22 ට 2/3ක් ලැබී සම්මත වේවිද?....
ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයේ මුලික අඩිතාලම වන්නේ ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය අතර පවතින බලතුලනය සහ ස්වාධීනත්වයයි. ශ්‍රේෂ්ඨාධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව වසර දෙකකින් (අවුරුදු 65 සිට 67 දක්වා) දීර්ඝ කිරීම අරමුණු කරගත් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාව, මෙරට නීතිමය සහ දේශපාලනික ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයකට ලක්වූ මාතෘකාවකි.
මෙම සංශෝධනයට පක්ෂව ඉදිරිපත් වන ප්‍රධාන තර්කය වන්නේ පරිණත හා විශාල අත්දැකීම් සම්භාරයක් සහිත ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය තවත් කාලයක් ලබා ගැනීමට හැකිවීමයි. අධිකරණ පද්ධතියේ පවතින නඩු ප්‍රමාදය අවම කිරීමට සහ විනිශ්චයකාරවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම් වූ ගුණාත්මකභාවය පවත්වා ගැනීමට මෙය හේතුවක් වන බවට රජය පාර්ශවයෙන් තර්ක කෙරිණි.
කෙසේ වෙතත්, මෙම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වූ ආකාරය සහ එහි පසුබිම දෙස බලන විට බරපතල ප්‍රශ්නාර්ථයන් මතුවේ. ප්‍රධානතම ගැටලුව වන්නේ මෙවැනි සංශෝධනයක් දැනට සේවයේ නිරත වත්මන් විනිසුරුවරුන්ට ක්ෂණිකව බලපාන පරිදි සකස් කිරීමයි. යම් නීතියක් සම්මත කළ යුත්තේ පොදු යහපත උදෙසා මිස, දැනට තනතුරුවල සිටින නිශ්චිත පුද්ගලයන්ගේ ධුර කාලය දීර්ඝ කිරීමේ අරමුණින් නොවේ. වත්මන් අග්‍රවිනිශ්චයකාරවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් විශ්‍රාම යාමට ආසන්නව තිබියදී මෙවැනි සංශෝධනයක් වේගවත්ව ගෙන ඒම තුළින්, විධායකය සහ අධිකරණය අතර යම් අනිසි සබඳතාවයක් පවතින බවට චෝදනා එල්ල වීම බැහැරකල නොහැක. ජනමාධ්‍යවල ජනාධිපතිවරයාට වත්මන් අගවිනිසුරුතුමා තව වසර දෙකක් සේවයේ රඳවාගෙන සිටීමට අවශ්‍යය යැයි තම පක්ෂ මූලස්ථානයේදී පවසා සිටියා යැයි සඳහන්වීම මෙම සැකය වර්ධනය වීමට පසුබිම්ව ඇත.
විශේෂයෙන්ම, මෙම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පැවැති පෙත්සම් විභාගයේදී විනිසුරු මඬුල්ල පත්කිරීමේ ක්‍රියාවලිය පිළිබඳවද බරපතල විවේචන එල්ල විය.
* සම්පූර්ණ විනිසුරු මඬුල්ලක් (Full Bench) නොදීම: මෙම සංවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය කරුණ විභාග කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණයේ සමස්ත විනිසුරු මඬුල්ලම (Full Bench) කැඳවන ලෙස ඉල්ලීම් තිබුණද, එවකට සිටි විනිසුරුවරුන් 13 දෙනාගෙන් යුත් සම්පූර්ණ මඬුල්ල වෙනුවට පස්දෙනෙකුගෙන් යුත් විනිසුරු මඬුල්ලක් පමණක් පත්කිරීම ගැටලුසහගත විය.
* ජ්‍යෙෂ්ඨත්වය මඟහැරීම සහ අභිමතය පිළිබඳ සැකය: අග්‍රවිනිශ්චයකාරවරයාට නඩු විභාග සඳහා විනිසුරු මඬුලු පත්කිරීමේ අභිමතයක් සහ බලයක් නීතියෙන් හිමිව තිබුණද, එම අභිමතය තර්කානුකූල විය යුතු අතර කිසිසේත්ම මහජන සැකයට භාජනය නොවිය යුතුය. නමුත් මෙහිදී ජ්‍යෙෂ්ඨත්වයෙන් 2, 3, 4 සහ 5 වන ස්ථානවල සිටි ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන් සම්පූර්ණයෙන්ම මඟහැර, ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩුම එනම් 13 වන ස්ථානයේ සිටි විනිසුරුවරයා පවා පංච පුද්ගල මඬුල්ලට පත්කිරීමට කටයුතු කර තිබිණි.
* සංශෝධනයේ අරමුණටම පටහැණි වීම: රජය මෙම සංශෝධනය ගෙන ඒමට ඉදිරිපත් කළ ප්‍රධාන අභිප්‍රාය වූයේ "ජ්‍යෙෂ්ඨ විනිසුරුවරුන්ගේ සේවය සහ පරිණතභාවය වැඩි කාලයක් ලබාගැනීම" යන්නයි. නමුත් එකී ව්‍යවස්ථා සංශෝධනයේ නීතිමය භාවය විනිශ්චය කිරීමට ජ්‍යෙෂ්ඨතම විනිසුරුවරුන් මඟහැර කටයුතු කිරීම තුළින්, රජය සහ අධිකරණය කියන කතාව සහ ප්‍රායෝගික ක්‍රියාකලාපය අතර පවතින පරස්පරතාව මැනවින් පැහැදිලි වේ.
මෙලෙස ජ්‍යෙෂ්ඨත්වයේ අනුපිළිවෙල සහ සම්ප්‍රදායන් උල්ලංඝනය කරමින් විනිසුරු මඬුල්ල පත්කිරීම මඟින්, අග්‍රවිනිශ්චයකාරවරයාගේ අභිමතය පවා දැඩි ලෙස ප්‍රශ්න කෙරුණු අතර, එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් තොර සහ දූෂිත ස්වරූපයක් ගන්නා බවට මහජනතාව සහ නීති ක්ෂේත්‍රය තුළ ප්‍රබල සැකයක් නිර්මාණය විය.
එක අතකින් ජේෂ්ඨත්වයෙන් තොර විනිසුරුවරුන් විනිශ්චය මංඩලයට පත්කරන අතර අධිකරණ කටයුතු භාර ඇමතිතුමා විසින් තීන්දුව ජනමත විචාරණයකින් තොරව පාර්ලිමේන්තුවේ 2/3 ක ඡන්දයකින් පමණක් සම්මත කරගැනීමට හැකිවන සේ ලැබේවි යැයි පුරෝකතනයකින් සැකයක් ඇති කිරීමද අධිකරණයේ ස්වාධීනත්වය හා මඬුල්ලේ සංයුතිය පිළිබඳව අවිශ්වාසය තීව්ර කරයි.
අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට නම් අධිකරණය සහ විධායකය අතර පැහැදිලි පරතරයක් තිබිය යුතුය. විධායකය හෝ අධිකරණයේ ඉහළ නිලධාරීන් විසින් තම වාසිය උදෙසා මෙවැනි තීන්දු ගන්නේ යැයි සමාජගත වුවහොත්, එය අධිකරණය කෙරෙහි මහජනතාව පමණක් නොව ජාත්‍යන්තරයද තබා ඇති විශ්වාසය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමට හේතුවේ.
අවසාන වශයෙන්, විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම ප්‍රතිපත්තියක් ලෙස සාකච්ඡා කළ හැකි වුවත්, එය ක්‍රියාත්මක කළ ආකාරය, ඊට අදාළ කාලවේලාව සහ විනිසුරු මඬුලු පත්කිරීමේදී සිදුවූ අක්‍රමිකතා පිළිබඳ දැඩි විවේචනයක් පවතී. අධිකරණයේ ස්වාධීනත්වය යනු හුදෙක් නීති පොතට පමණක් සීමා නොවී මහජනතාවගේ මනස තුළද තහවුරු විය යුත්තකි. එම නිසා, අනාගතයේදී මෙවැනි ව්‍යවස්ථාමය වෙනස්කම් සිදුකිරීමේදී පුද්ගල සාධකවලින් තොරව, පුළුල් සංවාදයකින් හා විනිවිදභාවයෙන් යුතුව සමස්ත රටේම අනාගත යහපත උදෙසා පමණක් කටයුතු කිරීම වගකිවයුතු රජයක වගකීම වේ.
- යසස් ධර්මදාස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්