රාජ්‍ය දේපල ආරක්ෂා කළ ප්‍රාදේශීය ලේකම්වරියගේ ඉරණම.. ස්වාභාවික යුක්තියේ මූලධර්ම වළපල්ලට..
ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කේන්ද්‍ර කරගනිමින් වර්තමානයේ උද්ගතව ඇති පරිපාලනමය ගැටුම සහ රාජ්‍ය දේපළ ආරක්ෂා කිරීමට ගිය රාජ්‍ය නිලධාරිනියකට මුහුණ දීමට සිදුව ඇති ඉරණම පිළිබඳව තවත් එක් කථාවක් පමණක් නොවේ. එය සාධාරනත්වය, සමානාත්මතාවය, යුක්තිය පමණක් නොව රාජ්‍ය දේපල ද අවභාවිතා කරමින් සිදුකරන දැවැන්ත වංචාවක එක් පරිච්ඡේදයක් බවට මේ වනවිට කරුණු අනාවරණය වෙමින් පවතී.
එසේම මෙය පරිපාලනමය ගැටලුවකට එහා ගිය, රාජ්‍ය දේපළ මංකොල්ලයකට එරෙහි වූ ගැහැනියකගේ කඳුළු කතාවකි.
රාජකාරියට බාධා කළ බවට චෝදනා කරමින් ප්‍රාදේශීය ලේකම් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මියව මේ වන විට පරිපාලන සේවා සංචිතයට (Pool) අනුයුක්ත කර ඇති අතර, එම ක්‍රියාමාර්ගය සම්පූර්ණයෙන්ම අසාධාරණ සහ ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි දඩයමක් බවට කරුනු හෙළිවී තිබේ.
2023 ජුනි මාසයේදී ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය ලෙස වැඩ භාරගත් ආත්මා දිල්රුක්ෂි ජයරත්න මහත්මිය, වසර ගණනාවක් තිස්සේ විවිධ පෞද්ගලික සහ දේශපාලන පාර්ශ්වයන්ගේ පාලනයට නතු වී තිබූ බිලියන ගණනක රජයේ ඉඩම් සහ දේපළ රැසක් නැවත රජයට පවරා ගැනීමට කටයුතු කර ඇත.
වසර විස්සකට ආසන්න කාලයක් පෞද්ගලික පරිහරණයට යොදාගෙන තිබූ ගම්පොළ සංස්කෘතික මධ්‍යස්ථානය දැඩි නීතිමය සටනකින් පසු රජයට පවරා ගැනීමට හැකි වූයේ ඇයගේ සෘජු මැදිහත්වීම හේතුවෙනි. මීට අමතරව අම්බුළුවාව ජෛව විවිධත්ව සංකීර්ණය, පුස්සැල්ලාව බස් නැවතුම්පොළ, ගම්පළ බස්නැවතුම්පළ, නාමල්වල වෙල්යාය ආශ්‍රිත අක්‍රමවත් සංවර්ධනය සහ අම්බුලුවාවට පවරා ගැනීමට සූදානම් වූ ගම්පල නගර මධ්‍යයේ පිහිටි සමූපකාර සමිති ගොඩනැගිල්ල ඇතුළු රජයේ ඉඩම් හා දේපල රැසක සිදුවූ දූෂණවලට එරෙහිව ඇය නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කර තිබේ. ඇයට එරෙහිව සංවිධානාත්මක පරිපාලන දඩයම ආරම්භ වූයේ මේ සියලු දූෂණ වංචා හෙළිදරව් කිරීමෙන් පසුව බව පෙනෙන්නට තිබේ.
(මහුණු පොතෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්