ජී.එල්. පීරිස්ගේ මධ්‍යස්ථ දෙමල ඩයස්පෝරාව එන්ගේජ් කරගැනීමේ උරචක්‍රමාලාව..
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ (UNHRC) 63 වන සැසිවාරයේ A/HRC/63/18 දරන වාර්තාව මගින් ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවය, ජාතික ආරක්ෂාව සහ අධිකරණ පද්ධතිය බරපතල තර්ජනයකට ලක්ව ඇත.
හමුදා ඉඩම් නිදහස් කිරීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම, බලතල විමධ්‍යගත කිරීම, ආරක්ෂක අංශ "වෙටින්" ක්‍රියාවලියකට ලක්කිරීම සහ ජාත්‍යන්තර විනිසුරුවන් කැඳවීමට බලකිරීම ආදී යෝජනා මගින් පැහැදිලි වන්නේ මානව හිමිකම් මුවාවෙන් ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට විදේශීය බලපෑම් එල්ල වන බවයි.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව අද මුහුණ දී සිටින මෙම අතිශය අභියෝගාත්මක සහ අවදානම් සහගත තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ හිටපු විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා විසින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලබාදුන් අතිශය වැරදි සහ නොමඟ යවන සුළු උපදෙස්ය.
ජිනීවා මානව හිමිකම් කොමිසම මගින් එල්ල කර ඇති චෝදනා සහ පනවා ඇති දඬුවම්වලින් ගැලවීම සඳහා "මධ්‍යස්ථ දෙමළ ඩයස්පෝරාව සම්බන්ධ කරගන්න" (Engage) යනුවෙන් මහාචාර්ය පීරිස් මහතා දුන් උපදෙස පිළිපැදීම නිසා රට අද භූ-දේශපාලනික උගුලක සිරවී ඇත.
එකල Global Sri Lankan Forum (GSLF) සංවිධානය ඇතුලු ජාතික සංවිධාන විසින් ඉතා පැහැදිලිව පෙන්වා දුන්නේ ජිනීවා කොමිසම හමුවේ ඇති ඒකපාර්ශ්වික සහ පදනම් විරහිත චෝදනාවලට එරෙහිව "ස්වාභාවික යුක්තිය" (Natural Justice) ඉල්ලා සිටින ලෙසයි. එනම්, චෝදනා එල්ල කරන පාර්ශවයටම නඩුව ඇසීමට ඇති අයිතිය ප්‍රශ්න කරමින්, ශ්‍රී ලංකාවට සිය නිදහස වෙනුවෙන් පෙනී සිටීමට ඇති නීතිමය හා සදාචාරාත්මක අයිතිය ජාත්‍යන්තරය හමුවේ තහවුරු කරන ලෙසයි.
නමුත් GSLF හා ජාතික සංවිධාන ලබාදුන් එම ප්‍රායෝගික හා ජාතික හිතකාමී උපදෙස පසෙකලා, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ අසාර්ථක මූලෝපාය අනුගමනය කිරීමේ ආදීනව අද මුළු රටම භුක්ති විඳිමින් සිටී. විදේශීය බලපෑම් හමුවේ දණින් වැටී, බෙදුම්වාදී න්‍යායපත්‍රයන්ට ඉඩ සැලසෙන පරිදි කටයුතු කිරීමට පාර කැපූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතාගේ මෙම නොමැදිහත් සහ අලුත් Scientific නොවූ උපදෙස් මාලාව නිසා අද වන විට රටේ ඒකීයභාවය, ආරක්ෂක අංශවල ගෞරවය සහ ජාතික අභිමානය බරපතල ලෙස පාවාදීමට ලක්ව ඇත. මෙවැනි අවරගණයේ රාජ්‍ය තන්ත්‍රික තීන්දු හේතුවෙන් උද්ගත වූ විදේශීය තර්ජන ශ්‍රී ලංකා රජය විසින් වහාම පරාජය කළ යුතුව ඇත.
- යසස් ධර්මදාස
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?