News Category
From Date
To Date
Maximum Number of Result

මේ තක්කඩියා කවුද?..

Sep 4, 2026 at 06:31 AM
|

තමන් මහා ඉතිහාසඥයෙක් කියලා මහාචාර්ය ලයිසන් එකක් කරේ එල්ලගෙන සමාජ මාධ්‍ය වේදිකාවල පිනුම් ගහන නිර්මාල් රංජිත් දේවසිරි කටින් කියන දේවල් සහ දිවෙන් කියන දේවල් අතර ‍ලොකු වෙනසක් තියෙනවා. අපි මුලින් ම, ඒ වෙනස තේරුම් ගනිමු.

මෙතැන පහළින් උපුටලා දක්වලා තියෙන්නේ මේ හාදයා කියපු කුපාඩි කතාවකට විරුද්ධව ප්‍රහාරයක් එල්ලවුණාට පස්සේ හුළං බැහලා කරපු තෙපරබෑමක්. 2026 අගෝස්තු 17 වැනි දා කරපු මේ තෙපරබෑමේ විනාඩි 8 යි තප්පර 24 වෙලාවේ ඉඳලා විනාඩි 12 යි තප්පර 58 දක්වා කරපු තෙපරබෑම එහෙම පිටින් ම පහළින් දක්වලා තියෙනවා. විනාඩි 9 යි තප්පර 46 ට “මගේ පුරාණ” කියපු ගමන් ම, මේ යකා තමන් කියන්න හදපු කතාවේ ඉතුරු ටික ගිලිනවා. ඉතින් ඒකත් මේ තෙපරබෑමේ ම කොටසක් විදිහට සළකන්න අපිට සිද්දවෙනවා.

=== === === === ===

(8:24)

“මම මේ මුලින් ම කියන්න ඕනේ මම මේ ඔය පැරණි ඉතිහාසය පිළිබඳව අ විශේෂඥයෙක් නෙමෙයි. ඒ කියන්නේ වෙන විදිහකින් කියනවා නම් ඒ පැරැණි ඉතිහාසය ඒ පැරැණි ඉතිහාසය ඒ ඉතිහාස මාතෘකා පිළිබඳව විශේෂඥෙක් නෙමෙයි.

දැන් අ එහෙනම් මොකක්ද මම මගේ පැරැණි ඉතිහාසය පිළිබඳව මගේ තියෙන උනන්දුව මොකක්ද? මෙන්න මේක හොඳට පැහැදිළි කරගන්න. කැමති අය මේක පැහැදිළිව අහගන්න. කැමති අයට විතරක්. අනිත් අයට වැඩක් නෑ මේක. මගේ මේ මගේ උනන්දුව මොකක්ද? මෙතන තියෙනවා අපි අවබෝධ කරගත යුතු දෙකක්. එකක් යම් යම් මේ මාතෘකා.

උදාහරණයක් විදිහට අපි හිතමු මේ ඔය මහින්දාගමනය කියලා කියමු. මහින්දාගමනය, විජයාගමනය මේ වගේ දේවල්වලට අදාළ ඒ ඓතිහාසික පසුබිම පිළිබඳ ක්‍ෂේත්‍රය. මේවා ගැන අ මම අ මම මම මගේ පර්යේෂණ ක්‍ෂේත්‍රය නෙමෙයි ඒවා.

උදාහරණයක් විදිහට දැන් ඔය ගොඩක් කියලා කියනවා ඒ ඉන්දියාවේ මේ පිළිබඳව කැනීම්වලින් තියෙනවා දේවල්. මේ inscriptions නැත්නම් අභිලේඛනවල තිබෙන දේවල්. අසෝක ලිපි-වල තිබෙන මේ පිළිබඳව තිබෙන දේවල්. මේවා මේවා පිළිබඳව අ හොයලා බලලා පරේෂණ කරන කෙනෙක් නෙමෙයි මම.

ඒක ඇවිල්ලා ඉතින් මේ පැහැදිළිව කියන්න ඕනනේ. ඒක ඒක මගේ ක්‍ෂේත්‍රය නෙමෙයි. විශේෂයෙන් ම මගේ පුරාණ”

(9:46)

“හැබැයි මගේ උනන්දුව තියෙන්නේ - අපි ඒකට කියනවා Historiography කියලා. මේ සම්බන්ධව පළවෙලා තිබෙන ඓතිහාසික ලේඛන - දැන් උදාහරණයක් විදිහට අපි කියමු අ දැන් මේ මේ සම්බන්ධව මහින්දාගමනය පිළිබඳව ලංකාවේ ඉතිහාස අර්ථ කථිකයින් අපි ඉතිහාසඥයින් කියලා කියන්නේ. ඉතිහාස අර්ථ කථිකයින් ලියලා තියෙනවා. මේ පිළිබඳව උදාහරණයක් විදිහට ලංකා විශ්වවිද්‍යාලයේ ‘ලංකාවේ ඉතිහාසය’ ගත්තොත් ඒ වගේ තවත් ගත්තොත් මේවා ලියලා තියෙනවා. හරි ‘ලක්දිව බුදුසමයේ ඉතිහාසය’ කියලා ඔය අ මේ අපේ වල්පොල රාහුල හාමුදුරුවන්ගේ කෘතියක් තියෙනවා. ඔය මේ ඊ. ඩබ්ලිව්. අදිකාරම් මේ වගේ අය මේ වගේ අය ලියලා තියෙනවා.

දැන් මේ මේ ලියලා තියෙන දේවල්වලට මේ නූතන අපි ඒකට කියනවා මේ ඒ නූතන ඉතිහාස අර්ථ කතිකයන් - ඒ කියන්නේ මොඩර්න් historical කමන්ටේටස්ලා කියලා කියමු. ඒමොඩර්න් historical කමන්ටේටර්ස්ලා කියන අය මේ පිළිබඳව ලියලා තියෙන දෙයක් තියෙනවා. අපි මේකට කියනවා Historiography. මෙන්න මේ Historiography එක ගැන තමයි මගේ ඇත්තට ම මගේ වැඩි උනන්දුව තියෙන්නේ.

මොකද ඒක උනන්දුව තියෙන්නේ ප්‍රධාන හේතුවක් තමයි අපේ විශ්වවිද්‍යාලයේ ඒ උපාධි අපේක්‍ෂකයන් සඳහා ඒ “ලංකාවේ ඉතිහාසකරණය” කියන පාඨමාලාව මේ පවත්වන්නේ මම නිසා. එතකොට ඒ මගේ උනන්දුවක් තියෙනවා ඒ ඉතිහාසකරණය. එතකොට මේ කොහොම ද මේ ඉතිහාසය ලියලා තියෙන්නේ. එතකොට මම බලනවා. දැන් මේක දෙකක්.

මේක හොඳින් මතක තියාගන්න. මේක අවශ්‍ය අයට නැවතත් මම කියන්නේ. අර දැන් කවුරු හරි හොයනවා නම් මේ ඒ මිහිඳු හාමුදුරුවෝ පිළිබඳ අ ඉතිහාසය හොයලා බලලා සංග්‍රහ කරන්න ඕනේ.. දැන් මගෙන් මගෙන් ඇහුවට වැඩක් නැහැ. මගෙන් ඇහුවට වැඩක් නැහැ. මේ ඔයා මේවා දන්නවා ද මෙහෙම කියලා. මම එතකොට මම කියන්නේ මම උනන්දුවෙන්නේ මේ තියෙන ඒ ඓතිහාසික ඒ මූලාශ්‍ර කියලා කියන දේවල් - ඒවායින් තොරතුරු හොයලා, සම්පාදනය කරලා තිබෙන විග්‍රහයන් තියෙනවා. ඒ කියන්නේ ඉතිහාසකරණයක් තිබෙනවා. හිස්ටොරිකල් කමන්ටරීස් තියෙනවා. ඓතිහාසික අර්ථ කථන තිබෙනවා. එතන ඇවිල්ලා මේ අදිකාරම්ගේ ඉඳලා අ මේ ලෙස්ලි ගුණවර්ධනගේ මේ මේ ඔය මේ වල්පොළ රාහුල හාමුදුරුවෝ ඒ වගේ විශාල පිරිසක් වර්තමානය දක්වා මේ ගැන ලියලා තියෙනවා.

ඉතින් ඒවා කියවලා බලපුවහම අ සහ ඊ ළඟට තිබෙනවා අපේ සාමාන්‍ය පොදුජන විඤ්ඤාණයක්. අපි සාමාන්‍ය පොදුජන විඤ්ඤාණයක් තිබෙනවා මේ මේ මහින්දාගමන ආශ්‍රිතව. අපි ඒ ගැනනේ මෙතන කතා කරන්නේ. ඒ පිළිබඳව එහෙම පොදුජන විඤ්ඤාණයක් තිබෙනවා. මෙන්න මේවා තමයි මගේ උනන්දුව කියන්නේ. මගේ උනන්දුව තියෙන ක්‍ෂේත්‍රය දෙක මේ. ඒ කියන්නේ අ අපි හිතමු මගේ පුළුල් උනන්දුව කියන ක්‍ෂේත්‍රය තමයි ඉතිහාස විඤ්ඤාණය.”

12:58

=== === === === ===

මේ කියන විදිහට, මහාවංශය වගේ ඓතිහාසික, පුරාණ මූලාශ්‍ර ගැන ගැටලුවක් මේ යකාට දැන් නෑ. තමන් ඒ පැරැණි මූලාශ්‍ර ගැන වදවෙන්නේ නෑ කියලා මේ යකා දැන් කියනවා. තමන් වදවෙන්නේ ඒ ඓතිහාසික, පුරාණ මූලාශ්‍ර පදනම් කරගෙන මෑත කාලයේ ඉතිහාස අටුවාකාරයන් ලියලා තියෙන දේවල් ගැන විතරයි කියලයි මේ යකා දැන් අවධාරණය කරන්නේ. ඉතින් මේ යකා කියන විදිහට, තමන් “ඉතිහාස සම්පාදන අධ්‍යයනය” (Historiography) කියන වැඩේට බැහැලා ඉන්න කෙනෙක්. ඊට අමතරව, තමන්ට “ඉතිහාස විඥානය” (Historical consciousness) ගැන “පුළුල් උනන්දුවක්” තියෙනවා කියලත් මේ යකා කියනවා.

“ඉතිහාස සම්පාදන අධ්‍යයනඥයෙක්” (A historiographer) වෙන්න නම් අදාළ ප්‍රාථමික මූලාශ්‍ර සහ ද්විතීයික මූලාශ්‍ර ගැන හොඳ දැනුමක් තියෙන්න ඕන. තමන් දන්නේ නැති, තමන්ට කියවලා තේරුම්ගන්න බැරි ඉතිහාස වාර්තාවක් ලියලා තියෙන්නේ කොහොම ද කියලා අටුවා ටීකා ලියන්න කාටවත් බෑ.

ඉතිහාස සම්පාදන අධ්‍යයන කාර්යයේ දී, විවේචනාත්මක චින්තනය (Critical thinking) වැදගත් තමයි. හැබැයි මූලාශ්‍රවලින් තොරතුරු ලබාගත්තාට පස්සේ තමයි විවේචනාත්මක චින්තනය ඉස්සරහට එන්න ඕන. අවශ්‍ය මූලික තොරතුරු නැතුව විවේචනාත්මකව අධ්‍යයනය කරන්නේ (විග්‍රහ කරන්නේ) අහවල් බම්බුවක් ද?

ඉතිහාස සම්පාදන අධ්‍යයන කාර්යයට නැතුව ම බැරි තවත් අවශ්‍යතාවක් තියෙනවා. ඒ තමයි භාෂා ප්‍රවීනතාව. මහාවංශය වගේ මූලාශ්‍ර හදාරන්න නම් පාලි භාෂා දැනුම නැතුව ම බෑ. ඒ වගේ ම, සිංහල භාෂා ප්‍රවීනතාවත්, මේ විෂයය ගැන ඉංග්‍රීසි භාෂාවෙන් සෑහෙන අධ්‍යයන කටයුතු සිදු කරලා තියෙන හින්දා ඒ භාෂාවේ ප්‍රවීනතාවත් අත්‍යවශ්‍යයි. පුංචි සිංහල වාක්‍යයක්වත් හරියට ලියාගන්න බැරි ආබාධිතයෙක්ට මේ භාෂා ප්‍රවීනතාව තියෙනවා කියලා හිතක්ක පුළුවන් ද? එහෙම භාෂා හැකියාවක් නැතුව ඉතිහාස වාර්තා තේරුම්ගන්නේ, ඒවා ලියලා තියෙන විදිහ තේරුම්ගන්නේ කොහොම ද?

ඉතිහාස වාර්තාවල හැඩ රුව හොයන කෙනා ඒ වාර්තා පිටිපස්සේ තියෙන මූලධර්ම, න්‍යාය සහ අදාළ ඓතිහාසික සන්දර්භය තේරුම් ඇරැගෙන තියෙන්නත් ඕන. මේ අඥාන පුද්ගලයාට එහෙම අවබෝධයක් තියෙන බවට ලකුණක්වත් නෑ.

ඉතින් මේ යකා තමන්ගේ හෙළුව වහගන්න ඉස්සරහට දාන Historiography කතාව ඇත්තක් නෙවෙයි. ඒ, තමන්ගේ සැබෑ ස්වභාවය වහගන්න එල්ලගෙන ඉන්න වහන්තරාවක් විතරයි.

ඊ ළඟට, මේ යකා “ඉතිහාස විඥානය” (Historical consciousness) ගැන කියවන පම්පෝරිය ඇත්තක් ද කියලා අපි හොයලා බලමු.

 “ඓතිහාසික විඥානය” ගැන හොයන, අධ්‍යයනය කරන අය අතර ඉතිහාස න්‍යායවාදියෝ (Theorists of history), ඉතිහාසය පිළිබඳ දාර්ශනිකයෝ (Philosophers of history) ඉන්නවා. ඓතිහාසික වාර්තාවලින් ඉස්මතු කරගන්න වියුක්ත මූලධර්ම, අර්ථ සහ ඒවා ගොඩනැගිලා තියෙන ඉතිහාසමය ආකෘති වගේ දේවල් ගැන තමයි ඉතිහාස න්‍යායවාදියෝ හොයන්නේ. මෙහෙම අය තමන්ගේ අධ්‍යයන ආශ්‍රයෙන් හඳුනාගන්න, ගොඩ නගාගන්න අදාළ න්‍යාය ඉදිරිපත් කරනවා. තමන් හඳුනාගන්න න්‍යාය, මූලධර්ම සහ ආකෘති ආශ්‍රයෙන් තමයි ඉතිහාසය පිළිබඳ දාර්ශනිකයෝ ඉතිහාස වාර්තාකරණයට අදාළ දෘෂ්ටිමය පදනම් ඉස්මතු කරගන්නේ. ඉතිහාස න්‍යායවාදියෝ ඉතිහාස වාර්තාකරණයේ ප්‍රායෝගික භාවිතාවන්, විශ්ලේෂණ විධි සහ ආඛ්‍යාන රටා ගැන වැඩි අවධානයක් යොමු කරනවා. ඉතිහාස දර්ශනවාදීයෝ ඉතිහාස වාර්තාකරණ ක්‍රියාවලියේ පරමාර්ථ, අභිප්‍රායන් සහ අධ්‍යාත්මික පදනම් විමර්ශනය කරනවා.

මෙන්න මේ වගේ විමර්ශනයකින් සහ වැඩපිළිවෙළකින් තමයි මිනිස්සු ඉතිහාසය අත්දකින්නේ කොහොම ද, තේරුම්ගන්නේ කොහොම ද කියලා අදහසක් (ඒ කියන්නේ මිනිස්සුන්ගේ ඉතිහාස විඥානය ගැන අදහසක්) ඇති කරගන්න පුළුවන් වෙන්නේ. මේ තෙපරබාන්නා හීනෙන්වත් මෙහෙම වැඩක් කරලා තියෙනවා ද?

මේත් එක්ක පළ කරන වීඩියෝව බලන්න. මේ යකා මේ ඉදිරිපත් කරන්නේ “ඉතිහාස සම්පාදන අධ්‍යයනය” (Historiography) තුළින් හඳුනාගත්ත අදහසක් ද? එහෙමත් නැතිනම්, “ඉතිහාස විඥානය” (Historical consciousness) ගැන කරපු අධ්‍යයනයකින් හඳුනාගත්ත අදහසක් ද?

නෑ. ඇත්තෙන්ම, මේ හාදයා “ඉතිහාස සම්පාදන අධ්‍යයනඥයෙක්” (A historiographer) නෙවෙයි. ඒ වගේ ම, මූ මිනිස්සුන්ගේ “ඉතිහාස විඥානය අධ්‍යයනය කරන්නෙක්” (A scholar of historical consciousness) විදිහට හඳුන්වන්නත් බෑ.

එහෙම නම්, මූ කවුද?

ප්‍රතිශෝධනවාදී ඉතිහාසඥයෝ (Revisionist historians) කියලා ජාතියකුත් මේ ලෝකයේ ඉන්නවා. එහෙම අය සම්මත, සම්ප්‍රදායිකව එහෙම නැතිනම් පොදුවේ පිළිගත්ත ඉතිහාස කතා සහ මතවාද ප්‍රශ්න කරනවා. හැබැයි එහෙම කරන අයත්, ඒ වෙනුවෙන් අලුත් සාක්‍ෂි, අලුත් අර්ථකථන ඉදිරිපත් කරනවා. කිසිම පදනමක් නැතුව අරක බොරුවක්, මේක බොරුවක්, අරක මිථ්‍යාවක්, මේක මිථ්‍යාවක් කියලා කියවන එකෙක් ප්‍රතිශෝධනවාදී ඉතිහාසඥයෙක් විදිහට සළකන්නත් බෑ.

එහෙම නම්, ඇත්තට ම මූ කවුද?

“ජනමතය විකෘති කරන්නෝ” (Distorters of public opinion) කියලා අපතයෝ කොට්ඨාශයක් මේ ලෝකයේ ඉන්නවා. මෙහෙම එවුන් ඇත්ත යට ගහනවා. බොරුව උස්සනවා. මිනිස්සු අතර තියෙන මතවාදී එකඟතා බිඳිනවා. මිනිස්සු නොමඟ යවනවා. මිනිස්සුන්ගේ ඔළු අවුල් කරනවා. තනි පුද්ගලයෝ විදිහටත් සංවිධානගත කණ්ඩායම් විදිහටත් මෙහෙම එවුන් මේ වැඩ කරනවා.

දැන් සමාජ මාධ්‍ය පාවිච්චිය වැඩිවෙලා තියෙන හින්දා මෙහෙම අපතයන්ට ඒ අස්සේ හිතිච්ච හිතිච්ච විදිහට කරනම් ගහන්න පුළුවන්. තමක්ට දේශපාලන වාසි ලබාගැනීම වෙනුවෙන්, එහෙම නැතිනම් බාහිර බලවේගවල අතකොළු විදිහට වැඩ කරන්න මෙහෙම අය යොමුවෙලා ඉන්නවා. අධිරාජ්‍යවාදී බලවේග විසින් ක්‍රියාත්මක කරන මනෝවිද්‍යාත්මක යුද්ධවල කුලී හේවායෝ විදිහටත් මෙහෙම එවුන් වැඩ කරනවා. දේශපාලන හරි මූල්‍යමය වාසි ලබාගැනීම, තනතුරු තානාන්තර වගේ වරප්‍රසාද ලබාගැනීම, කුල පීඩනය වගේ වගේ ගැටලු හින්දා ඇතිවෙච්ච සමාජ වෛරය පිරිමසා ගැනීම වගේ පෙළැඹවීම් හින්දා තමයි මෙහෙම එවුන් මේ විනාශකාරී වැඩ කරන්නේ.

යම් යම් හේතු හින්දා පීඩාවට පත්වෙලා ඉන්න සමහර සාමාන්‍ය මිනිස්සු මෙහෙම ජනමතය විකෘති කරන තක්කඩියන්ගේ අනුගාමිකයෝ (Followers) බවට පත්වෙනවා. ඉතින් මෙහෙම අයට යම් ප්‍රමාණයක සමාජ බලයක් නිර්මාණය කරගන්න එකත් අමාරු වැඩක් නෙවෙයි.

එහෙම නම්, මේ යකා කවුද?

- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති

සම්බන්ධිත පුවත් | Related News

චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.
සරණාගතයින් ලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන රෝහින්ග්‍යා අන්තවාදී මුලධර්මවාදීන් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් මහනුවර නගරය කේන්ද්‍ර කරගනිමින් ආරම්භ කර තිබේ.

ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්

උතුර සහ නැගෙනහිර පළාත් තුළ ජාතිවාදී හා බෙදුම්වාදී ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් පවතින බවත්, ඒවා වැළැක්වීමට ආණ්ඩුව වහා පියවර ගත යුතු බවත් පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ.

වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?

ජාතික සංවිධාන විසින් මතුකරන ආගමික අන්තවාදය අවසන් කිරීම සඳහා වූ යෝජනා මොනවාදැයි ලංකා ලීඩර් පාඨකයෝ විමසති. ඒ නිසා ඒ පිළිබඳව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගෙන් නැවත විමසීමට සිදුවිය. මේ ඔහුගේ කතාව,

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.