ප්‍රංශය දණගැස්වූ නාසි හමුදාවේ සුපිරි පෙත්ත.. සෙබළුන් රොබෝවරුන් කළ අදටත් ලෝකය අගාදයකට ඇද දැමු Pervitin රහස
"පැය 72ක් එකදිගට නිදි නැතුව සටන් කරන්න පුළුවන්ද?"
අහද්දිත් පුදුමයි නේද? හැබැයි 1940 අවුරුද්දේ මැයි මාසයේදී, හිට්ලර්ගේ නාසි හමුදාව ප්‍රංශය ආක්‍රමණය කරද්දී මේ පුදුමය ඇස් පනාපිටම සිද්ධ වුණා. ලෝකයම හිතාගෙන හිටියේ ප්‍රංශය කියන්නේ ලේසියෙන් හෙල්ලන්න බැරි මහා බලවතෙක් කියලා. හැබැයි සති හයක් වැනි කෙටි කාලයකින් මුළු ප්‍රංශයම හිට්ලර්ගේ කකුල් දෙක ළඟ දණ ගැහුවා.
මේක කොහොමද වුණේ? ජර්මන් සෙබළුන්ට මැජික් බලයක් තිබුණද? නෑ... ඒ පිටුපස තිබුණේ රසායනාගාරයක හැදුණු පුංචි පෙත්තක්. අද අපි කතා කරන්නේ දෙවන ලෝක යුද්ධයේ ඉතිහාසය වෙනස් කළ ඒ බිහිසුණු රහස, එනම් "Pervitin" (පර්විටින්) ගැනයි.
📍 ජර්මනිය භාවිතා කළේ Blitzkrieg එහෙමත් නැත්නම් විදුලි වේගයෙන් එල්ල කරන ප්‍රහාර කියන උපක්‍රමයයි. මේ උපක්‍රමය සාර්ථක වෙන්න නම් සෙබළුන් රෑ දවල් නැතුව, විවේකයක් නැතුව, සතුරන්ව වට කරගෙන ඉදිරියටම යන්න ඕනේ.
සාමාන්‍ය මනුස්සයෙක්ට දවස් දෙක තුනක් නිදි නැතුව ඉන්න බැහැ. ඇඟ රිදෙනවා, මොළය වෙහෙසෙනවා, බය හිතෙනවා. හැබැයි නාසි සෙබළුන්ට මේ කිසිම දෙයක් දැනුණේ නැහැ. ඔවුන් ප්‍රංශයේ ආර්ඩෙනස් වනාන්තරය මැදින් දවස් තුනක් තිස්සේ නොනැවතී ඇවිදගෙන ආවා. ඔවුන් හරියට රොබෝවරු වගේ. මේ අමුතු ශක්තිය පිටුපස තිබුණේ අද අපි මත්ද්‍රව්‍යයක් විදියට හඳුන්වන Methamphetamine (Crystal Meth) අඩංගු Pervitin පෙත්තයි.
🧪1930 ගණන්වල අගභාගයේදී ජර්මනියේ Temmler රසායන විද්‍යාගාරයේදී තමයි මේ පෙත්ත නිපදවන්නේ. ඒ කාලේ මේක වෙළඳපොළේ ප්‍රසිද්ධ වුණේ හරියට "කොකා කෝලා" වගේ සාමාන්‍ය දෙයක් විදියට. වැඩ අධික අයට, ගෘහණියන්ට, විභාග කරන ළමයින්ට පවා මේක මුලදී නිර්දේශ කළා.
නමුත් යුධ හමුදාවේ ප්‍රධාන වෛද්‍යවරයෙක් වුණු Otto Ranke දැක්කා මේ පෙත්තෙන් පුදුම වැඩක් ගන්න පුළුවන් කියලා. ඔහු සෙබළුන් යොදාගෙන කළ පරීක්ෂණවලින් හෙළි වුණා
මේ පෙත්ත ගත්තම නින්ද යන්නේ නැහැ. බය, තෙහෙට්ටුව සම්පූර්ණයෙන්ම නැති වෙනවා. මනුස්සයෙක්ට අසීමිත ආත්ම විශ්වාසයක් ලැබෙනවා. වේදනාව දැනෙන්නේ නැහැ.
🍬 1940 ප්‍රංශ ආක්‍රමණයට කලින්, ජර්මන් හමුදාව සෙබළුන්ට පෙති මිලියන 35කට වඩා බෙදා දුන්නා. මේවාට හමුදාව ඇතුළේ කිව්වේ Panzerschokolade කියලා. මොකද මේ පෙති සමහර වෙලාවට චොකලට් ඇතුළේ හංගලත් දුන්නා.
සෙබළෙක් මේ පෙත්තක් ගත්තම ඔහුගේ මොළයේ "Dopamine" මට්ටම ඉහළ යනවා. එතකොට ඔහුට හිතෙන්නේ තමන් ලෝකයේ ඉන්න බලවත්ම වීරයා කියලා. සතුරන් දහස් ගණනක් මැදට වුණත් බයක් නැතුව පනින්න මේ "රසායනික ධෛර්යය" උදව් වුණා.
😱හැබැයි මේකේ භයානක පැත්ත මතු වෙන්න වැඩි කාලයක් ගියේ නැහැ. මේ පෙත්තෙන් ලැබෙන්නේ තාවකාලික ගැම්මක් විතරයි. මේවා දිගින් දිගටම පාවිච්චි කරද්දී සෙබළුන්ගේ ස්නායු පද්ධතිය විනාශ වෙන්න ගත්තා.
සෙබළුන් මේ පෙති නැතුව ඉන්න බැරි තත්ත්වයට පත් වුණා. ලිපි මගින් ගෙවල්වලින් පවා මේ පෙති ගෙන්නා ගත්තා.
පෙත්තේ බලය ඉවර වෙද්දී සෙබළුන් දරුණු විදියට කඩා වැටුණා සමහරුන්ට පිස්සු හැදුණා, තවත් සමහරු තමන්ගේම සගයන්ට වෙඩි තබා ගත්තා.
දවස් ගණන් නිදි නැතුව, කෑම නැතුව ඉඳලා සෙබළුන්ගේ ශරීර අභ්‍යන්තරයෙන් දියවෙන්න ගත්තා.
ඇත්තටම කිව්වොත්, හිට්ලර් හැදුවේ සටන් කරන මිනිස්සු නෙවෙයි, රසායනික ද්‍රව්‍යවලින් දුවන "මස් වැදලි" ටිකක්.
💉 ඉතිහාසඥයන් පවසන විදියට ඇඩොල්ෆ් හිට්ලර් පවා ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා වූ Theodor Morell හරහා විවිධ මත්ද්‍රව්‍ය එන්නත් කරගෙන තිබෙනවා. යුද්ධයේ අවසාන කාලයේ හිට්ලර්ගේ දෑත් වෙව්ලීම සහ ඔහුගේ අමුතු තීරණ පිටුපස මේ මත්ද්‍රව්‍යවල බලපෑම තිබුණු බව අද පිළිගැනෙන සත්‍යයක්.
⚠️ නාසි හමුදාව මුලදී ජයග්‍රහණය කළේ ඔවුන්ගේ දක්ෂතාවයට වඩා, සතුරන්ව මවිත කළ මේ රසායනික වේගය නිසයි. හැබැයි ස්වභාවධර්මයට විරුද්ධව යන කිසිම දෙයක් ලොකු කාලයක් පවතින්නේ නැහැ. අවසානයේදී ජර්මනිය පරාජය වෙන්න මේ මත්ද්‍රව්‍ය නිසා හමුදාව ඇතුළත ඇතිවුණු විනය පිරිහීමත් එක හේතුවක් වුණා.
අද කාලේ අපි දකින දරුණු මත්ද්‍රව්‍යවල ආරම්භය කොතැනද කියලා දැන් තේරෙනවා නේද..? අද ලෝකයේ වේගයෙන් පැතිර යන වෛරස් වෙලා තියෙන Crystal Meth, Ecstas, Captagon වලට මුලාරම්භය වෙලා තියෙන්නේ නාසි හමුදාව භාවිතා කළ Pervitin කියන ඖෂධය
එදා යුධ බිමේදී සෙබළුන්ව "රොබෝවරු" කරන්න පාවිච්චි කරපු මේ තාක්ෂණය, අද මුළු ලෝකයම විනාශ කරන මාරයෙක් වෙලා.
වර්තමානයේ මැදපෙරදිග කලාපයේ සහ යුද ගැටුම් පවතින ප්‍රදේශවල The Jihadist Drug ලෙස හැඳින් වෙන්නේ Captagon මත්ද්‍රව්‍යය
ISIS වැනි සංවිධානවල සටන්කාමීන් බිය නැති කර ගැනීමට සහ වෙහෙස නොබලා සටන් කිරීමට මෙය භාවිතා කරනවා.. මෙක හරියටම දෙවන ලෝක යුද්ධයේ නාසි සෙබළුන් Pervitin භාවිතා කළ ආකාරයටම සමානයි... ඉතින් ඔයාලට ISIS ලට අනාගතයේ වෙන දේවල් ගැනත් හිතාගන්න පුළුවන් නේ...
📌 ඔබ මොකද හිතන්නේ? යුද්ධයක් දිනන්න මේ වගේ දේවල් පාවිච්චි කරන එක සදාචාරාත්මකද?
(අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදී)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්