News Category
From Date
To Date
Maximum Number of Result

ගින්නෙන් උපන් සීතල: රාජ්‍ය ත්‍රස්තවාදයේ යකඩ සපත්තුවට පෑගී ගිය 'කීර්ති විජයබාහු' හෙවත් සමන් පියසිරිගේ ඛේදනීය ඉරණම!

Feb 28, 2026 at 07:52 AM
|

අසූ අට - අසූ නවය (1987-1989) යුගය කියන්නේ ලාංකීය ඉතිහාසයේ ලියැවුණු රුධිරයෙන් පෙඟුණු කළු පැල්ලමක්. ඉන්දු - ලංකා ගිවිසුමත්, ඉන්දීය සාම සාධක හමුදාව (IPKF) ලංකාවට පැමිණීමත් එක්ක මේ රටේ තරුණයන්ගේ ලේ කෝප වෙලා තිබුණේ. මේ ආක්‍රමණයට එරෙහිව නැගී සිටි ජනතා විමුක්ති පෙරමුණේ (ජවිපෙ) සන්නද්ධ අංශය වූ 'දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ' (DJV) උත්තරීතර අණදෙන නිලධාරියා වුණේ වෙන කවුරුවත් නෙවෙයි; දින 32 ක කෙටි කාලයකට ජවිපෙ දෙවන නායකයා ලෙසත් කටයුතු කළ සෙල්ලප්පෙරුමගේ සමන් පියසිරි ප්‍රනාන්දු හෙවත් "කීර්ති විජයබාහු" ය.

ඔහුගේ කතාව හුදෙක් ගරිල්ලා නායකයෙකුගේ කතාවක් පමණක් නෙවෙයි; එය ම්ලේච්ඡ, කෲර පාලනයක් විසින් මේ රටේ අනාගතය බාරගන්න හිටපු අතිදක්ෂ තරුණ පරපුරක් මරා දැමූ ආකාරය පෙන්වන ඛේදවාචකයක්.

දුක් කඳුළු මැදින් පූදින්නට වෙර දැරූ මලක්...

1958 මාර්තු 23 මොරටුවේ ලුනාවේ ඉපදුණු සමන් පියසිරිගේ ළමා කාලය සුන්දර එකක් වුණේ නෑ. පියාගේ අධික බේබදුකම නිසා පවුලට මොරටුවෙන් ගණේමුල්ලට යන්න සිද්ධ වෙනවා. මේ සමාජ පීඩනය මැද වුණත් ඔහු අධ්‍යාපනය අතහැරියේ නෑ. එගොඩ උයන, කුඩා බොල්ලත, හේමමාලි සහ ගලහිටියාව මධ්‍ය විද්‍යාලවලින් ඉගෙන ගෙන 1978 දී කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නේ වාණිජ අංශයෙන් ඉහළම ලකුණු ලබාගෙනයි. කැලණි සරසවි ඉතිහාසයේ දෙවනුවට ඉහළම ලකුණු ගත් සිසුවා ඔහුයි! ඔහු නූගත් ත්‍රස්තවාදියෙක් නෙවෙයි, රටේ හිටපු අතිවිශිෂ්ට බුද්ධිමතෙක්.

📍කැරැල්ලට පාර කැපූ රාජ්‍ය මර්දනය:

කැලණිය සරසවියේදී උපතිස්ස ගමනායකගේ කතාවක් අසා ජවිපෙ දේශපාලනයට ආකර්ෂණය වූ ඔහු, එජාපයේ (UNP) භීෂණයට එරෙහිව 'සමාජවාදී ශිෂ්‍ය සංගමය' පිහිටුවනවා. ඔහුට අවශ්‍ය වුණේ තමන්ගේ පෞද්ගලික හීන පස්සේ යන්න නෙවෙයි, සමාජ සාධාරණත්වය වෙනුවෙන් පෙනී ඉන්නයි.

1983 කළු ජූලිය දඩමීමා කරගෙන ආණ්ඩුව අසාධාරණ ලෙස ජවිපෙ තහනම් කළා. ප්‍රජාතන්ත්‍රවාදී දොරටු වැහෙනකොට, 1987 ඉන්දීය හමුදා ආක්‍රමණයත් එක්ක ඔවුන්ට සන්නද්ධ වීම හැර වෙනත් විකල්පයක් ආණ්ඩුව විසින් ඉතිරි කළේ නෑ. සමන් පියසිරි 11 වැනි සියවසේ චෝල ආක්‍රමණිකයන්ට එරෙහිව සටන් කළ විජයබාහු රජුගේ තරුණ නාමය වූ "කීර්ති විජයබාහු" යන නම තෝරාගන්නේ නූතන ආක්‍රමණයට එරෙහිව සටන් වදින්නයි.

📍රාත්‍රී ආණ්ඩුව සහ මිලිටරි මෙහෙයුම් :

කීර්ති විජයබාහුගේ අණදීම යටතේ DJV සංවිධානය දවල්ට ආණ්ඩුවත්, රෑට "රාත්‍රී ආණ්ඩුවත්" ක්‍රියාත්මක කළා. 1987 අප්‍රේල් 15 පල්ලෙකැලේ කඳවුරට, කටුනායක ගුවන් කඳවුරට, පන්නල, පනාගොඩ සහ කොළඹ පොලිස් මූලස්ථානයට පවා දැවැන්ත ප්‍රහාර එල්ල කරමින් ආයුධ අත්පත් කරගැනීමට තරම් ඔහුගේ යුධ උපායමාර්ග ප්‍රබල වුණා. 1988 දෙසැම්බර් 12 මැගසින් බන්ධනාගාරය පුපුරුවා හැර 170 කට අධික සහෝදරවරුන් පිරිසක් මුදා ගත්තේ ආණ්ඩුව හෙල්ලුම් කවමින්. ත්‍රිකුණාමලයේදී ඉන්දීය හමුදාවට එරෙහිව ප්‍රේමකුමාර් ගුණරත්නම් (ගැමුණු) හරහා ප්‍රහාර දියත් කිරීමට පවා ඔහු කටයුතු කළා.

📍ලේ වැගිරීම් සහ මිනීමරු පාලක කල්ලියේ කුරිරු ප්‍රතිචාරය :

යුද්ධයක් කියන්නේ රෝස මලින් කළ යහනාවක් නෙවෙයි. රාජ්‍ය මර්දනයට මුහුණ දීමේදී DJV සංවිධානයටත් අතිශය දැඩි තීරණ ගන්න සිද්ධ වුණා. ආණ්ඩුව අඩපණ කිරීමේ අරමුණින් UNP සාමාජිකයින් (1783), රජයේ නිලධාරීන් (485), සන්නද්ධ හමුදා (202), ඔවුන්ට විරුද්ධ වූ සිසුන් (187), විදුහල්පතිවරුන්/ගුරුවරුන් (52), භික්ෂූන් (41), වෘත්තීය සමිති නායකයින් (27) සහ මාධ්‍යවේදීන් (9) පවා ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුණා. හමුදා නිලධාරීන්ට ඉවත් වීමට බල කරමින් ඔවුන්ගේ පවුල්වල අය (162) පවා ඉලක්ක වුණා. එය අතිශය ඛේදනීය තත්වයක්.

නමුත් රණසිංහ ප්‍රේමදාසගේ ආණ්ඩුව, රන්ජන් විජේරත්න, සිසිල් වෛද්‍යරත්න සහ ජානක පෙරේරාගේ මෙහෙයවීමෙන් ඊට දුන් ප්‍රතිචාරය ඊටත් වඩා දහස් ගුණයක් ම්ලේච්ඡයි. 'ඔපරේෂන් කම්බයින්' (Operation Combine) හරහා නීතිය බල්ලාට දැමූ ආණ්ඩුව, කළු බළලුන්, කඳුකරයේ රාජාලියෝ, කොළ කොටි සහ PRRA වැනි නිල නොවන මිනීමරු කල්ලි යොදවා ගත්තා. කිසිදු වරදක් නොකළ, හුදෙක් සැකයට බඳුන් වූ අහිංසක තරුණයින් 60,000 ක් පමණ ප්‍රමාණයක් වධ දී මරා, ටයර් සෑයන් මත පුළුස්සා ගංගාවලට වීසි කළා! සම්පූර්ණ තරුණ පරම්පරාවක්ම රාජ්‍ය ත්‍රස්තවාදයේ යකඩ සපත්තුවට පෑගී අළු වී ගියා.

📍අවසාන මොහොතේත් පාවා නොදුන් වීරත්වය :

රෝහණ විජේවීරගේ ඝාතනයෙන් පසු පක්ෂයේ බර කරට ගත් සමන් පියසිරි, 1989 දෙසැම්බර් 27 දින නාවලදී විශේෂ පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගන්නවා. CID ය සහ බුද්ධි අංශ ඔහුට ලබාදුන්නේ වචනයෙන් විස්තර කළ නොහැකි අමානුෂික වධහිංසා. නමුත් ඒ රුධිරය ගලන මොහොතේ පවා ඔහු මානසිකව වැටුණේ නෑ! ඔහුට වධ දුන් අයටත් ඔහු සමාජවාදය ගැන දේශනා කළා මිසක්, තමාගේ එකම සහෝදරයෙකුවත්, පක්ෂයේ එක රහසක්වත් පාවා දුන්නේ නෑ.

📍නීතියේ ආධිපත්‍යය වැළලූ ඝාතනය සහ පවුලට දුන් දඬුවම :

දින කිහිපයක කෲර වධහිංසාවලින් පසු, 1989 දෙසැම්බර් 29 වැනිදා මේ 31 හැවිරිදි තරුණ නායකයාව රාජ්‍ය ඝාතක කණ්ඩායමක් විසින් නීතියෙන් තොරව වෙඩිතබා මරා දැමුවා. ඉන්පසු "පිළියන්දල ගොවිපළක වෙඩි හුවමාරුවකින් මියගියා" කියා නින්දිත බොරුවක් රටට කිව්වා. ඔහුගේ සිරුර මත්තේගොඩ පොල් අතු ගොඩක් උඩට විසි කරලා තිබුණා.

මේ මිනීමරු පාලනය එතනින් නැවතුණේ නෑ. ඔහුත් එක්ක අත්අඩංගුවට ගත් ඔහුගේ මව නිදහස් කළත්, පෙම්වතිය වූ ඉන්ද්‍රාණි සහ නැගණිය වූ රංජනීට CID යේ 6 වෙනි තට්ටුවේදී දැඩි වධ දී වසර දෙකක් පුනරුත්ථාපන කඳවුරුවල හිර කරගෙන හිටියා. හද කම්පා කරවනම සිදුවීම නම්, ඉන්ද්‍රාණිගේ මල්ලි වුණු යන්තම් අවුරුදු 18 ක් වුණු සමන් බන්දුලව අත්අඩංගුවට ගෙන දින දෙකකින් කෲර ලෙස මරා දැමීමයි.

රෝහණ විජේවීර ඝාතනය වී සති 7ක් ඇතුළත, ලලිත් විජේරත්න, රාගම සෝමේ, පති ඇතුළු දේශපාලන මණ්ඩලයේ 13න් 12ක්ම මරා දැමුවා. දිවි ගලවා ගත්තේ සෝමවංශ අමරසිංහ පමණයි.

මේ රටේ අනාගතය ලස්සන කරන්න තිබුණු, අතිවිශිෂ්ට බුද්ධිමත් තරුණ පිරිසක් සහ සමාජ පරිවර්තනයක්  වෙනුවෙන් දිවි දුන් දහස් ගණන් වීරෝදාර තරුණ ජීවිත, බලලෝභී කෲර පාලකයින්ගේ තුවක්කු බටවලට බිලිවුණේ එහෙමයි. ඒ අඳුරු ඉතිහාසය අපේ හදවත්වල හැමදාමත් ලේ කඳුළු උපදවනවා නියතයි.

✍️ සටහන: chanu 

(මුහුණු පොතින් උපුටා ගන්නා ලදී)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.