News Category
From Date
To Date
Maximum Number of Result

වන සිහිලේ නැහැවෙන්න! - ගත සිත සුවකරන ‘වන ස්නානය’

Sep 11, 2026 at 05:50 AM
|

ඔබ වනාන්තරයේ ගලක් මත වාඩි වී, දෑස් පියාගෙන, මිනිත්තු කිහිපයක් හුස්ම ගන්නා ආකාරය සිතන්න. ඔබට රථ වාහනවල හඬ නෑසේ. එනමුත් ඔබට පාසිවල තෙතමනය, ශාකවල සුවඳ, තුරු පත් හරහා පෙරී එන වාතයේ සිසිලස දැනේ. ඔබේ හෘද ස්පන්දන වේගය මන්දගාමී වන්නේය. ඔබේ උරහිස් මත රැඳී තිබූ මහත් බරක් ක්‍රම ක්‍රමයෙන්සැහැල්ලු වන්නා සේ දැනෙන්නේය. මෙම වෙනස් ස්වභාවය එක වචනයකට කැටි කර ගත නොහැකි අපූර්ව තත්ත්වයකි. එය ආත්මීයව හා ප්‍රසන්නව දැනේ. එනමුත් එය මැනිය නොහැකි හැඟීමකි. 

නූතන ලෝකය අද එහි කායික විද්‍යාව කෙබඳුදැයි අවබෝධ කරගනිමින් සිටී. වනාන්තරයේදී ඔබට දැනෙන දේ, රුධිරයේ කෝටිසෝල් මට්ටම්වල, ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වයේ, මොළයේ තරංගවල සහ රුධිර පීඩනයේ නිරූපණය වන්නේය. වනාන්තරය මිනිස් සිරුර මත ක්‍රිය‍ා කරන්නේ ඖෂධයක් මෙනි. ඒ, තොරතුරු පත්‍රිකාවක් නොමැතිව, බෙහෙත් වට්ටෝරුවකින් තොරව සහ අතුරු ආබාධ රහිතවය.

ෂින්රින්-යෝකු 

Shinrin-yoku  (ෂින්රින්-යෝකු) යනු ජපන් වදනකි. එහි ජපන් අරුත වන්නේ "වනාන්තර ස්නානය" හෝ "වනාන්තර වායුගෝලය භුක්ති විඳීම" යන්නය. ‘ෂින්රින්-යෝකු’ යනු 1982 දී ජපන් කෘෂිකර්ම, වන විද්‍යා සහ ධීවර අමාත්‍යාංශය විසින් නිල වශයෙන් හඳුන්වා දුන් යෙදුමකි. එය සංචාරක ව්‍යාපාරයක් පමණක් නොවීය. එය, ජපානය මහජන මුදලින් අරමුදල් සපයන සෞඛ්‍ය වැඩසටහනක් බවට පත් විණි. එසේම, වැඩි කල් නොයා ලොව පුරා විද්‍යාඥයින්ගේ අවධානය දිනා ගත් දෙයක් බවට පත්විණි. 

ජපන් සංස්කෘතිය තුළ, වනාන්තර සැමවිටම අධ්‍යාත්මික, චිකිත්සක සහ පොදු අවකාශයක් ලෙස විශේෂ ස්ථානයක් හිමි කරගෙන ඇත. ෂින්ටෝ සහ බෞද්ධ සම්ප්‍රදායන් තුළ වනාන්තරය සැලකන්නේ ගෞරවය ලැබිය යුතු ජීවියෙකු ලෙසිනි. නොඑසේව, සූරාකෑම පිණිස ඇති සම්පතක් ලෙස නොවේ. 1980 ගණන්වල ජපන් සමාජය වේගයෙන් නාගරීකරණය වූ විට සහ ජීවන රටා රෝග සහ කායිකව හා මානසිකව විඩාවට පත්වීමේ අනුපාතය ඉහළ යාමට පටන් ගත් විට, වනාන්තරය වෙත නැවත පැමිණීම නිල වශයෙන් සිදු කළ ප්‍රතිචාරය වූයේ මෙම Shinrin-yoku ය. මෙහිදී, ජපානය අනුමත කළ වනාන්තර ස්නානය කිරීමේ මංපෙත් 60 කට වැඩි ජාලයක් සඳහා ආයෝජනය කළේය. එපමණක් නොව, මානව සෞඛ්‍යයට වනාන්තරවල චිකිත්සක බලපෑම් අධ්‍යයනය කරන පර්යේෂණ මධ්‍යස්ථාන ගණනාවක්ද ආරම්භ කළේය.

මීට පෙර මෙම සංකල්පය ලොව කොතැනකවත් නොතිබිණි. අද, ෂින්රින්-යෝකු යනු ජපානය, දකුණු කොරියාව, ජර්මනිය සහ තවත් බොහෝ රටවල පිළිගත් සෞඛ්‍ය පිළිවෙතකි. එය නිවාරණ වෛද්‍ය විද්‍යාවේ (preventive medicine) සහ පුනරුත්ථාපන වැඩසටහන්වල අනිවාර්ය අංගයකි. ඒ පිටුපස ඇති විද්‍යාව වඩ වඩාත් දියුණු වෙමින් පවතී. ඒ, මෙය නූතන සමාජයේ නොසලකා හළ නොහැකි කාරණයක් බවට පත් කරමිනි.

වනාන්තරයකදී ශරීරයට සිදුවන දේ

වනාන්තරය ක්‍රියා කරන ආකාරය තේරුම් ගැනීමේ යතුර ඇත්තේ, ශාක මගින් මුදා හරින ජීව විද්‍යාත්මකව ක්‍රියාකාරී වාෂ්පශීලී සංයෝග වන ෆයිටොන්සයිඩ්වල බව පර්යේෂකයෝ පෙන්වා දෙති. විවිධ ශාක විශේෂ විසින් ටර්පීන්, ෆීනෝල් සහ අනෙකුත් කාබනික සංයෝග මිශ්‍රණයක් වාතයට මුදා හරියි. එමගින් කෘමීන් පලවා හැරීම සහ දිලීර සහ බැක්ටීරියා රෝග කාරක වර්ධනය වළක්වන්නේ පෙරළා ශාකයටම ආරක්ෂිත කාර්යයක් ඉටු කරමිනි. වනාන්තර වාතය ආශ්වාස කරන පුද්ගලයෙකුට, ඉන් වන බලපෑම මුළුමනින්ම වෙනස් ය.

ජපානයේ නිපොන් වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂක ක්විං ලී, වනාන්තරවල ගත කරන කාලයෙහි භෞතික විද්‍යාත්මක බලපෑම් මනින පුරෝගාමී අධ්‍යයන මාලාවක් සිදු කර තිබේ. සැබැවින්ම, ප්‍රතිඵල පුදුමාකාරය. වනාන්තරයේ දින දෙකක කාලයක් රැඳී සිටීමෙන් පසු, වෛරස් ආසාදන සහ පිළිකා සෛලවලට එරෙහිව සටන් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරන සුදු රුධිරාණු  ක්‍රියාකාරිත්වය සහභාගිවන්නන් තුළ සාමාන්‍යයෙන් 50% කින් වැඩි විය. එපමණක් නොව, නගරයට නැවත පැමිණීමෙන් පසුවද එහි බලපෑම සතියකට වැඩි කාලයක් පැවතුණි. වනාන්තරයට ගිය එක් කෙටි සති අන්ත සංචාරයකින්, සතියක ප්‍රතිශක්තිකරණ ශක්තියක් ලැබුණි! 

ඒ සමඟම, පර්යේෂකයන් රුධිරයේ සහ ඛේටයේ කෝටිසෝල් (ආතති හෝමෝනය) මට්ටමද මැනීය. නාගරික පරිසරයක එබඳුම කාලයක් ගත කිරීමට සාපේක්ෂව, වනාන්තරයේ ගත කළ කාලය  එය සැලකිය යුතු ලෙස අඩු කළේය. රුධිර පීඩනය පහත වැටුණි. හෘද ස්පන්දන වේගය මන්දගාමී විය. එපමණක් නොව, "සටන්කිරීම හෝ පලා යාම" ප්‍රතිචාරයට වගකිව යුතු ස්නායු පද්ධතියේ (sympathetic nervous system)  ක්‍රියාකාරිත්වය අඩු විය. එනම්, ශරීරය සටන් සූදානමක සිට සුවය ලැබීමේ තත්වයකට මාරු විණි!

ශාක වැදගත් වන්නේ ඇයි?

සෑම හරිත පරිසරයක්ම, ක්‍රියා කරන්නේ එකම ආකාරයකින්‍ නොවේ. ජපානයේ සහ ජර්මනියේ සිදු කරන ලද සංසන්දනාත්මක අධ්‍යයනවලින් පෙනී ගියේ නාගරික උද්‍යානයක ඇවිදීම (හරිත පැහැයෙන් පිරුණු මනාව නඩත්තු කරන උද්‍යානයක පවා), අව්‍යාජ, බහු-විශේෂ පිරුණු වනාන්තරයක් හරහා ඇවිදීම තරම් ශක්තිමත් භෞතික විද්‍යාත්මක බලපෑම් ඇති නොකරන බවයි. ඊට හේතුවන ප්‍රධාන සාධකය ෆයිටොන්සයිඩ් සාන්ද්‍රණය බව පෙනේ. එය, විසිරී ඇති නාගරික ශාක රෝපණයන්ට වඩා, ඝන වනාන්තරයේ කිහිප ගුණයකින් වැඩි ය. මෙහිදී, විශේෂ විවිධත්වය සහ ශාකවල වයසද වැදගත් වේ. විවිධ විශේෂ, ඒවායේ ප්‍රමාණයන් සහ විවිධ ජීවන අවධි සහිත ශා‍කවලින් යුතු පැරණි වනාන්තරයක්, තරුණ ඒකවර්ණ ශාක වගාවකට වඩා පොහොසත්, විවිධාකාර වායු රසායන විද්‍යාවක් නිපදවයි.

මෙය, චිකිත්සකයින්ට සහ හරිත අවකාශ ප්‍රතිසංස්කරණය කිරීමට සම්බන්ධ පුද්ගලයින්ට සිතා බලන්නට වැදගත් කාරණයකි. වනාන්තරයක් යනු "එක තැනක සිටුවන ලද ශාක" යන්නට සමාන පදයක් නොවේ. වනාන්තරයක් යනු, සංකීර්ණ, බහු-විශේෂ, ජීව විද්‍යාත්මක සම්බන්ධතා ජාලයකින් සම්බන්ධ වී ඇති පරිසර පද්ධතියකි.

පසුගිය දශක තුන තුළ, වනාන්තර පරිසරය මිනිස් සෞඛ්‍යයට බලපාන ආකාරය පිළිබඳව විද්‍යාත්මක පත්‍රිකා සිය ගණනක් ප්‍රකාශයට පත් කර ඇත. සහභාගීවන්නන් දස දහස් ගණනක් ආවරණය වන මෙටා-විශ්ලේෂණ පදනම් කොට ගෙන, ශක්තිමත් සංඛ්‍යානමය විශ්වාසයකින් නිගමනවලට එළඹීමට දැන් පිළිවන. මෙහිදී, වඩාත්ම කැපී පෙනෙන සංඛ්‍යා දත්ත කිහිපයක් මෙසේය.

• වනාන්තර ප්‍රදේශවලට ප්‍රවේශ නොවී ජීවත් වන පුද්ගලයින්ට සාපේක්ෂව, වනාන්තර සමඟ නිතිපතා සම්බන්ධතා පැවැත්වීමෙන් මානසික අවපීඩනයේ අවදානම 30-40% කින් අඩු වේ.

• වනාන්තරයේ මිනිත්තු 15 ක ඇවිදීමකින් කෝටිසෝල් මට්ටම සාමාන්‍යයෙන් 12.4% කින් සහ රුධිර පීඩනය 1.9 mmHg කින් අඩු වේ. මෙම තත්ත්වය, ආතතියට ප්‍රතිකාරයක් ලෙස ලබා දෙන ඇතැම් ඖෂධ සමඟ සැසඳිය හැකි ත‍රමේ බලපෑමකි.

• ADHD ඇති දරුවන් වනාන්තර පසුබිමක මිනිත්තු 20 ක ක්‍රීඩා කිරීමෙන් පසු සාන්ද්‍රණයේ සැලකිය යුතු දියුණුවක් පෙන්නුම් කරයි. එය මෙතිල්ෆෙනයිඩේට් අඩු මාත්‍රාවක බලපෑමට සමාන වේ.

• ශාක දෙස ජනේලයකින් බලා සිටි රෝහල්ගත රෝගීන් සාමාන්‍යයෙන් දිනකට පෙර රෝහලින් මුදා හරින ලද අතර, බිත්තියක දර්ශනයක් ඇති රෝගීන්ට වඩා ඔවුහු අඩු වේදනා නාශක ලබා ගත්හ. මෙය රොජර් උල්රිච් විසින් 1984 දී කරන ලද ප්‍රසිද්ධ අධ්‍යයනය වේ.

• දකුණු කොරියාවේ, වයෝවෘද්ධයින් සහ PTSD ඇති පුද්ගලයින් සඳහා වන චිකිත්සක වැඩසටහන් මගින් කළ සැසි හතරකට පසු, පශ්චාත් කම්පන ආතති රෝග ලක්ෂණ 20% කට වඩා අඩුවීමක් පෙන්නුම් කරන ලදී.

කිසිවෙකු වෙනත් කිසිදු ඖෂධයක් නොගත් බැවින් මෙම සංඛ්‍යා වඩාත් කැපී පෙනේ. කිසිවෙකු විශේෂ ශාරීරික හෝ මානසික හෝ අභ්‍යාස සිදු කළේ නැත. ඒ සඳහා අවශ්‍ය වන්නේ වනාන්තරයේ සිටීම, හුස්ම ගැනීම, සවන් දීම, බැලීම පමණි. සුලභ උපක්‍රමයක් ලෙස පෙනෙන මෙය, මේ වන විට වෛද්‍ය විද්‍යාවේ වඩාත්ම ඵලදායී හා ආරක්ෂිත සෞඛ්‍ය මැදිහත්වීම්වලින් එකක් බවට පත්ව තිබේ.

වනාන්තර සහ මානසික සෞඛ්‍යය 

පාරිසරික මනෝවිද්‍යා පර්යේෂකයින්, වනාන්තරයකට ඇතුළු වූ විට අපගේ මනසට සිදුවන්නේ කුමක්ද යන්න අවබෝධ කර ගැනීමට උත්සාහ කර ඇත. අනුපූරක න්‍යායන් දෙකක් ඊට පිළිතුර සපයයි.

1980 ගණන්වල රේචල් සහ ස්ටීවන් කැප්ලාන් විසින් සම්පාදිත Attention Restoration Theory (අවධානය ප්‍රතිස්ථාපන න්‍යාය), ඍජු අවධානය ලෙස හඳුන්වන දේ ප්‍රතිස්ථාපනය කිරීමට ස්වාභාවික පරිසරයන්ට අද්විතීය හැකියාවක් ඇති බව පවසයි. ඍජු අවධානය, බැටරියක් මෙන් ක්ෂය වේ. අවිවේකීව, එය නිරන්තරයෙන් භාවිත කිරීම සංජානන දෝෂ, කෝපය සහ කායික හා මානසික විඩාව ඇති කරයි. කිසිදු උත්සාහයකින් තොරව ඇස ආකර්ෂණය කරන "මෘදු ආකර්ෂණය" සහිත වනාන්තරය (තුරුපත්වල ශබ්දය, ස්වාභාවික ආලෝකයේ වෙනස්වීම්, කුරුල්ලන්ගේ චලනය) අවධානය යොමු කර විවේක ගැනීමට සහ යථා තත්ත්වයට පත් කිරීමට අවස්ථාව සලසයි.

රොජර් උල්රිච් විසින් වැඩි දියුණු කරන ලද Stress Recovery Theory (ආතති ප්‍රතිසාධන න්‍යාය), චිත්තවේගීය හා භෞතික විද්‍යාත්මක ප්‍රතිචාරය කෙරෙහි අවධානය යොමු කරයි. ස්වාභාවික පරිසරයන් ස්වයංක්‍රීය, පරිණාමීයව කේතනය කරන ලද ලිහිල් කිරීමේ ප්‍රතිචාරයක් ඇති කරයි. මන්දයත්, ඒවා වසර සිය දහස් ගණනක් තිස්සේ මිනිසුන්ට ආරක්ෂිත, සම්පත් සපිරි පරිසරයක් විණි. නමුත් නගරය, එහි ශබ්දය, ඓන්ද්‍රීය අධි බර සහ අනපේක්ෂිත බව සමඟ, සුපරීක්ෂාකාරීත්වයේ සහ ආතතියේ යාන්ත්‍රණ ක්‍රියාත්මක කරයි. වනාන්තරය ඒවා නිවා දමයි.

වනාන්තර චිකිත්සාව ප්‍රතිස්ථාපනය කිරීම 

මනෝ වෛද්‍යවරුන් සහ මනෝචිකිත්සකයින් වැඩි වැඩියෙන් මානසික අවපීඩනය, කාංසාව හා බැඳුණු ආබාධ සහ මානසික විඩාව සඳහා ප්‍රතිකාර කිරීම පිණිස අනුපූරකයක් ලෙස forest therapy (වනාන්තර චිකිත්සාව) ඇතුළත් කරමින් සිටී. ස්කැන්ඩිනේවියානු රටවල සහ ජපානයේ, විශේෂිත වන චිකිත්සක මධ්‍යස්ථාන ක්‍රියාත්මක වේ. එහිදී ප්‍රතිකාර වැඩසටහන්වලට නිතිපතා වනාන්තර සැසි, පළමු පෙළ අංගයක් ලෙස ඇතුළත් වේ. ඒ, හුදෙක් විනෝදාත්මක අතිරේකයක් ලෙස නොවේ. එය සායනික ප්‍රතිඵල පිළිබඳ පොරොන්දුවකි. සාම්ප්‍රදායික චිකිත්සක ක්‍රම සමඟ ඒකාබද්ධ වූ විට, වනාන්තර චිකිත්සාව විශේෂයෙන් ඵලදායී බව ඔප්පු වී ඇත. එනම්, ප්‍රතිකාර කාලය කෙටි කිරීම සහ ප්‍රතිඵලවල කල්පැවැත්ම වැඩි දියුණු කිරීම ආදී වශයෙනි.

ෂින්රින්-යෝකු හි යාන්ත්‍රණයන් අවබෝධ කර ගැනීම, තවත් වැදගත් පණිවිඩයක් ගෙන යයි. එනම්, සියලුම හරිතකරණය සමාන නොවන බවයි. සෑම "වනාන්තරයක්ම" (ශාකවලින් වැසී ඇති ප්‍රදේශයක අර්ථයෙන්) එකම චිකිත්සක විභවයක් ලබා දෙන්නේ නැත.

ජර්මනියේ, ජපානයේ සහ තවත් ස්ථානවල සිදු කර ඇති පර්යේෂණවලින් පැහැදිලිව පෙනී යන්නේ පොහොසත් යටි රෝපණයක්, මැරුණු ශාක සහ විවිධ වයස් ව්‍යුහයේ ගස් සහිත, බහු-විශේෂ වනාන්තර, ඒකවර්ණ වන වගාවලට වඩා බලවත් ලෙස ක්‍රියා කරන බවයි. වන වගා ජෛව විවිධත්වය අඩු කර ඇති අතර, වසර කිහිපයක් ඇතුළත වනාන්තරය අතුගා දැමිය හැකි මහා රෝග පැතිරීමේ වැඩි අවදානමක් දරයි. නමුත්, සංරක්ෂිත පරිසර පද්ධති ව්‍යුහයක් සහිත, බහු-විශේෂ වනාන්තරයක්, නිදසුනක් ලෙස, ස්වභාවිකව ව්‍යුහගත වනාන්තරයක් හෝ ස්වභාවධර්මයට සමීප ක්‍රම භාවිතයෙන් ප්‍රතිසංස්කරණය කරන ලද වනයක් සැලකුවහොත්, එය පරිසර පද්ධතියට සහ ඒ හරහා ගමන් කරන පුද්ගලයාට බොහෝ දේ ලබා දෙයි. ගස් සිටුවීම හුදු හරිතකරණයේ රික්තයක් පිරවීමක් ලෙස නොව, අව්‍යාජ පරිසර පද්ධති ගොඩනැගීමක් ලෙස සැලකීම සඳහා මෙය තර්කයකි. 

වන ස්නානයට, ප්‍රායෝගික මාර්ගෝපදේශයක්

ෂින්රින්-යෝකුට විශේෂ උපකරණ, භෞතික සැකසුම් අවශ්‍ය නොවේ. එයට අවැසි එක් දෙයක් පමණි. ඒ, පැවැත්මයි. එය දුර හෝ වේගය ගැන නොව, වනාන්තර පරිසරයේ සවිඥානිකව ගිලීම ගැන ය.

පුහුණුවීමේ මූලික නීති:

• ඔබේ ජංගම දුරකථනය ඔබේ සාක්කුවේ හෝ මෝටර් රථයේ තබන්න. මන්දයත්, වනාන්තරයේදී නිහඬ වීමට අවස්ථාවක් ඇති මොළයේ කලාප, ඩිජිටල් උත්තේජක මඟින් සක්‍රීය කරන බැවිනි. තිරයක් නොමැතිව වනාන්තරයේ පැය දෙකක් ගත කිරීම, අඛණ්ඩව දුරකථනයක් සමඟ පැය හතරක් ගත කිරීමට වඩා බෙහෙවින් ප්‍රබල බලපෑමක් ඇති කරයි.

• සෙමින් යන්න. සුදුසුම වේගය, වේගවත් ඇවිදීම නොවේ. එය සාමාන්‍යයට වඩා මන්දගාමී විය යුතු වේ. පර්යේෂණවලින් පෙනී යන්නේ හොඳම බලපෑම් පැමිණෙන්නේ, කිලෝමීටර 2 - 4 ක දුරක් යාමට පැය 2 කට වඩා කාලයක් ගත කිරීම සමඟ බවයි. වැදගත් වන්නේ පරිසරයට නිරාවරණය වී ගත කරන කාලය මිස, යා යුතු දුර ආවරණය කිරීම නොවේ.

• ඔබේ සියලු ඉන්ද්‍රියයන් සම්බන්ධ කරගන්න. ගසක පොත්ත ස්පර්ශ කරන්න. වැස්සෙන් පසු වනාන්තර ස්ථ‍රයේ සුවඳට, වනාන්තරයේ ශබ්දවලට වෙන වෙනම සංවේදී වන්න. පළමුව දුරස්ථ ඒවා, පසුව අසල ඇති ඒවා වශයෙනි. බහු සංවේදක සම්බන්ධතාවය, චිකිත්සක බලපෑම් ශක්තිමත් කරන බව අධ්‍යයනවලින් තහවුරු වේ.

• මඳක් නැවතී, වාඩි වන්න. වනාන්තරයේ නිශ්චලව සිටීම - ගසක් යට වාඩි වී සිටීම, පාසි මත වැතිරීම - අවම වශයෙන් ඇවිදීම තරම්ම ප්‍රයෝජනවත් වේ. ජපන් සංසන්දනාත්මක අධ්‍යයනවලින් හෙළි වූයේ වනාන්තරයේ විනාඩි 40 ක් වාඩි වී සිටීමෙන්, විනාඩි 40 ක් වනාන්තරයේ ඇවිදීමට සමාන කෝටිසෝල් බලපෑමක් ඇති කරන බවයි.

• ඉඳහිට නොව, වනාන්තරයට නිතිපතා යන්න. එක් වරක් පමණක් කරන සංචාරයක් කෙටි කාලීන බලපෑම් ඇති කරයි. නිතිපතා වනාන්තරයට යාම, (සතියකට හෝ දෙකකට වරක්) වැඩිදියුණු කළ ප්‍රතිශක්තිකරණ පරාමිතීන් සහ නිදන්ගත ආතතිය අඩු කිරීම ඇතුළුව කල් පවතින කායික වෙනස්කම් ඇති කරයි.

රෝපණය කරන ලද සෑම ගසකම වැදගත්කම

ෂින්රින්-යෝකු එක්තරා කදිම දර්ශනයක් වැන්න. එනමුත් එය ගෙන දෙන්නේ, දැඩි දේශපාලනික හා පාරිසරික ප්‍රතිඵල ය. වනාන්තරය වෙතින් සැබවින්ම අප සුවපත් වන්නේ නම්, වනාන්තරවලට ප්‍රවේශ වීම යනු පැහැදිලිවම රටේ මහජන සෞඛ්‍යය පිළිබඳ කාරණයක් වන්නේය. 

බොහෝ අය සති ගණනක් තිස්සේ ස්වභාවික පරිසරයක් සමඟ කිසිදු සම්බන්ධයක් නොමැතිව සිටිති. මෙම තත්වයේ සෞඛ්‍ය ප්‍රතිවිපාක වන්නේ, ඉහළ මානසික අවපීඩනය, කාංසාමය ආබාධ, හෘද රෝග ආදී බොහෝ රෝග තත්ත්වයන්ය.

ඊට පිළිතුර, ගස් සිටුවීමයි. නමුත් ඕනෑම තැනක ගස්, පමණක් නොවේ. ජෛව විවිධත්වය මනසේ තබාගෙන, විවිධ විශේෂ, විවිධ ස්ථරවල වෘක්ෂලතා ව්‍යුහයක් සහ අනෙකුත් ජීවීන් සඳහා ඉඩකඩ සහිතව රෝපණය කරන ලද නාගරික වනාන්තර වේ. නිතිපතා කපන ලද තණකොළ සහ එක් එක් හැඩවලට කපන ලද ශාක සහිත උද්‍යානයකට කිසිදා කළ නොහැකි දෙයක්, එබඳු වනාන්තරයක් අපට ලබා දෙයි. ගමේ, නගරයේ හෝ රටේ හරිත කෝටාවක් පිරවීම සඳහා පමණක් නොව,  පරිසර පද්ධතිය මනසේ තබාගෙන රෝපණය කරන ලද සෑම ගසක්ම වනාන්තර වඩාත් අවශ්‍ය අයට ප්‍රවේශ විය හැකි මොහොතට අපව සමීප කරයි.

එබැවින්, නාගරික පරිසරයන්හි සෞඛ්‍යයට සහාය වන ගස් සිටුවීම වැනි මුලපිරීම් හුදු පරිසර විද්‍යාවට වඩා බහු විෂයයිකව බොහෝ සෙයින් වැදගත් වන්නේ එබැවිනි. විශේෂයෙන්ම, ඒවා වෛද්‍යමය වශයෙන් වැදගත් වේ. 

රෝපණය කරන ලද සෑම ගසක්ම අනාගත වනාන්තරයක කොටසකි. එය කවදා හෝ කෙනෙකුට අවශ්‍ය වනු ඇත. විවේක ගැනීමට, කායික මානසික විඩාවෙන් සුවය ලැබීමට, ලෝකය ඩිජිටල් තිරයකට වඩා විශාල බව දැනගැනීමට එය අවශ්‍ය වනු ඇත.

ෂින්රින්-යෝකු න්‍යායාත්මකව ප්‍රජාතන්ත්‍රවාදීය. එනම්, වනාන්තරයකට ප්‍රවේශ පත්‍රයක් අවශ්‍ය නොවේ. නමුත් එය ප්‍රායෝගිකව ගත්විට විෂමය. මන්ද සැබෑ, සෞඛ්‍ය සම්පන්න වනාන්තරයකට ප්‍රවේශය රඳා පවතින්නේ ඔබ ජීවත් වන ස්ථානය, ඔබ ඊට කෙතරම් භෞතිකව සමත්ද සහ ආසන්නයේ වනාන්තරයක් තිබේද යන්න මත ය. 

පහසුවෙන් ප්‍රවේශ විය හැකි චිකිත්සක වනාන්තර අවකාශ ගොඩනැගීම, සෞඛ්‍යයට අදාළත්වය මනසේ තබාගෙන නිර්මාණය කරන ලද නාගරික වනාන්තර නිර්මාණය කිරීම සහ සැබෑ වනාන්තරයක් යනු කුමක්ද සහ එය ප්‍රතිස්ථාපනය කළ නොහැකි වන්නේ මන්දැයි මහජනතාව දැනුම්වත් කිරීම ආදිය පරිසර සංවිධාන, පළාත් පාලන ආයතන, සෞඛ්‍ය අංශ සහ පුරවැසියන් අතර සහයෝගීතාව අවශ්‍ය කරන කාර්යයන් වේ. නමුත් මේවා මනෝරාජික ඉලක්ක නොවේ. ජපානය මෙය කළේ වසර හතළිහකට පෙරය. තවත් රටවල් ගණනාවක් මෙය අද වන විට අනුගමනය කරමින් සිටින්නේ එහි ප්‍රතිලාභ පැහැදිලිවම දැකිය හැකි බැවිනි.

ලංකාවේද සෞඛ්‍ය අංශවලට, පරිසර ක්ෂේත්‍රයට අදාළ අංශවලට හා සංවිධානවලට, පළාත් පාලන ආයතනවලට හා සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධ අංශවලටද මෙමගින් බොහෝ දුර යා හැකි වනු ඇති බව නිසැකය.

අවශ්‍ය වන්නේ කුඩා පරිමාණයෙන් හෝ ආරම්භයයි.

- අරුණ ඕවිටිගල


සම්බන්ධිත පුවත් | Related News

එදා අපි නුඹලාට ත්‍රස්තවාදීන් එක්ක යුද්ධ කරලා රට නිදහස් කරලා දුන්නා
චීන කොමියුනිස්ට් පක්ෂය විසින් 1953 වසරේ සිට ආරම්භ කරන ලද ‘පස් අවුරුදු සැලසුම්’ යනු චීනයේ සමාජයීය සහ ආර්ථික සංවර්ධනය ඉලක්ක කරගත් මුල් පිරීම් මාලාවකි. මෙම සැලසුම් මගින් ප්‍රධාන වශයෙන් සිදු කෙරෙන්නේ පාරිසරික ආරක්ෂාව, අධ්‍යාපනය සහ කාර්මික ක්ෂේත්‍රවල චීන රජයේ ප්‍රතිපත්ති සහ ප්‍රමුඛතා සංවිධානය සහ ස්ථාපිත කිරීමේ කේන්ද්‍රීය මාධ්‍යයක් ලෙස කටයුතු කිරීමය. නව පස් අවුරුදු සැලසුමක් සකස් කිරීම, සාමාන්‍යයෙන් පවතින සැලැස්මේ මැද භාගයේදී ආරම්භ වේ. මෙය වසර කිහිපයක් පුරා සිදුකරන ඇගයීම්, මූලික පර්යේෂණ කෙටුම්පත් කිරීම සහ සංශෝධන මෙන්ම, මහජන අදහස් ලබා ගැනීම වැනි වට මාලාවකින් සමන්විත වේ. මෙලෙස සකස් කෙරෙන පස් අවුරුදු සැලසුම්, ඒවායේ කාර්යක්ෂමතාව සහ හැකියාවන් මෙන්ම, වේගවත් ආර්ථික වර්ධනය, සංවර්ධනය සහ ආයතනික මූල්‍ය සහ කාර්මික ප්‍රතිපත්ති සඳහා දායක වී ඇති ආකාරය ප්‍රශංසනීයය.
ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි සිරගත වූහ. උන්වහන්සේගේ සිවුර ගලවා ජම්පරයක් අන්දවා ඇතැයි යන ප්‍රවෘත්තිවලින් සමාජ මාධ්‍ය පිරී ඇත. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකට උන්වහන්සේට ජම්පරයක් ඇන්දවීම ප්‍රවෘත්තියක් බවට පත්කර මාධ්‍යයට ප්‍රකාශ කරන්නැයි උපදෙස් දුන්නේ කවුදැයි වෙනමම සොයා බැලිය යුතුය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් දුදස්සනව එළවලා දාපු එක ලොකු ප්‍රශ්නයක් කරගත්ත පිරිසක් ඉන්නවා. කිසියම් සංවිධානයක සාමාජිකත්වයක් දරන කෙනෙක්ට ඒ සංවිධානයේ මූලික පිළිගැනීම්වලට විරුද්ධව කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? කිසියම් ආයතනයක සේවය කරන කෙනෙක්ට ඒ ආයතනයේ විනය එකඟතා නො සළකා කටයුතු කරන්න පුළුවන් කියලා මේ අඥානයෝ හිතනවා ද? තමන්ට ඕන ඕන මගුල් කියවන්න, සංවිධානයක පොදු එකඟතාවලට විරුද්ධව, විනය එකඟතා නො තකා වැඩ කරන්න ඒ සංවිධානවල සාමාජිකයන්ට බෑ.
ඊයේ දිනයේ, මගේ හදවතට ඉතා සමීප, ඒ වගේම Fair Comment හි සමීපතම මිතුරෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඔහු සාපරාධී අපරාධකරුවෙක් නෙවෙයි. ඔහු නීතියෙන් පැන ගිය කෙනෙකුත් නෙවෙයි. ඔහුගේ එකම වරද වුණේ මේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය—වෙනත් පහළ උසාවියක් හෝ අවධානය සොයන මහේස්ත්‍රාත්වරයෙක් නොව, රටේ ඉහළම අධිකරණය—මීට වසර හතකට පෙර ජනාධිපතිවරයෙක් ගත් තීරණයක් ශුන්‍ය කර දැමීමට තීන්දු කිරීම පමණයි. ඒ තීන්දුව අවලංගු කිරීමෙන් ඔවුන් කළේ ඒ මිනිසාවත් අමු අමුවේ දිය කර හැරීමයි.
බ්‍රසීලයේ 2026 මැතිවරණය ජනාධිපති ලූලා ද සිල්වා (Lula da Silva) සහ ෆ්ලේවියෝ බෝල්සොනාරෝ (Flávio Bolsonaro) අතර දැඩි තරගකාරී, අධික ලෙස ද්‍රැවීකරණය වූ සටනක් බවට පත්ව ඇත. මත විමසුම්වලට අනුව, දෙවන වටයේ තරගයකදී දෙදෙනාම කරට කර තත්ත්වයක පසුවන අතර, මැද මාවතේ විකල්පයන්ට ජනප්‍රියත්වයක් ලබා ගැනීමට හැකිවී නොමැත. අපේක්ෂකයින් දෙදෙනාටම 50% ක පමණ ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රතිශතයක් ඇති අතර, එම නිසා මෙම මැතිවරණය බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට වඩා ප්‍රතිවාදියා බලයට පැමිණීම වැළැක්වීම අරමුණු කරගත් එකක් බවට පත්ව තිබේ.
ලෝකයේ දියුණු හෙවත් ධනපති රටවල (developed countries) වෘත්තිකයන්ගෙන් අයකරන පුද්ගල ආදායම් බදු (Personal Income Tax) සහ අනෙකුත් සමාජ ආරක්ෂණ දායකත්ව (Social Security Contributions) ක්‍රමවේද ප්‍රධාන වශයෙන් ප්‍රගතිශීලී බදු ක්‍රමයක් (Progressive Tax System) මත පදනම් වේ. එනම්, ලැබෙන ආදායම වැඩි වීමට අනුරූපව බදු අනුපාතයද ඉහළ යයි.
ලෝක බැංකු වාර්තාවලට අනුව, 2024 වන විටත් නයිජර් (Niger) රාජ්‍යයේ ජනගහනයෙන් 80% කට ආසන්න ප්‍රමාණයකට විදුලිය පහසුකම් නොමැත. එසේ වුවද, එම වසර දක්වාම ලොව විශාලතම යුරේනියම් නිෂ්පාදකයෙකු වන නයිජර් රාජ්‍යය, යුරෝපා සංගමයේ (EU) න්‍යෂ්ටික බලශක්ති අවශ්‍යතාවයෙන් 25% ක්ම සපයමින් මුළු යුරෝපය පුරා පිහිටි නගර සහ ගම්මාන බලගැන්වීමට දායක විය.
2003 අවුරුද්දේ මාර්තු 30 වැනි දා, ඉරාකය ආක්‍රමණය කරපු ඇමෙරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී හවුල් හමුදාවල අවසාන බල ඇණි 2026 සැප්තැම්බර් 30 වැනි දා ඉරාකයෙන් ඉවත්වෙලා ගියා. ජනාධිපති ජෝර්ජ් බුෂ් විසින් “ඉරාක නිදහස් මෙහෙයුම” (Operation Iraqi Freedom) කියන නමින් පටන්ගත්ත මේ අධිරාජ්‍යවාදී ආක්‍රමණය අවුරුදු 23 ක වැඩි කාලයක් ඉරාකය තුළ ක්‍රියාත්මක වුණා. ජනතා ඝාතක ආයුධ හොයනවා කියලා බොරුවක් ගොතලා පටන්ගත්ත ඒ ආක්‍රමණයෙන් වෙච්ච විනාශය ලෝකය ම දන්නවා.

ප්‍රධාන පුවත්

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..

ඉරාන පාලන තන්ත්‍රය විසින් සිය ඛනිජ තෙල් සහ පෙට්‍රෝකෙමිකල් නිෂ්පාදන ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත සංසරණය කිරීම සඳහා භාවිත කළ ප්‍රධානතම රහසිගත නැව් සමූහයට එරෙහිව ඇමෙරිකා එක්සත් ජනපද මුදල් අමාත්‍යාංශය (U.S. Department of the Treasury) විසින් දැඩි සම්බාධක පනවා තිබේ.

ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් වත්මන් සමාජයේ මතුව ඇති ආන්දෝලනාත්මක තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින්, උන්වහන්සේගේ කටහඬේ හෝ ප්‍රකාශන විලාශයේ පවතින රළු බව දෙස පමණක් නොබලා මතු කළ සැබෑ ජාතික කාරණා දෙස රජය සහ ජනතාව අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ අවධාරණය කරති.

එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති

භික්ෂුන්වහන්සේලා බන්ධනාගාර තුළ රැඳී සිටින ආකාරය සහ බන්ධනාගාරයෙන් බැහැරට ගෙන යන ආකාරය පිළිබඳ පවතින නීති සංශෝධනය කරමින් නව නිත්‍ය නියෝග සහ රෙගුලාසි ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්

රට වෙනුවෙන් කැපවූ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් දැඩි මර්දනකාරී වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවට හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා චෝදනා කරයි.

ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා සම්බන්ධ කරගනිමින් Lanka Voice යූටියුබ් නාලිකාව මෙහෙයවූ සංවාදාත්මක වැඩසටහනේදී, වර්තමාන ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය සහ ජාත්‍යන්තර සබඳතා සම්බන්ධයෙන් දැඩි විවේචනාත්මක විශ්ලේෂණයක් ඉදිරිපත් කෙරිණි.

ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.

යටත් විධිත පාලන සමයේ ඉංග්‍රීසි ආණ්ඩුව පවා නොකළ අන්දමින්, අද මේ අනුර කුමාර දිසානායකගේ බෞද්ධ විරෝධී නිවට නියාලු ආණ්ඩුව බෞද්ධයාට හා මේ රටේ භික්ෂූන් වහන්සේලාට උරුම ඓතිහාසික බෞද්ධ සම්ප්‍රදාය කෙලෙසමින්, බුද්ධ නීතිය යටත් කරමින් ශ්‍රී ලංකාවාසි බෞද්ධයා හා බුදු දහම විනාශ කර දමන්නට සැලසුම් කරමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා නගයි.

ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්

අධිකරණ තීන්දුවක් මත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර අන්දවා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගැනීම සම්බන්ධයෙන් සිය දැඩි කනස්සල්ල සහ විමතිය පළ කරමින් ත්‍රෛනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත විශේෂ ඒකාබද්ධ ලිපියක් යොමු කර තිබේ.

ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සිරගත කිරීම සහ උන්වහන්සේගේ චීවරය සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබඳව අවධානය යොමු කරමින්, දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වැඩම කළ මහා සංඝරත්නය කොළඹ මහාධිකරණ භූමිය වෙත රැස්ව සිටිති.

යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි

සෞදි අරාබියේ සහාය ලබන යේමන රජයේ හමුදා, ඉරානයේ සහාය ලබන හූතිවරුන්ට එරෙහිව දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, රතු මුහුද ඉන්දියන් සාගරය හා සම්බන්ධ කරන උපායමාර්ගික Bab el-Mandeb සමුද්‍ර සන්ධිය අවට දරුණු සටන් පැවැත්වෙමින් තිබියදී දෙපාර්ශ්වයම තමන් භූමි ප්‍රදේශ අත්පත් කරගත් බව ප්‍රකාශ කර තිබේ.

ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..

ඥානසාර හිමියන්ගේ සිවුර ගලවා සිරකරු ඇඳුම් අන්දවා විවෘත අධිකරණයට කැඳවාගෙන ඒම මගින් අති බහුතරයක බෞද්ධයින්ගේ සිත් රිදවී ඇති බව ලංකා ලීඩර් පාඨක ප්‍රතිචාරවලින් පැහැදිලි වේ. එම නිසා ලංකා ලීඩර් ඒ පිළිබදව ජාතික සවිධානවල මතය විමසන ලදී. මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ අදහස් ඔහුගේ වචනයෙන්,

සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා මහතා, පෞද්ගලික ඉන්ධන සමාගම්වලට සිය අභිමතය පරිදි ඕනෑම මිලකට ඉන්ධන අලෙවි කිරීමට කිසිදු බාධාවක් නොමැති බව පැවසීය.

කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..

කච්චතිව් දූපත සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර 1974 සහ 1976 වසරවලදී ඇතිකරගත් ගිවිසුම් යළි විවෘත කිරීමට කිසිදු අදහසක් නොමැති බව ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී ඇති බව වාර්තා වේ.

සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් කාර්යාලයේ (OHCHR) විශේෂඥයන් සිව්දෙනෙකු විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කරන ලද පිටු 8කින් යුත් විශේෂ ලිපියක් පිළිබඳව ප්‍රවීණ මාධ්‍යවේදී ධර්ම ශ්‍රී කාරියවසම් මහතා සිය "කාරිගේ චැනල් එක" යූටියුබ් නාලිකාව ඔස්සේ විශේෂ අනාවරණයක් සිදු කර සිටී.

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්

ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ ආරක්ෂක හා යුද සහයෝගීතාවන් ගොඩනගා ගැනීමට උත්සාහ කිරීම තුළින් රට බරපතල භූ-දේශපාලනික අර්බුදයකට මෙන්ම වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමකට තල්ලු වන බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පෙන්වා දෙයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.