News Category
From Date
To Date
Maximum Number of Result

කාවද ජනාධිපති කරන්නෙ කාවද එලවන්නෙ කියලා තීරණය කරන්නෙ මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දය ද?

Feb 24, 2026 at 05:27 PM
|

"තෙල් සංස්ථාවෙන් නිකුත් කළ තෙල් බවුසර් විශාල ගණනක් ඉන්ධන පිරවුම් හල් වෙත ගොස් නැති බව විගණන වාර්තාවකින් හෙළි වෙයි..."

මේ ඊයෙ ආපු නිවුස් එකක්.

" මේක කරේ ජවිපෙට සම්බන්ධ නිලධාරීන්. 2022 තෙල් පෝලිං වැඩි කලේ එහෙමයි" දයාසිරි ජයසේකර මේ පිළිබඳව සෘජුවම ජවිපෙට චෝදනා කරනවා.

ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවන්න ප්‍රධානතම හේතුව උනේ තෙල් සහ විදුලි අර්බුදය මත ජනතාව මත ඇති වූ පීඩනය..

Gota go home ව්‍යාපෘතිය පිලිවෙලින් සිද්ධ උනේ මෙහෙමයි..

➡️ ඒ කාලෙම වාර්තා උනා නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයට ලුණු දාලා යන්ත්‍රසූත්‍ර අක්‍රිය කරා කියලා...

➡️ ඒ වගේම වාර්තා උනා ලක්ෂපාන ජලාශයෙ රැස්කරලා තිබ්බ වතුර මුදා හැරියා කියලා..

➡️ ඒත් එක්කම චීනයෙන් කාබනික පොහොර නැව පැමිණි විට එයට " ගු නැව " යයි නම් පට බැඳ ලංකාවෙ රසායනාගාර වලින් එම පොහොර වල තත්වය පරීක්ෂා කරලා ඒවා පාවිච්චියට නුසුදුසුයි කියලා නිර්දේශ කරලා කාබනික පොහොර සංත්‍රාසයක් ඇති කරලා එම නැව ආපහු හරවලා යැව්වා.

එදා මෙරට කාබනික පොහොර ටෙන්ඩරය ලබා ගත් චීනයේ " චින්දාවෝ සින්වින් බයෝ ටෙක් " ආයතනය ඇමරිකාව, එංගලන්තය වැනි ලොව ප්‍රබල රටවල් 16 කට  කාබනික පොහොර සපයන ආයතනයක්.

පසුව ලොවම පිළිගත් සිංගප්පූරුවේ " ස්විස් එස්විස් සමූහ පරීක්ෂණ ආයතනය " මගින් මෙම කාබනික පොහොර නෞකාවෙ විෂ සහිත ද්‍රව්‍ය අඩංගු නොවන බවට සහතික කළ අතර එම නිසා අපට චීනයට වන්දි ගෙවීමට සිදු උනා. අපට සිටි හොඳම මිතුරෙක් වූ චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සබඳතා පළුදු වීමටත් හේතු උනා.

➡️ ගෝඨාභය දිවුරුම් දීලා හරියටම සතියක් යනකොට ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයෙ සේවිකාවක් වන ගාර්නියා බැරිස්ටර් අතුරුදහන් වෙනවා. ඒක සුදු වෑන් යොදාගෙන කළ පැහැර ගැනීමක් බවට ප්‍රචාරය කරනවා. ඒත් ඒක අතේ රෝලක් බව හෙළිදරව් වෙනවා. 

➡️ ගෝඨාභය රාජපක්ෂ වැඩ පටන් අරගෙන මාස 06 ක් යන්න කලින් සිරස ලක්ෂපති සිංහරාජෙ භාග්‍යා කියලා දැරිවියක් යොදාගෙන මහ වන සංහාරයක් පිළිබඳව දැවැන්ත ප්‍රචාරයක් ගෙනි යනවා. ඊටපස්සේ රටපුරා කැලෑ ඩෝසර් කරන නිවුස් ප්ලාන්ට් කරනවා.

➡️ 1997 නිකුත් කල චක්‍රලේඛයක් මූලික කරගෙන වසර 23 කට පසු ස්ටාලින් ප්‍රමුඛ ගුරුවරු දැවැන්ත වැඩ වර්ජනයක් ආරම්භ කරනවා. ස්ටාලින් කියන්නෙ LTTE ත්‍රස්තවාදීන් කොළඹ බෝම්බ පුපුරවනකොට කොළඹට ඇතුල් වෙනකොට දාලා තිබුණු මාර්ග බාධක අයින් කරන්න කියලා මානව හිමිකම් නඩු දාපු පුද්ගලයෙක්.

➡️ මඩකලපුව ශරියා විශ්ව විද්‍යාලය රජයට පවරා ගැනීම සහ කොවිඩ් ම්‍රස්ලිම් මෘත දේහ ආදාහනය සම්බන්දයෙන් ම්‍රස්ලිම් රටවල් වලින් සහ රට අභ්‍යන්තරයේ දැවැන්ත ම්‍රස්ලිම් විරෝධයක් පටන් ගන්නවා.

➡️ කොවිඩ් වසංගතයට පිළියමක් ලෙස එන්නත්කරණය ආරම්භ කරද්දී ඊට විරුද්ධවත් දැවැන්ත කතිකාවක් නිර්මාණය වෙනවා. අපේ රසායනාගාර නිලධාරීන් සයිනෆෝම් එන්නතෙ වාර්තා දවස් 43 ක් ප්‍රමාද කරනවා.

➡️ පඬුකරද ගහක් අල්ලගෙන මධ්‍යම අධිවේගී මාර්ගයෙ කටයුතු අඩාල කරනවා. ( අද වෙනකොට එහි වන්දියක් ලෙස බිලියන 12 ක් ගෙවන්න සිදුවෙලා තියෙනවා..)

➡️ රටට ඩොලර් එවන්න එපා කියලා විදේශ ගත ශ්‍රමිකයන් අතරෙ දැවැන්ත රැල්ලක් හදනවා..

➡️ ඉන්දියාවට පවරා නොදෙනවා යැයි පොරොන්දු වූවද කොළඹ වරායෙ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ ගෝඨාභය විරුද්ධව දැවැන්ත මතයක් ගොඩ නගනවා.

➡️ කොවිඩ් වසංගතයට මුවා වී රට පුරා ඇඟලුම් කම්හල් ඇතුලු කර්මාන්ත ශාලා වසා දැමීමට දැවැන්ත කුමන්ත්‍රණයක් සිදු වෙනවා.

➡️ රටපුරා ගෑස් ලිප් පුපුරනවා..

➡️ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අභූත චෝදනා ගොන්නක් ගෝඨාභයට එල්ල කරනවා. ( ගෝඨාභයව එලවා දැමීමත් සමගම ඒ රැලි අතුරුදහන් වෙනවා.

මේ සියල්ලම වෙනත් වෙනත් හුදකලා කාරණා වගේ මතුපිටින් පෙනුනත් එකිනෙකට බද්ධ වූ කාරණා.. එක්තරා කණ්ඩායමක් විසින් නිර්මාණය කරපු මෙහෙයවපු ක්‍රියාන්විතයක්.

සැබෑ ප්‍රශ්න වලින් පීඩාවට පත් වන ජනතාවව  ඉහත මා සඳහන් කල කණ්ඩායම් විසින් අරගලය කරා දක්කනවා. ( සාමාන්‍යයෙන් දක්කනවා කියන වචනය ජනවහරේ දී භාවිතා කරන්නෙ ග/වයන්ට )

උන් සැබෑ ප්‍රශ්න උන්ගෙ අරමුණ කරා යන්න පහුරක් කර ගත්තා. එපමණයි..

අරගලය ආරම්භ වූයේ ගෝල්ෆේස් එකේ නොවේ. එය හුදු ඩ්‍රාමා එකක් පමණයි. 

▶️සෝෆා ගිවිසුම -Status of Forces Agreement(SOFA) 

▶️ඇක්සා ගිවිසුම -Acquisition and Cross-Servicing Agreement(ACSA)

▶️මිලෙනියම් චැලෙන්ජ් කෝපරේෂන් ගිවිසුම - Millennium Challenge Corporation (MCC) 

ගිවිසුම් තහනම් කිරීම සහ නැවත සලකා බැලීමට තීරණය කල නිසා ඇමරිකාව ගෝඨාභයගෙ හතුරෙක් බවට පත් වෙනවා.

අරගලයට ඩොලර් මිලියන ගනන් පොම්ප වෙනවා. ගෝල්ෆේස් අරගලය සැණකෙළියක් බවට පත් වෙනවා.

US AID ආයතනය මගින් ඩොලර් මිලියන 60 ක් මේ කාලයෙ ලංකාව වෙනුවෙන් යෙදෙව්වා කියලා මෑතකදි අනාවරණය වෙනවා.

එය නිර්පාක්ෂික අරගලයක් බව කියවෙනවා.

( අද වෙනකොට නිර්පාක්ෂික අරගලයෙ රෙදිපිළි එකින් එක ගැලවෙමින් තියෙනවා...)

කාබනික පොහොර ප්‍රශ්ණය ආවත් නැතත් තෙල් , ගෑස් පෝලින් ආවාත් නැතත් ඒ වෙනකොටත් ගෝඨාභය රාජපක්ෂ කියන සිංහල බෞද්ධ නායකයා එලවන්න මහ පොලොව මත බිම් බෝම්බ අතුරලා ඉවරයි. 

කාබනික පොහොර ප්‍රශ්ණය, තෙල් ගෑස් පෝලින් වලින් උනේ ගෝඨාභය රාජපක්ෂ ටිකක් කලින් එලවපු එක විතරයි. එහෙම නැතත් ගෝඨාභය රාජපක්ෂව අනිවාර්යයෙන්ම එලවනවා.

ගෝඨාභය රාජපක්ෂ විතරක් නෙවේ අනාගතයේ දී මේ රටේ සිංහල බෞද්ධ නායකයෙක් බිහි උනොත් ඔහුවත් ඉහත බලවේග විසින් අනිවාර්යයෙන්ම එලවනවා. 

ඉදිරියේදී මේ පොලවෙ කාවද ජනාධිපති කරන්නෙ කාවද එලවන්නෙ කියලා තීරණය කරන්නෙ මහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී චන්දය නෙවේ. චන්දය කියන්නෙ හුදු මායාවක් විතරයි. උන්ගේ බහට අවනත ඉත්තෙක් මේ පොලවෙ රජ කරවනවා.

ඉදිරියේදී මේ රටේ ජනාධිපති පත් කරන්නෙ ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යයවාදීන්, දෙමළ ඩයස්පෝරාව, ම්‍රස්ලිම් අන්තවාදීන්, නිරාගාමිකයන් සහ සමලිං/ගික නපූන්සකියන්. 

අද ඒ දේ සිද්ධවෙලා තියෙනවා.. යුක්‍රේනයේ වගේ රූකඩයක් මේ රටේ නායකයා කරලා තියෙනවා..

- නිලන්ත සත්සර ගමගේ 

(මුහුණු පොතින් උපුටා ගැනීමකි)

සම්බන්ධිත පුවත් | Related News

ලක්මාලි හේමචන්ද්‍ර මන්ත්‍රිනියට චීනයට යන ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ පුවතක් සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ සංවාදයක් නිර්මාණය වී ඇත.
ආන්තවාදයට විරුද්ධව කටයුතු කිරීම ආරම්භ කළේ 2002 වසරේදී එක්තරා ක්‍රිස්තියානි දෙමළ පූජකවරයකු විසින් බුදුපිළිමයක් පාගාගෙන සිදුකළ යාඥා කිරීමක් දැකීමෙන් පසුව බවත්, එදා එය දැක දැඩි කෝපයක් ඇති වූ බවත් ගලගොඩ අත්තේ ඥානසාර හිමි විසින් ප්‍රකාශ කරන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වේ.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
Born Again ඇදහීම ශ්‍රී ලංකාවේ මුලින්ම ආරම්භ වෙන්නේ දශකයකට එකහමාරකට කලින්.
ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38(2) වගන්තියට අනුව ජනාධිපතිවරයෙකුට එරෙහිව දෝෂාභියෝගයක් (Impeachment) ගෙන ඒමට පැහැදිලි ප්‍රතිපාදන ඇත.
භාස්කර II (භාස්කරාචාර්ය) යනු බ්‍රහ්මගුප්තගෙන් වසර 500කට පමණ පසු, එනම් ක්‍රි.ව. 12 වන සියවසේදී (ක්‍රි.ව. 1150 දී පමණ) විසූ තවත් ශ්‍රේෂ්ඨ ඉන්දීය ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකි. ඔහු බ්‍රහ්මගුප්ත ඉදිරිපත් කළ මූලික ගුරුත්වාකර්ෂණ අදහස් තවදුරටත් පුළුල් කරමින්, සිය සුප්‍රසිද්ධ “සිද්ධාන්ත ශිරෝමණී” නම් ග්‍රන්ථයේ "ගෝලාධ්‍යාය" නම් පරිච්ඡේදය තුළ මේ පිළිබඳව ඉතා පැහැදිලි විද්‍යාත්මක විග්‍රහයක් සිදු කළේය. සර් අයිසැක් නිව්ටන්ට වසර 500කට පෙර, භාස්කර II විසින් ගුරුත්වාකර්ෂණය සහ ආකාශ වස්තූන්ගේ පැවැත්ම ගැන ප්‍රකාශ කළ ප්‍රධාන කරුණු මෙසේය.
2050 වන විට ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනගහණය සිංහල ජනගහණය අභිබවා යන බවත්, සිංහල ජාතිය මහ ජාතිය ලෙස මෙරට තුළ ජීවත්වන අවසාන සියවස මෙය බවත් මුස්ලිම් පූජකවරයකු විසින් පවසන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
දණපතියන්ගේ කැසිනෝ බදු ඉවත් කර සබන් කැටේ බදු වැඩිකර හාල් මාෆියාව ඇතිකළේ වත්මන් ආණ්ඩුවේම පිරිස බව දේශපාලන වේදිකා තුළ ඇතිවූ කතාබහ ආශ්‍රයෙන් සමාජ මාධ්‍යයේ පළ වූ වීඩියෝවක් පහතින් දැක්වේ.
රනිල් වික්‍රමසිංහ මහතාව බොහෝ දෙනෙකු විශාල ලෙස අපවාදයට ලක්කළ බවත් පහර ගැසූ බවත්, එතරම් අපහාස විඳගත් ජනාධිපතිවරයකු තවත් නොමැති බවත් රංගන ශිල්පී කලන ගුණසේකර පවසයි.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.