ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවයි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවයි දෙකම උල්ලංඝනය කරලා- වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් පැමිණිල්ලක්
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරය LGBTQI+ ප්‍රවර්ධනය කිරීම මගින් දණ්ඩනීති සංග්‍රහයේ අන්තර්ගත 365 සහ 365 (අ) වරදකට අනුබලදීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමාගමේ වගකිවයුතු නිලධාරින් නීතිය හමුවට පනවන ලෙස දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය පසුගිය වසරේදී පොලිස්පතිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත්කර තිබිණි.
එම පැමිණිල්ල මගින්, ජෝන් කීල්ස් සමූහයේ ප්‍රධාන මානව සම්පත් නිලධාරී ඉසුරු ගුණසේකර විසින් 2022 සැප්තැම්බර් 2 වන දින සමාගම මගින් පවත්වාගෙන යන ECHELON වෙබ් අඩවියට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් තම ආයතනය LGBTQI+ ප්‍රජාව ආයතනයේ සේවක මණ්ඩලයට විශේෂ ප්‍රමුඛතාවයක් සහිතව ඇතුළත් කිරීම සහතික කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, 2020 දී 'ONE JKH” සන්නාමය යටතේ සමාගමේ සියලු DE&I මුලපිරීම් ඒකාබද්ධ කර තිබෙන බව පවසා ඇති බවට එම පැමිණිල්ලෙහි සඳහන් කර තිබිණි.
කෙසේ වුවද එම පැමිණිල්ල සම්බන්ධයෙන් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා විසින් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාට පිළිතුරු ලිපියක් මගින් දන්වා ඇත්තේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවත් එමගින් අගතියට පත් හෝ වින්දිත පුද්ගලයකු පිළිබඳව තොරතුරු අනාවරණය නොවන බවත් ය.
එලෙසම, ජෝන් කීල්ස් ආයතනය මගින් ඔවුන්ගේ ශ්‍රම බලකාය සඳහා කුමන පුද්ගලයකු බඳවා ගන්නේද යන්න ඔවුන්ගේ ආයතනය සතු අයිතිවාසිකමක් බවද එම ලිපිය මගින් අවධාරණය කර තිබේ.
ඒ අනුව, දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති විසින් යොමු කරන ලද ලිපියට පිළිතුරක් සපයමින් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිවරයා ලිඛිතව දන්වා ඇත්තේ ස්ථානාධිපතිවරයා එම කරුණු දැක්වීමේදී සිතා මතාම හෝ නොදැනුවත්ව හෝ වැරදි සහගත කරුණු ඉදිරිපත්කර ඇති බවයි.
ඒ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යටතේ වෙනසකට භාජනය නොකළ යුත්තේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය මත නොව ස්ත්‍රී පුරුෂ භේදය මත පිහිටා බව වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සිය පිළිතුරු ලිපිය මගින් අවධාරණය කරයි.
ස්ථානාධිපතිවරයා කරුණු දැක්වූ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටද පටහැනි කරුණු දැක්වීමත් බවත් අවධාරණය කරන ඒ මහතා වහාම සිය පරීක්ෂණය නැවත සිදු කරන ලෙස අවධාරණය කර සිටි..
ස්ථානාධිපතිවරයා නිකුත් කළ ලිපිය සහ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතාගේ පිළිතුරු ලිපිය පහළින්..
ස්ථානාධිපති තුමා,
ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යාංශය,
අංක 78 පළමු මහල,
බුක්තාර් ප්ලාසා ගොඩනැගිල්ල,
ග්‍රෑන්ඩ්පාස් පාර,
කොළඹ 14.
ස්ථානාධිපති තුමනි,
ජෝන් කීල්ස් ආයතනය LGBTQI+ ප්‍රවර්ධනය කීරිම මගින් දණ්ඩ නීති සංග්‍රහයේ අන්තර්ගත (365 සහ 365 (අ)) වරදකට අනුබල දීම සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ජෝන් කීල්ස් සමාගමේ වගකිවයුතු නිලධාරින් හමුවට පමුණුවන ලෙසට ම‘ විසින් කළ පැමිණිල්ලට ඔබ විසින් කරනු දක්වා එවන ලද ඔබේ අංක : OIC/CWB/OUT/1309/2026 දරණ 2026.04.20 දිනැති ලිපිය හා බැඳේ.
මූලික වශයෙන් ඔබ විසින් මා වෙත කරුණු දැක්වීමේදී හිතා මතා හෝ නොදැන වැරදි සහගත කරුණු ඉදිරිපත් කර ඇති බව හැඟීයයි.
ඒ අනුව,ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) යටතේ වෙනසකට භාජනය නොකළ යුත්තේ ස්ත්‍රි පුරුෂ සමාජ භාවය (Gender) මත නොව ස්ත්‍රි පුරුෂ භේදය මත පිහිටා බව අවධාරණය කරමි.
තවද, අවධාරණය කළ යුතු විශේෂිතම කාරණය වන්නේ LGBTQI වර්ගීකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිළිගෙන නොමැති වර්ගීකරණයක්ය යන්නයි.
මෙම නීතිමය තත්වය ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතා පනත සම්බන්ධයෙන් ලබා දී ඇති තීන්දුවේදී (SC SD 54/2024 සහ SC SD 55/2024) පැහැදිලිව තීරණය කර තිබේ. එම නඩු තීන්දුව අධ්‍යනය කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.
https://supremecourt.lk/wp-content/uploads/special_dt/sc_sd_54_2024_sc_sd_55_2024.pdf
ඒ අනුව ඔබ විසින් මාගේ පැමිණිල්ල වෙනුවෙන් කළ කරුණු දැක්වීමේ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවටද පටහැනි කරුණු දැක්වීමක් බව අවධාරණය කරමි.
එසේම, ඉහත සඳහන් කල අධිකරණ තීන්දුවට අනුව LGBTQ ප්‍රජාව, ප්‍රවර්ධනය කරන අස්වභාවික ලිංගික ක්‍රියා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ද කරනු ලබන වැරදි ක්‍රියා වේ.
එබැවින් ඔබගේ ලිපිය මගින් සිදුකර තිබෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාට හා නීතියට පටහැනි පරිපාලනමය හා/හෝ විධායක තීරණයක් සන්නිවේදනය කිරීමක් බව අවධාරණය කරමි.
ඒ අනුව ම‘විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් නැවත වතාවක් විමර්ශනය කිරීමට හා/හෝ සලකා බැලීමට කටයුතු කරන ලෙස ඉල්ලමි.
ස්තුතියි,
මෙයට විශ්වාසී,
වෛද්‍ය වසන්ත බණ්ඩාර,
මහ ලේකම්,
දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය.


සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා