇරියා. 

ලිංගික අතවර සහ වෛද්‍ය පරීක්ෂණ සඳහා මිනිසුන්ව පණ පිටින් පාවිච්චි කළා. විසිවන සියවසේ ලොව පළමු ජන සංහාරය ලෙස ඉතිහාසඥයන් හඳුන්වන්නේ මෙන්න මේ සිදුවීමයි.

මේ පොළව නොහුලන අපරාධයෙන් හෙරෙරෝ ජනගහනයෙන් 80% කට වඩා.. ආසන්න වශයෙන් 65,000 කට අධික පිරිසක් ඝාතනය කෙරුණා. "නමා" ජනගහනයෙන් 50% කට වඩා, ආසන්න වශයෙන් 10,000 කට අධික පිරිසක් සම්පූර්ණයෙන්ම විනාශ කර දැමුවා..

වඩාත්ම පිළිකුල්සහගත දේ තමයි, මියගිය නැමිබියානුවන්ගේ හිස්කබල් සිය ගණනක් ජර්මානු විද්‍යාඥයන් විසින් යුරෝපයට රැගෙන ගියා, "කළු ජාතිකයන් සුදු ජාතිකයන්ට වඩා පහත් ජාතියක්" කියලා ඔප්පු කරන්න හිස්කබල් මැනීමේ ව්‍යාජ විද්‍යාත්මක පරීක්ෂණ පවත්වන්න.

හිට්ලර් යුදෙව්වන්ට කල දේ ගැන නම් මුළු ලෝකයම කතා කරද්දී, ඔවුන් අප්‍රිකාවට කල මේ මහා අපරාධය දශක ගණනාවක් යනතුරු ලෝකයේ ඉතිහාස පොත් වලින් වහලා තිබ්බා. 

ජර්මනිය එය ජන සංහාරයක් කියලා නිල වශයෙන් පිළිගන්නත්, වසර සියයකට වඩා කල් ගත්තා.. අන්න ඒ වගේ අතීතයකින්, ඒ වගේ මහා බිහිසුණු ලේ කඳුළු සාගරයකින් නැගිටලා ආපු රටක් තමයි "නැමිබියාව."

ලාංකිකයන් විදිහට මේ කතාව දෙස බලද්දී අපිට වෙනත් රටකට වඩා මේ වේදනාව හොඳින්ම තේරෙනවා.  1818 ඌව වෙල්ලස්ස කැරැල්ල වෙලාවේ ඉංග්‍රීසි ජාතිකයන් අපේ රටේ කරපු විනාශය අහල තියෙනවද? 

වයස අවුරුදු 18ට වැඩි හැම පිරිමියෙක්වම මරා දැමුවා, කුඹුරු ගිනිබත් කළා, වැව් අමුණු විනාශ කළා, ගෙවල් දොරවල්, හරකා බාන සේරම නැති කරලා මුළු ඌව පළාතම සුසාන භූමියක් කළා. බටහිර අධිරාජ්‍යවාදය ලෝකය පුරාම හැසිරුණේ එකම විදිහට. 

අදටත් බටහිර රටවල් අප්‍රිකානු හෝ ආසියානු රටවල් දිහා බලන්නේ තමන්ට වඩා පහත්, තවමත් ශිෂ්ට සම්පන්න විය යුතු, තමන්ගෙන් යැපෙන පිරිසක් විදිහටයි. 

ඔවුන්, ඔවුන්ගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෙවත් "IMF" හෝ ලෝක බැංකුව වැනි මළපුඩු හරහා ණය දෙද්දී විවිධ කොන්දේසි දානවා, 

අපේ රටවල් ඇතුළේ දේශපාලනය තීරණය කරන්න හදනවා. බටහිර නායකයෙක් ළඟට අපේ වගේ රටක නායකයෙක් ගියාම දකින්න ලැබෙන්නේ ස්වාමියා සේවකයා දෙස බලනවා වගේ හැඟීමක්.

නමුත් මේ පින්තූරයෙන් පෙනෙන දේ ඊට හාත්පසින්ම වෙනස්. "චීනය" කියන්නේ අද ලෝකයේ අංක එකේ බලවතා වෙන්න ඔන්න මෙන්න තියෙන, ඇමරිකාවට පවා අභියෝග කරන මහා බලවත් රාජ්‍යයක්. 

ඉතින් හිතන්න ඒ වගේ රටක රාජ්‍ය නායකයා, මිලියන 03කටත් වඩා අඩු ජනගහනයක් ඉන්න නැමිබියාවේ නායිකාව පිළිගන්නේ තමන්ට සමාන, ස්වාධීන, අභිමානවත් රාජ්‍ය නායකයෙක් විදිහටයි. ඒ ගෞරවය, ඒ ශිෂ්ටසම්පන්න බව තමයි සැබෑ මානවවාදය කියන්නේ!

බොහෝ දෙනෙක් අහන්න පුළුවන් "චීනය" ඇයි අප්‍රිකාවට මේ තරම් ලොකු සැලකිල්ලක් දක්වන්නේ කියලා. මේක පිටුපස තියෙන්නේ හුදෙක් අද ඊයේ පටන් ගත්තු දේශපාලනයක් නෙවෙයි. ඒ කතාවත් මම ඉතා කෙටියෙන් කියන්නම්.

චීනය සහ අප්‍රිකානු මහද්වීපය අතර තියෙන්නේ බටහිර විරෝධී හා අධිරාජ්‍ය විරෝධී පොදු අතීත අරගලයක බැඳීමක්..

1950, 60 සහ 70 දශකවල අප්‍රිකානු රටවල් බටහිර යටත්විජිතවාදයෙන් නිදහස් වෙන්න අරගල කරද්දී, ඇමරිකාව හෝ යුරෝපය ඒ නිදහස් සටන් හැඳින්වූයේ "ත්‍රස්තවාදය" නමින්

නමුත් ඒ කාලේ තමන්ම අන්ත දරිද්‍රතාවයෙන් පෙළුණු චීනය, අප්‍රිකානු නිදහස් සටන්කාමීන්ට ආයුධ, සල්ලි සහ සදාචාරාත්මක සහයෝගය ලබා දුන්නා.. 

නැමිබියාවේ නිදහස් සටන මෙහෙයවපු "SWAPO පක්ෂය"ට එදා ඉඳන්ම චීනය උදව් කළා. 

ඒ වගේම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ  තායිවානය වෙනුවට මහජන චීන සමූහාණ්ඩුවට නිල සාමාජිකත්වය ලබාගැනීමේ ඓතිහාසික ඡන්ද විමසීමේදී චීනයට පක්ෂව ඡන්දය දුන්නේ මේ අප්‍රිකානු රටවල්. එදා චීන නායක මාඕ සේතුං ප්‍රකාශ කළේ, "අපව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඔසවා තැබුවේ අපේ අප්‍රිකානු සහෝදරයන් විසින්" කියලා.

අද චීනය ක්‍රියාත්මක කරන "එක් තීරයක් - එක් මාවතක්" ව්‍යාපෘතිය හරහා අප්‍රිකාව පුරා දැවැන්ත මහා මාර්ග, දුම්රිය මාර්ග, වරායවල්, ගුවන් තොටුපළවල් සහ රෝහල් ඉදිවෙනවා. 

බටහිර රටවල් වසර සියයක් තිස්සේ අප්‍රිකාවේ සම්පත් (රත්තරන්, දියමන්ති, තඹ) කොල්ලකා ගෙන ගියා මිසක් එකම එක ස්ථිර යටිතල පහසුකමක් හැදුවේ නැහැ. 

ඔව්, චීනය කරන්නේ ව්‍යාපාරයක් වෙන්න පුළුවන්, හැබැයි ඒ ව්‍යාපාරය ඇතුළේ දෙපාර්ශවයටම වාසිදායක  සංවර්ධනයක් සහ අන්‍යෝන්‍ය ගෞරවයක් තියෙනවා.

මේ පින්තූරය දිහා බලලා අපිට නිකන්ම ඉන්න බැහැ. ශ්‍රී ලංකාව කියන්නෙත් මේ ගෝලීය දකුණේම ප්‍රධාන කොටස්කරුවෙක්. ඉහත මම කියපු 1971 ඔක්තෝබර් 25 වැනිදා එක්සත් ජාතීන්ගේ ඒ ඓතිහාසික යෝජනා සම්මතයේදී  අප්‍රිකානු රටවල් වගේම ලංකාවත් (එදා සිලෝන්) ඡන්දය දුන්නේ මහජන චීන සමූහාණ්ඩුවට පක්ෂවයි.

එහිදී ලංකාව, තායිවානය වෙනුවට, බීජිං පාලනය මුළු මහත් චීනයේම එකම නීත්‍යානුකූල නියෝජිතයා ලෙස පිළිගැනීමට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළා පමණක් නොවෙයි, චීනයට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබා දීම සඳහා, මුල් පෙළේ සිටම දැඩි ලෙස පෙනී සිටිමින් සහයෝගය පළ කළ රටක් ද වෙනවා.

ඉතින්, අද අපේ රට මුහුණ දීලා තියෙන ආර්ථික අර්බුදය, ණය බර සහ ජාත්‍යන්තර බලපෑම් හමුවේ අපිට මේ දර්ශනයෙන් ඉගෙන ගන්න ලොකු පාඩම් කිහිපයක් තියෙනවා.

ඌව වෙල්ලස්ස කැරැල්ලේ භීෂණය  හා වතු වගාව සදහා ඉඩම් කොල්ලකෑම නිසා අපේ මිනිස්සුන්ට සිදුවූ හානිය ගැන හොයන්න අද වෙන තුරු අඩු තරමින් කොමිසමක්වත් පත්කරලා නැහැ.. 

ජර්මනිය වසර සියයකට වඩා කල් අරන් හරි තමන් ජන සංහාරයක් කියලා නිල වශයෙන් පිළිගන්න තත්ත්වයට ගේන්න, නැම්බියාව කටයුතු කළාට අපිට එංගලන්තයට එහෙම කියන්නවත් තවම කොන්දක් නැහැ..

සමහර විට ඒ තවමත් "ඉංග්‍රීසි" වලට වදින දීනකම නිසා වෙන්න ඇති. එත් නැමිබියාව නම් අදටත්, ජර්මනියෙන් තමන්ට සිදුවූ හානියට වන්දි ඉල්ලනවා.. මොකද තමන්ගේ මුතුන්මිත්තන්ට කළ අපරාධය ඔවුන් නම් ලේසියෙන් අමතක කරන්නේ නැහැ.

මතක තියාගන්න, "ඉතිහාසය" අමතක කරන ජාතීන්ට අනාගතයක් නැහැ.. බටහිර රටවල් අද අපිට මානව හිමිකම් ගැන ජිනීවා වලදී ඇඟිල්ල දිගු කරද්දී, අපිත් ඔවුන්ට මතක් කර දිය යුතුයි, අපේ මුතුන්මිත්තන්ට ඔවුන් කළ අපරාධ සහ ජන සංහාර... 

අවසාන වශයෙන්, අපි ආයෙමත් මේ අපූරු ඡායාරූපය දෙසට හැරෙමු. මේ පින්තූරය අපිට කියා දෙන්නේ දේශපාලනයට වඩා එහා ගිය ගැඹුරු මානුෂීය දර්ශනයක්. 

මිනිසෙක් තවත් මිනිසෙකුට ගරු කළ යුත්තේ ඔහුගේ ධනය, බලය හෝ ශරීර ප්‍රමාණය දෙස බලාගෙන නෙවෙයි. ඔහුත් තමන් වගේම ලේ, මස්, කඳුළු සහ හදවතක් තියෙන මනුෂ්‍යයෙක් කියන හැඟීමෙන්! 

රාජ්‍යයන් අතර සබඳතාවයත් අන්න ඒ වගේ විය යුතුයි. රටක් කුඩා වූ පමණින්, දුප්පත් වූ පමණින්, නැත්නම් අතීතයේ දරුණු ලෙස බැටකා තිබූ පමණින් ඔවුන්ව කොන් කළ යුතු නැහැ. 

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා චීනයේ මහා ප්‍රාකාරයේ සිතුවම පසුබිම් කරගෙන, සිය ගණනක් වන හමුදා උත්තමාචාර මධ්‍යයේ, නැමිබියානු ජනාධිපතිනිය සමඟ රතු පලස මත පියවර තබන මේ මොහොත, බටහිර අධිරාජ්‍යවාදී මානසිකත්වයේ මරණ වරෙන්තුව ලියන දර්ශනයක් හා සමානයි! 

එයින් කියාපාන්නේ ලෝකයේ හැම මනුෂ්‍යයෙකුටම, හැම සංස්කෘතියකටම හා හැම ස්වෛරී රාජ්‍යයකටම සමාන අයිතිවාසිකම් සහ ගෞරවය හිමිවිය යුතු නව යුගයක උදාව ගැන නේද? මෙවැනි දර්ශන අපිට අනාගතය ගැන ලොකු බලාපොරොත්තුවක් දෙනවා. 

බටහිර අධිරාජ්‍යවාදය නමැති මාරාන්තික පිළිකාවෙන් ක්‍රමයෙන් මිදෙමින්, මිනිස්කම, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවය රජයන වඩාත් සාධාරණ සහ සුන්දර ලෝකයක් නිර්මාණය වෙමින් පවතින බවට මේ ඡායාරූපය ජීවමාන සාක්ෂියක්..." 

උපුටා ගැනීම අවසන්..

ස්තුතියි මේ සාරවත් ලිපියට..

(Lal de Alwis ගේ මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.