අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම ඉවතට?.. නව දිසාපති අනුපම මංගල වික්‍රමාරච්චි?
අම්පාර දිස්ත්‍රික්කයේ දේශපාලනය අධිකාරිය සහ අම්පාර දිසාපතිවරයා අතර ඇතිවි තියෙන සීතල යුද්ධය උණුසුම් තත්වය පැමින ඇති බවත්, ඒ අනුව ඉදිරි දින කිහිපය තුල අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතාට සිය පදවිය අත්හැර කොළඹ ප්‍රදේශයට යෑමට සිදුව ඇති බවත් සමාජ මාධ්‍ය මගින් තොරතුරු වාර්තා කර ඇත.
අම්පාර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය කිරිමට යෝජනා කරන සමහර අනීතික ක්‍රියා දිසාපතිවරයා ක්‍රියාත්මක නොකිරීම නිසා දිසාපතිවරයා සමග උරණවි ඇති නියෝජ්‍ය අමාත්‍යවරයා ඔහු අම්පාර දිසාපති තනතුරින් ඉවත් කිරිමට පෙරමුණ ගෙන ඇති බවත් එම තොරතුරු හරහා අනාවරණය කෙරෙයි.
අම්පාර ගල්ඔය පාලම අසල කිලෝමිටර් 02 ක් ඇතුලත වැලි බලපත්‍ර දිම පිලිබදව 2022 වසරේදි නැවැත් වු අතර වර්ථමාන රජය පැමිනිමෙන් පසුව ගිය වසරේ දි දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේදි කරන ලද යෝජනාවක් අනුව එය කිලෝමිටර් 1 දක්වා අඩුකර මාලිමා රජය බලයට පත් කිරිමට කටයුතු කල පිරිසකට දීමට සුදානම් කර ඇති බවත්, පසුව මෙරට ප්‍රධාන මාධ්‍ය තුලින් මෙම අනීතික ක්‍රියාව නිසා ගල්ඔය පාලමට සහ ගල්ඔය ගගට වන හානිය පිලිබදව දැඩි ලෙස හෙලිදරව් කිරිමත් සමගම මුවංගල ග්‍රාම අංක තුන ප්‍රදේශයේ වැලි තොටුපලවල් පහක බලපත්‍ර අත්හිටුවන ලෙසට වසන්ත පියතිස්ස නියෝජ්‍ය ඇමතිවරයා විසින් අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතාට දුරකථනයෙන් උපදෙස් දි ඇති බවත් වාර්තා වේ.
ඒ අනුව දිසාපතිවරයා විසින් භු විද්‍යා සහ පතල් කාර්යංශයේ අම්පාර කැණිම් ඉංජිනේරුවරයාට මේ පිලිබදව ලිඛිතව දැනුම් දි තිබේ.
දිසාපතිවරයා යවන ලද ලිපියේ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා සමග කරන ලද දුරකථන සංවාදය හා බැදේ යනුවෙන් සදහන් කර තිබේ. (ලිපිය පහත දැක්වේ )
දිසාපති චින්තක අබේවික්‍රම මහතාට අම්පාර දිස්ත්‍රික්කයෙන් පිටව යෑමට සිදුවු ආසන්නම සිදුවිම මෙය බව දිසාපති කාර්යාලයේ සේවකයින් පවසති.
මෙම සිදුවිම සමග අම්පාර දිස්ත්‍රික්කයේ රාජ්‍ය පරිපාලන සේවයේ නිළධාරින් වැඩි පිරිසක් දැඩි කල කිරීමකට පත්ව ඇති අතර මෙම රජය පත් කිරිමට දැඩි ලෙස උදව් කරන ලද රාජ්‍ය සේවකයින්ද කල කිරීමකට පත්ව ඇති බව උසස් නිළධාරියෙක් අනාවරණය කර ඇති බවත් එම තොරතුරුවල දක්වා ඇත.
අම්පාර දිසාපති චින්තක අබේවික්‍රම මහතා අම්පාර දිස්ත්‍රික්කයේ සෑම ජන කොටසක් සමගම සුහදව කටයුතු කල අතර දෙමළ සහ මුස්ලිම් ජනතාව අතර ජනප්‍රිය චරිතයක් වි තිබේ. අම්පාර දිස්ත්‍රික්කයේ ගොවි සංවිධාන නියෝජිතයින් සමගමද අම්පාර දිසාපතිවරයා සුහදව කටයුතු කර ඇති නිසා ඔහුගේ හදිසි ස්ථාන මාරුවට ගොවි සංවිධාන වල විරෝධය මතුවෙමින් ඇති බවත් සඳහන් ය.

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්