News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා - ඉරාන සබඳතාවල ස්වර්ණමය යුගයක් වූ ඉරාන නායක මහමුද් අහමදිනෙජාද්ගේ පාලන සමය..

Mar 2, 2026 at 11:07 AM
|

👉 2005ට පෙර ශ්‍රී ලංකාවේ නිවාසවලින් විදුලි බලය තිබුණේ සීයට 78කට පමණයි. හැබැයි 2014 වන විට මේ ප්‍රමාණය සීයට 98 දක්වා ඉහළ ගියා. 

👉 වසර නමයක් තුළ සිදුවූ මේ සුවිශාල වර්ධනයට සැලකිය යුතු දායකත්වයක් සැපයූ රටක් තමයි ඉරානය. එකල ඉරානයේ නායකයා වුණේ අද කනගාටුදායක ලෙස ජීවිතයෙන් සමුගෙන සිටින මහමුද් අහමදිනෙජාද්. ලංකාවේ ඇතැම් ගම්මානවල මිනිස්සු අදටත් විදුලි බලයෙන් ප්‍රයෝජන ලැබීමට ඔහු දුන් සහයෝගය අපට අමතක කළ නොහැක්කක්. 

👉 ඒ ගැන කියන්න කලින් මේ නායකයා ගැන මූලික හැදින්වීමක් කරලා ඉන්නම්. 

👉 මහමුද් අහමදිනෙජාද් (Mahmoud Ahmadinejad) කියන්නේ ඉරාන දේශපාලන ඉතිහාසය තුළ වඩාත්ම කතාබහට ලක්වූ චරිතයක්. ඔහු 2005 සිට 2013 දක්වා දෙවතාවක් ඉරාන ජනාධිපති ලෙස කටයුතු කළා. 

👉 1956 ඔක්තෝබර් 28 වන දින උපත ලැබූ  අහමදිනෙජාද් ඉතා දුප්පත් පසුබිමක හැදී වැඩුණ අයෙක්. ඔහුගේ පියා කම්මල්කරුවෙකු ලෙස වෙහෙසී වැඩ කරමින් දරුවන් හත් දෙනෙකු නඩත්තු කළා.  

👉 1976 දී  ඉරානයේ ප්‍රමුඛතම තාක්ෂණික විශ්වවිද්‍යාලයක් වන ඉරාන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයට (IUST) ඇතුළත්ව සිවිල් ඉංජිනේරු විද්‍යාව පිළිබඳ මූලික උපාධියක් ලබා ගත් අහමදිනෙජාද් පසුව 1997 දී ප්‍රවාහන ඉංජිනේරු විද්‍යාව සහ සැලසුම්කරණය පිළිබඳ ආචාර්ය උපාධියක් (Ph.D.)  හිමි කරගත්තා.  

👉 2005 දි තමයි ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ජයග්‍රහණය කරන්නේ. යම් යම් ආන්දෝලනාත්මක විවේචන මැද වුණත් ඔහුගේ පාලන සමය කියන්නේ ඉරානය පහුගිය කාලය තුළ අත්කරගත් ජයග්‍රහණවලට සැලකිය යුතු දායකත්වයක් ලැබුණු සමයක්.

👉 මෙහිදී ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන සුවිශේෂියි. ඉරානය ඊට බොහෝ කාලයකට පෙර න්‍යෂ්ටික අත්හදා බැලීම් සදහා යොමු වී තිබුණත් බටහිර රටවල දැඩි බලපෑම් මැද න්‍යෂ්ටික වැඩසටහන ඉදිරියට ගෙන ඒමට තීරණාත්මක මැදිහත්වීමක් කළ නායකයා තමයි අහමදිනෙජාද්.

👉 ඔහු න්‍යෂ්ටික බලශක්තිය ඉරානයේ  නොවෙනස් අයිතියක් ලෙස  ප්‍රකාශ කළා. එය රටේ ජාතික අභිමානය හා භෞතික දියුණුව වඩවන වැඩසටහනක් ලෙස ජනතාව අතර ජනප්‍රිය වුණා. 

👉 ඔහුගේ පාලන සමය තුළ ඉරානය සතුව තිබූ කේන්ද්‍රඅපසාරක හෙවත් සෙන්ට්‍රිෆියුජ් (Centrifuges) ප්‍රමාණය දහස් ගණනින් ඉහළ ගියා.

👉 හැබැයි මේ සියල්ල කළේ මොසාඩ් ඔත්තු සේවයේ සහ අමෙරිකාවේ දැඩි බාධා කිරීම්, ආර්ථික සම්බාධක මැද. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට දායක වූ එරට ප්‍රමුඛ පෙළේ විද්‍යාඥයන් ගණනාවක් සූක්ෂ්ම ලෙස ඝාතනය කිරීමට පවා මොසාඩ් සංවිධානය සමත් වුණා. මා  ඒ පිළිබද මීට පෙර කළ වීඩියෝව පළමු කොමෙන්ටුවේ දාලා තියනවා. අවශ්‍ය කෙනෙකුට බලන්න පුළුවන්.  

👉 බටහිර ලෝකයට එළිපිටම අභියෝග කරමින් ඔහු ගත් මේ ක්‍රියාමාර්ගවලට අමතරව ඔහු සාමාන්‍ය ජනතාව අතර ජනප්‍රිය වුණේ ඉතා සරල දිවි පැවැත්මක් ඇති නායකයෙක් විදිහට. 

👉 මෙය ඔහු හුදු ජනප්‍රිය වීම සදහා අනුගමනය කළ ළාමක ප්‍රතිපත්තියක් විය හැකි වුවත් ඔහුගේ සරල දිවි පැවැත්ම ජාත්‍යන්තර වශයෙන් පවා කතාබහට ලක් වුණා. 

👉 ඔහු ජනාධිපති ලෙස තේරී පත් වූ පසු, ටෙහෙරාන් නුවර පිහිටි නිල ජනාධිපති මන්දිරයේ පදිංචියට යාම ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට ඔහු තම පියාගෙන් උරුම වූ කුඩා නිවසේ පදිංචි වී සිටියා. 

👉 බොහෝ රාජ්‍ය නායකයන් මිල අධික වෙඩි නොවදින සුඛෝපභෝගී රථ භාවිතා කළත්, අහමදිනෙජාද් වසර ගණනාවක් පරණ 1977 දී නිෂ්පාදිත පියුජෝ 504 (Peugeot 504) රථයක් පාවිච්චි කළා. 

👉 පසුකාලීනව ඔහු මේ රථය ඩොලර් මිලියන 2.5ක මුදලකට වෙන්දේසි කොට එම මුදල අඩු ආදායම්ලාභීන්ට නිවාස තනා දීමට පරිත්‍යාග කළා. 

👉 ඔහු සිය නිවසේදී සහ ඇතැම් අවස්ථාවල නිල හමුවීම්වලදී පවා බිම වාඩි වී ආහාර ගැනීමට ප්‍රිය කළා. ඇතැම් අවස්ථාවල ඔහු සිය කාර්යාලයේ බිම නිදා සිටින ඡායාරූප පවා සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වුණා.

👉 රජයේ මුදලින් ආහාර ගැනීම සීමා කළ ඔහු රාජකාරියට ගියේ නිවසේදී බිරිඳ විසින් සකස් කරන ලද කෑම පාර්සලයක් අරගෙන. 

👉 ජනාධිපති ධුරයෙන් පසු ඔහු ඉරාන විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු ලෙස නැවත ඉගැන්වීම් ආරම්භ කළා. එකල ඔහු සාමාන්‍ය බස් රථයකින් විශ්වවිද්‍යාලයට යන ඡායාරූප එකල ලෝකය පුරා ප්‍රසිද්ධ වුණා. 

👉 ඔහු සාපේකෂව නිදහස් මතධාරියෙක්. ජනාධිපති ධූරයෙන් ඉවත් වුවත් ඔහු විවිධ වේදිකාවල අදහස් පළ කරමින් ඒ රටේ පැවති පාලනය පවා විටෙක විවේචනය කළා. විශේෂයෙන්ම ඉරානය තුළ කාන්තාවන්ට පනවා ඇති ඇතැම් නීතිරීතිවලට විරුද්ධව ඔහු ප්‍රසිද්ධියේ අදහස් පළ කළා. මේ නිසාම නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ඔහු ඉදිරිපත් කළ නාම යෝජනා ඉරානයේ උත්තරීතර මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවා. 

👉 මහමුද් අහමදිනෙජාද්ගේ පාලන සමය කියන්නේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර සබඳතාවල ස්වර්ණමය යුගයක්. ඒ අතර වැදගත්ම කාරණය තමයි ලංකාවේ බෙදුම්වාදී ත්‍රස්තවාදය පරාජය කිරීමට ඉරානයෙන් ලැබුණු කොන්දේසි විරහිත සහයෝගය. 

👉 යුද සමයේදී ශ්‍රී ලංකාව දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටියදී, ඉරානය ශ්‍රී ලංකාවට මාස 7ක සහන කාලයක් සහිතව බොරතෙල් ලබා දීමට කටයුතු කළා.  

👉 ඒ වගේම බටහිර රටවල් ලංකාවේ ගෙල සිර කරමින් සිටි මොහොතක ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන ඇතැම් තාක්ෂණික උපකරණ සහ මූල්‍ය පහසුකම් ලබා දීමට අහමදිනෙජාද් රජය පසුබට වුණේ නෑ. 

👉 යුද්ධයෙන් පසු ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වැනි ජාත්‍යන්තර වේදිකාවලදී ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර රටවල් ගෙන ආ යෝජනාවලදී ඉරානය නිරන්තරයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටියා. 

👉 අහමදිනෙජාද් පාලන සමයේ ශ්‍රී ලංකාවට ලැබුණු අනෙක් විශාලතම තෑග්ග වුණේ උමා ඔය බහුවිධ සංවර්ධන ව්‍යාපෘතිය. 2008 වසරේදී ඔහු ශ්‍රී ලංකාවේ සංචාරය කරමින් මෙම ව්‍යාපෘතියට මුල්ගල තැබුවා. මෙහි මුළු පිරිවැයෙන් ඩොලර් මිලියන 450කට අධික මුදලක් සහනදායී ණය පදනම මත ලබා දීමට ඉරානය එකග වුණා වගේම ව්‍යාපෘතියේ ඉංජිනේරු සහ තාක්ෂණික කටයුතු සඳහා FARAB වැනි ඉරාන සමාගම් සෘජුවම දායක වුණා. 

👉 ඒ වගේම ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා ඔහු විශාල දායකත්වයක් ලබා දුන්නා.  සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ධාරිතාව දෙගුණ කිරීම සඳහා තාක්ෂණික සහ මූල්‍ය සහය ලබා දීමට ඔහු එකඟ වුණා. ඒ වගේම ලංකාවේ ගම්මාන රැසකට විදුලිය ලබා දීමේ ව්‍යාපෘති සඳහා ඉරානය විසින් ඩොලර් මිලියන ගණනක ප්‍රදානයන් සහ සහන ණය ලබා දුන්නා. 

👉 කලින් සදහන් කළ පරිදි 2014 වන විට ලංකාවේ විදුලිය හිමි නිවාස ප්‍රතිශතය සීයට 98 දක්වා ඉහළ යාමට ඉරානයෙන් ලැබුණු උදව් විශාල හේතුවක් වූ බව අප අමතක කළ යුතු නැහැ.  

👉 වැදගත්ම කාරණය වන්නේ බටහිර මූල්‍ය ආයතන මෙන් අසාධාරණ කොන්දේසි පැනවීම්වලින් තොරව සැබෑ මිතුරෙකු ලෙස මේ සියලු උපකාර ලබාදීමට ඉරානය කටයුතු කිරීම. 

👉 මේ දේවල් කොහොම වුණත් ඔහුගේ ආර්ථික ප්‍රතිපත්ති, ලෝක බලවතුන් හා ගැටුමට යාම, දුප්පතුන්ට සහන දීමේ ක්‍රියාමාර්ග වගේ දේවල් නිසා ඉරාන ආර්ථිකයට දිගු කාලීනව අහිතකර බලපෑම් ඇති වූ බවටත්  චෝදනා  එල්ල වෙනවා. 

👉 මේ තත්ත්වයන් මත ඔහුගෙන් පසුව බලයට පත් හසන් රූහානි ජනාධිපතිවරයා ඇමරිකාව ඇතුළු බලවත් රටවල් සමඟ න්‍යෂ්ටික ගිවිසුමකට අත්සන් තැබුවා. ඔහු අහමදිනෙජාද්ගේ ප්‍රතිපත්ති විවේචනය කළා. 

👉 මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයට නැවතත් ජාත්‍යන්තර වෙළඳපොළට තෙල් විකිණීමේ අවස්ථාව ලැබුණු නමුත් 2018 දී එවකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඒකපාර්ශ්විකව මෙම න්‍යෂ්ටික ගිවිසුමෙන් ඉවත් වුණා. අද ඉරානයට න්‍යෂ්ටික අවි පිළිබද අභූත චෝදනා එල්ල කරන අමෙරිකාවට මේ ප්‍රශ්නය සාමකාමීව විසදා ගැනීමට වුවමනාවක් නොතිබූ බවට මෙය කදිම උදාහරණයක්. 

👉 අද ඔහු අසාධාරණ ලෝක බල දේශපාලනයේ ගොදුරක්ව ඉතාම කනගාටුදායක ලෙස ජීවිතයෙන් සමුගෙන තිබෙනවා. කුමන වාද විවාද මැද වුවත් ඔහු ඉරානය ඉතා ඉහළ තලයකට ඔසවා තැබීමට සුවිශේෂි මෙහෙයක් කළ නායකයෙක්.  මේ මොහොතේ ශ්‍රී ලාංකිකයන් ලෙස ඔහු‍ගෙන් අපට ලැබුණු දෑ ගැනත් අප කෘතඥපූර්වකව සිහිපත් කළ යුතුයි. 

- ඉසුරු ප්‍රසංග

සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.