News Category
From Date
To Date
Maximum Number of Result

කොටි සංවිධානය රටවල් 15 ක් එක්ව විනාශ කළ බව එල්ටීටීඊ ආධාරකරුවන් නිරන්තරයෙන් පවසන බවත්, නමුත් යථාර්ථය නම්, කොටි සාමාජිකයන් 40,000 ක් පමණ විසුරුවා හැරීමේ තීරණාත්මක කාර්යභාරය අභ්‍යන්තරිකව සිදුකලේ ප්‍රධාන වශයෙන් පුද්ගලයන් තිදෙනෙකු විසින් බවත් අරුන් සිද්ධාර්ථන් මහතා පවසයි.

1917 ඔක්තෝබර් මාසයේදී, ඉතාලියේ සිට නිව්යෝර්ක් දක්වා සංක්‍රමණිකයන් රැගෙන ගිය මගී නෞකාවක් දරුණු අත්ලාන්තික් කුණාටුවකට හසු විය. තට්ටුවට පහළින්, ජනාකීර්ණ තුන්වන පන්තියේ මැදිරියක, ඇන්ටෝනියෝ රුසෝ නම් 28 හැවිරිදි වඩු කාර්මිකයෙක් ඔහුගේ පස් හැවිරිදි දියණිය වන මාරියා අල්ලාගෙන සිටියේය.

මමත් ඒ පුංචි රටේ ඉගෙන ගෙන ලෝකේ දියුණු යැයි සම්මත රටක දැනට ජීවත් වෙන කෙනෙක් විදියට මට හිතෙන දකින දේ කියන්ඩ, ලියන්ඩ හිතුනු ලොකුම හේතුව, බොහොමයක් අම්මලා සහ දේශපාලන වේදිකා වල දකින සමාජ මාධ්‍ය ක්‍රියාකාරිනියන් ගේ කටින් පනින අතින් ලියවෙන ලොකුම අවලාදයක් නිසයි. " අපේ එවුන් තවමත් පරිප්පු ඇටේ අලව අලවා ඉන්නවා උන්ගේ එවුන් ලෝකේ හොඳ හොඳ තැන් වලට ගිහින් ලෝකේ දකිනවා. අපේ එවුන් ඇයි අළුත් දේවල් ඉගෙන ගන්න එපාද "

සිරස නාලිකාවේ නිවේදිකාවක වන ඔමායා කොවිලගොඩගේ පැවැත්වූ රූපවාහිනී සාකච්ඡාවක දී දියුණු රටවල දරුවන් තමන්ගේ පොත්බෑග් තුළ ලිංගිකත්වය සම්බන්ධ විශේෂ උපකරණ දමාගෙන යන බවට සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ දැඩි විවේචනයක් එල්ලවී තිබේ.

මහාචාර්ය චන්න ජයසුමන 2001 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය⁣ට ඇතුළත් වූ අතර 2007 දී MBBS වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. ඔහු නාවලපිටිය මූලික රෝහලේ දී ශල්‍ය වෛද්‍ය ඩබ්ලිව්.ජී. ජයවික්‍රම සහ ළමා රෝග විශේෂඥ වෛද්‍ය මොහොමඩ් නිලම් ජිෆ්රි යටතේ වසරක වෛද්‍ය සීමාවාසික පුහුණුව සම්පූර්ණ කළේ ය.

C.W.W. කන්නන්ගර අධ්‍යාපන ඇමති තුමා 1944 දී ජාතික අධ්‍යාපනය ගැන රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී කළ කතාව

ජනවාරි සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය වසරකින් කල් දැමීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

පසුගියදා දීර්ඝ ගුවන් ගමනක යෙදුණු මේ ලියුම්කරුගේ ගමන් සගයකු වූයේ ජීවන්තය. ගුවන් යානයේ මගේ යාබද අසුනේ සිටි ජීවන්ත සමඟ යෙදුණු අල්ලාප සල්ලාපයේදී ඈඳුණු එක් මාතෘකාවක් වූයේ වෙනිසියුලාවය. අපේ කතාව සිදුවන්නේ ඇමරිකාව වෙනිසියුලා ජනාධිපති නිකොලොස් මදුරෝ අල්ලාගෙන යන්නට මාසයකට පමණ කලින්ය. ඔහු ගිය අවුරුද්දේ ජූලි මාසයේදී පමණ වෙනිසියුලාවට ගිය ගමන ගැන කළ විස්තරය එකවරම යළි සිහියට ආවේ එරට ජනාධිපතිවරයා සිය බිරියද සමඟ බලහත්කාරයෙන් එරටින් අල්ලාගෙන යෑමත් සමඟය.


ප්‍රධාන පුවත්

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.