මොනරාගල රාජකීය විද්‍යාලයේ ගුරුවරියන් සුදුසාරි ඇඳීම පාසලෙහි පවතින සංස්කෘතියට අලුතෙන් හඳුන්වා දෙන දෙයක් නෙමෙයි..
මොනරාගල රාජකීය විද්‍යාලයේ ගුරුවරියන් සුදුසාරි ඇඳීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යයේ තබා ඇති සටහනක් පහළින් දැක්වේ..
*මොනරාගල රාජකීය විද්‍යාලයේ ගුරුවරියන් හට සුදුසාරි ඇඳීමට පාසලෙහි පවතිනා සංස්කෘතිය අලුතෙන් හඳුන්වා දෙන දෙයක් නෙමෙයි*
එය ඇතැමුන් සමාජගත කරන්නට හදන්නේ අලුතින් ගුරුවරියන්ට සුදුසාරි බලහත්කාරයෙන් අන්දවන්න හදන වැඩක් විදිහටයි.
එය සම්පූර්ණයෙන් වැරදි, කතාවක් 👇
ඒ විතරක් නෙමෙයි. රාජකීය විද්‍යාලයේ ගුරුවරියන්ට සුදුසාරිය විදුහල්පතිතුමා නියෝජ්‍ය විදුහල්පතිවරුන් , හා
අංශභාර ගුරුවරුන් මෙන්ම පාසලේ විශේෂ උත්සව හා ඒ හා අවස්ථාවලදී ..සුදු සාරිය හා සුදු අත් දිග ෂර්ට් එක හෝ අත්කොට ෂර්ට් එක ඇඳීම අවුරුදු පනහකට (50), වඩා වැඩි කාලයක් කිසිදු අයුරකින් වෙනස් නොවී විදුහල්පතිවරු ගණනාවක් යටතේ අඛණ්ඩව පැවති හා මේ වන විටත් පවතින උපසංස්කෘතික ලක්ෂණයක් ,
ඒ බව පාසලට නවක ගුරුවරුන්, ගුරුවරියන් විදිහට පත්වීම් ලබන ,හා ස්ථාන මාරුවීම් ලෙස පාසලට පැමිණෙන සෑම අය කුම තම පත්වීම් ලිපිය අතට ගන්නටත් පෙර විදුහල්පති තුමා විසින් පූර්ණව දැනුවත් කර එම උපසංස්කෘතියට අනුගත වන්නේ නම් පමණක් පාසලේ රාජකාරී කටයුතු ආරම්භ කරන ලෙස සෑම විටම දන්වා සිටිනවා..
ඕනෑම පාසලකට මෙවැනි උපසංස්කෘතීන් ඇතැම් පාසල් වලටම ආවේණික ලක්ෂණයන් පැවතිය හැකියි .
එවැනි දෑ වෙනස් කිරීමට යාමෙන් සිදුවන්නේ පාසල තුල පිල් බෙදීමක් හා ගැටුම්කාරී තත්ත්වයන් නිර්මාණය වීම මෙන්ම දිනෙන් දින එම පාසල කඩා වැටීමට ලක්වීමයි.
අනේ මහතුනේ වැඳලා කියන්නම්🙏🙏🙏 ඉතා අසීරුවෙන් ගොඩනැගුණු රාජකීය හිතේෂි බොහෝ කෙනෙකුගේ අපිරිමිත වෙහෙස-මහන්සියෙන් ඇතැම් විට කඳුළින් ,දහඩියෙන්, රුධිරයෙන් පවා, කැපකිරීම් කරමින් නිර්මාණය කළ පාසලක්....😒✊
රාජකීය විද්‍යාලයේ කීර්ති නාමය කෙලෙසන අයුරින් , ගැටුම් ඇතිවන අයුරින්, විවේචන ගොඩනැගෙන අයුරින්, මතභේද ඇතිවන අයුරින් ක්‍රියා කිරීමට හෝ ක්‍රියාවට නැංවීමට උත්සාහ කිරීමෙන් වලකින්න....
*එය ආත්ම ගානක් පඩිසන්දෙන පාපයක් වනු ඇත*
ආයාචනාත්මකව ඉල්ලා සිටින්නේ කිසිම අයුරකින් දැන හෝ නොදැන එවැනි දේට සම්බන්ධ නොවන ලෙසයි..
🙏🙏🙏..
*👉දැඩි අවධානයට*
👇👇👇
*පාසල් තුළ ගැටලු ඇතිකිරීම තුළින් කිසිදු පාර්ශ්වයක් ජයග්‍රහණය නොලබනු ඇත.*
⭕අවසන් වශයෙන් මෙසේ සටහන අවසන් කරමි 👇👇
රාජකීය හිතේශී ගුරුතුමියනි
ගුරුතුමනි
විවේචනාත්මකව දැකපු මහත්වරුනි
ඔබ ගැන
කිසිම අහිතක් නෑ අපතුළ....
මගේ පාසල සේම ඔබත් අපිට වටිනවා
ගුරු මෑණිවරුනි, පියවරුනි!
*මන්ද ඔබයි අපේ දරුවන්ගේ අනාගතය.*
............
වසර ගණනාවක්,
හෙමි හෙමින් අනේක දුක් ගැහැට හා කැපවීම් කරමින් අපට ඉගැන්වූ,
රාජකීය මාතාව ගොඩ නැගූ
බොහෝ ගුරු මෑණිවරු පියවරු *වයෝවෘද්ධව මේ දෙස බලා සිටිනාබව ඔබ නොදන්නවා ඇති ?ඒ බව අපි නොදනිමු!.
මේ දක්වා
රාජකීය මාතාව
නැගී සිටියේ ඊටම අනන්‍ය වූ මහා පෞරුෂයක් හා ලක්ෂණ සමගයි.....
ඔබ ඊටම ඇලුම් කරමින් මෙම පාසලට ආවේ ඒ නිසයි...
*මහා මූර්තියක් අඹන විට හැම මිටි පහරක්ම මූර්තියේ අවසානයට වැදගත් බව ඒ මූර්ති ශිල්පියා දැනගත යුතුය*
ඇතැම්විට ඔබට එය නොවටිනවා ඇති.....
එහෙත් අපිට ඒ හැම දෙයක්ම වටිනවා
අපි රැක්ක...
අපි දැක්ක ඒ ....හැම දෙයක්ම..
අපිට වටිනවා...
ඔබට රාජකීය පාසල තව එක් පාසලක් පමණක් වෙන්නට පුළුවන්..
ඒත් අපට එහෙම නෑ
එය මගේ පාසලයි
මගේ දරුවාගේ පාසලයි .
ගහ කොළ, බුදු මැදුර, ක්‍රීඩා පිටිය, පාසලේ හැම වැලි ඇටයක්ම පූජනීයයි වන්දනීයයි...
තවමත් අපේ මතකයන්..
නොකී ප්‍රේමයන් වගේම විරහවන් මේ හැම තැනම තියෙන බව
ඔබ නොදන්නවා ඇති.....
එබැවින් ඔබ වැඩ කරන්න ආපු ස්ථානය..
ඔබ වැඩ අවසන් කර යන ස්ථානය..
මතක තබාගන්න එය මගේ පාසල බව....
👇👇👇
ඔබ මේ වනවිට වෙනස් කිරීමට උත්සාහ කරනු ලබන්නේ රාජකීය මාතාවගේ ගෞරවයයි,... නොකැලැල් පවිත්‍ර භාවයේ සංකේතයයි,
ඒ.....
*සුදු සාරිය*
....
එය ඔබට නිකම්ම නිකන් *සුදුසාරියක්* වන්නට පුළුවන්
ඒත් ඉන් කියවෙන්නේ
ඔබේ ද නිකලැල් පවිත්‍ර භාවයයි.
ඔබත්
වන්දනීය රාජකීය මාතාවක් බවයි...
ඔබට හැකිනම් මගේ පාසල එලෙසින්ම රැක දෙන්න ..🙏 ගුර මෑණිවරුනි, පියවරුනි! ...
ඔබ මගේ දරුවාගේ ඉෂ්ට දේවතාව බව හදවතේ ගැඹුරුම තැන තියෙනවා 🙏🙏🙏
මම රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්
- අජන්ත පතිරණ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..
ශ්‍රී ලංකාව NATO සංවිධානය සමඟ සබඳතා පැවැත්වීමෙන් වහල් රාජ්‍යයක් බවට පත්වීමේ අවදානමක්.. – ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායකගෙන් අනාවරණයක්
උතුරු-නැගෙනහිර බෙදුම්වාදී ක්‍රියා වහා පාලනය කිරීමට මැදිහත්වන්න.. - ජාතික නිදහස් පෙරමුණෙන් ජනපති අනුරට ලිපියක්
වහබ්වාදී ආගමික අන්තවාදය ශ්‍රී ලංකා භූමියෙන් මුලිනුපුටා දැමීම සඳහා වූ ගෝඨාභය රාජපක්ෂ යෝජනාවලිය යනු කුමක් ද?